ඔබේ නිවසේම ඔබට ලැබෙන්නේ මෙහෙකාරියකට වගේ සැලකිල්ලක්ද?

ඔබේ නිවසේම ඔබට ලැබෙන්නේ මෙහෙකාරියකට වගේ සැලකිල්ලක්ද?

මෙන්න එකට හේතු...

To Love, Honor and Vacuum” නම් කෘතියේ කතෘ විසින් බොහෝ මව්වරුන්ට තම නිවාස තුළදී වුවත් මෙහෙකාරියක් ලෙස දැනෙන බවත් ඊට හේතුවන කරුණුත් විස්තර කරනවා.

මේ ග්‍රන්ථය මගින් අම්මලාට පවුල තුළ ඇතිවන පීඩනයන් හා වගකීම් හමුවේ මුහුණ දීමට උදවු වෙනවා. මේ මගින් පවුල තුළ සතුට හා සැනසුම ළඟා කරගන්න පුළුවන් බව දැනෙනවා. ශීලා රේ තම  නිවාස තුළදී වුනත් මෙහෙකාරියක් ලෙස අම්මලාට දැනෙන හේතු කතා කරනවා.  

ගෙදර පිරිසිදු කිරීම 

1. ගෙදර වැඩ 'වන් මෑන් ෂෝ' [one (wo)man show] එකකින්ද?

ගෙදර වැඩ කියන්නේ ඉතාම වෙහෙසකර දෙයක් නමුත් එය එක්කෙනෙකුට පමණක් පැවරෙන කාර්යයක් නෙමෙයි. ගෙදර අපිරිසිදු කිරීම් කිලිටි වීම් වලට එක්කෙනෙක් විතරක් දායක වෙන්නේ නැතිනම් ඒවා පිරිසිදු කරන්නත් එක්කෙනෙක් විතරක් කැපවිය යුතු නැහැ.

විසඳුම : වගකීම් බෙදා හරින්න. තරුණ දරුවන් ඉන්න අම්මා කෙනෙක් නම් ඔවුන්ට ලැබෙන වයි ෆයි පහසුකම් නැතිනම් රූපවාහිනිය නරඹන කාලය අත්හිටවන්න පුළුවන්. තමන්ගේ වගකීම ඉටු කරන තුරු ඔවුන්ට එය ලබා නොදී ඉන්න පුළුවන්.
ඉඟිය : කවුරුත්ම රෙදි සෝදන්න උදවු කළේ නැත්නම් අද රෑට කෑම ඉතා සරල දෙයක් බව කියන්න.

2. සැමියාගෙන් උදවු ඉල්ලනේ නැහැ

පළමු කාරණය සමග මේ කාරණයත් එකිනෙක බැඳී තිබෙනවා. රැකියාවක් කරන සැමියෙක් නම් ඔහු ගෙදර වැඩට උදවු වෙන්නේ නැහැ. ඒත් ඔබ දෙදෙනාම රැකියාව කරනවා නම් ඔබට මෙහෙකාරියක් ඇත්තේ නැත්නම් වුනත් කාන්තාවන් පිරිමින්ගෙන් උදවු ඉල්ලනේ නැහැ. මොකද ඔවුන් හිතනවා පිරිමි එය දැනගත යුතුයි කියලා. නමුත් හැම විටම එය ඇත්තක් නොවෙයි. කරුණාකර එය දීම හා ලැබීම අතර ගැටළුවක් බව සිතන්න.

විසඳුම : සරලව උදවු ඉල්ලන්න. හුඟක් වෙලාවට පිරිමි හිතන්නේ අපි පිළිවෙලට වැඩ කරන නිසා ඔවුන් එය කරන්න ගියොත් අවුල් වෙයි කියලයි. ඔබට උදවු අවශ්‍යනම් ඔහු ඔබේ මනස ඔහු කියවනකන් ඉන්න එපා.

ඔබේ නිවසේම ඔබට ලැබෙන්නේ මෙහෙකාරියකට වගේ සැලකිල්ලක්ද?

3. ඔබේ දරුවන්ට ඔබට නරක ලෙස සැලකීමට ඉඩ හැරීම

මෙය දරුවන් උස්මහත් කිරීම සමගම හැදියාවන් වර්ධනය විය යුතු කාරණයක්. දරුවන්ට ‘කරුණාකර’ යන වචනය හා ‘ස්තූතියි’ කියන වචන වල වැදගත්කම කියා දෙන්න. මොකද පාසල හෝ දිවාසුරකුම් මධ්‍යස්ථානයෙන් මේ පුරුදු ලැබෙයි කියලා බලාගෙන ඉන්න එපා.

