theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 10

8 අවම කියවීම
ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 10ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 10

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 10 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 10  කොටස ඔබත් බලන්න.

යලි අවදිවු උරුමකරු 10

කුමාරී ගිහින් දොර ඇරියා.දෙවියනේ දොර ලග අප්පච්චි .එයා අද ජොගින් ගිහින් තියෙන්නේ .

“ඔන්න දෝණි මම අද නිවාඩුවක් දැම්මා..ඔයාට හෙට ඉන්ටර්විව් යන්න ගන්න දේවලුත් ඇතිනේ..හවසට ෂොපින් යන් ඈ..ආහ්..අමතක වුනා පුතා එන්න අපිත් එක්ක බ්‍රෙක්ෆස්ට් ගන්න. ”

අප්පච්චි එහෙම කියද්දී මම ඇගිලි තුඩු වලින් ඉස්සිලා එහාට මෙහාට වෙලා බැලුවේ කවුද කියලා ..මලා මේ එහා ගෙදරට අලුතින් ආපු උල ලේනා , විවේක් නේද ..අප්පච්චි එක්කම ජොගින් ගිහින් වගේ ..මම ඉතින් දත් ටික දාලා විරිත්තුවා.

“ආහ් , එහෙනම් මම එන්නම්කෝ අංකල්.මට විනාඩි දහයක් දෙන්නකෝ.මම චේන්ජ් කරන් එන්නම්”

විවේක් අපිට විරිත්තලා එයාගේ ගෙට පැන්නා.

“අප්පච්චි”

අප්පච්චි චේන්ජ් කරන් එද්දී මම කතා කලා.

“ඇයි දෝණි”

අප්පච්චි ඇහුවේ හිනාවෙලා.

“ඇයි අර උණ හපුලුවාට බ්‍රෙක්ෆ්ස්ට් වලට එන්න කිව්වේ ..”

මම ඇහුවේ අමනාපයෙන් .

“එහෙම හොද නෑනේ දූ. ඒ ළමයා ආහම මොකද..අර මඩුගල්ල වලව්වේ මැණිකෙගේ එකම පුතාලු”

අප්පච්චි කියද්දී මම තොල් පටක් හපා ගත්තා. ආ.ඒකයි මේ මෙයාට කවදාවත්ම නැති ආදරයක් පහල වෙලා තියෙන්නේ .හොද වෙලාවට මෙතැන කිරි අම්මා නැත්තේ .නැත්තම් මේ කොලුවාට මාව බන්දලා දෙයි.

“එක්ස් කියුස් මී අංකල්”

දොර ලගින් ඇහුන හඩින් මම ඔලුව උස්සලා බැලුවා ..ඩෙනිමක් ඇදලා සැහැල්ලු ටීෂර්ට් එකක් ඇදලා නලුවෙක් වගේ හිටියේ විවේක්..

“ආහ් එන්න පුතා..මම මේ බැලුවා පරක්කු මොකද කියලා ..දෝණි ගිහින් ගිම්හාන පුතාටත් එන්න කියන්න ”

අප්පච්චි මගේ පැත්තට හැරිලා කිව්වා.
මම කුමාරිට මේසේ හදන්න කියලා. ගිම්හාන හොයාගෙන කාමරයට ගියා. මෙන්න මූ ඇදට වෙලා සැපසේ සිංදු අහනවා. ඒකත් හැන්ඩ්ස් ෆ්‍රී එකෙන්..

“ඒයි මෝඩයෝ”

මම තට්ටුවක් දැම්මා…මූ නෝ හෙල්ලුම් කියහන්කෝ..මම හෙමිහිට ෆෝන් එකෙන් හැන්ඩ්ස් ෆ්‍රී එක ගැලෙව්වා. හ්ම්..මූ ඒත් හෙල්ලෙන්නේ නැහැ ..කලින් දැහැනේමයි..අප්පේ මූ මැරිලා වත්ද..මම නහය ලගට ඇගිල්ල තිබ්බා..හප්පේ ඇති යාන්තමින් හුස්ම වැටෙනවා . යකෝ ඒ කියන්නේ මූ? හිටපංකෝ මම උඹව නිදි කරවන්න.

