theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට ‌දෙන්න ‌හොඳ සිංහල කථා පොත් කිහිපයක්

4 අවම කියවීම
අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට ‌දෙන්න ‌හොඳ සිංහල කථා පොත් කිහිපයක්අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට ‌දෙන්න ‌හොඳ සිංහල කථා පොත් කිහිපයක්

ඔබේ ‌ෙපෙර පාසැල් දරුවාට කියාද‌ෙන්න සුදුසු කතන්දර ‌පොත් පහක් දැනගන්න කැමතියිද? එහ‌ෙනම් කියවන්න.

අවුරුදු හතරත් පහත් අතර ඔබේ පුංචි දරුවාට ආදර්ශමත් හොද සිංහල ළමා කතා පොත් ‌තෝරා දෙන්නේ කොහොමද කියා ඔබ නිතර කල්පනා කරනවා නේද? ඒ ගැන පුංචි මඟ පෙන්වීමක් කරන්නයි අපගේ මේ සුදානම්. 
 
අවුරුදු හතරක් පහක් වියේ ඔබේ දරුවා අකුරු හදුනාගන්නා වියේ පසුවෙනවා. ඔබේ දරුවා පසුවෙන්නේ ලොකු අකුරු කතා පොත් තනියම කියවීම අරඹන්න සුදානම් වෙන අවධියකයි. දරුවාට කියවන්න අපහසුයි යන්නෙන් ඔහුට තවම  කියවීම අනවශ්‍ය යැයි පවසන්න බැහැ.
 
දරුවාට ඇහෙන්න කතන්දර පොත් කියවීම ඔබගේ වගකීමයි. කතන්දර කීම හා කතන්දර පොතක් කියවීම අතර ලොකු වෙනසක් තියෙනවා. කතන්දරයක් දරුවා අසා සිටිනවා පමණයි. කතන්දර පොතක් කියවද්දී දරුවා ඒ හා ක්‍රියාකාරී වෙනවා.කතන්දර පොතක් විස්තර කරද්දී පෙන්වන්න පිංතූර තියෙනවා.
 
දරුවාට හදුනාගන්න අකුරු පේනවා. ඒ වගේම ඔහුට පොතේ පිංතූර පෙන්වන්න, පිටු පෙරලන්න වගේ ක්‍රියා වලින් ඔබේ කතන්දර කියා දීමට සහය දක්වන්න පුළුවන්.

අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට හොඳ සිංහල ළමා කතා පොත් වල ලක්ෂණ 

  • සරල බසින් ලිය වී තියෙනවා.
  • ආකර්ෂණීය පිංතූර තියෙනවා.
  • ආදර්ශමත් කථාවක් අඩංගුයි.
  • වැරදි ආදර්ශ ලබා දෙන්නේ නැහැ.

නුසුදුසු පොත්

අද වෙළදපොලේ තියෙන හැම පොතක්ම ඔබේ දරුවාට දෙන්න සුදුසු නැහැ. ඒ නිසා  දරුවාට කියවන්න ලබා දෙන සෑම පොතක්ම ඔබ පළමුව කියවා දරුවාට ලබා දෙන්න. මේ සම්බන්ධයෙන් ලියවුන ලිපියට මෙතැනින් පිවිසෙන්න.

සිංහල ළමා කතා පොත් කියවීමට මේ අවදියේ යොමු කිරීමේ වාසි

  • කුඩා අවදියේ කියවීම සදහා පුරුද්දක් ඇති කරන්න පුළුවන්.
  • කියවීමට ආශාවක් ඇති කරන්න පුළුවන්.
  • අලුත් සිංහල චචන ඉගෙන ගැනීම කරන්න පුළුවන්.
  • සිංහල අකුරු අදුරගන්න සහයක් වෙනවා.
  • දැනුම ලැබෙනවා.
  • විනෝදයක් ලැබෙනවා.

දරුවාට කියාදෙන්න සුදුසු සිංහල ළමා කතා පොත් පහක්

1. කුඩ හොරා - සිබිල් වෙත්තසිංහ

සිංහල ළමා කතා පොත්

1952 දී ජනතා පුවත් පතේ බොහොම අපූරු කතාවක් පල වුනා. එකේ නම "කුඩ හොරා" 1956 වසරේදී පොතක් ලෙස එලි දකින සිබිල් වෙත්තසිංහ මහත්මියගේ මේ පොත ජපානයේදී බොහෝ ඇඟයීමට ලක් වුනා.
 
1982 දී ජපානයේ නෝමා කොන්කුවර්ස් ළමා පොත් හා චිත්‍ර තරඟයෙන් තුන්වෙනි ස්ථානය ලැබෙන්නේ එහි විශිෂ්ඨත්වය නිසාමයි.
 
1986 දී ජපන් බසින් පල වු අතර ජපන් බසට පරිවර්තනය කල හොදම පොතට හිමි සම්මානය එය දිනා ගත්තා.
 
1987 දී එය යලිත් සම්මානයට පාත්‍ර වෙමින් ළමුන් විසින් තෝරන ලද ඉතාමත් ජනප්‍රිය පොත බවට පත්වෙනවා.
 
ඒ වගේම ජපානයේ කුඩා හොරා රසිකයෝ 1987 කුඩා හොරා වසර ලෙස නම් කරනවා.
විදෙස් භාෂා කිහිපයකට පරිවර්තනය වෙන මේ පොත දශක ගණනක් තිස්සේ ලෝකයේ දරුවන්ගේ ආදරය නොමදව ලබාගන්නවා.
 
කුඩා හොරා ලියවෙන කොට මගේ අම්මා වත් ඉපදිලා නැහැ. අම්මාගේ ළමා කාලය, මගේ ළමා කාලය පසු කර කුඩ හොරා පොත මගේ පුංචි දුවගේ අතේ අද තියෙනවා. පනස් ගණන් වල එදා සමාජයේ තත්වය මනාව පැහැදිලි කරන මේ පොත අපුරු කතාවක් මෙන්ම ලස්සන චිත්‍ර වලින් හැඩ කරලා තියෙනවා.
 
කුඩ හොරා කියන්නේ කියවීම පුරුදු වෙන ඔබේ පැටියාට ලබා දෙන්න වටින අගනා පොතක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

2. සිරිමත් -  කුමාරතුංග මුණිදාස

සිංහල ළමා කතා පොත්

සිරිමත් මගේ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි
 
මෙය හුදෙක් කතන්දර පොතක් නොවේ. මෙය කාව්‍ය සංග්‍රහයකි. සිරිමත් නම් ගුණයහපත් දරුවාගේ දින චර්‍යාව මුනිදාස කවියා කාව්‍ය සංග්‍රහයක් බවට පත් කරන්නේ ඉතාම සරල බසිනි.
 
සිරිමත් නම් දරුවාගේ හොද ගතිගුණ ඉස්මතු කරන මේ පොත ඔබේ දරුවාට ඇසෙන්න සැලැස්වීමෙන් දරුවෙක් තුල වර්ධනය විය යුතු හොඳ ලක්ෂණ ගැන ඔබේ දරුවාට පුංචි හෝ හැගීමක් ලැබේවි.
 
මාත් සිරිමත් වගේ වෙන්න ඕනී. උදේම නැගිටින්න ඕනී වගේ ඔබේ දරුවා සිතන්න ගන්නවා.
මේ හොද  උපදෙස් වලට අමතරව මේ කාව්‍ය සංග්‍රහය අපූරු කලා රසයකුත් ලබාදෙනවා.

3.ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි - ජේ. බී දිසානායක

ජේ. බී. දිසානායකයන් රචිත මෙම ග්‍රන්ථයත් අපූරු කතා පුවතක් ගෙන එනවා.
 
ගමක කතාවක් වු එහි දිව්‍ය ලෝකයෙන් එන අලියෙක් දරුවන් තුල ඇති කරන්නේ කුතුහලයක්,  ඒ වගේම ගමරාළ දුර දිග හිතන්නේ නැතුව ගත්ත තීරණයක් නිසා දිව්‍ය ලෝකේ යන්න ගියේ ගමේ ඔක්කොම බිමට වැටෙනවා.
 
හරිම ලස්සන වගේම නිර්මාණශිලි කතාවක් , පොඩ්ඩත් අහන්න කැමති වේවි.

4. හත්පෙතියා මල - වලෙන්තීන් කතායෙව්

මේ කතාව නම් පරිවර්තනයක්, රුසියානු  ගත් කරුවෙක් වු වලෙන්තීන් කතායෙව් විසින් රචිත මේ පොත සිත්ගන්නා චිත්‍ර වලින් පිරිලා තියෙනවා. පුංචි ගෑනු ළමයෙක් වටා ගෙතුන අවසානයේදී හොඳ ආදර්ශයක් තියෙන කතා පුවතක්,

5. කතන්දර හා පින්තූර - වී සුතෙයේව්

මේ කතාවත් පරිවර්තනයක්, වී සුතෙයේව් නැමති ගත්කරුවා රචිත මේ කෘතිය කුඩා දරුවන්ට ඉතාම සුදුසුයි. එහි සත්ව ලෝකය ගැන ලස්සන කෙටි කතන්දර  13 ක් තියෙනවා.
 
ඒ සෑම කතාවකම අවසානයේදී දරුවාට මඟ පෙන්වීමක්ද අඩංගුයි. මෙවන් ආදර්ශමත් කතන්දරය දරුවාට කියාදීම තුලින් දරුවා තුල හොද ගතිගුණාංග ඇති කරන්න පුළුවන්.
 
කතන්දර පොතක් කියා දී දරුවාට නිකන් ඉන්න කියනවාට වඩා "පුතේ ඒ කතන්දරේ ඔයා ආසම කොටස චිත්‍රයක් අදින්න." නැත්තම් "අපි හාවයි ඉබ්බයි ඔට්ටු දුවනවා අදිමුද?" වගේ දේවල් කියමින් දරුවා පුංචි ක්‍රියාකාරකම් වල යොදවන්න.
 
ඒ මඟින් දරුවාගේ පරිකල්පනය වගේම නිර්මාණශිලිත්වය ඉහල නංවන්න පුළුවන්.
මේ දරුවන් සදහා සුදුසු පොත් සදහා උදාහරණ 05 ක් පමණයි. දරුවන්ට ලබාදෙන්න සුදුසු ලංකාවේ ලේඛයින්ගේ හා පරිවර්තන ගොඩාක් තියෙනවා.
 
ඔබ හොදින් කියවා දරුවාට සුදුසු දැයි තීරණය කර දරුවාට එම පොත් ලබා දීමයි වැදගත් වෙන්නේ, ඒ වගේම කියවීමට ඔබේ දරුවා සම්පුර්ණ කරන්න පුළුවන්. ඔවුන්ගේ මොළයට කුළුදුලේම පුරවන දේවල් වටිනාකමින් යුතු දේවල් බවට සහතික වන්න.
 
අවසාන වශයෙන් ආදරණීය දෙමව්පියන්ට යමක් මතක් කරන්න කැමතියි. ඔබේ දරුවා ඉගෙන ගන්නේ ඔබ තුලින්, ඔබේ දරුවා අනුකරණය කරන්නේ ඔබව, ඒ නිසා දරුවාට හොද ආදර්ශයක් වන්න.
 
ඒ සදහා ඔබත් තිර කාලය අඩු කර පොත් පත් වලට ලංවෙන්න. කියවන්න. ඒ පුරුද්ද දරුවා තුලද වර්ධනය කරන්න.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා කතා සහ කවි
  • /
  • අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට ‌දෙන්න ‌හොඳ සිංහල කථා පොත් කිහිපයක්
බෙදාගන්න :
  • පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

    පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

  • When My 5-Yr-Old Picked Up Paperback Kamasutra

    When My 5-Yr-Old Picked Up Paperback Kamasutra

  • පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

    පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

  • When My 5-Yr-Old Picked Up Paperback Kamasutra

    When My 5-Yr-Old Picked Up Paperback Kamasutra

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it