අපි හැමෝම දන්නා කියමනක් “කතාවට වඩා ක්‍රියාව වැදගත්” බව. ඉතින් ඔබටත් ඔබේ බිරිඳට “මම ඔයාට ආදරෙයි” කියනවට වඩා ඇයට “ස්තූතියි” කියන්නත්, බිරිඳට ආදරය බව කියන්නත් තවත් ක්‍රම ඇති බව ඔබ දන්නවද?
ඉතින් පසුතැවිලි වෙන්න එපා. බිරිඳට ආදරය බව කියන්න මේ විධි ගැන සිතා බලන්න.
ගෙදර වැඩට උදවු වෙන්න
ඔබ ඇයට ආදරේ බව ඇත්ත වුනත් ඔබ ඇය ගැන සැලකිලිමත් බවත් පෙන්වන්න ඇගේ ගෙදර වැඩට උදවු වෙන්න පුළුවන්.

දරුවන්ගේ වැඩ වලට උදවු වෙන්න ඉදිරිපත් වෙන්න පුළුවන්
දරුවන්ගේ හැමදේම බිරිඳ අතින් වුනත් ඉඳහිට ඇයට ඔබේ උදවු අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඇය උදවු ඉල්ලන්න පෙර ඇයට ඒ උදවුව කිරීමට ඉදිරිපත් වීමෙන් ඇය හුඟක් සතුටටත් පුදුමයටත් පත්වේවි. බිරිඳගේ හදවත උණුසුම් කරන සතුටක් ඊට වඩා නැති බව තමන්ගේ සැමියා ඇය ගැන සෙවිල්ලෙන් ඉන්න බව ඇයට ලොකු සතුටක්.
ඇයට සටහනක් තියන්න
එය එතරම් නිර්මාණශීලි නොවුනත් සරල දෙයක් කියන්න. ඔයාට සුභ දවසක් වගේ දෙයක් කියන එක ප්‍රමාණවත්. එය ඇගේ අත්බෑගයේ, ෆ්‍රිජ් එක ළඟින් තිබ්බොත් වෙහෙසකර ඇගේ මුහුණේ සිනහවක් නැගේවි.

ඇයට සවන් දෙන්න
මේ කරුණ ගැන හුඟක් විශ්වාස කරන්න. කාන්තාවන් ඇයට ඇහුම්කන් දෙන විට ඇයට ආදරය කරන බවත් ඇයව වැදගත් සේ සලකන බවත් තේරුම් ගන්නවා. ඔබේ ජංගම දුරකතනයෙන් නැතිනම් පරිඝනකයෙන් මිදිලා ඇයට ඇහුම්කන් දෙන්න.
ආකර්ෂණිය වෙන්න
රැකියාවෙන් පෙරලා පැමිණි විට ඇයට හාදුවක් දෙන්න. ඇයගේ උරහිසට අත දමා ගෙන නැතිනම් නින්දට පෙර ඇගේ දෑත අල්ලාගෙන නොකීවත් ඔබේ ආදරය පෙන්වන්න. මේ වගේ පුංචි පුංචි දේවල් ඇයට ඔබ හුඟක් ආදරය බව දැනේවි.

රාත්‍රී ආහාරය සැලසුම් කරන්න
හුඟක් වෙලාවට රෑ කෑමක් නැතිනම් එළියට යන දෙයක් වුනත් හුඟක් වෙලාවට බිරිඳ විසින්ම සැලසුම් කරනවා. නමුත් වෙනසකට ඇයව පුදුමයට පත් කරන්න රෑ කෑම සැලසුම් කරන්න. නැත්නම් සරල රෑ කෑමක් හදන්න ඇය හුඟක් සතුටු වේවි.
ප්‍රසංශා කරන්න
ඇය ඇඳගෙන ඉන්න ඇඳුම, සපත්තු, හිසකෙස් ගැන ලස්සන බව කියන්න. පුංචි ඇගයීමකට ලොකු දුරක් යන්න පුළුවන්.
පුදුමයට පත් කරන්න
හුඟක් මිල අධික තෑගි නොවුනට ඇය කැමතිම පුඩින් එකක් හරි පුංචි රසකැවිල්ලක් වුනත් ඇයට දීමෙන් ඇය සතුටට පත් වේවි. ඉන් ඇගේ වෙහෙස නැතිවී යයි.
ගතට වෙහෙස දැනුනත් සිතට දැනෙන වෙහෙස නිවන්න සැමියෙකුට පුළුවන්. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ අදහස් ඔබට ගෙන ආවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