යලි අවදි වු උරුමකරු 12

යලි අවදි වු උරුමකරු 12

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 12 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 12  කොටස ඔබත් බලන්න.

යලි අවදිවු උරුමකරු 12

“දැන් හොදට අහගන්න , ඔයාලා අටදෙනාගෙන් තුන්දෙනෙකුගේ ඉරණම තීරණය වෙන ගමනක් මේ..ඔයාලා එක්ක වැඩ කරන්න එන්නේ ප්‍රොෆිසර් කෙවින් බ්‍රවුන්සන්..එයා මේ වෙද්දිත් ඇමරිකාවලින් පිටත් වෙලා..ඔයාලා දැන් පිටත්වෙනවා .එයා හෙට එයි.. මේ විනෝද චාරිකාවක් නෙමෙයි ..ප්‍රොෆිසර් එක්ක හොදින් වැඩ කරන්න .ගුඩ් ලක්”

ආයතන ප්‍රධානියා කියද්දී මම ගිම්හානගේ අතක් කෙනෙත්තුවා..

“ආව්වා..මොකද යකූ”

ගිම්හාන ඇහුවේ මූණ බෙරි කරගෙන .මගේ දිග නියපොතු නිසා එයාට සිදෙන්න ඇති..

“මේ ගයියා..මේ පාරත් සොහොනක් හාරන්න වෙයිද දන්නේ නැහ් නේ?”

මම අහද්දී ගිම්හානගේ කට කොනක හිනාවක් ඇදුනා.

“යකෝ පුරා විද්‍යාව කියන්නේ වැලලිලා තියෙන ඉතිහාසය ගොඩගන්න එක..ඉතින් සොහොනක් හාරනවා වගේ තමයි ..තෝ දැනගෙන නෙමෙයිද පුරා විද්‍යාව ඩිග්‍රි එකක් කලේ”

ගිම්හාන ඇහුවේ මගේ ඇස් වලට එබිලා.

“ම්හ් නැහ්..මම පුරා විද්‍යාව කියලා හිතුවේ අපේ කිරි අම්මාගේ පුරාණ පෙට්ට ගම අදිනවා වගේ වැඩක් කියලා ”

මම කියද්දී ගිම්හානගේ ඇස් ලොකු වුනා.

“වට්? උඹ ඒකත් ඇද්දාද නයිස්..රාජසිංහ කිංග්ගේ කාලේ මොකුත් හම්බවුනේ නැද්ද කෙල්ලේ”

ගිම්හාන අහන විදියට මට හිනාගියා.

“හම්බවුනා..”

යලි අවදි වු උරුමකරු 12

පතා ආ මිතු දමකින් බැදුන නිම්නාදදි හා ගිම්හාන

මම කියද්දී ගිම්හාන නොඉවසිලිමත් වුනා.

“ලොකු කෙන් ගෙඩියක්”

මම කියලා ඉවර කරද්දී ගිම්හාන මගේ පස්සේ පන්නන්න ගත්තා. මම ඉතින් කුමාරිගේ සිකියුරිටි එක යටතේ යාලටම ආවා. කුමාරී මම ලග ඉදගත්තේ අප්පච්චි මං ලගම ඉන්න කියපු එක මතක් කරලා. ඒත් ගිම්හානගේ මූණ නම් බෙරිවෙච්ච කොස් ගෙඩියක් වගේ ..මං ලග අසුන ඌට නැතිවුනානේ..

“හරිම මහන්සියි ගයියා”

අපිට නවාතැන් සදහා වෙන්කරපු හොටෙල් එක ලගින් බැහැලා මම කිව්වා.
“උඹ හරියට බස් එක උස්සන් ඇවිත් වගේනේ කතාව ”

ගිම්හාන හිකි හිකි ගාලා හිනාවුනේ මාව අවුස්සන්න .

