යලි අවදි වු උරුමකරු 11

යලි අවදි වු උරුමකරු 11

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 11 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 11  කොටස ඔබත් බලන්න.

යලි අවදිවු උරුමකරු 11

….
යක්ෂයානන් වෙත
…….

“උතුමාණනී ඔහු අවදිවෙලා”

යූදාස් කියද්දී යක්ෂයානන් හිනාවුනා .

“නාදියා හමුනොවන තාක් ඔහු අසම්පූර්ණයි ”

යක්ෂයානන් යලිත් වියරු ලෙස හිනාවුනා .

“ඔහු ඇයට ලංවෙලා .ඔබවහන්සේ නිහඩ කිමෙද ..අපි ඔවුන් වැළැක්විය යුතු නොවේද ”

යූදාස් යක්ෂයානන්ගේ නිහඩබව ගැන පුදුම වුනා.

“මුලින්ම මම හිතුවේ ඇයව විනාශ කරන්න එහෙත් ඇය බොහොම හුරුබුහුටියි . ඉතින් ඈ දයාවේ පුතණුවන් වෙනුවට යක්ෂයාගේ පුතණුවන් බිහිකලොත් කුමක්වේද …උරුමකරුට යලි ඈ හමුනොවේවී.දයාවේ පුතණුවන් කිසිදාක නොඉපදේවී”

යක්ෂයානන් එසේ කියද්දී අදාල ස්ත්‍රිය කෙරෙහි මහත් ඇල්මක් යූදාස් ඔහුගේ ඇස්වල දුටුවේය .

“උතුමාණනී ඔබ හැගීම් වලට වහල්වෙලා”

යූදාස් කියද්දී යක්ෂයානන් ඔහු කෙරෙහි හෙලන ලද්දේ රුදුරු බැල්මකි.

“මනුෂ්‍යන් හිතන පරිදි යක්ෂයින් හැගීම් දැනීම් නැති විරූපියන් කියා නුඹ සිතුවේද..මමයි යක්ෂාධිපතියා.මා වන් කඩවසම් රුවක් නුඹ මිනිස් ලොව දුටුවේද”

එසේ කියන විට යක්ෂයානන්ගේ කඩවසම් ඇස් දීප්තියෙන් බබලන්නට විය.. අහෝ එතුමානන් ප්‍රේමයෙන් උමතුවෙලා..එතකොට කාලීන්..ඔහුගේ උරුමය යක්ෂායානන් උදුරා ගත්තහොත් බොහෝ වියරු සටනක් නුදුරේදීම ඇතිවේවි. යූදාස් කල්පනා කලේය.

“උතුමාණනි , කාලීන්? ඔහුයි නියම උරුමකරු ”

යූදාස්ට කියවුනේ නොසිතුන මොහොතකයි .

“හහ්..හහ්…හා…ඔහුට ඇය උරුම වීමට මම කිසිවිටෙක ඉඩ තබන්නේ නැහැ ..අමතක නොකරන්න යූදාස් ඇය අමරණීය නැහැ ..ඉතින් මටයි ඇයගේ දිවිය අයිති..”

යක්ෂයානන් වියරු ලෙස සිනාසුනා.

යලි අවදි වු උරුමකරු 11

යක්ෂයා මෙතරම් කඩවසම් විය හැකිද?

” එහෙත් උතුමානනී ඔවුන් හමුවේවී..අනිවාර්යයෙන්ම ප්‍රේම කරාවී..ඔවුන් සිත් වලින් සදහටම බැදුනේ මින් වසර දෙදහස් පන්සීයකටත් කලින්..දැන්ම ඈ වලක්වන්න…ඇයව කැදවනවා ..”

යූදාස් කියද්දී යක්ෂයානන්ගේ මුහුණේ ඇදුනේ නොපැහැදිලි හැගීම් සමුදායකි..

“අර යන්ත්‍රය ..එය තිබෙන තුරු කාලීන්ට ඇයව හදුනාගත නොහැක්කා මෙන්ම මටද ඇයට ලංවිය නොහැකියි..එය කෙසේ හෝ ඇය වෙතින් දුරස් කල යුතුය. යූදාස් නුඹ දන්නවානේ මෙවර ඇය කාලීන් අවදි කිරීම මට වැළැක්විය නොහැකි වුනේ ඒ යන්ත්‍රය නිසායි..”

යක්ෂයානන් තුල ඒ යන්ත්‍රය කෙරෙහි වුනේ තරහකි.

“එහෙත් උතුමානනී ඔබ එදා ඇය නොමරා බේරගත්තේ කිමෙද”

යූදාස් ඇහුවේ පුදුමයෙන් ..

“ඒකට හේතු දෙකක් තියෙනවා යූදාස් , ඒ නිසා මම ඇයව මැරෙන්න ඇරියේ නැහැ . එකක් ඇයගේ ශරීරයේ ස්පර්ශ වන යන්ත්‍රය..අනෙක මගේ සිතේ ඈ කෙරේ වූ කැමැත්ත …නාදියා නුඹ මගේ ….”

යක්ෂයානන් දෙඅත් උස්සා ගැඹුරු ලෙස කෑගැසුවේය .

………
යලි හේක්ස් නුවරට
…….

“මේසස් මට මෙය කල නොහැකියි..ඒ ලාබාල ස්ත්‍රීය කෙරෙහි මා සිත ඇදී යනවා”

කාලීන් කුටිය තුල වේගයෙන් එහා මෙහා ගියේය .

“ඔබතුමා ඔතරම් ආකර්ෂණය වෙනවා නම් ඒ නාදියා තුමිය වෙන්න බැරිද”

මේසස් ඇහුවේ කල්පනාකාරීව

“උමතු වෙලාද මේසස්..මගේ නාදියා එසේ වන්න..නුඹ දන්නවාද ඒ ස්ත්‍රීය අදින්නේ බොහොම කොට ඇදුම් නැත්නම් දිග කලිසම් ..ගතිගුණ පුරුෂයෙක් වගේ ..මගේ සුකොමල , සිනිදු දිග සේල ඇන්ද නාදියා එසේ සිටිය හැකිද…අනෙක මට ඇයව දැනෙන්නේ නැහැ .”

කාලීන් කිව්වේ නුරුස්නා හඩින්.

“උතුමානනී, අමතක නොකරන්න ඇය පැලදී යම් යන්ත්‍රයක් ඔබ දෙපල හදුනාගැනීම අවහිර කරලා තියෙනවා ..අනෙක නාදියා තුමිය දැන් ඉපදිලා තියෙන්නේ වෙනස් සමාජයක. ඇය ඊට අනුකූලයි.. ඒ නිසා ඇය කෙරෙන් පූර්ව ගති ස්වභාවයන් බලාපොරොත්තු වීම නිශ්ඵලයි…උතුමානනී ඒ ආදරය පමණක් හදුනගන්න ”

මේසස් කාලීන්ට එසේ කියද්දී ඔහු මදක් සංසුන් වුවේය ..

යලි අවදි වු උරුමකරු 11

“මම යලිත් යායුතුයි ..ඇය මගේ උරුමයයි..මමයි ඇයගේ උරුමකරු ..”

“මම යලිත් යායුතුයි ..ඇය මගේ උරුමයයි..මමයි ඇයගේ උරුමකරු ..”

කාලීන් කිව්වේ ස්තීර හඩින්

“උතුමානනී ප්‍රවේශමෙන් ,යක්ෂයානන් ඈ පස්සේ ”

මේසස් මතක් කලේය.

” ඔහ්…ඒ කියන්නේ මගේ නාදියා මට කලින් ඔහු හදුනගෙන …”

කාලීන් තරහින් කිව්වේය .

“එසේය උතුමානනී ..ඇය සොහොන් භූමියට තැබු පලමු අඩියෙන් ඔහු ඈව හදුනාගත්තා..ඔහුට දැන් අවැසි ඇයව විනාශ කරන්න නොව හිමි කර ගන්නයි”

මේසස් පළිගු අදුනෙන් දැක්ක සියල්ල පැවසුවේය . කාලීන්ගේ ඇස් තරහින් රතුවිය .
“නාදියා එපා……….”

කාලීන් කෝපයෙන් කෑගැසුවේය .

“උතුමාණනී සංසුන් වන්න..මෙය බොහොම සංකීර්ණයි ..යක්ෂයානන්ගේ රුදුරු ක්‍රියා යහපතින් තුලනයට දයාවේ කුමරුවන් ඉපදීම ඉතා අවශ්‍යයි .”

මේසස් සිය රජතුමානන් සංසුන් කිරීමේ නිශ්ඵල උත්සහයක යෙදුනේය.

“නැහ්..මට තවත් නාදියා අහිමි කර ගත නොහැකියි ..ඇය දයාවේ පුතණුවන් කුස නොදරනු ඇත. ඇය අමරණීය විය යුතුය .”

කාලීන් ස්තීර හඩින් සිය තීරණය පැවසුවේය .

“උතුමානනී ඔබ ඇයගේ කුස තුල ඔබගේ සලකුණ නොතැබුවහොත් යක්ෂයානන් අනිවාර්යයෙන්ම ඔහුගේ සලකුණ ඇයගේ කුස තුල තබනු ඇති. ඇය පොරොන්දු වී අවසන් ..ඒ අනුව ඇයට අමරණීය විය නොහැකියි .ඇය ඇයගේ කාර්‍යය පූර්ණය කල යුතුයි .”

මේසස් පහදා දුන්නේ සත්‍ය වු නමුදු ඉන් සිදුවුයේ කාලීන් තවත් නොසංසුන් වීම පමණයි.. ඔහු වචනයක් නොපවසා යලී වේගයෙන් යනු මේසස් බලාගෙන සිටියේය

…….
ශ්‍රීලංකාව
….

කාලෙකට පස්සේ මම හිටියේ අමුතුම හීනයක ඒ හීනේ කාගෙවත් මූණූ පැහැදිලි නැහැ .

යලි අවදි වු උරුමකරු 11

“නාදියා නුඹ මගේ “

“නාදියා නුඹ මගේ ”

කවුදෝ කෑගැහුවා .

“නාදියා එපා”

දෙවියනේ ඒ කාලීන් ..කාලීන් කියන්නේ කවුද ? මම අවදිවුනේ කෑගහගෙන. ඒක මට නොදැනීම ශබ්දෙට ඇහිලා කියලා මම දැනගත්තේ කාමරයට එන අඩි ශබ්දයෙන්..

“බේබී..මොකද වුනේ ”

කුමාරී කාමරයේ ලයිට් එක දැම්මා..මගේ දාඩිය වැගිරෙන මුහුණ මම පිහදාගත්තා .

“ව..වතුර එකක්”

මම අත දික් කරලා වතුර වීදුරුව පෙන්නුවා . කුමාරී ඉක්මනින්ම වතුර එක මගේ අතේ තිබ්බා. මම එක හුස්මට බිව්වේ හත් අවුරුද්දකින් වතුර දැකලා නැහැ වගේ .

“දෝණීට මොකද කුමාරී”

අප්පච්චිගේ හඩ ඇහෙද්දී මම දොර දිහා බැලුවා .හත්වලාමයි ඉදලා හමාරයි .ගිම්හානත් කාමරේට එබිලා ඉන්නවා .

“බේබී හිනෙන් බයවෙලා වගේ මහත්තයා”

කුමාරී කියද්දී අප්පච්චි කාමරය ඇතුලට ආවා.
“හෙට තියෙන ඉන්ටර්විව් එක ගැන මගේ දෝණිගේ හිත ගැස්සුනා ද ආහ්..කෝ ඉතිපිසෝ ගාථාව කියලා නිදාගන්න ”

අප්පච්චි මගේ ඔලුව අතගෑවේ ආදරයෙන් .. මම ආයෙමත් ඇස් තදින් පියාගත්තා ..නින්ද ගියේ කොයි වෙලේද මන්දා..ඒත් මට මුලු නින්ද පුරාම වද දුන්නේ ඒ හීනී ලස්සන ඇස් දෙක..

” නැගිටින්නකෝ දෝණි..මොකද මේ”

අප්පච්චි කකුලට තට්ටුවක් දානකොට මම නැගිට්ටේ තිගැස්සිලා . දෙවියනේ කාලීන් ? ඔහු අවදිවෙලා . මට එකපාරටම හිතුනා .

“අප්පච්චි කාලීන්..එයා..එයා අවදිවෙලා”

මට එකපාරටම කියවුනා.

