theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

5 අවම කියවීම
හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

දරුවන්ගේ වැඩ කටයුතු සහ වගකීම් බෙදාහදා ගැනීමෙන් ඔබ දෙදෙනා අතර සම්බන්ධතාවයටත්, ලිංගික ජීවිතයටත් බොහෝ දේ කළ හැකි බව මෑත අධ්යයනයකට අනුව සොයාගෙන ඇත.

පවුලට දරුවන් එකතු වීමෙන් පසු, වඩා හොඳ ලිංගික ජීවිතයක් ගත කිරීම ඔබට අභියෝගයක් විය හැක. ඉතින් මේ වගේ ඔබේ ලිංගික ජීවිතයත් පසුබෑමකට ලක් වුනු සෙයක් ඔබට දැනෙනවාද?

මෙය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය තත්වයක්. පුංචි දඟකාරය එක්ක ඔට්ටු වෙලා දවස නිමා වෙනකොට හෙම්බත් වී සිටීම පුදුමයට කාරණයක් නොවේ.

බොහෝ දෙමාපියන් පවසන ආකාරයට දරුවන් ලැබීමෙන් පසු ලිංගික එක් වන්නට අවශ්‍ය නිදසක් මානසික ශක්තිය සහ කාලය සොයා ගැනීම අසීරු බව කියවෙනවා.

ඉතින් ලිංගික ජීවිතය සක්‍රිය කරන්නට දෙමාපියන්ට කල හැක්කේ මොනවාද?

සමීක්ෂණ වලට අනුව මෙහි රහස තිබෙන්නේ නිදන කාමරයේ නොවේ; ගෙදර දරුවන්ගේ රාජකාරි බෙදාහදාගැනීම මතයි.

ජෝර්ජියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති පරිදි දරුවන්ගේ වැඩකටයුතු බෙදාගන්නා සහකරුවන්ගේ සබඳතාවන් වඩාත් ප්‍රිතිමත් වූ අතර ඔවුන් වඩාත් හොඳ ලිංගික ජීවිතයක් ගෙව්වා.

කාන්තා පක්ෂය වැඩිපුර දරුවන්ගේ කටයුතු වල නිරත වූ විට එය සෘජුවම සහකරුවන් අතර සබඳතාවයටත් ලිංගික ජීවිතයටත් බලපාන බව දක්නට ලැබුනා.

වඩා “වැදගත්ම සොයාගැනීමෙන් වූයේ සහකරුවන් අතර සබඳතාව සහ ලිංගික ජීවිතයේ ගුණාත්මක භාවය සඳහා සැබැවින්ම ගැටලූවක් වී ඇත්තේ දරුවන්ගේ වැඩ රාජකාරි බහිතරයක් බිරිඳගේ කරපිට පැටවී තිබීමයි." යනුවෙන් පර්යේෂක ඩැනියෙල් කාල්සන් ප්රකාශ කළේය.

බිරිඳගේ සැමියාගේ අවශ්‍යතා

වඩා හොඳ ලිංගික ජීවිතයක් ගෙවන්නට කැමතිද?

තමන්ගේ කොටස කරනා පිරිමින් සැබවින්ම භාග්‍යකි

පුදුමයට කරුණක් වන්නේ, දරුවන්ගේ කටයුතු පිරිමින් විසින් ඉටු කරන විට, සහකරුවන්ගේ සම්බන්ධතාවයට කිසිදු හානියක් හෝ බලපෑමක් නොමැති වන බවයි.

කෙසේ වෙතත්, දරුවන්ගේ කටයුතු සිදු කල පිරිමින් සමීක්ෂණයට සහභාගිවූ සියලුම පිරිස් අතුරින් ලිංගික ජීවිතයේ අවම තෘප්තිය වාර්තා කළහ.

අනෙක් අතට ඔවුන්ගේ බිරින්දෑවරුන් ලිංගික ජිවිතයේ වඩාත්ම තෘප්තිමත් කාලයක් ලෙස මෙම කාලය වාර්තා කරන ලදී.

ඇතැම් විට, දරුවන්ගේ වගකීම බෙදාගැනීම පමණක් කාන්තාවන්ගේ තෘප්තිය වැඩි කිරීමට හේතු කාරක නොවූවා විය හැක.

මැන්චෙස්ටර් ව්යාපාරික පාසලේ සංවිධානාත්මක මනෝවිද්යාව සහ සෞඛ්ය අංශයේ විශේෂඥයෙක් වන සර් කැරී කූපර් බීබීසී වෙත පැවසුවේ, වගකීම් බෙදා හදා ගන්නා යුවලක් වඩා හොඳ සබඳතාවක් කොහොමත්ම පෙන්නුම් කරන බවයි.

දරුවන්ගේ වගකීම් බෙදා ගැනීමට සතුටු වන පිරිමියෙකු කරන්නේ තෘප්තිමත් ලිංගික ජීවිතයකට ආයෝජනයක් වන බව ඔහු තවදුරටත් පැහැදිලි කලේය.

ඉතින් ගෙදර දොරේ සහ දරුවන්ගේ සියලුම කටයුතු අම්මාගේම අතින් සිදු විය යුතු බව යල් පැන ගිය අදහසක් වනවා.

පහත දැක්වෙන්නේ දරුවන්ගේ වැඩ කටයුතු සහ වගකීම් සහකරුවන් අතර බෙදාගැනීම තුලින් විවාහයට අත්වන ප්‍රයෝජන කිහිපයකි.

සැමියාගේ ලිංගිකත්වය

1. හොඳ ලිංගික ජීවිතයක් අවශ්‍ය නම් ඔබේ අවශ්‍යතාව පැහැදිළි කරන්න

දරුවන්ගේ වැඩ කටයුතු සහ වගකීම් සහකරුවන් අතර බෙදාගැනීම කනට මි පැණි සේ හැඟුනත් මෙය පහසුවෙන් දෑතට පතිත වන තත්වයක් නොවේ.  පැහැර හරිනු ලැබූ ජයග්රාහී වාතාවරණයක් මෙන් ම එය සිදුවේ.

නිදසුනක් වශයෙන්, ඔබ සහ ඔබේ සහකරුට ඔබේ දරුවා මතු කරන ආකාරය ගැන බොහෝ දේ සාකච්ඡා කිරීමට සිදුවනු ඇත.

ඔබ දෙදෙනාම එම පිටුවෙහිම සිටිනු ඇත.

නමුත් ඔබේ සන්නිවේදනය මත වැඩ කළහොත් කණ්ඩායමක් වීම පිළිබඳව අවධානය යොමු කළහොත්, ඔබේ සම්බන්ධතාවය අතිමහත්ය.

නිදසුනක් ලෙස, ඔබේ සහකරු දරුවා හසුරුවන ආකාරය ගැන බොහෝ දේ සාකච්ඡා කිරීමට ඔබට සිදුවනු ඇත.

එවිට අවශ්‍යතාවයන් ගැන ඔබ දෙදෙනාම සමාන අවබෝධයකට යොමු වනවා.

හොඳ  සන්නිවේදනයක් පවත්වාගතහොත් මෙසේ දරුවන් හා සම්බන්ධ කටයුතු බෙදාගැනීමෙන් ඔබට මිල කල නොහැකි වාසි රැසක් හිමි වනවා නියතයි.

හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

2. නිවස තුල ඇති විවිධාකාර වගකීම් ගැන අවබෝධයක් ලබාගන්න

එක් සතියක් පුරාවට, ඔබත් ඔබගේ සහකරුවාත් නිවාස පුරා ඇති විවිධාකර වගකීම් සියල්ල ලයිස්තුගත කරන්න.

ඉන්පසු ඔබේ ලැයිස්තු සසඳා බලා වගකීම් පැවරීමට අවශ්යදැයි බලන්න.

මෙයට 50:50 සැකැස්මක් තිබීම අවශ්‍ය නැත. නිදසුනක් ලෙස ඔබේ සහකාරු රැකියාවකට යන්නේ නම්, ඔබ ගෘහනියක් නම් වැඩ වලින් වැඩි හරියක් ඔබ විසින් බාරගැනීම සාධාරණය.

නමුත් මෙම අභ්‍යාසය ප්‍රයෝගිකව කිරීමෙන් ගෙදර දොරේ වගකීම් සහ වැඩ කටයුතු පිළිබඳව දෙදෙනාටම පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත.

3. හොඳ ලිංගික ජීවිතයක් අවශ්‍ය නම් දරුවා ඉපදීමටත් කලින් වැඩ කටයුතු බෙදාගන්න

දරුවා ඉපදීමට පෙර සිටම අනාගතය සකස් කිරීම සහ දරුවන්ගේ රාජකාරි බෙදා ගැනීම ගැනද සහකරු සමඟ කතා කර ඊට සුදානම් වන්නට ඔබට පුළුවන්.

දරුවන් හා සම්බන්ධ විවිධ කාර්යයන් ලැයිස්තුගත කිරීම මගින් මෙය සිදු කරගත හැකියි.

නිදසුනක් ලෙස, දරුවාගේ පියා බොහෝ විට පැම්පස් මාරු කිරීම භාරව සිටින්නේමව වැඩිපුර කාලයක් මව්කිරි දිමටවය කරන බැවිනි.

ඔබ සහ ඔබේ සහකරු සමඟද මෙවන් දේ උත්සහ කර බලන්න.

4. රැකියාව නිදහසට කාරණාවක් නොවේ

ඔබේ සහකරු රැකියාවක නිරත වුවද ඔහුට ගේදොර වැඩ සඳහා උපකාරයක් නොකර සිටීමට එය හේතුවක් නොවේ.

සහකරු රැකියාවකට යාමෙන් ඔබ වැඩ නොකර සිටිනවා යයි අදහස් කරන්නට බැරි අතර දවස මුළුල්ලේම ඔබ සිත කය වෙහෙසා වැඩපල කරනා බව කවුරුත් දන්නා කරුණකි.

දවස අවසානයේ ඔබ දෙදෙනාටම එක සේ මහන්සි දැනෙන බැවින් දෙදෙනා එක් වී වැඩ කටයුතු නිම කිරීමෙන් මහන්සිය අඩකින් අඩුකරගත හැකි වීමත්. කාලය අඩකින් අඩු කරගත හැකි වීමත් කෙතරම් නිදහසක්ද?

5. පැහැදිලි සන්නිවේදනය

සහකරුවන් අතර පැහැදිලි සන්නිවේදනයක් තිබීම අතිශයින්ම වැදගත්ය.

ඔබ දෙපළට අවශ්‍ය දේ නිරවුල්ව එකිනෙකාට අවබෝධ කර දීමෙනුත් එකිනෙකාට ඉවසීමෙන් ඇහුම්කන් දීමෙනුත් අනවශ්‍ය මත බේද වලින් තොරව එකිනෙකාට සහයෝගය දැක්වීමට හැකි වනවා.

ඔබට ඇඟපත සෝදාගැනීමට අවශ්‍ය නම් කේන්තියෙන් මුමුණනවාද?

ඒ වෙනුවට සහකරුට දරුවා බලාගන්නට සුදුසු ලෙස ඉල්ලා සිටීමෙන් පහසුවෙන් ඔබට අවශ්‍ය දේ කරගත හැකි වනවා.

6. සර්වසම්පුර්ණ වන්නට අනවශ්‍ය පීඩනයක් ඇති කරගන්න එපා

ඔබ දරුවා රැකබලා ගැනීම ගැන සැලකිලිමත් වන විට අනෙක් පැත්තෙන් ඔබේ නිවසේ සර්ව සම්පුර්ණ පිරිසිදු කමක් අපේක්ෂා කිරීම අඥාන දෙයකි.

මේ නිසා අදාළ දේට ප්‍රුඛත්වය දී අනවශ්‍ය දේ වලින් වැඩ වැඩි නොකර සිටීම ඔබ සතු වගකීමක්.

ඔබට සතියකට වරක් නිවාස විශාල පිරිසිදු කිරීම් වල නියැලිය හැකි අතර කෙනෙකු සතියකට වරක් උදව්වට ගෙන්වා ගත හැකි නම් එය තවත් සුදුසුයි.

මේ නිසා පුංචි පුංචි අසම්පුර්ණතා නිසා අනවශ්‍ය පීඩනයක් ඇති කර ගැනීම අනුවන ක්‍රියාවකි.

ඉතින් මෙලෙස වැඩ සහයෝගයෙන් බෙදා හදා ගැනීමෙන් ඔබ දෙදෙනා අතර සාර්ථක සබඳතාවක් ඇතිකරගෙන වඩා හොඳ ලිංගික ජීවිතයක් ගෙවන්නට අපි ආරාධනා කරනවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!
බෙදාගන්න :
  • තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

    තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

  • ඔබට හෝ ඔබේ සහකරුට වැඩි කාලයක් ලිංගික තෘප්තිය අත්විඳීම අබියෝගයක් වෙලාද?

    ඔබට හෝ ඔබේ සහකරුට වැඩි කාලයක් ලිංගික තෘප්තිය අත්විඳීම අබියෝගයක් වෙලාද?

  • තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

    තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

  • ඔබට හෝ ඔබේ සහකරුට වැඩි කාලයක් ලිංගික තෘප්තිය අත්විඳීම අබියෝගයක් වෙලාද?

    ඔබට හෝ ඔබේ සහකරුට වැඩි කාලයක් ලිංගික තෘප්තිය අත්විඳීම අබියෝගයක් වෙලාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it