මිය ගිය මව අවදි කරන්නට තැත් කල දරුවාට ෂාරුක් ඛාන් කළ දේ

මිය ගිය මව අවදි කරන්නට තැත් කල දරුවාට ෂාරුක් ඛාන් කළ දේ

අම්මා අහිමු වු දරුවාව තරු පියෙක් පිහිට වුනේ මෙහෙමයි

දරුවන් හදාගැනීම  හිතන තරම් ලේසී පහසු දෙයක් නම් නෙමෙයි.

දරුවන් නැති අය දරුවන් හදා ගැනීමට පෙළඹීමක් තිබුනද දරුවන් ඇති අය එසේ කරන අවස්ථා විරලයි.

ඒ වගේම දෙමව්පියන් අහිමි අසරණ දරුවන්ට උදව් උපකාර කිරීමටද සාමාජය තුල පෙළඹෙන පිරිස සිමීතයි.

අනුන්ගේ දරුවෙකුට තමන්ගේ දරුවෙකු හා සලකා පිහිට වෙන අවස්ථා දුර්ලභයී.

එවන් සිදුවීමක් රැගත් අපි අද කියන මේ කථාව අපිට ඇහුනේ අපේ අසල්වැසියා ඉන්දියාවෙනි.

දරුවන් හදාගැනීම: කොවිඩ් වසංගතය එක්ක දුගී ඉන්දියානුවන් මුහුණ පෑ ඛේදනීය තත්වය

පසුගිය දා ලෝකයම  වෙලා ගත් කොවිඩ් 19 වසංගතය ලෝකයේ රට වල ඉරණම විවිධ අන්දමින් විසදද්දී එය ඉන්දියාවට නම් හොද ප්‍රතිඵල දුන්නේ නැහැ.

ඉන්දියාවේ බොහොමයක් වැසියන් නිවෙස් වලින් දුර බැහැර  ඈත ප්‍රාන්ත වල දෛනික වැටුපට සේවය කරමින් දිවි ගැටගහ ගන්නෝය.

නමුත් හදිසියේ ඇති වු වසංගත තත්වය නිසා ඉන්දියාව පෙර සුදානමකින් තොරව එකවරම රට අගුල් දැම්මේය.

ඒ හේතුවෙන් දෛනික පදනම යටතේ සේවය කල බොහොමයකට සිය රැකියා අහිමි වු අතර ඔවුන්ට උන් හිටි තැන් අහිමිව නිවෙස් වලට යන්නට සිදුවිය.

නමුත් ප්‍රවාහන සේවා සියල්ල ඇණ හිට තිබුන බැවින් මෙම දුගී වැසියන් පා ගමනින් සැතපුම් සිය ගණනක් දුර ගෙවා සිය නිවෙස් වලට ලගා වන්නට උත්සහා කලෝය.

එය බොහොම දුක්ඛිත තත්වයක් වුවා මෙන්ම බොහෝ ඛේදාන්ත වලට හේතු විය.

මෙවන් අවාසනාවන්ත කම්කරුවන් මුහුණ පෑ විවිධ දුක පිරුණ සිදුවීම් ගණනාවක් පසුගිය දා වාර්තා වුනා.

දරුවා මහ මග බිහි කල මවක්, සැතපුම් දහස් ගණනක් ඇවිද ගොස් නිවස පෙනි පෙනි මාරයා වැලද ගත් පුංචි දියනියක් වගේම සිය රෝගි පියා බයිසිකලයක තබා සැතපුම් ගණනාවක් පැද ගෙන ගිය දියණියක් වගේ කථා ගණනාවක් ඔබත් අසන්නට ඇත.

මේ එවන් තවත් එවන් ඛේදනීය ශෝකාන්තයකි.

දරුවන් හදාගැනීම : මරු තුරුලේ වු මව අවදි කරන්නට හැදු පුංචි මල් කැකුළ

දරුවන් හදාගැනීම "අම්මේ අනේ නැගිටින්නකෝ" කියලා ඒ පුංචි පැටියා කියන්න ඇති නේද?

මෙවන් පසුබිමක් යටතේ අම්මා එක්ක නිවසට යන්න දුම්රියට නගින්න මුසෆර්පූර් දුම්රිය ස්ථානයට ආව වයස අවුරුදු දෙකක පුංචි දරුවෙකුට  මුහුණ දෙන්න වුනේ නොහිතු කරදරයකටයි. 

සැතපුම් සිය ගාණක් පාගමින් ඇවිත් අධික වෙහෙසට පත් වී සිටි සංක්‍රමණික සේවිකාවක් වු දරුවාගේ මව දුම්රිය ස්ථානයේදි හදිසියේම මරු වැළද ගත්තාය.

අවුරුදු දෙකක් වු දරුවෙකුට මෙය කෙලෙස නම් තේරුම් ගන්නද? දරුවා සිය මිය ගිය මව අවදි කරගන්නට දැඩි උත්සහයක් ගත්තේය.

අම්මා යලි කවදාවත් අවදි නොවන බව ඒ පුංචි සිත නොදැන වුන්නේය. බලා වුන් අයගේ දෑස් කදුලින් වැසී ගියේ නිමේෂයකිනි.

ඒ හද කම්පා කරන දසුන අයෙක් පටිගත කල අන්තර්ජාලයට මුදා හැරියේය.

ඉතාමත් සුළු කාලයක් තුල එය ලෝකය පුරා පැතිර යමින් සුවහසක් දෙමව්පියන්ගේ හදවත් මොහොතකට නතර කරන්නට ඇත.

එම විඩියෝව පහතින් - විඩියෝව සදහා ස්තුතිය

twitter.com/i/status/1265560718700613635

අවුරුදු දෙකක දරුවාට පිහිට වු සුපිරි තරු පියෙක්

මිය ගිය මව අවදි කරන්නට තැත් කල දරුවාට ෂාරුක් ඛාන් කළ දේ දුක්බර දසුනින් හදවත උනු වු මිනිසෙක්

 

මෙලෙස ලොව පුරා පැතිර ගිය විඩියෝව එක් පියෙක්ගේ දෑස් අභියස නතර විය. ඔහු ඉන්දියානු සුපිරි තරුවක් වෙන ෂාරුක් ඛාන්ය.

ෂාරුක් ඛාන් කවුරුත් දන්න විදියට පසුගිය දශක දෙකක පමණ බොලිවුඩය මන්මත් කළ පෙම්වතාය.

ඉන්දියාව පමණක් නොව ලෝකයේ සිව් දෙස වු ඔහුගේ නරඹන්නන් වශි කල ඔහු එදා සිටම හොද පවුල් ජිවිතයක්ද ගෙන යන්නේය.

හොද බිරිදක් හා දරුවන් සමග ඔහුට ඇත්තේ සතුට පිරුන පවුලකි.

ඒ වගේම ඔහු උණුවෙන හදවතක් ඇති මිනිසෙකු බවද මේ සිදුවීම සමග ඔප්පු කර පෙන්නුවේය.

ශාරුක් ඛාන් සිය මීර් පදනම යටතේ දරුවාට උදව් කරන්නට පෙළඹුනා.

දරුවා දැනට සිය සීයාගේ රැකවරණය  යටතේ මීර් පදනමේ සහයෝගයෙන් හදාවඩා ගනු ලබනවා.

මිය ගිය මව අවදි කරන්නට තැත් කල දරුවාට ෂාරුක් ඛාන් කළ දේ සීයගේ රුකවරණය යටතේ මීර් පදනම හදා වඩා ගන්නා දරුවා

ශාරුක් ඛාන්ගේ ටුවිටර් සටහන

මෙම පුංචි දරුවාගේ සිදුවීම සිය දෙනෙත් මායිමට ගෙන ආ පුද්ගලයා කවුරු වුනත් ඔහුට ස්තුති කරමින් ෂාරුක් ඛාන් ට්විටර් සටහනක් තැබුවේය. 

ඒ වගේම දරුවාට සිය මවගේ අහිමි වීම දරා ගැනීමට ශක්තිය ලැබේවා කියා පැතු වු ඔහු ඒ වේදනාව තමාද හොදින් හදුනන බවත් ඔවුන්ගේ ආදරය හා සහයෝගය දරුවා සමග බවත් ඔහු වැඩි දුරටත් සිය සටහනට එක් කලේය.

ශාරුක් ඛාන්ද කුඩා කලම සිය දෙමාපියන් අහිමි වු දරුවෙකි.

දෙමව්පියන් නැතිව ඔහු අද සිටින තත්වයට එන්නට නොමනා දුක් විදින්නට ඇත.

ඒ විදි දුක් තුලින්ම ඔහු අන් අයගේ වේදනාව අදුනනා මිනිසෙක් වන්නට ඇත.

අන්න ඒ නිසාම ඔහුට මෙම දරුවාගේ වේදනාව හදුනාගෙන උදව් කිරීමට හැකි වන්න ඇති.

ලාබාල වියේදි දෙමව්පියන් අහිමි වුවත් ශාරුක්ඛාන් ජිවිතය දිනා හමාරය.

ඒ ලොව පතල සුපිරි තරුවක් ලෙස පමණක් නොවේ හදවතක් ඇති මිනිසෙකු ලෙසත්ය.

ඒ වගේම මෙම සිදුවීමත් එක්ක අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා සිටින අවාසනාවන්ත කම්කරුවන්ටද ඔහු උදව් කල හැක්කේ කෙසේ දැයි තවදුරටත් සොයා බැලුවා.

කොවිඩ් 19 හමුවේ මෙවන් තවත් දුක්බර කථා රැසක් මෙලෙස සැගව යන්නට ඇත.

මව අහිමි වීම දරුවෙකුට පිරිමැසිය නොහැකි පාඩුවක් බව අපි දනිමු. මවගේ අඩුව පිරවීමට සමත් කිසිවක් මෙලොව නැහැ.

නමුත් කිසිවක් නොතේරෙන අවුරුදු දෙකක් තරම් කුඩා දරුවාට පීහිට වෙන්නට ෂාරුක් ඛාන් ගත් පියවර කුමන රටක වුවද අපිද අගය කල යුතුමය.

මුලාශ්‍ර : www.indiaglitz.com

කවරයේ ඡායාරූපය හා ඇතුලත ඡායාරූප සදහා ස්තුතිය : www.indiaglitz.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි