theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

2 අවම කියවීම
ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

ගර්භණි කාලය‌ේදී ඔබට සහ ඔබේ සැමියාට ලිංගිකව එකතු වෙන්න අවශ්‍ය නම් එහි කිසිදු ගැටළුවක් නැහැ. නමුත් අපහසුතාවය වලක්වා ගන්න ‌මේ ලිංගික ඉරියව් උත්සහ කර බලන්න.

නිවැරදි ලිංගික ඉරියව් සමග ඔබේ ගර්භනී අවධියේදී ලිංගිකව හැසිරීම ආරක්ෂිතයි.
නමුත්  ලිංගිකව එක්වීමේදී ඇතිවන අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා මෙම ඉරියව් වලින් වළකින්න.
බොහෝ මිත්‍යා විශ්වාස පසෙකලා ඔබේ ගර්භණී සමයේදී ලිංගිකව හැසිරීම ඉතා ආරක්ෂිතයි. ඔබට සහ ඔබේ සැමියාට ලිංගිකව එකතු වෙන්න අවශ්‍ය නම් එහි කිසිදු ගැටළුවක් නැහැ.
නමුත් සමහර ලිංගික ඉරියව් ඔබව අපහසුතාවයට පත් කරන්න වගේම ඔබට  ගැටළු ඇති කරන්නත් පුළුවන්.

ගර්භණී කාලයේදී නිවැරදි ලිංගික ඉරියව්

පළමු ත්‍රෛමාසික

පළමු ත්‍රෛමාසික  තුළ, ඔබට සහ ඔබේ සැමියාට ලිංගික සබඳතා පැවැත්වීමට  කිසිදු සීමාවක් නැහැ.
නමුත්  උදෑසන වමනය, වෙහෙස හා තෙහෙට්ටුව වැනි දේවල් නිසා සමහර විට ඒ සඳහා ඔබේ හැඟිම් පහව යන්නට පුළුවන්.
පළමු ත්‍රෛමාසික තුළ සිදුවෙන ගබ්සා වීම සහ ලිංගිකව හැසිරීම අතර සම්බන්ධයක් කිසිම අධ්‍යනයකින් තහවුරු කරලා නැහැ. ඒ නිසා මේ කාලය තුල ලිංගිකව එක් වීමකදී ගබ්සාවක් සිදුවේයැයි බය වෙන්න එපා.

දෙවන ත්‍රෛමාසික 

දෙවන ත්‍රෛමාසික කාලය තුළ, දරුවා කුස තුල වැඩෙන නිසා ඔබේ බඩ ටිකක් ලොකුයි නේද? ‍
ඒ නිසා පුරුෂයා ඉහල සිටින මිෂනාරි ඉරියව්ව වැනි ඇතැම් ඉරියව් වල ලිංගිකව හැසිරීම අපහසු වෙන්න  පුළුවන්.
දෙවන ත්‍රෛමාසික කාලය තුළ මෙම  මිෂනාරි ඉරියව්ව භාවිතා කරමින් ලිංගිකව හැසිරීමෙන් ඔබට අපහසුතාවයක් ඇති ව‌ෙන්න පුළුවන්.
එහිදි ගර්භාෂය මත යම් පීඩනයක් ඇති විය හැකි බැවින් ඒ වෙනුවට වෙනත් ඉරියව් අත්හදා බැලීම වඩාත් සුදුසු වෙනවා.
සාමාන්‍යයෙන් දෙවන ත්‍රෛමාසික තුළ බොහෝ ලිංගික ඉරියව්  සම්පුර්ණයෙන්ම ආරක්ෂිතයි.  ඔබට වඩාත් සුවපහසු ඉරියව්ව තෝරා ගන්න. සමහර යුවළ විසින් ස්පූන් ඉරියව්ව හෝ පැති ප්‍රවේශය භාවිතා කිරීමට තෝරා ගන්නවා.
ඒ අතර අනෙක් අය ඔවුන්ට වඩාත් පහසු නිසා පසුපස පිවිසීමට වැඩි කැමැත්තක් දක්වනවා.
සංසර්ගය අතරතුර ඔබ ඔබේ ස්වාමිපුරුෂයා මත සිටීමද දෙවන ත්‍රෛමාසික කාලය තුළ ලිංගිකව හැසිරීමට පහසු ක්‍රමයක්  වෙනවා.

තෙවන ත්‍රෛමාසික තුළ නිවැරදි ලිංගික ඉරියව්

තෙවන ත්‍රෛමාසිකයේ දී,  ඔබේ බඩට පීඩනයක් ඇති කරන ඕනෑම ලිංගික ඉරියව්වකින්ම ඔබ වැළකී සිටිය යුතුයි. සමහර කාන්තාවන්ට ගැඹුරට ශිෂ්ණය ගමන් කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් එම ඉරියව් වලින් වැළකී සිටීමට උත්සාහ කරනවා.
මෙම තෙවන ත්‍රෛමාසික කාලය තුළ ආරක්ෂිත ලිංගික ඉරියව් දෙවන ත්‍රෛමාසිකයේ ආරක්ෂිත ලිංගික ඉරියව් වලට  සමාන වෙනවා.
ම‌ෙම කාලයේදී  බොහෝ කාන්තාවන් ස්පූනින්, පිටුපසින් පිවිසීම,කාන්තාව ඉහලින් සිටීම වැනි ඉරියව් වලින් සංසර්ගයේ යෙදීමට වඩාත් කැමතියි.
තෙවන ත්‍රෛමාසික කාලය තුළත් ලිංගිකව හැසිරීම මුළුමනින්ම ආරක්‍ෂිත බව සහතික කරනවා.
ඔබ රළු හැසිරීමක් නොදක්වයිනම්  හෝ බඩ මත පීඩනයක් නොයොදයි නම්, ඔබට සහ ඔබේ සැමියාට මෙම කාලය තුළ ලිංගිකව විනෝද වෙන්න පුළුවන්.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

nimnadhi

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්
බෙදාගන්න :
  • නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

    නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

  • විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

    විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

  • නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

    නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

  • විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

    විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it