ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

අම්මයි තාත්තයි දෙන්නම රැකියාවට යද්දී දරුවන් බලාගන්න බොහෝ විට ආච්චිලා සියලාට පැවරිලා. නමුත් ඒක හරිද?

මම නැවත රැකියාවට යන්න ලෑස්ති වෙද්දී කළ පළවෙනි දේ තමයි මගේ දුවට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හොයන එක. නමුත් හැමෝම මගේ දිහා අමුතු විදිහට බලන්න ගත්තා. ඇයි මම මගේ දෙමාපියන් හරි, මගේ බිරිඳගේ දෙමාපියන් හරි මගේ දරුවව බලාගැනීම වෙනුවෙන් යොදා නොගන්නේ? ආච්චිලා සීයලා ඉන්නේ අපේ දරුවන් රැක බලාගන්න නෙමෙයිද? 

ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද?

මම දන්නවා හුඟක් අය මේ දෙය කරනවා. නමුත් මගේ විශ්වාසය නම් එය එසේ නොවිය යුතුයි කියලයි. ඒ හින්දයි මං මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවන්න හිතුවේ. මේ තීරණයට හේතු 4 ක් මූලික වුණා.

1. එහෙ මෙහෙ දුවන්න ඔවුන් දැන් වයස වැඩියි

දරුවෝ හරිම දඟකාරයි. ඉතින් ඔවුන් එක්ක දුවන්න පනින්න ජීවිතයේ හරි අඩකට වඩා අවසන් කරලා ඉන්න අම්මලා තාත්තලාට වෙහෙසකරයි. මේ වෙන කොට ඔවුන් විවිධ හන්දිපත් රෝග, වේදනා, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි තත්වයන් වලින් පීඩා විඳිනවා. සමහර විට ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටියත් සමහර අනපේක්ෂිත අවස්ථාවන් එළඹෙන්න පුළුවන්.

අනෙක් අතට අපි ඔවුන්ගේ උදව්වට සේවිකාවක් යෙදුවත් මෙහෙකාරිය ගැන අවධානයෙන් ඉන්නත්, අනෙක් අතට කෙසේ හෝ යම් තරමකින් හරි දරුවා බලාගන්නා වගකීම ඔවුන්ට පැවරෙනවා. ඉන් ඔවුන්ට ඇතිවන පීඩනයේ අඩුවක් වන්නේ නැහැ.

2. ඔවුන් අපි වෙනුවෙන් ඇතිවෙන්න වෙහෙස වුණා

මට මතකයි අම්මා තාත්තා අපි වෙනුවෙන් එක වගේ මහන්සි වුන හැටි. ඔවුන් ඔවුන්ට එළඹුන වැදගත් අවස්ථාවන අපි නිසා අවලංගු කළා. වැඩිපුරම අධ්‍යාපන කටයුතු වලට ඔවුන් හුඟක් වෙහෙස වුණා.

3. ඔබේ දරුවාටත් මිතුරු සමාජය අවශ්‍යයි

ගෙදර ඉඳන් දරුවන් බලාගන්න හුඟක් වෙලාවට රූපවාහිනියේ කාටුන් හෝ වෙනත් රූපවාහිනී වැඩසටහන් බලන්න යොදවා ගන්නවා ඇරෙන්න ඔවුන්ට වෙනත් දේවල් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී ඔවුන්ට නොයෙකුත් ක්‍රියාකාරකම් වල යෙදෙන්නත්, මිතුරු මිතුරියනුත් මුණ ගැහෙනවා.

4. ඔවුන්ට අපහසුතාවයක් දැනෙනවා

දරුවා හරියට කාලා නැහැ, නිදාගෙන නැහැ, ඇඳුම් කිළුටු කරගෙන වගේ දේවල් නිතර නිතර කියන්න වෙනකොට ඉන් ඔබේ හෝ ඔබේ බිරිඳගේ දෙමාපියන්ට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්.

සමහර විට ඔවුන් වැඩිපුර දරුවන්ට තදින් ඉන්නේ නැති නිසාත් ඔවුන්ව අනවශ්‍ය ලෙස සුරතල් කිරීමත් ඔබේ විවේචනයට ලක්වෙන්න පුළුවන්. එය ඔවුන්ටත් අපහසුවක් ගෙනදෙන කාරණයක්.

පිළියම

කෙලෙසක කීවත් ආච්චිලා සීයලා දරුවන්ගේ ජීවිත වල වැදගත් කොටසක්. ඔවුන්ගේ වර්ධනයට හා සංවර්ධනයට එය වැදගත්. ඒ නිසා ඔවුන්ට ආච්චිලා සීයලා සමග කාලය ගත කිරීමටත් අවස්ථාව ලබාදීම වැදගත්. හොඳම දෙය තමයි දරුවෙක් දවසේ යම් කාලයක් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් රැඳවීම. ඒ තුළින් දරුවාටත් ඔබේ දෙමාපියන්ටත් වෙනසක් හා විවේකයක් ලැබෙනවා.

ඒ වගේම දරුවාගේ හැම වැරද්දකටම ඔබේ දෙමාපියන් හෝ බිරිඳගේ දෙමාපියන් වගකිව යුතු යැයි කියන්න එපා. ඔබ ඔවුන් සමග දරුවන් රඳවා තබා යන්න තීරණය කළා නම් ඔවුන් ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් ස්තූති වන්ත වෙන්න. කොහොම වුනත් අවසානයේ ඔවුන්ට උවමනා වන්නේ තමන්ගේ මුණුපුරාට ඉහළම සැලකීම කරන්නයි.

වර්තමානයේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම රැකියාව කිරීම ආර්ථිකමය වශයෙන් අත්‍යවශ්‍ය කාරණයක් වුවත් දරුවන් හා රැකියාව සමබර ලෙස කරගෙන යාම තුළින් අපේ දෙමාපියන්ගේ නිදහස ඔවුන්ට ලබාදෙන්න උත්සාහ කරන්න පුළුවන්නම් එය වඩා වැදගත් වේවි.

theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ සුලභ ගැටළුව නිරතුරුවම අසන දකින නිසා ඔබට ලියන්න සිතුවා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