theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට බලන්න පුළුවන් හොඳම සිංහල කාටූන් 4

4 අවම කියවීම
බබාට බලන්න පුළුවන් හොඳම සිංහල කාටූන් 4බබාට බලන්න පුළුවන් හොඳම සිංහල කාටූන් 4

බබා කාටූන් බලන ‌‌වේලාවට මට නිදහසේ වැඩක් කරගන්න පුළුවන්. ඔබ එ හිතනවා නම් කාටූන් බැලීමට ඇති සීමා මායිම් දැනුවත් ‌වෙන්න.

සිංහල ළමා කාටූන් ගැන කතා කරන්නේ ඇයි? බබාට ඇත්තටම තිරය බලන්න දෙන එක හොදයිද?
ඒක නේද අම්මලා කල්පනා කරන්නේ, ඇත්ත තිරය දරුවන්ට සුදුසු දෙයක් නෙමෙයි.
අවුරුදු දෙකට අඩු දරුවන්ට තිරය කොහෙත්ම සුදුසු නැහැ. එතකොට අවුරුදු දෙකට වැඩි බබාලාට  තිර කාලය පැයකට අඩුවෙන් ලබාදෙන්න ඕනී. ඒ කාලයත් ඔවුන්ට දැනුම නැතිනම් විනෝදාස්වාදය දෙන්න පුළුවන්  වැඩසනකට පමණක් ඔවුන් යොමු කිරීම වැදගත්.
ඔන්න දැන් අහන්න එපා එහෙම වැඩසටහන් දැන් විකාශය වෙනවාද කියලා . අපේ කාලේ අපි නැරඹූ රූපවාහිනි කලාව දැන් වෙනස් වෙලා.
බබාට  විනෝදාස්වාදය ලබාදෙන්න  ඕනී නම් ළමා ගීත, මුතුහර වගේ ළමා වැඩසටහන් තෝරගන්න.
ඒ වගේම සුදුසු කාටුන් එකක් බලන්න දෙන්න පුළුවන් නේද?

සිංහල ළමා කාටූන් බබාට හොඳද? 

වේගයෙන් චලනය වෙන රූප, නොගැලපෙන චරිත, ගහ මරා ගන්න සිදුවීම්? මේවාද කාටුන් කියන්නේ ? එහෙම කාටුන්  බලන්න බබාට හොද නැහැ.
අද රූපවාහිනිය බැලුවොත් දරුවෙකුට බලන්න සුදුසු කාටුන් එකක් එක චැනල් එකක වත් හොයාගන්න නැහැ. ඒත් කාටුන් නම් විකාශය වෙනවා.
සාමාන්‍යයෙන් දරුවා ඉලක්ක කරගෙන විකාශය වෙන මේ කාටුන් මාලාවක් හැමදාම  හවස 3.00 ඉදන් 6.00 විතර වෙනකම් දාමයක් වගේ බොහොමයක් චැනල් වල ගලාගෙන යනවා. ඒ හැම කාටුන් එකක්ම ඉලක්ක කරන්නේ දරුවාට ගුණාත්මක දෙයක් ලබා දීම හෝ විනෝදය සැපයීම නම් නොවෙයි නේද?
ශ්‍රී ලංකාවේ කාටූන් නිපදව‌ෙන්න‌ේ නැති තරම්. අපි බලන්න‌ේ විදේශිය කාටූන් සිංහල‌ෙන් හඩ කවලා.
ඒ අතරින් ඉන්දියාවේ නිපද වුන ගොඩාක් කාටුන් හඩ කවා අපේ තිරයේ නිතර දකින්න පුළුවන්.
ඒවායේ ඉතින් පුංචි ළමා සුපිරි විරයෙකුත් ඉන්නවා නේද? වැරදි කරන අයට මේ වීරයා  පහර දෙන්නේ උඩ පැනලා.
ඒ පහර දීම නතර වෙන්නේ ගහපු මනුෂ්‍යයස්ගේ ලේත් විසී  වෙලා. ඉතින් හිතන්නකෝ ඔබේ දරුවා තුල වර්ධනය වෙන ගුණාංගය මොකද්ද කියලා. ඒකට කියන්නේ ප්‍රචණ්ඩත්වය කියලා.
ඔබේ  පුංචි පැටියා  ඔබට ඉන්න වටිනාම සම්පත.
ඉතින් අනාගතයේ ලෝකය භාරගන්න ඉන්න මේ පුංචි හිත් වලට කියලා දෙන්නේ ගහ මරාගන්න නම් ඔබේ දරුවාගේ  ඉදිරි අනාගතය ගැනත් ඔබ හිතන්න මොහොතක්.

එහෙනම් බබාට සිංහල ළමා කාටූන් පෙන්වන්න එපාද?

ඔන්න අම්මලා ඊලඟට හිතන්නේ එහෙම නේද?  අපි එහෙම කියන්නේ නැහැ. ඒත් අපි අවධාරණය කරලා ඔබට කියන්නේ දරුවාට වල්පල් අඩංගු කාටූන් පෙන්වන්න එපා කියලා විතරයි. ඒ වෙනුවට බබාට ගැලපෙන කාටුන් එකක් බලන්න දෙන්න.
ඔබේ පුංචි කාලයට යන්නකෝ. ඔබටත් මතකද? අපිත් කාටුන් බැලුවා, විනෝද වුනා. එහෙම නේද? මතකනේ ඒ කාලේ තිබ්බ ලස්සන කාටුන් දොස්තර හොදහිත, හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය වගේ කොච්චර නම් ලස්සන කාටුන් තිබ්බාද නේද?
එහෙනම් ඔබට ටයි මාමා වත් මතක ඇති නේද? අපේ කාටුන් ලෝකයේ වීරයා ටයි මාමා - ටයිටස් තොටවත්ත.
සිංහල කාටුන් ගැන කතා කරපු මේ  මොහොතේ ළමා ලෝකයට අමිල මෙහෙවරක් කල අපේ ටයි මාමාව අපට අමතක කරන්න බැහැ.  ඔහුයි සිංහල කාටූන් හඬ කැවීමේ ලෝකයේ වීරයා.
1929 අප්‍රේල් මස 17 වැනිදා  උපත ලද  අපේ ටයි මාමා  2011 ඔක්තෝබර් මස 15 වන දින සිය ජිවිතයෙන් සමුගන්නා තෙක් දරුවන් වෙනුවෙන් කල මෙහෙවර අතිමහත්. 80 සහ 90 දශකය තුල ළමයින්ගේ ලෝකයට පණ පොවමින්  පුංචි හිත් වල  ආදරය දිනාගත් මිනිසා ඔහුයි.
රූකඩ චරිත ද රූපවාහිනියට හඳුන්වා දෙමින් දැයේ දරුවන්ට රසාස්වාදයක් දුන්නේද ඔහුයි.
ඔහු පොඩ්ඩන්ට ගැලපෙන කාටුන් වලට හඬ දුන්නා.

පොඩ්ඩන්ට ගැලපෙන සිංහල ළමා කාටූන් වල:

  • දරුවන් සටන් සදහා යොදවගෙන නැහැ.
  • කාටුන් එක ගලා යන්නේ හෙමින්
  • කටුක ශබ්ද, ඝෝෂාව කොහෙත්ම නැහැ .
  • ඇස් කඩාගෙන යන වර්ණ වෙනුවට යොදාගෙන තියෙන්නේ  සෞම්‍ය වර්ණ
  • කාලය කෙටියි උපමරිම විනාඩි තිහයි
  • වැදගත් යමක් අඩංගුයි

අපේ පුංචි කාලයෙන් බබාට ගැලපන සිංහල ළමා කාටූන්

1. බෑයි කියලා බෑයි කියලා බෑ - දොස්තර හොද හිත

සත්තු එක්ක කතා කරන රහසක් තියෙන අපේ දොස්තර හොද හිත පස්සේ එන දිය රකුස්ව මතකද? මේ කාටුන් එකේ දිය රකුස් මට්ටු කරන සිදුවීම් නම් මෙහි තියෙ‍නවා.
ඒ වගේම බෑයි කියලා දෙයක් නැහැ කියලා කියන තණකොළ පෙත්තාස් ගෲප් එකත් නියමයි.
සත්තුන්ට ආදරය කරන දොස්තර හොඳ හිතට සත්තුත් ආදරෙයි නේද?

2. හා හා හරි හාවා

මේ කාටුන් එකේ තියෙන්නේ හාවාගේ දක්ෂකම් තමයි . මේ කාටුන් එකෙත් හතුරා ගෙන් බේරෙන්න හාවා උපක්‍රම භාවිතා කරනවා තමයි. හාවාගේ එයාගේ නුවණ පාවිච්චි කරන හැටි තමයි කාටුන් එක පුරාම තියෙන්නේ.

3.ගලිවර්ගේ සුවිසැරිය

අගුටු මිට්ටන්ගේ ලෝකයට යන ගලිවර්. හරි අපූරු කතාවක්, පොඩ්ඩා කොහොමත් කැමති වේවි.
කැලේ මැද්දේ යන ගලිවර් හා අගුටු මිටි යාළුවෝ සමගිය, එකමුතුකම ගැන කියාදෙන්නේ අපූරු පාඩමක්,

4.හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්‌ගේ සුරංගනා කතා

මේක නම් කතා මාලාවක්, එකිනෙකාට වෙනස් කතා, හැබැයි සුරංගනා කතා.  පුංචි ඈයෝ ඉතින් සුරංගනා කතා වලට කැමතියිනේ. ඒ කතා වල  විවිධ ගුණාංග කියා දෙනවා.

තිරයෙන් බබාට විය හැකි හානි

තිරය ගැන, සුදුසු කාටුන් ගැන අපි ගොඩාක් දේවල් කතා කලා නේද? දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර තිරය එපා කියන්නේ කියලා. ඒකට නම් හේතු ගොඩායි. මේවා ඇහුවාට පස්සේ ඔබ බබාව තිරය ගාවට යවන්නත් බය වේවි.

අධික තිර කාලය  නැතිනම් නුසුදුසු වැඩසටහන් එක්ක පහල බහින දේවල්

  • බබාගේ අවධානය
  • ප්‍රතිචාර දැක්වීම
  • මානසික වර්ධනය
  • හැඟීම් දැනීම්
  • ශාරිරික වර්ධනය
  • ඇස් වල සෞඛ්‍ය
  • මතක ශක්තිය

අධික තිර කාලය  නැතිනම් නුසුදුසු වැඩසටහන් එක්ක ඉහල නගින දේවල් 

  • ප්‍රචණ්ඩත්වය
ඔන්න ඉතින් අපි ඔයාලාට තිරය ගැනයි, කාටුන් ගැනයි ගොඩාක් දේවල් කිව්වා. ඔයාලා බලපු බබාලාට ගැලපෙන තවත්  කාටුන් තියෙනවා නම් කමෙන්ට් කරගෙනම යන්න.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • බබාට බලන්න පුළුවන් හොඳම සිංහල කාටූන් 4
බෙදාගන්න :
  • දරුවන්ට මේ කාරණා 9 නොකර ඉන්න අම්මලා සැලකිලිමත් වෙන්න

    දරුවන්ට මේ කාරණා 9 නොකර ඉන්න අම්මලා සැලකිලිමත් වෙන්න

  • බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් 

    බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් 

  • දරුවන්ට මේ කාරණා 9 නොකර ඉන්න අම්මලා සැලකිලිමත් වෙන්න

    දරුවන්ට මේ කාරණා 9 නොකර ඉන්න අම්මලා සැලකිලිමත් වෙන්න

  • බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් 

    බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් 

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it