“හහ්..හහ්..හා දෝණි කාලීන් විතරක් නෙමෙයි මේ වෙද්දී මුලු ලෝකෙම අවදිවෙලා ..ඔයා විතරයි තාම නිදි”

අප්පච්චි කියද්දී කුමාරී හිනාවුනා . අද අලුත් දවසක් එදා ගිය ඉන්ටර්විව් එකෙන් මමයි ගිම්හානයි දෙන්නාම ප්‍රොෆිසර් එක්ක කෑම්ප් යන්න සිලෙක්ට් වුනා . අද තමයි අප පිටත්වෙන්නේ, මෙතැනින් සිලෙක්ට් වුනොත් අනිවාර්යයෙන්ම අපි ෆොරින් ප්‍රොජෙක්ට් එකට සිලෙක්ට් වෙනවා .

“කුමාරියෝ උදව් කරනවා හලෝ..මේ ටික බෑග් එකට දානවා යකූ..”

මම රෙදි කන්දක් ඇද උඩ ගොඩ ගැහුවා .

“බේබී”

කුමාරී කතා කරද්දී මම ඇස් උස්සලා ඇයි කියලා ඇහුවා .

“මෙච්චර ඇදුම් ගෙනියන්න ලොරියක් ගේන්න වෙයි”

කුමාරී කියද්දී මම තොලක් හපා ගත්තා .

“මැට්ටියේ..මම කිව්වේ ඔක්කොම රෙදි දන්න නෙමේ..සිලෙක්ට් කරලා ලස්සන ටිකක් දාන්න .”

මම එහෙම කියලා රෙදි කන්ද එක්ක කුමාරිව තනිකරලා. අනිත් ඕනී කලමනා ඔක්කොම රෙඩි කර ගත්තා.

“දෝණි ලෑස්තිද ”

අප්පච්චි අහද්දී මම ඩෙනිමක් දාගෙන අත් දිග ටීෂර්ට් එකක් දාගෙන ඉවරයි .

“ඔව් අප්පච්චි ”

මම ඉක්මනින්ම සාලයට දුවගෙන එනකොටත් කුමාරී මගේ බෑග් ටික සාලෙන් තියලා තිබ්බා. ඒ එක්කමයි කුමාරිත් ලෑස්ති වෙලා ආවේ..

“කුමාරි කොහේ යන්නද ”

මගේ ඇස් නලලේ ..

“ආහ්..මගේ දෝණි හිතන්නේ මම ඔයා ගැන හිතන්නේ නැහැ කියලාද..කුමාරිත් ඔයා එක්ක යනවා ..මම ඒකට වියදම් දරලා ස්පෙෂල් ප්‍රමිෂන් අරගෙන තියෙන්නේ ..ඔයාව මාසයක් මෙහෙම තනියම යැව්වොත් අපේ අම්මා මාව මරයි. බැනලාම”

අප්පච්චි හිනාවෙවී මගේ බෑග් දෙකක් අතට ගත්තා. කුමාරී එයාගේ බෑග් එකයි මගේ බෑග් එකකුයි ගත්තා. ෂික් මේ පරාල ඇනේ..එක අතකට හොදයි අප්පා රෙදි ටික හෝදගන්න. මම ඔය විකාර හිත හිත ගෙදරින් එලියට ආවා.

“ආහ් අංකල් කොහේ හරි යනවාද. නැත්තම් ගෙවල් ඇරලා යනවාද”

ඒ හඩින් මම ඔලුව උස්සලා බැලුවා. එතැන හිටියේ විවේක්..

“මේ අපේ දෝණිට කෑම්ප් එකක්..අපි මාසෙකට නැහැ ”

අප්පච්චි කියද්දී විවේක්ගේ මූණ මැලවුනා .

“කොහේද අංකල් නංගිගේ කෑම්ප් එක තියෙන්නේ ”

විවේක් ඇහුවේ කලබලයෙන්

“යාල ආශ්‍රිතව , දෝණිගේ පලවෙනි ජොබ් එක ලැබෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේකෙන් පුතා..ම්හු..පරක්කුයි ..අපි යන්නම්”

අප්පච්චි ඉස්සර වෙද්දී මම ඒ මූණවත් නොබලා ඉස්සර වුනා .අපි ඒ ආයතනයේ ඔෆිස් එකට එද්දී ගිම්හාන ඇවිත් .

“නයිස්..”

ගිම්හාන කෑගහද්දී මම අත වැනුවා. මම ගිම්හානව දකින්නේ හරියටම සති දෙකකට පස්සේ ..එදාම හවස ඉන්ටවිව්ස් ඉවරවෙලා කොල්ලා ගෙදර ගියා ගියාමයි.

“අප්පේ මේ ඔයාගේ බොඩි ගාර්ඩුත් යනවාද”

ගිම්හාන ඇහුවා . මම ඔව් කියන්න ඔලුව වනද්දී ගිම්හානගේ මූණ මැලවුනා.

“අපි දෙන්නා අතරේ මේකී චීන මහා ප්‍රකාරය වගේ ඉදියි”

ගිම්හාන කිව්වේ අහිමි වෙන නිදහස ගැන පසුතැවෙමින් ,

“ඒ වුනාට මට ආරක්ෂාවක් තියෙන්න එපැයි. මේ එක එක ගෙවලයෝ මට බැල්ම දානවානේ.”

මම හිනාව තද කර ගෙන කිව්වා.

“ගෙවලයා…මේ නයිස් උඹ මැරුම් කන්නේ මගෙන් “

ගිම්හාන එලවගෙන එද්දී මම අප්පච්චි පස්සේ හැංගුනා.

“ආහ් ගිම්හාන පුතානේ..අනේ පුතේ මගේ දෝණිව බලාගන්න ..”

අප්පච්චි කියද්දී මට දුක හිතුනා. එයා හැමදෙයක්ම කරන්නේ මං වෙනුවෙන්.

“බයවෙන්න එපා අංකල් මං ඉන්නවානේ ”

ගිම්හාන කිව්වේ මහ ලොක්කෙක් වගේ . ෂැක් මූ මාව බලාගන්න .මට තමයි ඉතින් මූව බලාගන්න වෙන්නේ ..මම හිතුවා. අප්පච්චි එහෙම්මම ගියේ ඔෆිස් එකේ මිටින් එකක් නිසා..මම අප්පච්චි යන දිහා බලලා බර හුස්මක් හෙලුවා ..කුමාරීත් ගහක් යට ඉදගෙන ඉන්නවා

“මේ ගියපාර වගේ හීනෙන් ඇවිදින්න ලෑස්ති වෙන්නේ නැහැ ..මමයි දැන් භාරකරු ”

ගිම්හාන මට සමාන්තරව හිටගෙන කිව්වා.

“භාරකරු?? හදේ තමයි ”

මම කිව්වේ තොල් පටක් හපාගෙන . අපි ඔක්කොම අටදෙනෙක් තෝරගෙන තිබ්බා. දෙන්නෙක් පිරිමි..හයක් ගෑනු..

“ඒ නයිස් තමුසේ බෙල්ලේ එල්ලගෙන ඉන්න බෙර තඩිය කැතයි ඕයි..ගලවලා එනෝ”

ගිම්හාන කියද්දී මගේ අත ගියේ බෙල්ලේ තිබ්බ යන්ත්‍රයට..ෂික් මට මේක ගලවලා එන්න බැරිවුනානේ ..

“විනාඩියක් ඉන්නවා ”

එහෙම කියලා මම දිව්වේ වොෂ් රූම් එකට..මම යන්ත්‍රය ගලවලා අතට ගත්තත් තියන්න තැනක් කල්පනා වුනේ නැහැ .

“දෝණි මේක ගලවන්න එපා..අවශ්‍යම වේලාවක ගැලෙව්වත් බුදුසාදු ගාවින් තියන්න .”

කිරි අම්මා මේ යන්ත්‍රය අලුත් කරන පාරක් ගානේ මට මිමිණුවේ මන්ත්‍රයක් වගේ ..මම යන්ත්‍රය අතේ තියාගෙන මොහොතක් කල්පනා කලා. ඊටපස්සේ යන්ත්‍රය ඉනේ බැදගත්තේ තියන්න තැනක් නැති හින්දා.

“වාව් නයිස්..අන්න දැන් තමුසේ ඉන්නවා කලින් හිටපු පිස්සු හෝන්තුව වගේ ”

ගිම්හාන මගේ නහයෙන් ඇදලා කිව්වා.
…….යලි හමුවෙමු ඒ ආදරය සමගින්……..

යලි අවදිවු උරුමකරු 11 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි