theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

3 අවම කියවීම
බෙදාගන්න :
•••
දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

ඔබේ ආදරය හඟවන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්න.

එදා වගේ වර්තමානයේ දරුවෙකු ලොකුමහත් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. දරුවෙකු සමග කටයුතු කිරීමේදී සැලකිය යුතු කරුණු බොහොමයක් තිබෙනවා. රැකියාවක නිරත වෙන දෙමාපියන්ට මෙය හුඟක් අභියෝගාත්මකයි. ගෙදර දෙමාපියන්ගෙන් එක් අයෙකු සිටින විටත් ඔහුට හෝ ඇයට පැවරෙන කාරණා ගණන විශාලයි. මේ කරුණු කෙසේ වුවත් කිසි විටෙකත් දරුවා නොසලකා හරින බව ඔහුට හැඟෙන්නට නොදීම ඉතා වැදගත්. දරුවාට ආදරෙයි කියලා නිතර පෙන්වීම වැදගත්.

දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

ඔවුන්ට කුඩා කාලයේ ලැබෙන මේ අත්දැකීම් ඔවුන් වැඩිහිටියන් වු පසු ඉදිරියට ගෙන යනවා. මේ නිසා ඔවුන්ට ඔබ කෙතරම් ආදරෙයිද කියන එක ඔවුන්ට දැනීම වැදගත්.

ඔබේ දරුවාට ආදරෙයි කියා හඟවන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්න.

1. ජංගම දුරකථනය හා උපාංග භාවිතය අවම කරන්න

ඔබේ දුරකථනය භාවිතය හෝ ඊමේල් පරික්ෂා කිරීම නිවසේදී සම්පූර්ණයෙන්ම නවත්වන්න බැරි වුනත් එය දරුවන් සමග ගතකරන අවස්ථාවන් වලදී සීමා කරන්න බලන්න. ඔබේ සම්පූර්ණ අවධානය ඔවුන්ට ඇති බව දැනීමෙන් ඔවුන්ව දුරස්ථව ඇති බව දරුවන්ට හැඟෙන්නේ නැහැ.

2. ආහාර ගැනීම පවුලේ බැඳීම් ඇතිකර ගන්නා කාලයක් බවට පත් කරගන්න

රූපවාහිනිය, දුරකථනය ක්‍රියා විරහිත කර මේ අවස්ථාව දරුවන් හා බිරිඳ සමග ගත කරන්න. අද දවසේ සිදුවූ දේවල් රසබර අත්දැකීම් හැමෝම එකට බෙදාගන්න. රූපවාහිනිය නැරඹීම ඉන්පසුව ඔබ හැමෝටම එකට කරන්න පුළුවන්.

දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

3. නින්දට යාමේදී පුරුදු ඇති කරගන්න

එය ඉතා ගැඹුරු පුරුද්දක් විය යුතු නැහැ. සමහර විට නින්දට පෙර හැමෝම එකට දත් මැදීම නැතිනම් ටිකක් ඉඳගෙන කතා කිරීම. ඔබ දෙදෙනාම රැකියාවක් කරනවා නම් දෙදෙනා මාරුවෙන් මාරුවට වුනත් එය කරන්න පුළුවන්. ඉන් දරුවාට ආරක්ෂාව වගේම දෙමාපියන් කෙතරම් කාර්යබහුල වුනත් ඔවුන් සමග කාලය ගත කරන බව වටහා ගන්නවා. හැඟෙනවා.

දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

4. ආදරය පෙන්වන්න, සිපගන්න, වැළඳගන්න

ශාරීරිකව වන බැඳීම ඉතා වැදගත් බව බොහෝ අධ්‍යන මගින් සනාථ කරනවා. නිතරම දරුවව තුරුල් කරගන්න, සිඹින්න. නිතර දරුවන් සිපගැනීම නිසා ශරීරයේ ඔක්සිටොක්සින් මට්ටම ඉහළ යනවා. ඉන් ප්‍රතිශක්තියකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා වගේම අසාදන වලින් වළකනවා.

5. ප්‍රමාණයට වඩා ගතකරන කාලය හරවත්ව ගෙවීම

ඔබ කෙතරම් කාලයක් දරුවා සමග සිටියත් ඔබ ඒ අතරතුර දුරකතනයේ ඇලී සිටියොත් ඉන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඔබ දරුවා සමග එකට ගත කරන කාලය කෙටි වුවත් එය වටින්නේ ඒ නිසයි. ඔබ දෙදෙනාම එක්ව කරන දෙයක් තෝරාගන්න. සරුංගලයක් යැවීම වැනි දෙයක් උදාහරණයක් ලෙස කියන්න පුළුවන්.

6. සිරිත් විරිත් කියාදෙන්න

දරුවන් ඉල්ලන ඉල්ලන දේ දීම සමහර විට දෙමාපියන්ට ගැලවීමක් හා පහසුවක් වන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව එය දරුවාට හොඳක් වන්නේ නැහැ. බැනීම හෝ අවවාද කිරීම නීරස වුනත් දරුවා හරි දේට යොමු කිරීම වැදගත්.

7. ඇස් දිහා බලාගෙන කතා කරන්න

නිතරම දරුවන්ට කතා කරන විට ඔවුන් දෙස බලාගෙන, ඇස් දෙස බලාගෙන කතා කරන්න. මෙය ඔවුන්ට ඔවුන් සුවිශේෂ බව හැඟවීමට අමතරව සමාජීය වශයෙන් කටයුතු කිරීමට වගේම හොඳ සන්නිවේදනයක් ඉගෙන ගන්නවා.

8. ඔවුන් සමග සිනාසෙන්න

සිනහවකින් ඔවුන් ඔබට කොතරම් වැදගත් දැයි කියාපානවා. එය මුළු නිවසම එළිය කරනවා. එය දරුවන්ට විතරක් නෙමෙයි කාටත් පොදුයි.

9. ශුභවාදී ලෙස සිතිය හැකි ලෙස ඔබේ චරිතය ගොඩනගන්න

නිරන්තරයෙන් ඔබ දෙස ඔබේ දරුවා බලා සිටිනවා. ඔබේ හැසිරීම් තීරණ ගැනීම් ඔවුන් අනුගමනය කරනවා. ඒ වගේම ඒ ලෙස ඔවුන් ශුභවාදී ලෙස හැසිරෙනවා දැකීමට ඔබත් කැමති බව දක්වන්න. ඔබේ හැසිරීම් ඔවුන්ට උදවු වෙනවා.

ඕනෑම කෙනෙකුට තමන් වටිනා වස්තුවක් බව හැඟීම ජීවිතය ජීවත් කිරීමට පහසු කරනවා. දරුවන්ට ජීවිතය ගොඩනගාගන්න බෙහෙවින් උපකාර වෙනවා. theAsianparent Sri Lanka ඒ වටිනාකම ඔබ තුළ ගොඩනගන්නට උදවු කරන්නට ඔබේ හොඳම මිතුරිය ලෙස එක්වන්නට සිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

    ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

  • ඔබේ පැටියා ඔබට ආදරය පෙන්වන ක්‍රම 7ක් මෙන්න

    ඔබේ පැටියා ඔබට ආදරය පෙන්වන ක්‍රම 7ක් මෙන්න

single
  • ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

    ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

  • ඔබේ පැටියා ඔබට ආදරය පෙන්වන ක්‍රම 7ක් මෙන්න

    ඔබේ පැටියා ඔබට ආදරය පෙන්වන ක්‍රම 7ක් මෙන්න

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor