theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

2 අවම කියවීම
දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

"සර්ව සම්පුර්ණ සැමියන් නැහැ. ඒක හැමෝම දන්නවා. නමුත් සිතා මතාම දරුණු වීම, නොදැන යම් වරදක් කිරීම අතර ලොකු වෙනසක් තියෙනවා නේද?"

දරුණු සැමියා ගේ කටේ නිතරම තියෙන්නේ නරක වචන. ඔවුන් නිතරම කේන්තියෙන් ඉන්නවා. බුම්මගෙන, කිසිම හැඟීමක් නැති ආකාරයෙන් තමයි ඉන්නේ. ඒ වගේම ඔවුන් බිහිසුණුයි. අවවාද ද, අපවාද ද එමටයි.

සර්ව සම්පුර්ණ සැමියන් නැහැ. ඒක හැමෝම දන්නවා. නමුත් සිතා මතාම දරුණු වීම, නොදැන යම් වරදක් කිරීම අතර ලොකු වෙනසක් තියෙනවා නේද?

Family Share හි Suely Buriasco පවසන ආකාරයට මෙවැනි දරුණු සැමියන් තුල පොදුවේ දැකිය හැකි ලක්ෂණ ගණනාවක් තියෙනවා.

1. දරුණු සැමියා තුළ ඉරිසියාව හා පාලනය දකින්න පුළුවන්

සැමියෙක් තමන්ගේ බිරිඳව විශ්වාස නොකරන විට ඔවුන් බිරිඳ කෙරෙහි ඉරිසියා හිතනවා වගේම අනුමාන කරන්නත් ගන්නවා. ඇය කියනවා මෙවැනි සැමියන් නිසා බිරින්දෑවරුන්ට සිහින කැප කරන්නත් ඔවුන්ගේ රැකියාව, ජිවිතයේ නිදහස නැති කරගන්නත් වෙනවා.

2. ඔවුන් තේරුම් ගන්න බැහැ

මෙවැනි සැමියන් ඔවුන්ගේ බිරිඳව වැදගත් යැයි සලකන්නේ නැහැ. අයගේ හැඟීම් දැනීම් ගැන ඔහුට කිසිදු තැකීමක් නැහැ. ඔවුන් ඉතා ආත්මාර්ථකාමී ලෙස ජිවත් වන අතර කිසිවිටෙක බිරිඳගේ යහපත් දේ ඇගැයීමකට ලක් කරන්නේ නැහැ. ඇයව ඉවත දැමු අයෙකු ලෙස සලකනවා.

3. දරුණු සැමියා නිතරම විවේචනය කරනවා

ඔහුට බිරිඳ කරන කිසිම දෙයක් හොඳක් ලෙස පෙන්නේ නැහැ. මෙවැනි අය කුමක් හෝ දෙයක් වරදක් ලෙස අරගෙන විවේචනය කරනවා. මොකද ඔහු හැමදෙයකම වැරදී පැත්ත විතරයි දකින්නේ. ඔහු කිසි විටෙකත් වැරද්දක් බාර ගන්නේ නැහැ. හැමදේම බිරිඳ පිට පටවනවා.

4. ඔවුන් අවිචාරවත් අශෝභන දේවල් බලන්න කැමතියි (porn)

මෙමගින් ඔවුන් තම බිරිඳට ගෞරවයක් නැතිකම හා නොහැදියව හොඳින් පෙන්නුම් කරනවා.

5. ඔවුන් හරිම නපුරුයි

ඔවුන්ගේ කතා විලාශය හරිම රළුයි. ඔවුන් හැමවිටම බුම්මගෙන, නපුරු වචන කතා කරමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනවා.

6. කිසි විටෙකත් සහයෝගයක් නැහැ

සමහරුන් පවුලේ ආර්ථිකයට කිසිදු සහයක් දෙන්නේ නැහැ. නමුත් ලෝකය හිතන්නේ ගෙදර වෙනුවෙන් ඔවුන් හැමදේම කරනවා කියලයි. මෙවැනි අය යාළුවන් සමග විනෝද වෙමින්, කකුල් දෙක පුටුවක් උඩ තියාගෙන, සැහැල්ලුවෙන් ඉන්න තමයි බලන්නේ. ඔහු බිරිඳටවත් උදවුවක් කරන්න බලන්නේ නැහැ.

7. ඔවුන් බොරු මවනවා සහ අනාචාරයේ හැසිරෙනවා

මොවුන් කිසි විටෙකත් සත්‍ය කියන්නේ හෝ පෙන්වන්නේ නැහැ. ඒ නිසාම නිතරම බොරු කියනවා. මෙම සැමියන්ගේ නුගත් බව හා නොපැසුණු බව නිසා මෙසේ කරන බව ඇය පවසනවා.

සතුටින් ඉන්න නම් හැම පවුලකම පදනම දරුවන් සහ බිරිඳ බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. මෙවැනි සැමියන් හා ජිවත්වන බිරින්දෑවරුන්ට අවසානයේ ඉතිරි වන්නේ පසු තැවීම, අසතුට හා අනාරක්ෂිත බව විතරයි.

ගැහැණියකට තම පවුල තමාගේ මුළු ලෝකයම වගෙයි. ඒ බව හොඳින් දන්නා ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka  ඔබ ළඟම රැඳෙන්නේ ඔබව තනි නොකරන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්
බෙදාගන්න :
  • හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

    හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

  • සැමියා සමග චරිත හතක්

    සැමියා සමග චරිත හතක්

  • හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

    හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

  • සැමියා සමග චරිත හතක්

    සැමියා සමග චරිත හතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it