theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරුවන් ගුද මාර්ගයෙන් වාත පිටකිරීම

6 අවම කියවීම
ළදරුවන් ගුද මාර්ගයෙන් වාත පිටකිරීමළදරුවන් ගුද මාර්ගයෙන් වාත පිටකිරීම

දිගටම අඩමින් අපහසුතාවයක්ද දක්වමින් ළදරුවන් ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම සිදු කරයි නම් එය කණගාටු වීමට කරුණක් ඇත. වැඩි විස්තර කියවන්න.

ඔබේ ළදරුවා ගුද මාර්ගයෙන් වාත පිටකිරීම ගැන ඔබ දැනගත යුතු වටිනා විස්තරයක් මේ.

ළදරුවන් නිතරම ආහාර ගන්නා බැවින් ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය දවස පුරාම  ක්‍රියාත්මක වේ. තවද සතියකට  ග්‍රෑම්  140 සිට 200  දක්වා වැඩි කරගනිමින් දරුවන් වේගයෙන් බර වැඩි කර ගනියි.

ඔවුන්ගේ උදරය වර්ධනය වෙමින් ආහාර රුචිය ඇතිවෙන නිසා  මේ චක්‍රය දිගටම ක්‍රියාත්මක වේ.

මගේ පුංචි පැටියා ගුද මාර්ගයෙන් වාත පිටකරනනේ ඇයි?

නිත්‍ය වර්ධනයට අමතරව, ඔබේ දරුවාගේ අතිරික්ත වාතය ඇතිවීම සදහා වෙනත් හේතු තිබිය හැක.

වාතය ඇතිකරන ආහාර ඔබ පරිභෝජනය කිරීම එක් හේතුවකි.

මව්කිරි බිමේදි අමතර වායුව ගිලිම, මාස හයක් වගේ ඉක්මනින් ඝන ආහාර හදුන්වා දීම, හෝ සමහර විට පැගිරි යුෂ පානය කිරීම වැනි තවත් හේතු තිබේ. එක් එක් කාරණා වෙන වෙනම බලමු.

වර්ධනය වෙන ආහාර ජීර්ණ පද්ධතිය

ඔබේ දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය නොමේරු වන අතර සෙමින් වර්ධනය වේ.

ඔබේ දරුවා මව්කිරි බොන විට හෝ ඝන ආහාර ගන්නා විට ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතිය නිසියාකාරව ආහාර බිඳ නොහෙලයි.

එහි ප්‍රතිඵලයක් ලෙස වාතය බඩවැල් තුළට එක් රුස් වී ආහාර ගමන් ගන්නා විට වේදනාවක් හට ගනී. ඔබේ දරුවාට මේ තරම් ගුද මාර්ගයෙන් වාත පිට කිරීම වන්නේ අන්න ඒ නිසයි.

ඔබේ දරුවා වැඩෙන විට ආහාර ජීර්ණ පද්ධතිය පරිනත වී මේ තත්ත්වය ඉක්මනින් මග හැරි යයි.

ශරීරයේ බැක්ටීරියා අසමතුලිතතාව

දරුවන් බිහිවන්නේ සම්පුර්ණයෙන්ම පිරිසිදු බඩවැල් සහිතවයි. එනම් ඔවුන් ප්‍රෝබයිටික්ස්  සකස් කිරීමක් නොකරයි.

ප්‍රෝබයිටික්ස් වල සිටින හිතකර බැක්ටීරියා පෝෂ්‍ය පදාර්ථ හා ආහාර ජීර්ණ එන්සයිම් වල පෝෂ්‍ය අතිරේක සකස් කරයි.

එමනිසා දරුවන්ට මව්කිරි නිසි ලෙස ජිර්ණයට මාස කිහිපයක් ගත වනවා. මෙය බොහෝ විට අධික ගෑස් ඇති වීමට හේතු වේ.

මව්කිරි මගින් හා ආහාර වලින්  හිතකර බැක්ටීරියා ලබා ගත් පසුව, අධික ලෙස ළදරුවන් ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම නවත්වනු ඇත.