විසඳුම : මෙලෙස නරකට හැදෙනවා නම් ටිකක් තදින් ඉන්න පුළුවන්. ඔවුන් එකට එක කියනවනම් ඔවුන්ව ඉක්මනින් නිවැරදි කරන්න. ඔවුන් ගරුසරුවක් නැතිව යමක් ඉල්ලනවා නම් ඔවුන්ට කිසි විටකත් එය දෙන්න එපා. ඔවුන්ට ඔබට අශෝභන ලෙස ගෞරවයකින් තොරව කතා කරන්න ඉඩ දෙන්න එපා.

4. හැමෝම ගියාට පස්සේ මෙහෙකාරියක්  වගේ පිරිසිදු කිරීම් කරනවද?

ඔබ නිකමට වත් හිතුවද සෙල්ලම් කළාට පසු ඔබට දරුවන්ගේ සෙල්ලම් බඩු පිළිවෙලට තැබීමත් හැමෝම කෑම මේසයෙන් නැගිට්ටට පසු කෑම මේසය අස්කරන්නත් ඔබට සිදුවී ඇත්තේ ඇයි කියලා. මෙය ඔබ විසින් ක්‍රියාත්මක කරන ස්වභාවයෙන්ම වන ප්‍රතිචාරයක් එය විය හැකයි. “ මම නොකළොත් කවුරු කරන්නද”?

විසඳුම : අනිත් අයගේ දේවල් ඇහිඳිනවට වඩා තමන් විසින්ම නොකළොත් ලැබෙන ප්‍රතිඵල අත්දකින්න දෙන්න. සැමියාට නිවසේ කොණක හෝ නිදන කාමරයේ තැනක මේ තැන තැන ඇති දේ තැබිය හැකි තැනක් වෙන්කරන්න.
ඉඟිය : භෝජනාගාරයකට ගොස් කාන්තාවන් හැසිරීමත් පිරිසිදු කිරීම් කරන හැටිත් පෙන්වා ඔවුන්ට මේක උගන්වන්න බැහැ. තමන්ගේ ගෙදර වැඩ වල බරපතල බව හා වගකීම ඔවුන්ටත් අවබෝධ කර දෙන්න. 

කම්මැලි සැමියන්

5. හැමෝගෙම වීරයා

ගෙදර දරුවන්ගේ හැම ප්‍රශ්නයකටම සැමියාගෙන් මොකක් හෝ දෙයක් නැති වුනත් අමතක වුනත් කතා කරන්නේ ඔබටයි. සමහර විට ඔබ ඔබේ සියලු වැඩ නවතා දරුවන්ගේ වැඩ නිසි ලෙස කරගෙන යන්නට ආපසු නැවත නිවසට පැමිණ අමතකවූ දෙය කෙසේ හෝ ලබාදීමට කටයුතු කරනවා.

විසඳුම : මෙලෙස කිරීමේ වරදක් නැහැ. ඒත් මේක නිතර නිතර කිරීම එතරම් ගුණදායක නැහැ. ඔබ කෙසේ හෝ පවුලේ ගැටළු විසඳන බව ඔවුන් වටහා ගත පසු ඔවුන් ඒ වගකීමෙන් මිදෙන අතර එයට උත්සාහයක්වත් දරන්නේ නැහැ. ඔවුන් ඉන් ඔබව ප්‍රයෝජනයට ගන්නවා.
ඉඟිය : ඔබට චෙක් ලිස්ට් එකක් පවත්වාගෙන යන්න පුළුවන්. ඔවුන්ටම ඔවුන්ගේ උවමනා දේවල් පරික්ෂා කරගන්න ඉන් පුළුවන් වෙනවා.

6. තේරුමක් නැතිව කෑම හදනවා

පැය ගාණක් මහන්සි වෙලා පවුලේ අය වෙනුවෙන් රාත්‍රී ආහාරය පිළියෙළ කළත් හැමෝම තම තමන්ගේ වැඩවල. ෆෝන් එක, ටැබ් එක විශේෂයි. නැතිනම් ඔවුන් පිළියෙළ කල ආහාර ගැන පැහැදීමක් නැති බව පෙන්වනවා. කෑම තෝරනවා. ඉන් ඔබ අවබෝධ කර ගත යුත්තේ ඔබව පමණ ඉක්මවා ඔවුන් ප්‍රයෝජනයට ගන්න බවයි.

විසඳුම : කෑම මේසය තුළදී කතාවල් ආරම්භ කරන්න. දවසේ එකිනෙකාගේ අත්දැකීම් හොඳ නරක බෙදාගන්න. නිවසේ පවුලේ විස්තර සම්බන්ධයන්  ගැන කතාව ආරම්භ කර කෑමෙන් පසු එය පවත්වාගෙන යන්න. නැතිනම් අර පළමු කාරණාවේ වගේ රෑ කෑමට රසවත් කෑමක් නොලැබෙන බව කියන්න.

තොරතෝංචියක් නැතිව පීඩනත් වගකීමුත් එක්ක ජීවිතය ගෙන යන ඔබට මේ අදහස් වටින බව ඔබේ හොඳම මිතුරිය  theAsianparent Sri Lanka විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි