theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඩෙංගු රෝගය ලිංගිකව බෝවෙන බවට  ස්පාඤ්ඤයෙන් නිකුත් වු පළමු අඬහැරය

3 අවම කියවීම
ඩෙංගු රෝගය ලිංගිකව බෝවෙන බවට  ස්පාඤ්ඤයෙන් නිකුත් වු පළමු අඬහැරයඩෙංගු රෝගය ලිංගිකව බෝවෙන බවට  ස්පාඤ්ඤයෙන් නිකුත් වු පළමු අඬහැරය

ඩෙංගු ලිංගිකව සම්ප්‍රේෂණය ‌‌වෙන බවට අලුත්ම අනාවරණයක්.

ඩෙංගු බෝවීම ගැන අමුතු අමුතු ආරංචි පැතිරෙන මේ මොහොතේ අපිත් මේ ගැන අලුත්ම නමුත් හද කළඹන ආරංචියක් අරගෙන ආවා.

ඩෙංගු කියන්නේ අප රටට අමුත්තෙක් නෙමෙයි.

එය වසරකට කිහිප වරක් හිස ඔසවමින් අහිංසක ජිවිතය ගොන්නක් මරු තුරුලට ඇද දමන්නේ හිත් පිත් නැති විලසිනි.

"ඩෙංගු ආයෙමත් හිස ඔසවලා, මදුරුවන් බෝවෙන එක වළක්වමු"

ඔය වගේ දහසක් කතා මැද්දෙන් විවිධ දේ කරමින් අපි මදුරුවන් බෝවෙන එක පාලනය කරනවා.

එහෙම කරලා දැන් ඩෙංගු වලින් සුරක්ෂිතයි නේද? කියලා සැනසසීමක් ලබනවා.

ඒත් ස්පාඤ්ඤය විසින් කරන මේ අලුත් අනාවරණයත් එක්ක ඔබගේ  මේ අදහස සම්පුර්ණයෙන්ම වෙනස් කරාවි. 

ඩෙංගු මදුරුවා පාලනය කල පමණින් ඩෙංගු මර්දනය නොවේ.

1

ඩෙංගු බෝවීම ගැන අලුත්ම හෙළිදරව්ව

මදුරුවන් මගින් පමණක් සම්ප්‍රේෂණය වනවා යැයි ලොවක් විශ්වාස කල ඩෙංගු රෝගය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව. ස්පාඤ්ඤ සෞඛ්‍ය බලධාරින් පසුගිය සිකුරාදා තහවුරු කළා. 

ඒ පසුගියදා එසේ ඩෙංගු රෝගයට  ගොදුරු වු පුද්ගලයෙකු මැඩ්රිඩ් වලින් වාර්තා  වීමත් සමගයි.

41 හැවිරිදි පුද්ගලයා  මෙලෙස ඩෙංගු රෝගයට ගොදුරු වන්නේ  ඔහුගේ පිරිමි සහකරු සමග ලිංගිකව හැසිරිමෙන් පසුවයි.

කියුබාවේ සංචාරයක යෙදුනු ඔහුගේ සහකරුගේ  සිරුරට එහිදි මදුරුවන් දෂ්ට කිරීමෙන් වෛරසය ඇතුල් වන්නට ඇති බවත් පසුව මෙහි පැමිණ මෙම 41 පුද්ගලයා සමඟ ලිංගිකව හැසිරීමෙන් පසු ඔහුද එම රෝගයට ගොඳුරු වන්නට ඇති බව මැඩ්රිඩ් කලාපයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සුසානා ජිමිනෙස් අදහස් දක්වමින් කියා සිටියා.

සැප්තැම්බර් මාසයේදී ඔහුට ඩෙංගු ආසාදනය වී ඇති බව සනාථ වුනා.

ඒ වගේම  අධික උණ සහ ශරීර කැක්කුම ඇති කරන දරුණු උණ රෝග බහුලව පවතින රට වල මෑතකදී  ඔහු සංචාරය කර තිබුනේ නැහැ . ඒ නිසා ඔහුට රෝගය වැළදුනේ කෙසේද යන්න වෛද්‍යවරුන්ට පවා ප්‍රශ්නයක් වුනා.

ඔහුගේ සහකරුට මේ සමාන  රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබු  නමුත් දින දහයකින් පමණ ඒවා සමනය වී තිබුනා.

ඔහු නම් මීට පෙර කියුබාවට සහ ඩොමිනිකන් ජනරජයට ගොස් තිබුන බව ජිමිනෙස් හෙලි කලා.

වහාම ඔවුන්ගේ ශුක්‍රාණු පිළිබඳ විශ්ලේෂණයක් සිදු කළා. එයින් අනාවරණය  වුනේ ඔවුන්ට වැළදී ඇත්තේ ඩෙංගු රෝගය වන බවයි. තවද එය කියුබාවේ සංසරණය වන  වෛරසයම බවත් තහවුරු වුනා."

ඒ වගේම දකුණු කොරියාවේ මෑතකදී පළ වු  විද්‍යාත්මක ලිපියක කතබහට ලක් වු මෙවැනිම නමුත්  පිරිමියෙකු හා කාන්තාවක් අතර ඩෙංගු ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ සිද්ධියක් ගැන ජිමිනෙස් මතක් කලා.

m2

 “ඩෙංගු වෛරසය පිරිමියෙකුගෙන් පිරිමියෙකුට  ලිංගික සම්ප්‍රේෂණය වු පළමු අවස්ථාව මෙය බව "

යුරෝපයේ සෞඛ්‍ය හා රෝග අධීක්‍ෂණය කරන ස්ටොක්හෝම් හි යුරෝපීය රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය (ECDC) විසින් AFP වෙත යවන ලද විද්‍යුත් තැපෑල් පණිවුඩයක සඳහන් වුනා.

මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කිිිියන කථාව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට අනුව ඩෙංගු ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ  ඊඩීස් ඊජිප්ටි(Aedes Aegypti) නැමති මදුරුවාගෙනි.

එම මදුරුවන්  ජනාකීර්ණ නිවර්තන දේශගුණික තත්ත්වයන්ගේ හා එකතැන පල්වෙන (ගලා නොයන) ජලය පිරුනු ස්ථාන වල බෝවෙනවා.

මෙම රෝගය ළමයින්ට, විශේෂයෙන් ලාබාල ගැහැණු ළමයින්ට  වඩාත් බරපතල හා මාරාන්තික තත්වයන් ඇති කරනවා. එයට හේතුව තවම විද්‍යාඥයන් පවා සොයාගෙන නැහැ.

අග්නිදිග ආසියාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, කැරිබියන් සහ දකුණු හා මධ්‍යම ඇමරිකාව වැනි උණුසුම් දේශගුණික තත්ත්වයන් ඇති රටවල  සංචාරය කරන පුද්ගලයින් ඩෙංගු රෝගයට ගොදුරු වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ශ්‍රීලංකාව තුල ඩෙංගු රෝගය අමුත්තෙක් නොවුනත් මදුරුවන් ගෙන් පමණක් ඩෙංගු බෝවෙනවා කියලා මෙච්චර කල් හිතාගෙන හිටපු අපිට නම් මේ ආරංචිය අලුත් නේද? 

ඔන්න දැන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්නේ ඒඩ්ස්, ගොනෝරියා වැනි රෝග විතරක් නෙමෙයි .

මේ අනාවරණයත් එක්ක ඩෙංගුත් ඒ ලැයිස්තුවට එකතු වුනා. මෙය දැන් වාර්තා වුනා පමණයි.

ඒ වගේම අනාරක්ෂිත ලිංගික එක්වීම් වලින් වළකින්න.

3

ඩෙංගු බෝවීම ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයන් ඉස්සරහට කියන්නේ මොනවාද කියලා අපි දෑස් දල්වා බලාගෙන සිටිමු.

මුලාශ්‍ර: medicalxpress.com/news

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • ඩෙංගු රෝගය ලිංගිකව බෝවෙන බවට  ස්පාඤ්ඤයෙන් නිකුත් වු පළමු අඬහැරය
බෙදාගන්න :
  • මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

    මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

  • මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

    මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it