ගුද මාර්ගයෙන් වාත පිටකිරීම

වැරදි මව්කිරි දෙන ඉරියව්

ඔබේ දරුවාට කිරි සැපයුම අඩු වීම මෙන්ම වැඩි වීම  නිසා බොහෝ  වාතය ගිලීමට හේතුවිය හැකිය. මෙම වාතය බඩවැල්වල තුල  බුබුලු සෑදි  වැඩිපුර වාතය පිටවීමට හේතු විය හැකිය.

ඇයට අමතර වාතය ගිල දැමීමට නොහැකි වන පරිදි දරුවාට පියයුරු මාරු කරමින් කිරි ලබා දීම මේ අවස්ථාව සදහා එක් විසදුමක්  වේ.

ඔබේ දරුවාට මව්කිරි දෙන විට සිරස් අතට තබා ගන්න උත්සාහ කරන්න ඔබට හැක . දරුවාගේ වාත පිටවීම අඩුවෙනු ඔබට දැකිය හැකිය.

මව්කිරි සහ බෝතලයෙන් කිරි දීම

ඔබේ දරුවාට මව්කිරි දෙන විට, ඔබ ගන්නා සියලුම පොෂ්‍ය පදාර්ථ ඔබේ දරුවාට ඉබේම ලැබේ.

ඔබ පැගිරි හෝ කිරි ආහාර වැනි වාත ආහාර ලබා ගන්නේ නම්, ඔබේ ළදරුවා  වැඩිපුර වාතය එකතු වී වේදනා විදිය හැකිය.

එසේම, ඔබේ දරුවා පෝෂණය කරන විට වාතය බුබුලු ආශ්වාස කිරීම ස්වභාවිකයි.

විශේෂයෙන්ම කුඩා පුඩු සහිත බොතල් ඔහු භාවිතා කරන විට වැඩි වායු බුබුලු ගිලී යාමේ ඉඩ කඩ ඇති බැවින් මෙය සත්‍ය වේ.

පළමු ඝන පෝෂණය

බොහෝ දරුවන්ට ඝන ආහාර හදුන්වා දුන් විට බොහෝවිට  වාත තත්වයක් ඇති වේ. ඔවුන්ගේ ජිරණ පද්ධතිය නොමේරු අතර මව්කිරි වලට පමණක් හුරු වී ඇත.

ඒ නිසා ඝන ආහාර හඳුන්වාදීමෙන් ඔවුන්ගේ ආහාර ජීරණය පද්ධතිය වැඩියෙන් ක්‍රියා කිරීමට බල කරනු ලබයි. මෙය වායුව නිදහස් කිරීමට හේතු වේ.

නිතර හැඩීම

මවගේ ගර්භාෂයෙන් පිටත ජීවිතය ළදරුවන්ට අභියෝගයක් විය හැකිය. ඔවුන් වයසෙන් වැඩෙත්ම ලෝකයට සංවේදී වේ.

මේ සියල්ල දරුවාට අසීරුතාවන්ට පත් කළ හැකි අතර ඔහු නිරන්තරයෙන් හඩයි. ඒ සියල්ලටම ඔහුගේ එකම ප්‍රතිචාරය වේ.

හැඩීමේදි අමතර වාතය ඔහුගේ සිරුරට ඇතුල් වෙන අතර, ඒ නිසා, ගුද මාර්ගයෙන් වාතය පිටවීම සිදුවේ.

ගුද මාර්ගයෙන් වාත පිටකිරීම: වාතය පිරුණු මවට වාතය පිරුණු දරුවෙක්

ඔබට ඔබේ දරුවාගේ ගුද මාර්ගයෙන් පිටවන වාතයෙන් යම් දුර්ගන්ධයක් ඒ් නම් එය ඔබ කන ආහාර නිසා විය හැක.

නිදසුනක් වශයෙන් සුදුළූණු, ගොවා මල්, බිත්තර, සහ පිෂ්ඨමය වශයෙන් පොහොසත් ආහාර වන  පාන්, බත් සහ අර්තාපල් වැනි ආහාරද ඔබේ දරුවාගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම සදහා හේතු විය හැක.

ඔබ ආහරයට ගන්නා ආහාර ගැන ඔබට කණගාටු වෙනවා නම් මේ ආහාර අවම වශයෙන් දින 3 ක් ආහාරයට ගැනීම නවත්වන්න. ආහාර දිනපොතක් භාවිතය දරුවාගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම වලක්වාගන්න උපකාරි වේ.

Lactose intolerance / Transient Lactase Deficiency  (TLD)

ඔබේ දරුවාට වාතය  ඇති වීමට තවත් හේතුවක් වන්නේ ඔහුගේ සිරුර ලැක්ටෝස් ප්‍රතික්ෂේප කිරීමයි.

ග්ලැක්ටෝස් සහ ග්ලූකෝස් වැනි සීනි බිද දැමීමට අපගේ වැඩිහිටි ශරීර ස්වභාවිකවම 'ලැක්ටේස්' එන්සයිමය නිපදවයි.

නමුත් සමහර විට, කුඩා සීනි විනාශ කිරීමට දරුවාගේ ශරීරයට ප්‍රමාණවත් ලැක්ටේස් නිෂ්පාදනය කිරීමට නොහැකි අතර, ඔහු ලැක්ටෝස් ප්‍රතික්ෂේප කල  හැකිය.

මෙම නොබිදුනු ලැක්ටෝස් පසුව මහ අන්ත්‍රය කරා  ගොස් ජීරණය වී වාතය බවට පත් වේ. ඒ නිසා ලැක්ටොස් ලබා ගෙන පැය දෙක තුනක් ඇතුලත දරුවාට වාතය ගතියක් ඇතිවේ.

Gastroesophageal Reflux (GER)

ඔබේ දරුවා ආහාර ගැනිමෙන් පසු ගුඩුස් යවන විට එය වෙෙද්‍ය විද්‍යාත්මකව මෙසේ හැදින්වේ.

ගුඩුස් යන හැසිරීම සහිත ළදරුවෙක් කෙල, ආහාර ජීර්ණ යුෂ, මව්කිරි, සහ සමහර විට වමනය පිට කරයි.

ළදරුවන් වයස මාස හයක්  වන විට (ඔවුන් දණ ගෑම පටන් ගන්නා විට), එය නතර විය යුතු වුවත් අසාමාන්‍ය ලෙස ගුඩුස් යෑම හා ඉහලට ඒම නිසා  දරුවා තුල වාතය ඇති වීම හා නොසංසුන්  බව ඇතිවිය හැකිය.

ප්‍රතිජීවක භාවිතය

සමහර විට  දරුවන්ට හැදෙන ආසාදන සදහා ප්‍රතිජීවක අවශ්‍ය වේ. මේ ප්‍රතිජීවක ඖෂධ බොහෝ විට ඔවුන්ගේ බඩවැල් තුල සිටින ක්ෂුද්‍ර ජිවින් විනාශ කරයි.

මේ මගින් වාතය වැඩිපුර එකතු වී ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම සිදුවන අතර සමහර විට පාචනය ඇති වේ.

එසේම, මව්කිරි දෙන අවධියේ මවට ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කළ හොත්, ඇයගේ මව්කිරි මගින් දරුවාට ඒ්වා ඇතුල් වී වැඩිපුර ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම සිදුවේ.

මෙම සියලු සාධක නිසා ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම සිදුවෙන අතර, ඔබේ දරුවාගේ ආහාර ජීර්ණ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමෙන් පසුව ළදරුවන් ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම නැති වී යයි.

දිගටම අඩමින් අපහසුතාවයක්ද දක්වමින් ළදරුවන් ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම සිදු වේ නම් එය කණගාටු වීමට කරුණක් ඇත.

කෙසේවෙතත්, ඔබේ දරුවාගේ ඩයිපරය තුලින් දුර්ගන්ධයක් වහනය වේ නම් ඔහු පාලනයකින් තොරව ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම කරයි නම් ඒ් ගැන සැලකිලිමත් විය යුතු වේ.

ඒ අවස්ථාවේ දී, ඔබගේ වාතය පිරුණු  දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීම වඩා සුදුසු වේ.

මගේ දරුවා ගුද මාර්ගයෙන් වාත පිටකිරීම ගැන මම කණගාටු විය යුතුද?

ඔබේ බබා ගුද මාර්ගයෙන් වාත පිටකිරීම කරයි නම්, ඔහු නිරෝගී නොවන බව ඉන අදහස් වන්නේ නැත. එය ඔහුට වාතය ඇති බව අදහස් කරයි.

නිතියක් ලෙස, ප්‍රථමයෙන් ඔබේ දරුවා නිරීක්ෂණය කරන්න.

ඔහු ටිකක් හඩමින් ඇස් පොඩි කරන බව  හෝ ගුද මාර්ගයෙන් වාත  පිටකරන විට මුහුණ වෙනස් කරනු ඔබ දුටුවහොත් එය සාමාන්‍ය දෙයක් වේ.

නමුත් ඔබේ දරුවා  විශේෂයෙන් අපහසුතාවයට පත්වන වි හෝ නිතර හඩන බව ඔබ දුටුවහොත් , ඔහු අධික වාත තත්වයෙන් පීඩා විඳිනවා හැකිය.

ගුද මාර්ගයෙන් වාත පිටකිරීම: ළදරුවන්ගේ අතිරික්ත ගෑස් පිළිබඳ පහත දැක්වෙන දර්ශක සඳහා ඔබ අවධානය යොමු කරන්න.

පිපුණු උදරය

  • අසාමාන්‍ය ලෙස ගුඩුස් යැවීම
  • අධික ලෙස ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම
  • අධික ලෙස හැඩීම
  • උදරය පෙරලීම  (ඔබ ඔහුගේ / ඇයගේ උදරය මත පීඩනයක් යෙදු විට)
  • දැඩි උදරය

මේවා සියල්ලම අතිශයින්ම වාතය පිළිබඳ දර්ශක වන නමුත් තවමත් ඒ ගැන කණගාටු වීමට අවශ්‍ය නැත. ඔබේ දරුවා වැඩෙන විට, ඔහුගේ ආහාර ජීරණ පද්ධතිය වඩා ශක්තිමත් වනු ඇත.

මේ අතරතුරේදී, ඔබට ළදරුවාගේ ගුද මාර්ගයෙන් වාත  පිටකිරීම අඩු කර ඔබේ දරුවාගේ සිරුරෙන් වැඩිපුර වාතය ඉවත් කිරීමට නිවසේදි කල හැකි දේවල් ටිකක් තියෙනවා.

දරුවාගේ වාතය ඉවත් කිරීමට නිවෙස් පිළියම් තිබේද?

ඔබේ දරුවා මුණින් අතට දමා ඔහුගේ සිරුරේ අමතර වාතය ඉවත් කිරීමට පිටුපස පිරිමදින්න.

ඔබගේ දරුවාගේ උදරය ඔරලෝසු  කටු කැරකෙන පැත්තට අත ගා කකුල් දෙක බයිසිකල් පදින ආකාරයට පද්දන්න.

ඔබේ දරුවාට වාතයෙන් සහනයක් දීමට ග්‍රයිපොටර් ටිකක් දෙන්න.

ඔබගේ දරුවාගේ උදරය මත උණුසුම් තැවීමක් කරන්න.

ඔහුට යම් කාලයක් ලබා දෙන්න, නමුත් දිනකට වඩා තත්වය දිගටම පවතිනවා නම්, නිසි සෞඛ්‍ය විශ්ලේෂණයක් සඳහා ඔහුව වෛද්‍යවරයෙකු වෙත ගෙන යන්න.

පුංචි පැටියා වාතය නිසා අපහසුවෙන් ඉන්න කොට අම්මිටත් දුකයි. the Asianparent Sri Lanka මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ළදරුවන් ගුද මාර්ගයෙන් වාත පිටකිරීම
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it