ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 1

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 1

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 1 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න.

යලි අවදිවු උරුමකරු 1 : වසර 2500 පෙර හේක්ස් රාජධානිය

“උතුමාණනි, ඔහු මරණයට පත් නොකර නිද්‍රාවට පත් කලේ කිම,,,”

යූදාස් යක්ෂයා ගෙන් ඇසුවේය . යක්ෂයාගේ මුවේ ඇදුනේ විරල හිනාවකි.

“යූදාස් , කාලීන් මරණය ජයගත්තෙක් , ඔහු අමරණීයයි . ඔහුගේ ජනතාව අමරණීයයි .ඔහු අසමසමයි .”

යක්ෂයානන් කීවත් යුදාස් හිටියේ මහත් ගැටලුවකයි. ඔහු අසමසම නම් ඔහුව මෙසේ නිද්‍රාවට පත් කලේ කෙසේද ..

“යූදාස් ඔහු අසමසමයි තමයි ඒත් ඔහුටත් දුර්වල කමක් තිබුනා ..ඔව් ඒ ගැහැනියක් ..”

යක්ෂයා බිහිසුණු ලෙස හිනාවුනා .

“ඔබතුමා මගේ හිත කියවනවා. ස්වාමිනී., ඒ ස්ත්‍රීය ඔහුගේ ප්‍රේමියද”

යූදාස් යටහත්ව ඇසුවේය.

“මෝඩයා , පුරුෂයෙක් ප්‍රේම කරන්නේ ඔහුගේ ප්‍රේමියට විතරද..ඒ ගැහැනිය ඔහුගේ මව් තනතුරේ ඉන්න ඔහුගේ සුලු මව හේෂායි. බලතෘෂ්ණාවෙන් ඈ මට උදව් නොකරන්න මට මෙලෙස ඔහුව නිහඩකල නොහැකියි”

යක්ෂයා උස් හඩින් කිව්වේය .

“එසේය ස්වාමිනි. මා කෙරේ කමා කල මැනව.. නමුත් මා තුල තවත් පැනයක් වෙයි. ඔහු යලි කවදාවත්ම මේ නිද්‍රාවෙන් අවදි නොවේවිද”

හේක්ස් රාජධානිය යට කර යක්ෂයා මැවු සොහොන් ගැබ දෙස බලා යුදාස් ඇසුවේය .
“ඔහු යලිත් අවදි නොවීමයි හොදම..නමුත් ඒ දේවල් අපිට පාලනය කල නොහැකියි . සොහොන් ගැබේ තිබු රක්ත වර්ණ දියර බදුන තොප දුටුවේද ? එය කවුරුන් හෝ මෙහි සැගවී ඇති මෙග් සිදුරට හැලුවොත් අනිවාර්යයෙන්ම කාලීන් අවදිවෙනු ඇත. ඔහුගේ රාජධානියද අවදිවෙනු ඇත. ඔහුයි උරුමකරු…ඔහු දයාවේ පුතණුවන් බිහි කරනු ඇත. එයයි අප මෙසේ නවතා දමනුයේ”

යක්ෂයානන් එසේ පවසා සොහොන් ගැබ වසා දැමුවේය. යලි අවදිවු උරුමකරු 1
……………

යලි අවදිවු උරුමකරු 1 : වසර 2500 කට පසු ශ්‍රීලංකාව

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 1

දගතාර නිම්නාදී

“කම්මැලිච්චි නැගිටපන්”

අයේෂා මගේ පිටට හයියෙන් පාරක් ගැහුවා .

“ඌයි, හැතිරි”

මම ඇදෙන් වාඩි වුනේ පිට අත ගගා.

“අද උඹලා කැනීම් වලට යනවා කිව්වා නේද..උඹ යන්නේ නැද්ද ”

අයේෂා අහද්දීයි මට මතක් වුනේ. අද ඉදන් හරියටම මාසයක් අපි යාල ආශ්‍රිතව ලොකු කැනීම් වගයක් නිරීක්ෂණය කරන්න නියමිතයි.

මම නිම්නාදී ශෙනායා සූර්යබණ්ඩාර , මම උපාධිය හදාරාන්න තෝරගත්තේ පුරාවිද්‍යාව , අපේ බැච් එකේ තිස් දෙනෙක් ඉන්නවා. මම තමයි ඉතින් දගකාරී..මාත් එක්ක වැඩ කරද්දී අපේ ප්‍රොෆිසර්ටත් වේලාවකට පිස්සු හැදෙනවා. බැච් එකේ කොල්ලෝ මට කිව්වේ නයිස් කියලා ..උන් කියන්නේ මම නෝටී වුනාට නයිස් කියලා ..

මම කන්ද උඩරට කුමාරිහාමී කෙනෙක්..සූර්යබණ්ඩාර වලව්වේ එකම උරුමක්කාරි. හැමෝම කිව්වේ මම අම්මා වගේ හුගක් ලස්සනයි කියලා. මගේ ජන්ම කේන්ද්‍රය බොහොම බලගතුයිලු . ඒත් හුගාක් කරදර වලට මූණ දෙන්න වෙන්වාලු. අපේ කිරි අම්මා ඒ කියන්නේ වලව්වේ ලොකු කුමාරිහාමිට ඕනී වුනේ මාව හිරකරලා හදන්න. ඒත් මගේ අප්පච්චි , නිශ්ශංක සූර්යබණ්ඩාර නිදහස් මතධාරියෙක්, එයා නිසා තමයි මම අධ්‍යාපනයේ මෙච්චර දුරක් ආවේ..

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 1

කාලීන්ගේ ආත්මීය ආදරය නාදි‌යා

අද මේ මම යන්නේ අන්තිම පැක්ටිකල් එකට…ඊටපස්සේ ඉතින් ඔය පුරා විද්‍යාඥයන් එක්ක එකතු වෙලා අතීතේ ඕපාදූප හොයන පුරා විද්‍යාඥවරියක් මං,,,

“අයිෂ් මම ආයේ එන්නේ මාසෙකින්..ඊටපස්සේ ඉතින් අපි ඔක්කොම විසිර යනවානේ…උඹට තනියිද පැටියෝ…එහෙනම් ..”

මම යමක් කියන්න ගොස් එය නවතා යටි තොල හපාගෙන අයේෂා දිහා බැලුවා.

“මොකද්ද තෝ කියන්න ගිහින් ගිල්ල වල් කතාව ”

අයේෂා පාන් පිහිය මං දිහාට උලුක් කලා.

“ඕකෙන් ගහන්න එපා මැරෙයි යකූ මං”

මම කෝකටත් ඇදේ එහා පැත්තට දිව්වා.

අයේෂා තාම මට රවාගෙන ඉන්නවා .

“නැහ් මං කියන්න හැදුවේ උඹට තනියි නම් අකලංකව ගෙන්න ගනින්..හැබැයි මාව නැන්දියෙක් කරන්න එපා කියලා ..ඌ..ආයී”

මම කෑ මොර දුන්නේ පාන් ගෙඩිය උඩින් ඇවිත් මගේ ඔලුවේ වැදුන නිසා .

“නයිස් තොගේ කට ඇරියොත් ඉතින් නසරානී කතාවක්ම තමයි ..අම්මපා දවස මැරුම් කන්නේ මගේ අතින්”

අයේෂා ඉනට අත් දෙක තියාගෙන කෑගැහුවා .

“අපරාදේ යකූ පාන් ගෙඩිය ..රුපියල් හැටක් නේද ,,දැන් අපි කන්නේ දත් මිටිද”

මම පාන් ගෙඩිය අහුලලා දූවිලි පිස්සා.

“උඹ මේ සෝබනේ නොදා ඕක අරන් වරෙන් මෙහාට කපලා කන්න ”

අයේෂා කියද්දී මම පාන් ගෙඩිය මේසේ උඩින් තිබ්බා. ඕක තමයි ඉතින් කන්න වෙන්නේ මම හිත හදාගත්තා . මම ඉක්මනින්ම කාලා රෙදි ටිකත් බෑග් එකට ඔබාගෙන ග්‍රවුන්ඩ් එක පැත්තට දිව්වේ අපිට යන්න බස් එක ඇවිත් කියලා හිතාගෙන ..

“නයිස් බෑග් එක අරන් යන්න අමාරුනම් මට දීපං”

ඒ ගිම්හාන නොහොත් ගයියා..මගේ හොදම ෆිට් එක.. මම නැවතුනා .

“කකුල් දෙකත් රිදෙනවා යකූ උස්සගෙන යන්න බැරිද”

මම ඇහුවේ හති ඇර ඇර.

“අනේ අම්මෝ අර මෝහිනි ගෙන් ළමයා ගත්තත් තෝව උස්සන්නේ නැහැ .”

ගිම්හාන කිව්වේ පපුවට අතක් තියාගෙන

“ඇයි යකූ මාව ඉස්සුවොත් වැරදිලා තියෙයි තොට”

මම කිව්වේ තරහින්

“වැරදිලා තියෙයි නෙමෙයි ඕයි…මම ඉවරයි ..ජිවිත කාලෙම ඉවරයි ”

ගිම්හාන කියද්දී මම ඔහුට රැව්වා. ඊලඟට මගේ බරම බර බෑග් එක එයාගේ කකුලට මම අත ඇරියේ ගිම්හාන මර හඩ දෙද්දී.

“අරගෙන එනවා ඕක”

මම තර්ජනය කරලා ග්‍රවුන්ඩ් එක කොනක ඉන්න ළමයි ගොඩට එකතුවුනා.

“ආහ් නිම්නාදි..ආවද ඔයා..මම මේ ඔයා එනකම් වැදගත් දේවල් ටිකක් නොකියා බලාගෙන හිටියේ ”

ප්‍රොෆිසර් මාව දැක්ක ගමන් කිව්වා. එච්චර වටිනවාද මම ? මම අනික් ළමයි දිහා බැලුවේ ආඩම්බරයෙන් ,

“මේකයි ළමයි ගිහින් එනකම් දග වැඩ බැහැ . කියන දේ අහන්න ඕනී. අවසර නොගෙන එලියට යන්න බැහැ . අනෙක් අයට යටි උගුල් අදින්න , ලණු දෙන්න බැහැ ”

ප්‍රොෆිසර් නවරත්න කියද්දී මම තනි ඇහෙන් වටපිට බැලුවා . ඔක්කොම ළමයි බිම බලාගෙන හිනාවෙනවා . ඔය හිනාවෙන්නේ මට යකු ….මේ සර් කාරයා මාව ඉවර කලා. මීට වඩා හොදයි මාව මරාගෙන කෑවා නම්..හුලං ගිය බැලුමක් වගේ මං.. ඔක්කොම බස් එකට නගිද්දී මම අන්තිමට ගිහින් බස් එකට නැග්ගා.

“නයිස් මෙතැන ”

ගිම්හාන කෑගහද්දී මම ඒ පැත්ත බැලුවා .මගේ සුදු කොල්ලා මට ජනේලේ ලග සීට් එකක් තියාගෙන ඉන්නවා . මම දුවලා ගිහින් ගිම්හානවත් තල්ලු කර ගෙන එතැනින් වාඩිවුනා .

“යකෝ තොට ඉඩක් ඇල්ලුවාට වඩා හොදයි නිකන් හිටියා නම්..මගේ කකුලත් පෑගුවා බොල”

ගිම්හානට මල පැන්නා. හොද වේලාවට මේකාගේ කකුල පෑගුනේ වෙන මොකක් හරි එකක් පෑගුනා නම් මෙතැන අඩලාම නහිනවා. මම දාගෙන හිටපු කැප් එක මූනේ නවාගෙන චුට්ටක් නිදාගත්තේ පාන්දර මිස් වෙච්ච නින්දේ ඇරියස් කවර් කරන්න . චුට්ටක් දුර යද්දී හා හුවක් නැහැ කියහංකෝ….මම ෂුටී නින්ද පැත්තක තියලා වටපිට බැලුවා. බැලුවාහම ඔක්කොම නින්දේ ඇරියස් කවර් කරනවා. මගේ එහා පැත්තේ කුණු කෙල පෙරන ගිම්හානයා දැක්කාම මරු අදහසක් පහල වුනා. මම එහෙමම මගේ බෑග් එකට අත දාලා ගත්තේ මගේ රතුපාට ලිෆ්ස්ටික් එක… ඉතින් මම මුලින්ම ලස්සන කැටයමක් දැම්මේ මගේ ආදරණීය ගිම්හානට ..ඊටපස්සේ ඉස්සරහා ෂීට් එකේ දෙන්නාටයි ..පිටිපස්සේ ෂිට් එකේ දෙන්නාටයි.. ඇත්තට යකූ මුන්ගේ මූණු වලට අම්බලන් ගොඩ වෙස්මූණු පරාදයි . .මහන්සියි අප්පා ,,මම බෑග් එකට අතදාලා ලොකු චොක්ලට් පෙත්තක්ම කෑවා. අත පිහින්නේ මොකෙන්ද කියලා කල්පනා කරද්දී මගේ ඇහැ ගැටුනේ ගිම්හානව…මම හෙමිහිට ඌගේ ටීෂර්ට් එකේ අත පිස්සා. කල්‍යාණ මිත්‍රයානේ ඉතින්..

ඊටපස්සේ ඉතින් චුට්ටක් කැප් එක මූණේ නවාගෙන ඇස් පියා ගත්තේ සුනාමිය එනකම්..ඒත් ඒකට විනාඩි දහයක් වත් ගියේ නැහැ . එකම මරලතෝනියයි..කට්ටියක් කෑගනවා . කට්ටියක් හිනාවෙනවා ..ඔහොම විනාඩි දෙකක් ගෙවෙන්න ඇති…

“නිම්..නාදී..”

ඒ මගේ ආදරණීය ප්‍රොෆිසර්ගේ ආදරණීය ඇමතුම ..මම අහිංසක වුනා. හෙමිහිට නිදිගැට කඩලා. කැප් එක අයින් කරලා කෙලින් වුනා.

“බොරුවට චෝදනා කරන්න එපා ළමයි . බලන්න ඒ ලමයගේ මූනෙත් ඇදලානේ”

ප්‍රොෆිසර් නවරත්න කියද්දී මම යටි හිතින් හිනාවුනා . මොකද නිදාගන්න කලින් මගේ මුනෙත් කැටයම් දාගත්තේ මමයි. ගිම්හාන ඉන්නවා මූණ දික් කරගෙන ..

“ඒයි ගයියා උඹ ඇදන් ආවේ අම්මාගේ දැලිකඩේද”

මම ඇහුවේ හයියෙන්

“අපහස කරන්න එපා ගෙම්බි ..මේක මම ගත්තේ අලුතෙන්..ටූ තවුසන්ඩ් වුනා.”

ගිම්හාන කිව්වේ ආඩම්බරයෙන්

“අනේ පලයන් ගයියා බොරු නොකිය ..එහෙනම් කොහොමද උඹේ ටී එකේ පිටිපස්සේ මේ තරම් කුණු”

මම ඇහුවේ ටිකකට කලින් මම අත පිහාදාපු තැන බල බල..ගිම්හාන ඒක ඉවකලා ..මම ඉවරයි ..

“චොක්ලට්”

එහෙම මුමුණපු ගිම්හානගේ ඇස් නතර වුනේ මගේ මූණේ ..මම ඉතින් දත් ඔක්කොම දාලා විරිත්තුවා .

“ඔය තියෙන්නේ ..තමුසේගේ දත් අස්සේ පස්සේ කන්න තැම්පත් කරපුවා. නයිස් උඹ නේද මගේ අලුත් ටී එකේ අත පිස්සේ”

ගිම්හාන මට රිදෙන්නම ටොක්කක් ඇන්නා.

ඔහොම රණ්ඩු වෙවී අපි යාලටම ආවා.

“නිම්නාදි”

ප්‍රොෆිසර් නවරත්නගේ හඩින් මගේ දෙපා නැවතුනා.

“සර්”

මම මාර අහිංසක විදියට හිනාවුනා .

“මේ වැඩේ කරගෙන යනකම් දග කරන්න එපා දරුවෝ…ඔයාලා තිහකගේ වගකීම මගේ අතේනේ, ,තේරුනාද..එහෙනම් යන්න”

ප්‍රොෆිසර් නවරත්න කියු පරක්කුවට මම ගිහින් නතර වුනේ ළමයි ටික මැද්දේ

“මොනවාද නයිස් සර් කිව්වේ ”

ගිම්හාන අහද්දී මට එකසිය ගානට තදවුනා. මූට ඕන්නැති දෙයක් නැහැ . ඒකත් මේ ප්‍රසිද්ධියේ අහනවා හිටපංකෝ කරන්න වැඩක්…

“සර්ට තිහක් තනියම බලන්න බැහැලු මෙයා…මට ඉතින් උදව් කරන්නලු..”

මම බේගලයක් කිව්වේ පරම සත්‍ය වගේ, ඉතින් මම දග නොකර ඉන්නවා කියන්නෙත් සර්ට කරන ලොකු උදව්වක් . එහෙම කියලා ඔලුව ඔස්සද්දියි මම දැක්කේ ප්‍රොෆිසර් ඉනට අත්දෙක තියාගෙන මං දිහා බලාගෙන ඉන්නවා ..චික් මම කියපුවා සර්ට ඇහෙන්න ඇති..කාගේ දරුවෙක්ද අප්පා මම ..කාගෙද ඉතින් නිශ්ශංක සූර්යබණ්ඩාරගේම තමයි ..මම බිම බලාගෙන තනියම හිතුවා. හොදවෙලාවට සර් මොකුත් නොකියා යන්න ගියා.

“නයිස් මගේ ටෙන්ට් එකට එනවාකෝ..මට කම්මැලියි ”

ගිම්හාන කියද්දී මම හිටියේ මගේ ටෙන්ට් එකේ…

“තමුසෙට තනිකම් දෝසෙද…කොල්ලෙක්නේ තමුසේ ”

මම ඇහුවේ හිනාවෙවී …මට මේ වගේ නසරානී කටක් තිබ්බා වගේමයි වැඩත්..අපේ කැම්පස් එකේ කොල්ලෝ මට බයයි. ඒ තරම් චාටර් කරලා තියෙනවා මං.. ගිම්හාන විතරයි ඒ සේරම ඉවසගෙන මගේ ලගින් ඉන්නේ ..

“පිස්සු නොකියා වරෙන්කෝ බං”

ගිම්හාන කියද්දී මම ඔලුව දාලා වටපිට බැලුවා . රෑ වෙලා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 1

ආත්මීය ආදරයකින් බැදුන කාලීන් හා නාදීයා

…….යලි හමුවෙමු ඒ ආදරය සමගින්………

යළි අවදි වු උරුමකරු 1 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි