theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

5 අවම කියවීම
ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

ඇත්තටම ඔබේ දරුවාට නිසි ලිංගික අධ්‍යාපනය ලබා දෙනවාද? ඔබ තීරණය කරන්න.

දරුවන්ට ලිංගික දැනුම අවශ්‍යද යන්න ගැන මේ දවස් වල සමාජ ජාල හරිම උණුසුම්.

ගොඩාක් දෙමාපියන් පසුගිය දිනවල අපේ ළමයින්ට, “ඔය පොත් එපා” කියමින් පාසැල් දරුවන් වෙනුවෙන් සකස් කල පොතක් ප්‍රතික්ෂේප කෙරුවා.

හතේ අපේ පොත කල විප්ලවය මතකයි නේද? අන්න ඒ නිසාම තමයි අපි අද ඒ ගැන ටිකක් විවෘතව කතා කරන්න හිතුවේ.

“අපේ දරුවන්ට කුණුහරුප පොත් එපා”

“ළමයි විනාශ කරන්න හදනවා.”

ඔය වගේ නොයෙකුත් දේවල් කතා බහ සමාජ ජාල පුරා පැතිරුනා. 

ඇත්තටම අපේ දරුවන්ට ලිංගිකත්වය ගැන අධ්‍යාපනයක් ලබා දීම ලොකුම ලොකු වරදක්ද? 

ලිංගිකත්වය 

ආහාර, ජලය , ඔක්සිජන් වගේම මිනිසාගේ ප්‍රධාන මූලික අවශ්‍යතාවයක් තමයි ලිංගිකත්වය නැත්නම් සෙක්ස් කියන්නේ. 

වර්ධනය අනුව මෙම මුලික අවශ්‍යතා මතුවෙන වකවානු වෙනස් වෙනවා තමයි. 

ඔක්සිජන් ගත්තොත් මෙලොව උපත ලබන පලවෙනි මොහොතේම අවශ්‍ය වෙනවා. ඊලගට ආහාර, ජලය අවශ්‍යයි .

දරුවන් ළමාවියෙන් ක්‍රමයෙන් යෞවනයනත්වයට පිය ඔසවනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු දොළහක් පමණ වෙන විට ඔවුන් තුල ද්විතියික ලිංගික ලක්ෂණ පහල වෙනවා.

පියයුරු වැඩීම, රහස් ප්‍රදේශ වල රෝම වැඩීම, දැලි රැවුල ඒම, උගුරු ඇටය නෙරා ඒම වගේ ගොඩාක් දේවල් එක්ක දරුවා කුතුහලයෙන් යුක්තයි. 

ඒ වගේම හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණයක් දක්වනවා. විරුද්ධ ලිංගිකයින්ගේ බාහිරින් සිදුවෙන වෙනස්කම් එක්ක ඔවුන්ගේ කුතුහලය ඉහල යනවා.

ගැහැණු දරුවන් මේ වයසේදී ඔවුන්ගේ පළමු ඔසප්වීමට මුහුණ දෙනවා.

ඒ වගේම පිරිමි ළමුන් ගැහැණු දරුවන්ට සාපේක්ෂව වැඩිවිය පත්වීමට වැඩි කලක් ගත්තද ඔවුන් තුලත් ද්විතික ලිංගික ලක්ෂණ ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

ලිංගික අධ්‍යාපනය

දරුවන්ට ලිංගික දැනුම අවශ්‍ය ඇයි?

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවලට සෙක්ස් අරුම පුදුම මැජික් වුනාට අපරදිග බොහොමයක් රටවල දරුවන්ට නිසි වයසේදීම ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා.

අපේ දරුවන් අවුරුදු දාසයක් වෙනකොටත් ලිංගික එක්වීමකින් දරුවෙකු පිළිසිද ගන්න පුළුවන් බව නොදන්නවා වුනාට බටහිර රටවල ඒ වයසේ දරුවන් උපත් පාලන ක්‍රම ගැනත් දැනුවත්.

ඒ ගොල්ලන් හා අපි සංස්කෘති දෙකක්. ඔව් ඒක අපි පිළිගන්නවා. නමුත් ඒගොල්ලන් විවෘතව කතා කරන අපි හංගගෙන කතා කරන මේ ලිංගිකත්වය එකක් නේද?

ඇත්තටම වැඩි විය පැමිණීමට නියමිත හෝ වැඩිවිය පැමිණි ගැහැණු ළමයෙක් ඔසප්වීම, ආරක්ෂාවීම, ලිංගිකත්වය ගැන වගේම ලිංගික අතවර ගැනත් දැනුවත්වීම වටිනවා.

ගැහැණු ළමුන් පමණක් නොව එම වයස්වල පිරිමි ළමුන්ද ඒ පිළිබද දැනුවත් විය යුතුය.

ගැහැණු ළමයෙකුගේ ඔසප්වීම ඇය මවක් වීමට යන ගමනේ ආරම්භයයි. එය ජම්බු ගසෙන් වැටෙන තරම් පහසු දෙයක් නොවන බවත් එය සිනහාවට හෝ උපහාසයට කරුණක් නොවන බවත් අපේ පිරිමි දරුවන් තේරූම් ගනුයේ ඒ පිළිබද අධ්‍යාපනයක් ලබා දුන්නොත් පමණයි.

ඒ වගේම ගැහැණු දරුවෙකුට ඔසප්වීම ආරම්භය සමග ලිංගික එක්වීමකින් ඇය ඔනෑම මොහොතක ගැබ් ගැනීමේ අවදානමක් ඇති බව අපි උගන්වන්නේ නැති නම් ඇයට එසේ වීමේ අවදානමක් නැතැයි ඔබ සිතනවාද?

ඒ පිළිබද දැනුවත් කමක් නැති දරුවා තමන්ට අතවරයක් සිදු වුවද එය එසේයැයි කියන්නට දන්නේද නැහැ.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය නැහැ. ඒක හරිම කුණුහරපයක් කියලා හිතන දෙමව්පියන් අප සමාජයේ නැතුවා නොවේ.

ඔබ මදක් හිතන්න දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙනවාද? නැතිනම් කුතුහලයෙන් යුතු ඔබේ දරුවාට එය සොයා යන්න දෙනවාද?

ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

තනිව එය ‌සොයා යන ඔබේ දරුවා වැරදි මගක ‌ යන්න පුළුවන්.

එසේ වුවහොත් ඔබේ දරුවා අන්තර්ජාලය, සගරා වන් දේවල් සොයා ( ඔබ නුදුන්නත් මිතුරන් හරහා හෝ ලබා ගෙන) දැනගන්න උත්සහ කරනවා.

ඒ ඔවුන් ඒ ගැන දැනගන්න තියෙන කුතුහලය නිසයි.

ඉතින් එවැනි අවස්ථාවක අන්තර්ජාලය තුල ඇති මනස විකෘති කරන දේවල් දරුවාගේ මනසට වැටුනොත් කුමක් වේවිද? මානසිකව විකෘති වු මිනිසෙකු අනාගතය සදහා නිර්මාණය වේවි.

දෙමව්පියනි ඔබේ දරුවාට අනෙක් සෑම දෙයක් ගැනම අවබෝධය ලබා දෙනවා වගේම නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය වන්නේ අන්න ඒ නිසයි.

අපොස සාපෙළ කරනකම්ම අපේ අම්මාට මල්ලිව ලැබුනේ කටින් කියලා හිතන දරුවන් හිටිය එකදාස් නවසිය ගණන් වලින් බොහොමයක් දුර ඇවිත් දැන් ඉන්නේ 2020 වර්ෂයේ බව අපි මතක තබා ගත යුතුයි.