“ගයි…යෝ..”

මම කනට කරලා කෑගැහුවා .

“$#&% *&&%# &&%#@”

ශුද්ධ සිංහල වචන මාලාවක් එක්ක ගිම්හාන නැගිටලා ඇදේ වාඩි වුනා..

“නයිස් තෝ නම්…මාව මරනවා දවසක”

ගිම්හාන එහෙම කිව්වේ තරහින් නම් නෙමෙයි .

“ආදරෙයි වස්තු”

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මම යාලු කර ගන්නත් එක්ක කිව්වා.

“මොකද චාටු , වරෙන් යන්න කන්න යකෙක් කන්න බඩගිනියි .”

ගිම්හාන නැගිට්ටා.

“යකෙක් නම් නැහැ ගයියෝ… අර එහා ගෙදර හිපාටුවා තමයි ඉන්නේ ..ඌව කාපං”

මම එහෙම කියලා ගිම්හානව ඇදගෙන සාලෙට ආවා.

” මොකද දෙන්නා පරක්කු ආ..අපි මේ බලාගෙන ඉන්නවා ”

අප්පච්චි කියද්දී මගේ ඇස් තිබ්බේ මේසේ..ඕ..යේ කිරිබත් …මයි ෆේවරිට් ..උම්මා කුමාරියෝ…මම මොකුත් නොකියා ඉක්මනින්ම මේසෙන් වාඩිවුනා.

“බේබි , පැණි පොල් ටික”

කුමාරී වෙනම තසිමක් මගේ ලගින් තිබ්බා..දෙයියනේ කුමාරී දෙයියෙක් නෙමෙයි දේවාලයක් ..

“කුමාරි අපිත් මේවා කනවා”

ගිම්හාන පැණිපොල් දීසිය එයා ලගට ඇදගත්තා .

“ඒයි ස්ටුපිට් ඒක මගේ ”

මම ගිම්හානගේ අතට පාරක් ගැහුවා .

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 10

කාලීන් හා නාදීයා යලිත් බැදේවිද සුපුරුදු සෙනෙහසින්??

“දෝණි කන ටිකවත් රණ්ඩු නොවී ඉන්නකෝ ලමයෝ..අයි ඈම් සොරි විවේක් පුතා මෙයා පුංචි ළමයෙක් වගේ ”

අප්පච්චි සමාව ඉල්ලද්දී විවේක් මං දිහා බලාගෙන හිටියේ කන්න වගේ .. යකඩෝ මූ හිතන්නේ මගේ මූණේ කිරිබත් කියලාද..මම චුට්ටක් එයාට රවලා පාඩුවේ කෑවා.

“දෝණි ගිම්හාන පුතත් එක්ක ටවුන් යන්න ලැස්ති වෙන්න. ඕකේ”

අප්පච්චි කිව්වාහම මම කාමරයට ගිහින් ඩෙනිමක් ඇදලා ටීෂර්ට් එකක් දාගත්තා .

“ගයියා යමුනේ”

මම සාලයට ඇවිත් කිව්වා.

“මම එවරෙඩීනේ නයිස්..කෝ ඩැඩී බෝයි”

ගිම්හාන ඇහුවේ වටපිට බලලා.

“මම එනවා ”

අප්පච්චි ඒක ඇහිලා කිව්වා. ගිම්හාන ඔලුවේ අත ගහගත්තා .

“මෙහේ එනවා මල විකාරේ යන්න”

මම ගයියාට තට්ටුවක් දාලා එලියට ආවා. අපි ටවුන් එකට ආවා.

“පුතේ දැන් බ්ලවුස් මහන්න වේලාවක් නැහැනේ ..ඔයාගේ අර බ්ලු කලර් ජැකට් එකට ගැලපෙන්න සාරි එකක් ගන්න හොදද..මම කා පාර්ක් එකේ ඉන්නම්..මේ පුතාටත් ෂර්ට් එකක් අරන් දෙන්න”

අප්පච්චි එයාගේ ඩෙබිට් කාර්ඩ් එක මගේ අත උඩින් තියලා කිව්වා. මම ගිම්හානට ඇද කලේ ඌට පහල වෙච්ච පින ගැන හිතලා.. මම ෂොප් එක පුරා ඇවිද්දා. ලස්සන ඇදුම් පේන කොට කිසි මහන්සියක් නැහැ .ගිම්හාන මූණ එල්ලගෙන මගේ පස්සෙන් ආවා.

“නයිස් ගන්න මගුලක් ඉක්මනට ගන්නවාකෝ..මගේ කකුල් රිදෙනෝ”

ගිම්හාන කෑගහද්දී මම හිනාවුනා .

“අනේ කටවහගෙන එනවකූ…බලනවා මේ ඇදුම් වල ලස්සන ..අර ෆ්‍රොක්ස් බලන්න..එතකොට අතැන තියෙන බ්ලවුස් ..අර ට්‍රවුසර්ස් නරකම නැහැ .”

මම පිස්සියෙක් වගේ කියවද්දී ගිම්හාන හුලං බැහැපු බැලුමක් වගේ , තැන තැන නැවතිලා හති ඇරියා.

“ආහ්…තමුසෙට මහන්සිද..මොනවාද හලෝ කොල්ලෙක් නේද..කෙල්ලෙක් එක්ක ෂොෆින් කරන්න පිට් එකේ ඉන්න ඕනා..තමුසේ මහ කැද හැලියක්නේ”

මම ගිම්හානට බැන බැන සුදු නිල් මික්ස් වෙච්ච සාරි එකක් අතට ගත්තා. ගිම්හාන සැනසුම් සුසුමක් හෙලුවා .

“කෝ තමුසේ ෂර්ට් එකක් ගත්තේ නැද්ද .එනවා වදේ ඒකත් මං තෝරලා දෙන්න .”

මම ගිම්හානව ඇදගෙන ජෙන්ට්ස් ඇදුම් තියෙන සෙක්ෂන් එකට යන්න හැදුවේ ..ඒත් ගිම්හාන හිනාවෙලා මාව නැවැත්තුවා .

“මම අලුත් ෂර්ට් එකක් අරන් ආවේ නයිස්..අපි යමු නේද”

ඔහු මගේ අතින් අල්ලගෙන ඇහුවේ ආදරයෙන් ..මේකට මොකද මේ වුනේ?? මම ඇස් පුංචි කරලා බැලුවා .

“යමු ඉතින්”

ඔහු මාව ඇදගෙන ආවේ කැෂියර් එකට..මම අප්පච්චිගේ කාර්ඩ් එක අතට ගද්දී ගිම්හාන මගේ සාරි එකට එයාගේ අතින් ගෙව්වා.

“මොකද්ද මෝඩයෝ ඒ කල වැඩේ..තමුසෙට කොහෙන්ද සල්ලී”

මම පඩිපෙළ උඩදී ගිම්හානව නතර කර ගෙන ඇහුවේ ඔහුගේ පවුල කොච්චර අමාරුවෙන්ද් ජීවත් වෙන්නේ කියලා දන්න නිසා..ගිම්හාන හිනාවුනා විතරයි .

“ඉතින් කියනවා”

මම ගිම්හානගේ පිට හයියෙන් කෙනෙත්තුවා .

“ආව්….නපුරුච්චි මට රිදුනා..පහුගිය මාස තුනේ මම පොඩි පර්ට් ටයිම් ජොබ් එකක් කලා.”

ගිම්හාන කිව්වේ මගේ කම්බුලක් මිරිකලා .වෙනදා නැති ගොරෝසු බවක් ඒ අතැගිලි වල දැනුනා. මම ඇදලා අරගෙන ගිම්හානගේ අත් දෙක බැලුවා ..දෙවියනේ

“ගයියා..කියනවා මොකද්ද තමුසේ කල පාර්ට් ටයිම් ජොබ් එක”

මම ඇහුවේ තරහින්..

“නයිස්..මේ..මේ…”

ගිම්හාන ගොත ගහද්දී මම රවාගෙනම හිටියා ..

“මම මේ..මේ.. මේසන් බාස් කෙනෙක් ලග සිමෙන්ති ඇනුවා.”

ගිම්හාන කියද්දී කවදාවත් නොසෙල්වෙන මම හිත හෙල්ලුනා . මම ගිම්හානගේ අත ගසලා දැම්මේ තරහින්.ගිම්හාන ආයෙමත් මගේ අතින් අල්ල ගත්තා .

“අත ඇරපං මගේ අත..උඹ මගේ කවුද ඔහොම අල්ලන්න. උඹ මාව උඹේ ෆිට් එක කියලා සැලකුවා නම් උඹට අවශ්‍යතාවක් තිබ්බාහම මට කියන්න තිබ්බා”

කොච්චර සැරෙන් පටන් ගත්තත් අන්තිම ටික කියද්දී මගේ හඩ බිදුනා.

” මට උවමනාවක් වුනාහම අනිවාර්යයෙන්ම මම උඹ ගාවට එන්නේ නයිස්,,ඒකේ ආයේ දෙකක් නැහැ . ඒත් මට උඹලාගේ තාත්තාගේ සල්ලි පිනට ගන්න බැහැ .මාත් පිරිමියෙක්නේ බං”

ගිම්හාන එහෙම කියලා මගේ ඔලුව අතගාද්දී මම ෂේප් වෙලා ආවත් හිතේ කහටක් තිබුන නිසා මම මුලු දවසම එයාව මග ඇරියා. නින්දට ගියෙත් ගුඩ් නයිට් කියන්නේ නැතුව ..

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 10

අවුරුදු දෙදහස් පන්සීයක් සිට යලි යලිත් මියැදෙමින් උපන් නාදියාගේ පුනර්භවය

“අනේ බේබි නැගිටින්නකෝ…දැන් කොච්චර වෙලා මං කෑගහනවාද”

කුමාරී මගේ පොරෝනයෙන් ඇද ඇද කෑගහනවා .

“කෝ නැගිටින්නේ නැද්ද කුමාරී ..ඉන්න මම බලන්නම් .ඔයා එලියට යන්නකෝ..”

ගිම්හානගේ හඩින් මම තිගැස්සුනත් යකෝ කුමාරිවත් යවලා මූ මට අතවරයක්වත් කරන්න යනවාද කියලා මම කල්පනා කලා.
ඒත් එකපාරටම මගේ කම්බුලට අයිස් කැටයක් තදවෙද්දී මම කෑගහගෙනම ඇදෙන් බිමට පැන්නා.

“පැය භාගයයි තියෙන්නේ ලෑස්ති වෙලා එනවා ”

ගිම්හාන එහෙම කියලා ගියා. මම කම්බුල අල්ල ගෙන මොහොතක් කල්පනා කලා. මේ කල වැද්දා කලොත් මෙහෙම වැඩක්මයි.. මම හිනාවෙවී බාත්රූම් රූම් එකට ගිහින් ආවා..අම්මේ දැන් තියෙන්නේ අමාරුම වැඩේ සාරි ඇදීම…මම දෙතුන් පාරක්ම සාරිය පටලගන්න බැලුවා. ඒ හැම පාරම සාරිය නතර වුනේ මගේ දෙපා මුල.

“ඊ…………ඊ……..කුමාරී ”

මට ඉතින් සාරිය කන්න කේන්තියි .

“ඇයි බේබී”

කුමාරී ඇහුවේ මං දිහාත් මගේ ඇගේ පිඹුරෙක් වගේ වෙලිලා ඉන්න සාරිය දිහාත් බලලා.

“අන්දවනවා මේ මගුල”

මම කිව්වේ තරහින් ,

“ඔසරියක්ද බේබී”

කුමාරී සාරිය අතට අරන් ඇහුවා .

“පිස්සුද හොල්මන..මාව අරින්න ඕනී අපේ කුක්කු මමී වගේද..සාරිය අන්දනවා මට”

මම කිව්වේ කුමාරිට ඔරවලා. කුමාරී හිනාවෙවී මට සාරිය අන්දනකම් මම හිටියේ කිරිපණු ගාය වගේ දගල දගල..
කුමාරී මාර කට්ටක් කලා මට ලස්සනට සාරිය ඇන්දුවා.කොණ්ඩෙත් අවුල් ඇරලා චුට්ටක් උඩට කරලා වූල් බෑන්ඩ් එකක් දැම්මා.

“ටන්කූ..වස්තු”

අන්තිමට මම කුමාරිට කිව්වේ කණ්නාඩියෙන් පේන මගේ ලස්සන රූපේ බලාගෙන ..

“නයිස් ඔයා ලෑස්”

එහෙම කියාගෙන මගේ කාමරයට ආපු ගිම්හාන ලොප් වුනේ මොකද බලන්න මම ඔලුව ඉස්සුවා. ගිම්හානගේ ඇස් මගේ රූපේ ඇලිලා වගේ ..මට ලැජ්ජා හිතුනා.

“මොකද හලෝ කන්න වගේ මං දිහා බලාගෙන ඉන්නේ ”

මම අහද්දී ගිම්හාන තිගැස්සුනා .

“ලස්සනයි බං…මම මේ බැලුවේ අපේ නයිස්මද කියලා .එනවා කන්න යන්න”

ගිම්හාන මාව ඇදගෙන කාමරයෙන් එලියට ආවා. අදත් කිරිබත් ..මගේ ජාතික ආහාරය..මම ඉතින් තරහට වගේ කෑලි දෙක තුනක්ම කාලා දැම්මා.

“දෝණි පරක්කු වෙනවා නේද අපි යමු..කෝ ෆයිල් එක ගත්තාද”

අප්පච්චි අහද්දී මම ඉක්මනින්ම ලිප්ස් ටික් ටිකක් ආපහු ගාගෙන කාමරයට දුවලා ගිහින් මගේ ෆයිල් එක ගත්තා. තව චුට්ටෙන් ඒක අමතක වෙනවා.

මායි , ගිම්හානයි දෙන්නාම අප්පච්චිට වැන්දා.

“තුනුරුවන් සරණයි දෙන්නාටම”

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 10

විවේක් ඔව් ..ජොගින් ගිහින් එනවා.

අප්පච්චිගේ ආදරණීය සුභ පැතුම එක්ක අපි දෙන්නා එලියට බැස්සා. ඒත් ඉස්සරාහට හම්බවුන කෙනාව දැක්කාහම මගේ මූණ ඇදවුනා . විවේක් ඔව් ..ජොගින් ගිහින් එනවා.

“ගුඩ් මෝර්නින් පුතා. අද මෙයාලට ඉන්ටර්විව්ස් ”

අප්පච්චි කිව්වේ හිනාවෙලා.

“ආහ්..එහෙමද දෙන්නාටම විශ් කරනවා මං ..”

විවේක් එහෙම කිව්වත් එයාගේ ඇස් තිබුනේ මං ගාව.. මේ බූරුවා මොනවා බලනවාද මන්දා මම මූණ පුලුටු කර ගත්තා.

….හමුවෙමු යලි ඒ ආදරය සමගින්…..

යලි අවදිවු උරුමකරු 10 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 10
බෙදාගන්න :
  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

    ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

    ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

    ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

    ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it