theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දන්ත ආසාදනයකින් මාරාන්තික වු තම පුතා ගැන අම්මා කියු දුක්බර කථාව

5 අවම කියවීම
දන්ත ආසාදනයකින් මාරාන්තික වු තම පුතා ගැන අම්මා කියු දුක්බර කථාවදන්ත ආසාදනයකින් මාරාන්තික වු තම පුතා ගැන අම්මා කියු දුක්බර කථාව

"ඔහු කළු පාට ලේ ගොඩක් වමනය කළා. ... ඒක භයානක  හීනයක් වගේ . මට මගේ පුතාව නැති වුණා වග‌ේ,"

දරුවා දත් මැදීම හරියාකාරව න‌ොකිරීම නිසා ‌‌වේදනාවක් උරුම කර ගත් තවත් එක් මවක‌ෙගේ දුක්ගැනවිල්ලක් ඔබට ම‌ෙස‌ේ අනතුරු අගවයි.
"ඔහු කළු පාට ලේ ගොඩක් වමනය කළා. ... ඒක භයානක  හීනයක් වගේ . මට මගේ පුතාව නැති වුණා වග‌ේ. මේ සේරම ආරම්භ වුනේ දත් කැක්කුමකින්.  මෙහෙම දෙයක් වෙයි කියලා අපි කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. ඔබේ දරුවා රැකබලා ගැනීමට කාලය නැති අම්මලා, අනේ ඔබේ දරුවන්ට වෙනුවෙන් කාලය වැය කරන්න. දත් මදින්නත් ඒවා රැක බලාගන්නත් ඔවුන්ට උගන්වන්න.”
පිලිපීන මවක් වන ලී ලීසා ඩුරාන්ගේ පුත් බ්‍රයිල්ගේ විදුරුමස් ආසාදනයක් නිසා සෙප්සිස් වර්ධනය වුනා.
දන්ත ආසාදනයකින් මාරාන්තික වු තම පුතා ගැන අම්මා කියු දුක්බර කථාව

දරුවා දත් මැදීම ගැන මවකගේ අනතුරු ඇගවීමක්

“මට දැනටමත් මගේ පුතා නැති වෙලා වගේ ," ඇය පැවසුවා. “මගේ පුතා දත් නොමැදීම නිසා මාරාන්තික වුනා…” ලෙයා නම් මේ අවාසනාවන්ත අම්මා මෑතකදී ෆේස්බුක් හි සිය බියකරු අත්දැකීම බෙදාගත්තා.
“මම මෙය පළ කරන්නේ මෙහි සිටින සියලුම මව්වරුන් දැනුවත් කරන්නයි. ඒ අපේ දරුවන්ට දත් මදින්නට ඉගැන්වීම වගකීම අප සතු නිසායි,” යැයි ඇය පවසනවා.
“මගේ පුතාගේ දත් ඉදිමී ඔහුට සෙප්සිස් ඇති වුනා. ඒක භයානකයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ ඉදිමුණු විදුරුමස් තුලින් ඔහුගේ මොළයට බැක්ටීරියා ඇතුල් වුනා. ඒ නිසා ඔහුට වලිප්පුව ‌හෝ කම්පන හරි ඇති වුනා.
"දරුවා වහාම රෝහලට ගෙන ගියා. ඔහුගේ හෘද ස්පන්දනය 40 දක්වා අඩු වු නිසා ඔහුට බෙහෙත් විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. එවිට ඔහු කළු පාට රුධිරය වමනය කළා. ඒක භයානක හීනයක් වගේ.
"බැක්ටීරියා නිසා මොළයේ ලේ ගැලීමක් සිදුවිය හැකි බව වෛද්‍යවරු ලෙයාට අනතුරු ඇඟවූවා. බ්‍රයිල්ගේ රුධිර පීඩනය ඉතා අඩු වුනා. ඔහුගේ උදරය  හා පෙනහළු වලින්ද ලේ වහනය වුනා. ඔහු පැය 24 කට වැඩි කාලයක් කෝමා තත්වයේ පසුවුනා." ඇය හෙලි කලා.
බ්‍රයිල්ගේ තත්වය දැන් ස්ථාවර වී තියෙනවා.  ඔහු  රෝහල තුල ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් සිටිනවා.
“ඔබ ඔබේ දරුවන්ට ආදරය කරන බව පෙන්වන්න කියලා මම කියනවා. මට එහෙම කරන්න බැරි වුනා,” කියලා මේ අම්මා සටහන් කරනවා.
 ඇත්ත වශයෙන්ම, අපි බොහෝ විට කුඩා දරුවන්ගේ දන්ත සනීපාරක්ෂාව නොසලකා හරිනවා නේද? මෙතරම් දරුණු වැරැද්දක් වෙන්න පුළුවන් බව මේ කතාව අපිට මතක් කරනවා.
බ්‍රයිල් ඉක්මනින් සුව වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

දරුවා දත් මැදීම: දත් ආසාදනයෙන් රුධිරය විෂ වීමේ සලකුණු

සෙප්සිස් යනු කුමක්ද?

සෙප්සිස් යනු රුධිරය හරහා ආසාදනයක් පැතිරෙන තත්වයකි. මේ නිසා එය වේගයෙන් පැතිරෙනවා. ඔබේ ශරීරයේ ආරක්ෂක පද්ධතිය (ප්‍රතිශක්තිකරණ පද්ධතිය) ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා වැඩිපුර  වැඩ කිරීම නිසා සෙප්සිස් තත්වය ඇතිවෙනවා.
ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා රුධිරයට මුදා හරින රසායනික ද්‍රව්‍ය ශරීරය පුරා පැතිර යනවා. මෙම ප්‍රදාහය මඟින් විවිධ ඉන්ද්‍රිය පද්ධති වලට හානි කළ හැකි වෙනස්කම් රාශියක් ඇති කරන අතර එම ඉන්ද්‍රියන් අකර්මණ්‍ය පවා වෙනවා. එය සෙප්සිස් රුධිර විෂ වීම ලෙසද හැඳින්වෙනවා.
සෙප්සිස් මගින් වකුගඩු, පෙනහළු, මොළය සහ හෘදයට බලපාන බරපතල සංකූලතා ඇති විය හැකි අතර මරණයට පවා හේතු වෙන්න පුළුවන්. ලොව පුරා, සෙප්සිස් රෝගයට ගොඳුරු  වන පුද්ගලයින්ගෙන් තුනෙන් එකක් මිය යනවා.
පශ්චාත් කම්පන සහගත ආතති ආබාධ (PTSD), නිදන්ගත වේදනා තෙහෙට්ටුව, අවයව ක්‍රියා විරහිත වීම (අවයව නිසි ලෙස ක්‍රියා නොකිරීම ) සහ / හෝ විස්තාරණය වැනි ජීවිත වෙනස් කරන බලපෑම් මේ මඟින් දිවි ගලවා ගන්නා බොහෝ දෙනෙකුට ඉතිරි වෙනවා.
සෙප්සිස් ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයින්ට බලපානවා.

දරුවා දත් මැදීම: සෙප්සිස් සඳහා අවදානම ඇති පිරිස

  • එච්.අයි.වී, ඒඩ්ස් හෝ ලියුකේමියාව වැනි තත්ව නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයින්
  • වයසින් අඩු ළමයි
  • නොමේරූ ළදරුවන්
  • වැඩිහිටියන්
  • හෙරොයින් වැනි අභ්‍යන්තර මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්
  • දුර්වල දන්ත සනීපාරක්ෂාව ඇති අය
  • ලඟදී ශල්‍යකර්ම හෝ දන්ත කටයුතු  කළ පුද්ගලයින්
  • කැතීටරයක් ​​භාවිතා කරන අය
  • රෝහලක හෝ එළිමහනක බැක්ටීරියා හෝ වෛරස් වලට නිරාවරණය වන පරිසරයක වැඩ කරන අය

සෙප්සිස් ආසාදන සඳහා පොදු හේතු කිහිපයක් නම්:

  • උදර ආසාදනය
  • ආසාදිත කෘමි දෂ්ට කිරීම
  • ඩයලිසිස් කැතීටර් හෝ රසායනික චිකිත්සක කැතීටර් වැනි මධ්‍යම රේඛීය ආසාදනය
  • දන්ත නිස්සාරණය හෝ ආසාදිත දත්
  • ශල්‍ය ප්‍රකෘතිමත් වීමේදී ආවරණය කරන ලද තුවාලයක් බැක්ටීරියා වලට නිරාවරණය වීම හෝ ශල්‍ය වෙළුම් පටියක් නිතර නිතර වෙනස් නොකිරීම නිසා ඕනෑම විවෘත තුවාලයක් පරිසරයට නිරාවරණය වීම
  • ඖෂධ-ප්‍රතිරෝධී බැක්ටීරියා මගින් ඇතිවෙන ආසාදනය වීම
  • වකුගඩු හෝ මුත්‍රා ආසාදන
  • නියුමෝනියාව
  • සමේ ආසාදන
සෙප්සිස් රෝගයේ මුල් රෝග ලක්ෂණ නොසලකා හැරිය හරින්න එපා. ඒවා නම්,
  • උණ සාමාන්‍යයෙන් 101˚F (38˚C) ට වඩා වැඩියි.
  • අඩු ශරීර උෂ්ණත්වය (හයිපෝතර්මියාව)
  • වේගවත් හෘද ස්පන්දනය
  • වේගවත් හුස්ම ගැනීම හෝ විනාඩියකට හුස්ම 20 කට වඩා ගැනීම
  • ඔක්කාරය හා වමනය
වකුගඩු, හෘදය, පෙනහළු හෝ මොළයට වැනි ඉන්ද්‍රියයන්ට හානි වූ බවට සාක්ෂි සහිත සේප්සිස් උග්‍ර සෙප්සිස් නම් වෙනවා.

උග්‍ර සේප්සිස් රෝග ලක්ෂණ:

  • සැලකිය යුතු ලෙස අඩු මුත්‍රා ප්‍රමාණයක්
  • උග්‍ර  ව්‍යාකූලත්වය
  • කරකැවිල්ල
  • හුස්ම ගැනීමේ දැඩි ගැටළු
  • අත් පා ඇඟිලි  හෝ තොල්වල නිල් පැහැ වීම (සයනොසිස්)
  • පට්ටිකා ප්‍රමාණය අඩු වීම
සෙප්සිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් දරුණු සේප්සිස් රෝග ලක්ෂණ අත්විඳිමින් පීඩාවට පත්වෙනවා. නමුත් තරල ප්‍රතිස්ථාපනය සඳහා ප්‍රතිචාර නොදක්වන ඉතා අඩු රුධිර පීඩනයද ඔවුන්ට තියෙනවා .

දරුවා දත් මැදීම: සෙප්සිස් සහ දන්ත ආසාදන අතර සම්බන්ධතාවය

දතක ඇතුළත හෝ පහළින් ඇති දන්ත ආසාදනයක් නිසා දත් දිරායාම හෝ දත කැඩීම බෙදීම නිසා දතේ මාංශය දක්වා ආසාදනය වීමට හේතු වෙනවා.
දතේ මාංශය යනු දත් වල රුධිර නාල, සම්බන්ධක පටක සහ විශාල ස්නායු අඩංගු කොටසකි.
ආසාදනයක් සිදු වූ විට, බැක්ටීරියා දතෙන් අස්ථියට හෝ පහළ පටකයට ගමන් කර දන්ත කුහර ඇති කරනවා. දන්ත ආසාදනයකින් සෙප්සිස් ඇති වෙන්න  පුළුවන්.

දරුවා දත් මැදීම: මුඛයේ ආසාදනයක සලකුණු

  • කට ගඳ ගැසීම
  • මුඛයේ කටුක රස දැනීම
  • උණ
  • වේදනාව
  • උණුසුම් හෝ සීතල සඳහා දත් වල සංවේදීතාව
  • විදුරුමස් ඉදිමීම
  • බෙල්ලේ  ග්‍රන්ථි ඉදිමීම
  • හකු ඉදිමීම
සෙප්සිස් ඇතුළු සංකූලතා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා අනෙක් ආසාදන වලට මෙන්ම, ඔබේ මුඛයේ ඇති ආසාදනයට හැකි ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුය.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දන්ත ආසාදනයකින් මාරාන්තික වු තම පුතා ගැන අම්මා කියු දුක්බර කථාව
බෙදාගන්න :
  • ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

    ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

  • දත් හිරිවැටීම සදහා ස්වාභාවික ප්‍රතිකාර 5ක් කරමු

    දත් හිරිවැටීම සදහා ස්වාභාවික ප්‍රතිකාර 5ක් කරමු

  • ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

    ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

  • දත් හිරිවැටීම සදහා ස්වාභාවික ප්‍රතිකාර 5ක් කරමු

    දත් හිරිවැටීම සදහා ස්වාභාවික ප්‍රතිකාර 5ක් කරමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it