දැන් දරුවන් කටේ කිරි සුවද යන්න කලින් ඔවැනි දේවල් හොයන්න ගන්නවා. එහෙම යුගයක අපේ දරුවන්ට ඒ පිළිබද නිවැරදි දැනුම ලබා නොදී ඔවුන්ට තනිව එය සොයා යන්න ඉඩ තියන්න එපා. ඒ වගකීම ‌දෙමව්පියන් වු ඔබ සතුයි.

බසයක යන විට මට මේ වෙන්නේ අතවරයක්, අර අංකල් ඇයි මගේ පපුව අතගෑවේ වගේ දේවල් අතවරයක් බව ගැහැණු දරුවෙක් අවබෝධ කරගෙන් ඉන් වහා මිදි යන්නෙත් අර අයියා ඇයි මාව අනවශ්‍ය විදියට ස්පර්ශ කරන්නේ වැනි දේවල් තේරූම් ගෙන පිරිමි දරුවෙකු අතවරයකින් ආරක්ෂා වෙන්නෙත් ඔවුන් ඒ බව දැන හිටියොත් පමණයි.

ඔබ දරුවා ආහාර ආරම්භ කිරීමේදි ඔහුට හෝ ඇයට ආහාර අනුභව කරන විදිය සියල්ල කියා දෙනවා නම්, පෙර පාසැල් යන්නට පෙර අකුරු කියවනවා නම්, ඔබේ දරුවා වැඩිවියට පැමිණීම ආරම්භයත් සමග එය ඔවුන්ට කියා දෙන්න මැලිවන්නේ ඇයි?

husband left for a younger woman

දරුවන්ට ලිංගික දැනුම නිසි ‌ලෙස ‌නොලැබේනම්  

  • තමන්ගේ සනීපාරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වන්න උනන්දුව අඩුයි.
  • ලිංගික අතවරයිකින් ආරක්ෂා වෙන්න දැනුවත් භාවය අඩුයි.
  • විරුද්ධ ලිංගිකයින්ට ගරු කිරීම අඩුයි.
  • අනිසි ඇසුරක ප්‍රතිඵල දැනුවත් නැහැ.
  • වැරදි දේවල් තුලින් ඒ ගැන සොයන්න පෙළඹෙන්න පුළුවන්.
  • විකෘති කාම චිත්‍රපට තුලින් මනස විකෘති වෙන්න පුළුවන්.
  • අනවශ්‍ය ගැබ් ගැනීම් හා ගබ්සා කිරීම් වලට යොමු වෙන්න පුළුවන්.

මේ එවැනි අනිසි ප්‍රතිඵල කිහිපයක් විතරයි. තව මෙවැනි කාරණා බොහොමයක් පෙන්වා දෙන්න පුළුවන්.

කලින් කලට නැගෙන එක එක රුල්ලට හෝයියා නොකියමින් රාමුවෙන් ඔබ්බට හිස පොවා බැලුවොත් ඔබටම මේ සරල කාරණා පහසුවෙන් තේරූම් ගන්න පුළුවන්.

ඔබේ දරුවා ලිංගික දැනුම තුල ළිදේ සිටින ගෙම්බා වගේ වුනොත් මතු දවසක එහි අනිටු ප්‍රතිඵල ලැබෙනුයේද ඒ දරුවාටමයි.

ඇත්තටම ඔබේ දරුවාට නිසි ලිංගික අධ්‍යාපනය ලබා දෙනවාද?

තීරණය ඔබේ අතයි.

මේ සම්බන්ධව ඔබේ අදහස් මතක ඇතුව පහලින් සටහන් කර යන්න. මේ ගැන දැනගන්න ඔබේ අදහස් බෙදාගන්න අපේ මිතුරු දෙමව්පියන් කුතුහලයෙන් බලාගෙන ඉන්නවා.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?
බෙදාගන්න :
  • දරුවා සමඟ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහ කරන්නේ කෙසේද?

    දරුවා සමඟ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහ කරන්නේ කෙසේද?

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • දරුවා සමඟ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහ කරන්නේ කෙසේද?

    දරුවා සමඟ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහ කරන්නේ කෙසේද?

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it