ශිල්පා ශෙට්ටි දරු ප්‍රසුතියෙන් පසු ඉස්සර වගේම ඇඟේ හැඩය පවත්වන්නේ කොහොමද?

Share this article with other mums

ඇය ඉතා ස්ථිර කෑම රටාවකට වෙනස් වුණා. කබෝහයිඩ්රේඩ් හැකිතරම් අඩු කරමින් ප්‍රෝටීන් සහිත ආහාර හා එළවළු පලතුරු සමබර ලෙස ලබාගත්තා. ඉන් ඇය kg 21 ක් මාස 3 ½ කදී අඩුකරගත්තා.

මව් පදවිය ආශ්චර්යමත් අත්දැකීමක් වුවත් ඒ සමගම ලැබෙන ගැටළුකාරී තත්වයන් අපට වළකන්න බැහැ. ඒ අතරින් ශරීරයේ බර වැඩිවීම හා හැඩය වෙනස්වීම හුඟක් අම්මලාට තිබෙන ගැටළුවක්. ගර්භණි කාලය තුළ මව්වරු 20-25kg දක්වා බර අඩුවන අතර ප්‍රසුතියෙන් පසු එය 10-15kg දක්වා තවත් වැඩිවෙනවා. මීට බෙහෙවින්ම බලපාන්නේ වැරදි ආහාර රටාවන් හා එකතැන සිටීමයි.

බොලිවුඩ් සුපිරි තාරකාවන්ට තම ශරීරයේ නියම බර පවත්වාගන්න මගපෙන්වන ප්‍රවීණ ශරීර සුවතා මග පෙන්වන්නෙකු වන විනෝද් චන්න ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමග අදහස් දක්වමින් ඔහු ශිල්පා ශෙට්ටිට දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කර ගැනීමට උපදෙස් දුන් අයුරු විස්තර කර තිබුණා.

ගර්භණි සමය තුළදී පසු ගර්භණි සමයේ සුවතාවය වෙනුවෙන් කළ යුතු දේ මොනවද?

සැබවින්ම ඊට ඔබ ගන්න ආහාර වැදගත් වෙනවා. ඉන්දියානු ජනතාවගේ අදහස් වලට අනුව ගර්භණි සමය තුළ කෑම පාලනය හා ව්‍යායාම මවකට සුදුසු වන්නේ නැහැ. නමුත් මෙහි සත්‍යයක් නැහැ. පෙර ගර්භණි සමයේදී කාන්තාවන් ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේඩ් ශරීරයට හිතකර ලෙස හා අනෙකුත් පෝෂණයන් ගැනීම අවශ්‍ය වෙනවා.

හුඟක් කාන්තාවන් කෑම ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා අධික ලෙස කාබෝහයිඩ්රේඩ් සහ ක්ෂණික කෑම කන අතර ව්‍යායාම වල නිරත වන්නේ නැතිතරම්. විද්‍යාත්මකව බැලුවත් දරුවන් ලැබෙන්න ඉන්න මවකට ව්‍යායාම අවශ්‍යයි. එය ඇගේ දරු ප්‍රසුතිය පහසු කරවනවා.

සාමාන්‍ය ප්‍රසුතියක් හා සිසේරියන් සැත්කමක් අතර ශරීරයේ බර අඩුවීමට බලපෑමක් තියෙනවද?

නැහැ එහෙම වෙනසක් නැහැ. ප්‍රසුතියෙන් පසු සන්ධි වල වේදනා, පිටකොන්දේ හා බෙල්ලේ වේදනා ඇතිවෙනවා. ඒ නිසා දුර්වල මාංශ පේශීන් ගැන සැලකිලිමත් විය යුතුයි. ක්‍රමයෙන් ව්‍යායාම වලට හුරුවීමෙන් හොඳ සෞක්‍ය තත්වයක් පවත්වා ගැනීමට නිතරම ශරීරයේ සුපුරුදු හැඩය පවත්වා ගන්නත් උදවු වෙනවා.

ක්‍රමයෙන් ශ්වසනය හා හෘදය ආශ්‍රිත ව්‍යායාම ශක්තිමත් කිරීමෙන් දරාගැනීමේ ශක්තිය ඇතිවෙනවා වගේම බර අඩුකර ගැනීමේ ක්‍රියාවලියත් වේගවත් වෙනවා.

කෙනෙක් අනුගමනය කළ යුතු ආහාර රටාව කුමක්ද?

සමබර ආහාරයක් ඒ කියන්නේ ප්‍රෝටීන් හා කාබෝහයිඩ්රේඩ් අඩංගු විය යුතුයි. මන්ද හුඟක් කාන්තාවන් සංධි වේදනා වලින් පීඩා විඳිනවා. ඒ වගේම D3 පරීක්ෂණ මගින් විටමින් D නිසි ප්‍රතිකාරයන් මගින් සාමාන්‍ය  තත්වයට පැමිණීමටත් ශක්තිමත් බව ලබාගැනීමටත් පුළුවන්.

ශිල්පා ශෙට්ටි පසු ගර්භණි සමයේ ක්‍රියාත්මක වුණේ කොහොමද?

ශිල්පා ශේට්ටිගේ ශරීර ස්වභාවය කෙට්ටු සිරුරක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇයට ඇත්තේ කෙට්ටු නමුත් මෘදු      ස්වභාවයක්. ඇය ගර්භණි සමයට පෙර ඉතාම කෙට්ටු අයෙක් නමුත් නරක ආහාර ක්‍රම හා එකතැනම කාලය ගත කිරීම නිසා ඇඟේ ශක්තිමත් බව වගේම හැඩයත් වෙනස් වුණා.

ඇයටත් බෙල්ලේ අමාරු ඇති වුණා. ඒ නිසා මුලදී ඇයට ව්‍යායාම කිරීම අපහසු වුණා. මුලින්ම ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් ඉන්පසුව කලව ප්‍රදේශයෙන් ඇතුලට හා පිටත මාංශ පේශි ශක්තිමත් කරන්නත් ව්‍යායාම ලබා දුන්නා.

ඇය පෙර නොකළ ආකාරයේ ව්‍යායාම් ලබාදෙමින් ක්‍රමයන් වෙනස් කළා. කාබෝහයිඩ්රේඩ් අඩු කරමින් ප්‍රෝටීන හා එළවළු වැඩිකරමින් වැඩිපුර පලතුරු ආහාරයට ගනිමින් ඇයට මාස 3 ½ කදී 21kg අඩුකර ගැනීමට හැකි වුණා.

ඇයව තිරයේ දකිනවාටත් වඩා හොඳ හැඩයක් ශරීරයට ලබාගන්න හැකි වුණා. හරි මගපෙන්වීම හා කැපවීම හා කැමැත්ත මේ හැමදේටම අවශ්‍යයි.

ස්ට්‍රෙච් මාක්ස් වලින් මිදෙන්න විශේෂ ආහාර වර්ග තියෙනවා?

විටමින් E අඩංගු ආහාර බහුලව ලබාගන්නත් ඒ සමගම සමබර ආහාර වගේම ව්‍යයාමත් මගින් මේ තත්වය අඩු කරගන්න පුළුවන්.

යෝගා හා ශරීර සුවතා මධ්‍යස්ථානයකට යාම පසු ගර්භණි කාලයේ හොඳයි ද?

යෝගා මගින් ශරීරයේ නම්‍යශීලිත්වය ලබාගන්න පුළුවන්. ඒත් එක්කම එමගින් ශරීරයේ බර අඩු කර ගැනීමට ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ව්‍යායාම උපක්‍රමයන්ගේ සම්මිශ්‍රණයක් අවශ්‍යයි. මන්ද එක් එක් ව්‍යායාම මගින් ලැබෙන වාසි විවිධයි.

කාන්තාවන්ට ඇගේ ලස්සන හරිම වටිනවා. ලස්සන දරුවන් එක්ක ලස්සනට ඉන්න අම්ම කෙනෙක් දකින්න අගයන්න කවුරුත් ආසයි. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරියත් ඔබේ සුන්දරත්වය එක සේ දකින්න හුඟක් කැමතියි.  

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Bollywood celebs