theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

3 අවම කියවීම
දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමෙන් හිස කෙස් වර්ධනය වේගවත් වන බවට ප්‍රසිද්ධ මතයක් ඇත. මේ පොදු විශ්වාසය තුල කිසියම් සත්‍යතාවයක් තිබේද?

දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමෙන් ඝන හා දිගු කෙස් ලැබෙන බවට ආසියානු සංස්කෘතිය තුල මවක ගෙන් මවකට දයාද වෙන පොදු විශ්වාසයක් ඇත.

හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමෙන්  සෞඛ්‍ය සම්පන්න සිනිදු කෙස් ලැබෙන බව සිංගප්පූරුවේ මව්වරුන් තහවුරු කරනවා.

මගේ උපන් අලුත හිසකෙස් කොච්චර අවලස්සනද යන්න මගේ අම්මා නිතර මතක් කලා (ඡායාරූප සාක්ෂියක්ද සහිතව) වයස මාස කිහිපයේදී හිසකෙස් සකස්කරන්නෙකු ලගට කැදවාගෙන යන තුරු මට තිබී ඇත්තේ තුනී, තැන තැන හිසකෙස් නොමැති කොණ්ඩයකි.

මව්වරුන් අතර ඇති මේ විශ්වාසය සත්‍යයක්ද?

මේ විශ්වාසය විද්‍යාවෙන් තහවුරු කරගෙන නොමැත. හිසකෙස් පිලිබඳ විශේෂඥ  Philip Kingsley Trichological Center හි අධ්‍යක්ෂක Leonica Rei ට අනුව ඔබේ දරුවාගේ හිසකෙස් වල ස්වභාවය උපතට පෙර ජාන මගින් තීරණය වේ.

දරුවන් උපදින විටදීම හිසකෙස් වලට අදාල සිදුරු සකස් වෙලා තියෙනවා. සරල කියනවානම් හිස කෙස් නිෂ්පාදනය කරන මේ සිදුරු හිස මතුපිට ඇති සෛල වලින් සෑදුන සාක්කු වාගේයි.

මේ සිදුරේ ප්‍රමාණය ඔබේ දරුවාගේ හිස කෙස් වල ඝනත්වය තීරණය කරනු ලබනවා. විශාල සිදුරු ඇති විට ඝන හා  ඍජු කෙස් ඇති වේ.

හිස මත ඇති මේ සිදුරු ප්‍රමාණය ඔබේ දරුවාට කොතරම් හිසකෙස් ලැබේද යන්නත් තීරණය කරනු ලබයි. විශාල සිදුරු ප්‍රමාණයක් ඇත්නම් ඇතිවෙන හිසකෙස් ප්‍රමාණය වැඩිය .

සත්‍ය වශයෙන්ම හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමෙන් හිස් කබලේ ඇති මෙම සිදුරු වල වෙනස් වීමක් වෙන්නේ නැහැ.

එනම් ඔබේ දරුවාට පසුකලකදී ලැබෙන සොදුරු හිසකෙස් වල හිමිකරුවා වන්නේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත් කිරිම නොව ජානයි.

අනතුරු සිදුවීමේ අවදානම නිසා දරුවන්ගේ  හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත් නොකරන ලෙස විශේෂඥයින් විසින් දෙමාපියන්ට උපදෙස් දෙනවා.

Kei ට අනුව  දරුවාගේ හිස් කබලේ අස්ථි හොදින් සම්බන්ධ වී නොමැති බැවින් හිස මුදුනෙහි ඇති ෆොන්ටේන් නැමති කොටස ඉතා මෘදු වේ.

ඔබේ අලුත උපන් දරුවාගේ හිසකෙස් මුල්දී  වෙනස්ව පෙනෙන්නේ ඇයි?

ඔබේ අලුත උපන් දරුවාගේ හිසකෙස් වලට හොද පෙනුමක් නොලැබීමට හේතු ගොඩාක් තියෙනවා.

Kei ට අනුව දරුවන් කුඩා කාලයේදී ඉතා තුනී කෙටි කෙස් ඇති වෙන අතර අවුරුදු දෙකක් වනවිට  මේරූ ස්ථීර කෙස් ඇති වේ.

මව්වරුන්ට ඇති අනෙක් ගැටලුව නම් දරුවන්ගේ හිස කෙස් තැනින් තැන අඩු වීමයි. දරුවන්ගේ හිස කෙස් අඩුවීම ගැටලුවක් ලෙස පෙනුනත් LIVESTRONG අනුව එය දරුවන්ගේ වර්ධනයේ කොටසකි.

මෙසේ හිසකෙස් යෑම මාස හය දක්වා ඇතිවෙන හෝමෝන වෙනස් වීම් මත සිදුවෙන්න පුලුවන් .

දරුවාගේ හිසෙහි හිසකෙස් අඩු නම් නිදාගන්නා හා ඉදගන්නා ඉරියව් එයට හේතුවෙන්න පුලුවන්.

විශේෂඥයින්ට අනුව අසුනේ හෝ මෙට්ටයේ හිස අතුල්ලන  දරුවන්ගේ ඒ අදාල ස්ථාන වල හිස කෙස් අඩුවේ. මෙසේ එක ඉරියව්වෙන් සීටීම නිසා වන හිසකෙස් අඩුවීම අවම කිරීමට දරුවා ටික වේලාවක් මුනින් අතට නිදි කිරීම සුදුසුයි.

ඒ වගේම නිදාසිටින දරුවාගේ හිසේ පිහිටීම වරින්වර ඔබට වෙනස් කිරීමට පුලුවන. ඔබගේ දරුවාගේ හිසකෙස් වර්ධනය ස්වාභාවික සංසිද්ධියක් බැවින් එයට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නොවන අතර ඔබගේ දරුවාගේ තුනී සුන්දර කෙස්වල පහස විදින්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?
බෙදාගන්න :
  • බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

    බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

  • Does shaving your baby's head make the hair grow back thicker?

    Does shaving your baby's head make the hair grow back thicker?

  • බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

    බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

  • Does shaving your baby's head make the hair grow back thicker?

    Does shaving your baby's head make the hair grow back thicker?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it