theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

SFA පරීක්ෂණය (පුරුෂ මදසරුභාවය පරීක්ෂණය) ගැන විස්තර

2 අවම කියවීම
SFA පරීක්ෂණය (පුරුෂ මදසරුභාවය පරීක්ෂණය) ගැන විස්තරSFA පරීක්ෂණය (පුරුෂ මදසරුභාවය පරීක්ෂණය) ගැන විස්තර

දරුවන් පිළිසිද ගන්න කාන්තාවට ප්‍රශ්නයක් නැත්නම් අනිවාර්යය‌ෙන්ම පුරුෂයාත් තමන්ව පරීක්ෂා කරගන්න අවශ්‍ය ව‌ෙනවා. එහනෙම් SFA පරීක්ෂණය ගැනත් දැනගන්න.

පුරුෂ මදසරුභාවය හා SFA පරීක්ෂණය (Seminal Fluid Analysis test) ගැන ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හ‌ේවා මහතා ඔබ ව‌ෙත ග‌ෙන එන වැදගත් ලිපියකි. 
බොහෝ අවස්ථා වලදී අප දකින දෙයක් තමයි විවාහයට පසු දරුවන් ප්‍රමාද වීමේදී එහි ගැටලුව ප්‍රධාණ වශයෙන් යොමු වන්නේ කාන්තාවන් හට.
එම නිසාවෙන් කාන්තාවන් වෛද්‍යවරයකුගේ සහය සොයා දරුවෙක් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරමින් ප්‍රතිකාර ගන්නවා නේද? සමහර කාන්තාවන් ගොඩක් තැන් වලින් ප්‍රතිකාර අරගෙන හැම තැනකින්ම කියන්නේ ඇයගේ ප්‍රශ්නයක් නැහැ කියල ඒත් ඇයි දරුවො නැත්තේ කියමින් පසුතැවෙනවා.
ඔබ දන්නවාද කාන්තාවන් මෙන්ම පුරුෂයාගේත් ප්‍රශ්නයක් නිසා දරුවන් ප්‍රමාද වන බව. මේ ලිපිය ඒ පිලිබඳව ඔබ දැනුවත් කිරීමටයි.
සාමාන්‍යයෙන්  15% පමණ මදසරුභාවය  තිබෙන අතර එයින් 3/ 1 කට හේතුව වන්නේ ශුක්‍රාණු වල ගැටලුවකි. තවත් 3/ 1 කට හේතුව හොයගන්න බැහැ. ඉතිරිය 3/ 1 කාන්තාවන්ගේ රෝග තත්ත්වයන් නිසාවෙනි.
පුරුෂයාගේ සරුබව රදා පවතින්නේ ලිංගික එක්වීමේදී පිටවන ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ප්‍රමාණය ගා ඒවාගේ ගුණාත්මක බව මතයි. පුරුෂ මදසරුභාවය ඔබට ඇතිද යන්න සරල පරීක්ෂණයක් මගින් බලාගන්න පුළුවන්.

පුරුෂ මදසරුභාවය:  SFA පරීක්ෂණය

මේ සදහා ප්‍රධාණ වශයෙන් කරන පරීක්ෂණය seminal fluid analysis හෙවත් SFA පරීක්ෂණය නැතිනම් sperm test යනුවෙන් හදුන්වන්නේද මේ පරීක්ෂණයයි.
එහිදී ප්‍රධාණ කරුණු තුනක් පිලිබඳව සොයාබලනවා. ඒ එක වරකදී පිටවන ශුක්‍රාණු ප්‍රමාණය , ඒවාගේ ස්වරූපය හා චලනය වීමට ඇති හැකියාව යන කරුණුයි. පරීක්ෂාගාරය තුලදී අන්වික්ශයකින් මෙම ශුක්‍ර තරල පරීක්ෂා කර මෙම වාර්තා ලබාදෙනවා. ඒ සම්බන්ධයෙන් රූප සටහන් මේ සමග බලන්න.
ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවට අනුව මිලි ලීටරයකට ශුක්‍රාණු මිලියන 15කට වඩා පවතීනම් එය සාමාන්‍ය ලෙස සලකන්න පුළුවන්. එම ශුක්‍රාණු වල ගුණාත්මක බව පිලිබඳවත් මේ වාර්තාවේ කරුණු අඩංගු වෙනවා.
මෙම සාමාන්‍ය වාර්තාව තුලින් සොයාගන්න බැරි ඉතා සියුම් කරුණු රැසක් CASA නම් පරිඝනක ගත ශුක්‍රාණු තරල පරීක්ෂණය මගින් ලබාගැනීමට පුළුවන්.  ශුක්‍ර තරල වාර්තාව ලබාගැනීමට ශුක්‍රාණු තරල සාම්පලයක් රසායනාගාරයකට ලබාදෙන්න වෙනවා.
සැ: යු: මෙම සාම්පලයක් ලබාදීමට පෙර දින 3ත් 10ත් අතර කාලයක් ශුක්‍රාණු පිටකිරීමෙන් වැලකී සිටිය යුතුයි.
ඊට පසුව ඔබ රසායනාගාරයෙන් සපයන භාජනයට ශුක්‍රාණු සාම්පලයක් ලබාදීමට කටයුතු කරන්න.
මෙම සාම්පල රසායනාගාර තුලදීම පිටකර ලබාදීම වැදගත් වන්නේ ශුක්‍රාණු පරිසරයට නිරාවරණය වීම නිසා එවාගේ ගුණාත්මක භාවය අඩුවීමට ඉඩ ඇති නිසාවෙනි.
එසේ පිටතදී ලබාගෙන රැගෙන එන සාම්පලයකින් කරන පරීක්ෂණය සාර්ථක වන්නේ නැහැ .
පලමු වරට කරන පරීක්ෂණයෙන් ශුක්‍රාණු ප්‍රමාණය හා ගුණාත්මක බව අඩුවීම පිලිබඳව එතරම් බියවියයුතු නැහැ.
එවැනි අවස්තාවකදී එම පරීක්ෂණය නැවත කරන්න එවිට බොහෝවිට සාර්ථක වෙන්න පුළුවන්.
දිගින් දිගටම මෙම වාර්තාව අසාමාන්‍ය තත්ත්වයක් පවතීනම් IUI/ IVF  වැනි ක්‍රමයක් භාවිතා කිරීමට පුළුවන්.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • SFA පරීක්ෂණය (පුරුෂ මදසරුභාවය පරීක්ෂණය) ගැන විස්තර
බෙදාගන්න :
  • මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

    මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

  • පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම්

    පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම්

  • මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

    මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

  • පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම්

    පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it