theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිංගප්පූරු ගණිත ක්‍රමයත් ලොව පුරා මෙපමණ ප්‍රචලිත වන්නේ ඇයි?

5 අවම කියවීම
සිංගප්පූරු ගණිත ක්‍රමයත් ලොව පුරා මෙපමණ ප්‍රචලිත වන්නේ ඇයි?සිංගප්පූරු ගණිත ක්‍රමයත් ලොව පුරා මෙපමණ ප්‍රචලිත වන්නේ ඇයි?

දරුවන්ට ඉගැන්වීමේ විවිධාකාර ක්‍රම තිබෙනවා. වඩාත් ප්‍රායෝගික මෙන්ම දරුවා වඩාත් හොඳින් වැළඳගන්නා ක්‍රමය උපයෝගී කරගෙන දරුවන්ට ඉගැන්වීමේ අවස්ථාව දැන් දෙමාපිය අපට තිබෙනවා. මෙම සිංගප්පූරු ගණිත ක්‍රමය එවන් ප්‍රායෝගික ක්‍රමයක්. කියවලාම බලන්න

ලොව පුරා ගණිත ක්‍රම අතු‍රින් Singapore ගණිත ක්‍රමය (Singapore Maths) ලෝකයේ තවත් ප්‍රචලිත ගණිත ක්‍රමයක්. අපි කියන්නට යන්නේ එම ක්‍රමය ප්‍රචලිත වන්නට හේතුව වගේම, ඔබේ දරුවාටත් පහසුවෙන්ම, ගෙදරදීම,  Singapore ගණිත ක්‍රමය උපයෝගී කරගෙන හගණං ඉගැන්විය හැකි ආකරයත් ගැනයි.

මොකද්ද මේ ලෝක ප්‍රසිද්ධ Singapore ගණිත ක්‍රමය? 

ලෝකයේ  ගණිතය ඉගැන්වීමේ විශේෂ ක්‍රමයක් වන මෙම සිංගප්පූරු ගණිත ක්‍රමය,  1982 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිංගප්පූරුවේ ජාතික විෂය මාලාවේ කොටසක් ලෙස බාලාංශයේ සිට 6 ශ්‍රේණිය දක්වා ළමුන් සඳහා සංවර්ධනය කරන ලද්දක්.

Singapore ගණිත ක්‍රමය

සිංගප්පූරුවට  මෙම ක්‍රමය හඳුන්වාදීමට පෙර, ප්‍රාථමික පාසල් විසින්, වෙනත් රටවලින් ගණිත පෙළපොත් භාවිතා කරනු ලැබුවා. 1981 දී විෂයමාලා සැලසුම් හා සංවර්ධන අංශය (එවකට සිංගප්පූරුවේ විෂයමාලා සංවර්ධන ආයතනය) නව විෂය මාලාව පිළිබඳ සැලසුම් ආරම්භ කළේය.

1982 දී “ප්‍රාථමික ගණිතය” (Primary Mathematics) නම් වූ පෙළපොත් මාලාව රට පුරා පාසල් වෙත බෙදා හරින ලදී.

මෙම පෙළපොත් 1992 දී එක් වරක් සංශෝධනය කරන ලද අතර ඉන්පසු වෙනත් ගැටළු විසඳීම සඳහා වැඩි අවධානයක් යොමු කරනු ලැබුවා.

Singapore ගණිත ක්‍රමය පිළිබඳව ලෝකයාගේ විශ්වාසය

ජාත්‍යන්තර ගණිත හා විද්‍යා සංගමය (Trends International Mathematics and Science Society (TIMSS)) විසින් කරන ලද 4 වන සහ 8 වන ශ්‍රේණිවල  ජාත්‍යන්තර තක්සේරුවකදී, නව විෂය මාලාවේ බලපෑම පැහැදිලිව පෙනෙන්නට තිබුනා.

මෙම තක්සේරුව මගින් 1995, 1999 සහ 2003 යන වසර වලදී සිංගප්පූරු සිසුන්  ප්‍රථම ස්ථානයට පත්වුනා.

මේ හේතුවෙන් වෙනත් රටවල ගණිත ගුරුවරුන් සහ  සහ අධ්‍යාපන විද්වතුන් සිංගප්පූරු ගණිතය සහ ප්‍රාථමික ගණිතය වැනි පෙළපොත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට පටන් ගත්තේ ඒ නිසයි.

1998 දී එක්සත් ජනපදයේ ඔරිගන්හි ජෙෆ් සහ ඩෝන් තෝමස් යන අ‍ය, සිංගප්පූරු ගණිත ක්‍රමය (Singapore MathTM ) නමින් සමාගමක් ආරම්භ කළා.

ඒ වැඩිපුරම එක්සත් ජනපදය පුරා පාසල් වලට සහ නිවසේ සිට දරුවන්ට උගන්වන දෙමාපියන්ට (Homeschooling) පොත් බෙදා හැරීම සඳහායි.

ඔවුන් මෙය සිදු කළේ තම දරුවා සමඟ මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් පසුවයි.

Singapore ගණිත ක්‍රමය

සිංගප්පූරු ගණිත ක්‍රමය වඩාත් ජනප්‍රිය වීමත් සමඟම එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානිය, කැනඩාව සහ ඊශ්‍රායලය වැනි වෙනත් රටවල පාසල් ද එය භාවිතා කිරීමට පටන් ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ පාසල්වල සිසුන්ගේ පරීක්ෂණ ලකුණු වල නිශ්චිත දියුණුවක් පෙනෙන්නට ගත්තා. .

Singapore ගණිත ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

සිංගප්පූරු ගණිතය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා මූලික ගණිත කුසලතා ගොඩනැගීමටයි.

මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ පවිශේෂ පියවර තුනකින් දරුවන්ට මූලික සංකල්ප කිහිපයක් ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමට සැලැස්වීමයි. 

  1. ස්ථාවර 
  2. රූපමය
  3. උපුටාගැනීම

ගුරුවරුන් විසින්ද මෙම සංකල්ප පාවිච්චි කරන්නේ දරුවන් විිසින් මෙම සංකල්ප හොඳින් තේරුම් ගනීවි යන අධිෂ්ඨානයෙන්. 

පියවර තුනේ ඉගෙනුම් ප්‍රවේශය

මෙම විශේෂිත ඉගෙනුම් ප්‍රවේශය පදනම් වී ඇත්තේ ඇමරිකානු මනෝ විද්‍යාඥ ජෙරොම් බෘනර්ගේ න්‍යායන් මතයි. ඔහු යෝජනා කරන්නේ සමායයෙන් මනුෂ්‍යයා මූලිකවම යමක් ඉගෙනගන්නේ සැබෑ ජීවිත වස්තූන් හැසිරවීමෙන් බවයි.

ඉන් අනතුරුව ඔවුන් රූපමය වශයෙන් හා පසුව සංඛේතාත්මක වශයෙන් යමක් තේරුම් ගැනීමට පටන් ගන්නවා.

ඉතින් කුඩා දරුවන්ට ඉගැන්වීමේදී මෙම ක්‍රියාවලිය අනුගමනය කරන්නේ නම්, ඔවුන් හුදෙක් කරුණු කටපාඩම් කරනවාට වඩා, ඔවුන් ඉගෙන ගන්නා දේ පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගත හැකිවනවා.

Singapore ගණිත ක්‍රමය

තුන්-පියවර ප්‍රවේශයේ පළමු පියවර වන්නේ එකතු කිරීම හා අඩු කිරීම වැනි සංකල්ප පෙන්වීමට, ගුරුවරුන් විසින් දරුවන්ට ස්පර්ශ කළ හැකි දාදු කැට, බ්ලොක් හෝ පාට පැන්සල් වැනි සහ වස්තූන් යොදාගනිමින් ඇති කරන ඉතා ස්ථාවර මෙන්ම ශක්තිමත් අඩිතාලමයි.

මින් අනතුරුව, දරුවන්ට “තීරු ආකෘති” (bar-models)  නම් රූපසටහන් යොදාගනිමින් රූපමය අවධිය වෙත අවතීර්ණය වන්නට පුළුවන් වනවා.   

මේ අනුව සෘජුකෝණාස්‍රාකාර තීරු හැඩයකින් සංඛ්‍යා නියෝජනය කෙරෙනවා.

මෙම තීරු ක්‍රමය අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, භාග, අනුපාත සහ දශම සඳහා ද ප්‍රයෝජනවත් වනව. (මේ ගැන වැඩි විස්තර පසුවට.)

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉතින් Singapore ගණිත ක්‍රමය උගන්වන්නේ කුමන ‘ප්‍රධාන සංකල්ප’ මතද? අපි බලමු…

සිංගප්පූරු ගණිත ක්‍රමය තුළ ළමයින් ඉගෙන ගන්නා ප්‍රධාන සංකල්ප දෙකකි. සරල ගැටළු විසඳීමකින් අපි මෙම සංකල්ප දෙක ගවේෂණය කරමු.

1. ‘සමස්ත කොටස’  සංකල්පය

මෙම සංකල්පය හරහා,  දරුවන්ට ‘කොටස්’ සංකල්පය තේරුම් ගැනීම පහසු කරවන අතර, මෙම කොටස්වල එකතුව ‘සමස්තය’ බවට පත් කරයි.

මෙන්න නිදසුනක් ලෙස ගැටළුවක්: “රොෂානිට පන්දු 3 ක් සහ අසේලට පන්දු 2 ක් තිබේ නම්, දෙදෙනා සතුව බෝල කීයක් තිබේද?”

  • දරුවෙකුට එකතුව නියෝජනය කිරීම සඳහා තීරුවක් අඳින්න, පසුව එය තරමක් විශාල කොටසකට හා කුඩා කොටසකට බෙදිය හැකිය.
  • ඊළඟට, ඔහු සෘජුකෝණාස්‍ර දෙක ඉලක්කම් සමඟ ලේබල් කරයි. ඉන්පසුව පහත සඳහන් පරිදි ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා දෙක එකතු කරමු:
Singapore ගණිත ක්‍රමය

සමස්ත කොටස ක්‍රමය නිදර්ශනය කර ඇත.

මෙම ක්‍රියාකාරකම ඔස්සේ, සිසුන් සමස්ත කොටස සංකල්පය අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම සඳහාද යොදා ගනියි.

2. සංසන්දනාත්මක සංකල්පය

සමස්ත සංකල්පය සමස්තය නියෝජනය කිරීම සඳහා එක් සම්පූර්ණ තීරුවක් භාවිතා කරන අතර, සංසන්දනාත්මක ආකෘතිය සමාන්තර තීරු දෙකක් භාවිතා කරයි.

උදාහරණයක් ලෙස, අපි මෙම ගැටළුව විසඳා ගනිමු: “නිමාලිට පැන්සල් 5 ක් සහ සම්පත්ට පැන්සල් 3 ක් තිබේ නම්, නිමාලි සතුව ඇති වැඩිපුර පැන්සල් ගණන කීයද?”

දරුවන්ට පහත පරිදි මෙම ගැටළුව විසඳා ගත හැකියි:

සිංගප්පූරු ගණිත ක්‍රමයත් ලොව පුරා මෙපමණ ප්‍රචලිත වන්නේ ඇයි?

සංසන්දනාත්මක සංකල්පය පිලිබිඹු වන රූපසටහනක්

සිංගප්පූරු ගණිත ක්‍රමයත් ලොව පුරා මෙපමණ ප්‍රචලිත වන්නේ ඇයි?

පැන්සල් සහ මකන්නන් සමඟ සංසන්දනය කිරීමේ ක්‍රමය.

එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම සඳහා සිසුන්ට මේ ආකාරයෙන් සංසන්දනාත්මක සංකල්පය භාවිතා කළ හැකිය.

මූලික ගණිත ගැටලු විසඳීම සඳහා ළමයින්ට මෙම සංකල්ප දෙක භාවිතා කිරීමට පහසු වූ පසු, භාග, අනුපාත සහ දශම සම්බන්ධ ගැටළු විසඳීමට ඔවුන්ට ඒවා භාවිතා කළ හැකි‍යි.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙ‍රේරා
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • සිංගප්පූරු ගණිත ක්‍රමයත් ලොව පුරා මෙපමණ ප්‍රචලිත වන්නේ ඇයි?
බෙදාගන්න :
  • දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

    දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

  • 5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

    5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

  • දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

    දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

  • 5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

    5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it