theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

3 අවම කියවීම
ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

ප්‍රමුඛ Bollywood නිළියක් වන ශිල්පා ශේට්ටි, පුතාට රූපවාහිනිය නරඹන්න නොදෙන හේතුව ඔබ දන්නවද? මෙම ලිපය කියවා දැනගන්න.

ශිල්පා ශේට්ටි 90 දශකයේ බොලිවුඩ් තිරයේ සුරූපී තාරකාවක්. ඇය ආදරණීය මවක්.. මෙයට කලිනුත් අප ඇය ගැන විවිධ ලිපි ගෙන ආවත් මේ කියන්න යන්නේ ඇයගේ දරුවන්ට නීති දැමීම පිළිබඳවයි.

ශිල්පා ශේට්ටි ඇයි TV තහනම් කරන්නේ?

හැම අම්මා කෙනෙකුම වගේ ශිල්පාත් එයාගේ දරුවට නීති රීතී දාලා තියෙන්නේ. තවමත් අවුරුදු 4 ක් වන ශිල්පා ශේට්ටි ගේ පුතා ගැන එයා හරියට සොයලා බලන, වදවෙන අම්මා කෙනෙක් කියලා ටිකක් ප්‍රසිද්ධයි. ඉතින් ශිල්පා ශේට්ටි ත් පුතාට පුංචි පුංචි නීති දාලයි එයාව බලාගන්නේ. මේ අතරේ විවාන් ට රූපවාහිනිය තහනම් කලාපයක්ලු.

ශිල්පා ශේට්ටි

රූපවාහිනිය නැරඹීම එතරම්ම අහිතකර ද?

මේ සුරූපී අම්මා කියන්නේ රූපවාහිනිය නැරඹීමෙන් විවාන්ගේ හැදියාවට බලපානවා කියලයි. “මම හුඟක් ආරක්ෂාව ගැන හිතන අම්මා කෙනෙක්. සමහර වෙලාවට රුපවාහිනියේ පෙන්වන නොවටිනා දේවල් නිසා මං පුතාට රූපවාහිනිය බලන්න දෙන්නේ නැහැ.”

ඒත් මේ ළඟදි නිකුත් වෙන Super Dance වැඩසටහන නම් මම ඔහුට පෙන්වන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේක ඔහුගේ පළවෙනි අත්දැකීම වේවි. ඇය අදහස් දැක්වුයේ නර්තනය සම්බන්ධ රියලිටි වැඩසටහනක මාධ්‍ය හමුවකදීයි.

ශිල්පා ශේට්ටි

Image from Shilpa Shetty’s official Instagram

ඔබේ දරුවාගේ හැසිරීමට රූපවාහිනිය බලපාන්නේ කෙසේද?

ශිල්පාගේ කතාවේ ඇත්තක් තියෙනවා. දරුවෝ ඔබට කතා කරන විදිහ වගේම යහළුවන්ට, අමුත්තන්ට කතාකරන විදිහෙත් බලපෑමක් රූපවාහිනිය නිසා ඇති වෙනවා.

දරුවන්ගේ දඩබ්බර ගති ඇති වීමට රූපවහිනිය බලපාන බව විද්‍යාවෙන් ඔප්පුකර තියෙනවා. ඒ වගේ කියවීමට ඇති අවධානය අඩු වීම, පාසලේ ක්‍රියාකාරකම් වලට ඇති නොකැමැත්ත, නරක සෞක්‍ය පුරුදු වගේම, ගති ලක්ෂණය වල මේ වෙනස්කම් ද මේ නිසා සිදු වෙන පුළුවන්.

රූපවාහිනිය තුළින් ප්‍රචණ්ඩත්වය දැකීමෙන් ඇතිවන ප්‍රතිඵල 3 ක් මනෝ විද්‍යා පරීක්ෂණයක් මගින් සනාථ කර තියෙනවා.

  • දරුවන් අන් අයගේ හැඟීම් සහ සංවේදනා ගැන සංවේදී නොවීම.
  • ඔවුන් අවට ලෝකයට බියවීම.
  • දරුවන් අන් අයට දඩබ්බර හා කරදරකාරී ලෙස හැසිරීම.

ඒ වගේම පර්යේෂණ වලට අනුව රූපවාහිනිය නිතරම බලන ළමුන් තුළ ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ, අඩුවෙන් බලන ළමයින්ට වඩා වැඩි බව සොයාගෙන තියෙනවා. ඒ නිසා ප්‍රචණ්ඩකාරිත්වය ඔවුනට සාමාන්‍ය දෙයක් බවට පත් වීමටත් එහි වැරද්දක් නොදැකීමටත් ඔවුන් නැඹුරු වෙනවා.

මේ දේවල් වලට අමතරව රූපවාහිනියට ඇබ්බැහි වීම තුලින් ඇස් පෙනීම දුර්වල වීම, හිසරදය, කරකැවිල්ල, අධි රුධිර පීඩනය වැනි දෙයත් එක තැන අලසව එකම ඉරියව්වෙන් ඉන්න නිසා ක්‍රියාශීලී බව අඩුවීමත් එක්ක වෙන වෙන ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්.

නමුත් දරුවන්ව රුපවාහිනියෙන් ඈත්ව තැබීම එතරම් ලේසි නැහැ. ඒ නිසා මේ උපක්‍රම කිහිපය ගැන සලකා බලන්න.

preschool tv shows

දරුවන් රූපවාහිනිය නැරඹීම වළක්වා ගත හැකි උපක්‍රම

  • දරුවන් නරඹන වැඩසටහන් ගැන කල්පනාකාරී වෙන්න. ඔවුන් ප්‍රචණ්ඩත්වය සහිත කාටුන් නරඹනවා නම් චැනලය මාරු කරන්න. ඒ වගේම ඉන් අත්වන ප්‍රතිඵල ඔවුන්ට කියා දෙන්න.
  • හොඳම දේ තමයි ඔබ ඔවුන් සමග සිට රූපවාහිනිය නැරඹීම, එවිට ප්‍රචණ්ඩකාරී දේවල් පෙන්වන විට ඔබට එය නැවත්වීමට හෝ මාරු කිරීමට පුළුවන්.
  • කිසි විටෙකත් නිදන කාමරය තුළ රූපවාහිනිය සවි කරන්න එපා.
  • ළමයින්ට ළඟා විය නොහැකි විසන්ධි කිරීමේ ක්‍රමයක් (Child lock) එකක් හෝ සමහර චැනල් ඔබට අවහිර කිරීමටත් පුළුවන්.
  • දරුවාට කෑම ගනිමින් රූපවාහිනිය නරඹන්න දෙන්න එපා. ඉන් දරුවා පමණ ඉක්මවා ආහාර ගැනීම වගේම ආහාර වල රස ගුණ ගැන අවබෝධයක් ලබගන්නෙත් නැහැ.

රූපවාහිනිය පාවිච්චි කරන ආකාරය ගැන ඔබ සැලකිලිමත් වුනොත් දරුවන්ගේ හිත නොරිදෙන ලෙස ක්‍රියා කරන්න අපිට පුළුවන්. ඊට අවබෝධය වැදගත්. theAsianparent Sri Lanka මේ උත්සාහය ඒ වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්
බෙදාගන්න :
  • බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

    බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

  • මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

    මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

  • බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

    බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

  • මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

    මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it