“උඹ මගුලක් කතා කරනවා .ඇයි දැක්කේ නැද්ද කුමාරී එනකම් මගේ උරහිස්ස උඩ දොයි..බුල්ඩෝසරයක් උස්සගෙන ආවේ මං”

මම එහෙම කියලා අපිට වෙන්කරපු කාමරය හොයාගෙන ගියා. යාල ආසන්නයේ තිබුන මේක පුංචි ඒත් ලස්සන හෝටලයක්..දෙන්නෙකුට එක රූම් එක ගානේ ලැබුනත්..මට කුමාරී එක්ක ඉන්න පහසුකම් වැඩි කාමරයක් අප්පච්චි වෙන් කරලා තිබ්බා. ගයියලා හිටපු රූම්ස් තිබ්බේ පළමු මහලේ, අපිට හම්බවුනේ දෙවෙනි මහලේ කාමරයක්..

“කුමාරියෝ”

මම කෑගැහුවා .

“ඇයි බේබී ”

කුමාරී මං ලගට දුවගෙන ආවේ කලබලයෙන්

“මට මහන්සියි මම චුට්ටක් මම නිදාගන්නෝ..ඇහැරවන්න එපා.රෑට කන්නේ නැහැ මං. ඔයා ගිහින් කාලා එන්න. හොදද”
මම එහෙම කියලා වොෂ් එකක් දාපු ගමන් ඇදට පැන්නා .

“බුදු අම්මෝ”

කුමාරී කෑගහගෙන ඇවිත් මගේ ඇගට පනිද්දී මම ඇහැරුනේ තිගැස්සිලා .මේ මල හොල්මනට මොන යකෙක් වැහිලාද හිත හිත මම ඔරලෝසුව දිහාට ඇස් යැව්වා. වේලාව රෑ නමයයි.

“මොකද්ද මේ විකාරේ කුමාරී ”

මම තාමත් මගේ ඇද උඩ වෙව්ලන කුමාරිට තට්ටුවක් දාලා ඇහුවා .

“අනේ බේබි ..අර යකා..”

කුමාරී අවශ්‍ය දේ කියාගත නොහැකිව ලතැවුනා .

“මොන යකාද කුමාරි..මම කිව්වානේ මොන මල යකා ආවත් ඇහැරන්න එපා කියලා .”

මම තරහින් කෑගැහුවා .

“බේබි අර පෙන්නපු ෆිල්ම් එකේ හිටපු දත් දිග යකා කොලිඩෝර් එකේ හිටියා .”

කුමාරී කියද්දී මම කල්පනා කලේ මෙයා කියන්නේ මොන යකා ගැනද කියලා .මොකද මගේ විනෝදාංශය හොල්මන් ෆිල්ම් පෙන්නලා කුමාරිව බය කරන එක..

“විකාර නැතුව ඉන්නකෝ අප්පා..ඔයා මගේ හාර් බීර්ට් වැඩි කරනවානේ”

මම බොරුවට කිව්වා..දැන්නම් යකෙක් කන්න බඩගිනියි.
“කුමාරි මට බඩගිනියෝ…මම පහලට ගිහින් මොනවා හරි බංඩියට දාගෙන එන්නම්. එතකම් දොර වහගෙන ඉන්න හොදද”

මම කුමාරිගේ කම්බුලක් මිරිකලා එහෙම කිව්වා.මම අත් දිග ඇරලා හිරි කැඩුවා. ඊටපස්සේ පහලට බැස්සා. ගොඩාක් අය කෑම අරන් උඩට ගිහින් නිසා ,ආපනශාලාව පාලුවට ගිහින්. මම නූල්ඩ්ස් එකක් දාගෙන කෑවේ හත් අවුරුද්දකින් බඩගින්නේ හිටපු කෙනෙක් වගේ . ඊටපස්සේ ප්ලේන්ටියකුත් ඉල්ලගෙන බිව්වා. වේටර් කොල්ලා මං දිහා බැලුවේ ස්කැවෙන්ජර් කෙනෙක් දිහා බලනවා වගේ ..ප්ලේන්ටියේ පවර් එකට මගේ නිදිමත කොහේ ගියාද මන්දා.. මම එහෙමම එලියට බැස්සේ චූටී වෝක් පාරක් දාන්න හිතන්..යක්කු ගස් නගින වේලාවද හින්දාද මන්දා මෙලෝ යකෙක් එලියේ නැහැ .ඔක්කොම යක්කු ගස් උඩ වෙන්නැති ..මගේ කට කොනක හිනාවක් ඇදුනා.

යාල අවට වුනත් වටේ තිබ්බ හුලං එක්ක පරිසරයේ තිබ්බේ අමුතුම සීතලක්..මම අත් දෙක අතුල්ලලා කම්බුලේ තියාගෙන චුට්ටක් එහෙට මෙහෙට ගියා. ඊටපස්සේ මම හොටෙල් එක ඇතුලට යන්න හැරුනා.

යලි අවදි වු උරුමකරු 12

මහාචාර්ය කෙවින් ලෙසින් මිහිමතට පය තැබු කාලීන්

“දෙවියනේ”

මගේ අත ගියේ පපුවට ..දෙවැනි තට්ටුවේ බැල්කනියක තනි කලු ඇදගෙන බැල්කනි වැටට බරවෙලා අදුරේම ඈත බලාගෙන හිටියේ ඔහු..ඔව් අර මගේ වැම්පයර් අසල්වැසියා.. ඔහු මාව දැක්කේ නැහැ .ඉක්මනින්ම මම එතැන තිබ්බ කණුවක් පිටිපස්සේ හැංගුනා . මම එහෙමම ගොඩාක් වෙලා හිටියා.අර කලින් තිබ්බ සීතල මකා ගෙන මට දාඩිය දැම්මා . මම හෙමිහිට ඔලුව දාලා ආයෙම අර බැල්කනිය දිහා බැලුවා .

මොකෙක් වත් නැහැ ..මම නිකන් හිතළුවක් දැක්කාද? නැහ් වෙන්න බැහැ . එතකොටමයි මම ඊට ටිකක් එහායින් පියාඹන වවුල් තඩියෙක් දැක්කේ ..වැම්පයර් කෙනෙක් ? මම පණ කඩාගෙන හොටෙල් එකට ගිහින් මගේ කාමරේ නැවතුනේ .

“මොකද බේබී”

දොරවහ ගෙන ඒකට පිටදීලා හති අරින මගෙන් කුමාරී ඇහුවා. මේ මැට්ටිට ඇත්ත කියන්න ඈ..

“හප්පේ ඩයිනෝසරයෙක් මගේ පස්සේ එලෙව්වා ”

මම බොරුවක් කිව්වා.මේකී දන්න ඩයිනෝසර්..

“ඩයිනෝසර් නැහ් වෙන්න බැහැ . උන් දැන් නැහැ නේද බේබී..හොටෙල් එකේ බල්ලෙක් වෙන්න ඇති”

කුමාරී කියද්දියි මට ඇදගෙන නාපු තරම තේරූනේ..දැන් මම මොකද කියන්නේ ..හප්පේ මේ කුමාරිත් දන්න දේවල් .

“නැහ් ..උන් ආයෙම ඇවිත් ..අලුත් වර්ගයක්”

මම එහෙම කියද්දී කුමාරිගේ කට කොනක හිනාවක් ඇදුනා. මම ඇදට පැනලා ආයෙමත් නිදාගත්තා .

“බේබී..අනේ නැගිටින්නකෝ”

මම නැගිට්ටේ කුමාරිගේ ආදරණීය මල අදෝනාව එක්ක.. ඩෙනිමක් , ටීෂර්ට් එකක් දාලා මම ඉක්මනින්ම ලෑස්ති වෙලා පහලට ආවේ අද අපේ අලුත් ප්‍රොෆිසර් එනවා කියපු නිසා..මම මිදුලට බැහපු ගමන් ඇස් කොනකින් අර බැල්කනිය බැලුවා. මොකෙක් වත් නැහැ .

“මොකද බං මේ මල පාන්දර ඇස් කරක කරක ඇන්ටනාව දාගෙන හොයන්නේ “

ගිම්හාන අහද්දී මම දත් ටික ඔක්කොම දාලා හිනාවුනා . මොකද මම ඊයේ රෑ බයවුන හැටි මේ බුරුවාට කියන්න ඈ..එහෙම වුනොත් මූ මෙතැන බිම පෙරලි පෙරලී හිනාවෙයි ඉල ඇට කැඩෙන කම්ම..

“නැහැ මම මේ ස්වභාව සෞන්දර්යය වින්දා”

මම ගත් කටටම කිව්වා.

“නැහ් වෙන්න බැහැ උඹ නිකන් ඉන්නේ යකෙක් ගහලා වගේ ”

ගිම්හාන අහද්දී මට තරහා ගියා.මේ ගෙම්බාට ඕන් නැති මගුලක් නැහැ . ඉතින් මම ගිම්හානව පිච්චිලා යන්න රැව්වා.

“කට්ටියම අහන්න. අපි දැන් කැනීම් භූමියට යනවා. ප්‍රොෆිසර් එතැනට එයි. ඔයාලා ඔයාලාගේ හැකියාවන් උපරිමයට පෙන්නන්න. ”

ඒ නර්මදා , ප්‍රොෆිසර් කෙවින්ගේ ඇසිස්ටන් නැත්තම් අපි අටදෙනා භාරව ඉන්න කෙනා. මම කුමාරිට කාමරයට වෙලා ඉන්න කියලා කට්ටිය එක්ක පිටත් වුනා.

“ගයියා”

මම කතාව පටන් ගත්තා.

“හ්ම්”

ගිම්හාන උත්තර දුන්නේ බස්සෙක් වගේ .

“මේ..ප්‍රොෆිසර් හැට පැනපු නාකියෙක් වෙන්න ඇති නේද”

මම කියද්දී ගිම්හානගේ ඇස් නල්ලේ.

“ප්‍රොෆිසර්ට නම් ඉතින් හැටක් වත් ඇති ඒකට බලන්නකෝ එයාගේ ඇසිස්ටන් ,නර්මදා ..පට්ට කෑල්ල ආ…”

ගිම්හාන කියද්දී මම එයා දිහා බැලුවේ පුදුම වෙලා. මෙන්න මූ කන්න වගේ නර්මදා දිහා බලාගෙන ඉන්නවා . ඒ සක්කරවට්ටම නම් මේ අසරණයාට ගැලපෙන්නේ නැහැ . මම ගයියාගේ අත ටිකක් තදින් කෙනෙත්තුවා.

“බුදු අම්මෝ..මළ යක්ෂණී”

ගිම්හාන එකපාරටම කෑගහද්දී මට හිනාගියා.

“මොකද ගිම්හාන ”

එතැනට ආවේ පසන්…ගිම්හානගේ රූම් මේට්..

“නැහ් බං මේ යක්ෂණියක් මාව පහුරු ගෑවා”

ගිම්හාන කිව්වේ අත අතගගා..මම එකපාරටම නැවතිලා ඉනට අත් දෙක තියාගෙන ගිම්හානට රවාගෙන හිටියා.

“අම්මේ..මේක පවුල් ප්‍රශ්නයක් වගේ ..මෙතැනින් මාරු වෙන එක හොදයි වගේ .නැත්තම් මටත් ඉස්සරහා දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ .”

පසන් එතැනින් යන්න හැදුවේ.

“ඒයි ඔහොම ඉන්නවා .තමුසේ දැන් කිව්වේ මම මේ හැලි වදුරත් එක්ක පවුල් වෙලා කියලාද..”

මම වේගයෙන් හැරුනේ පසන් දිහාට .අනේ ඒ අසරණයා බයටම නතර වුනා.මට මාර හැපි.

“නැහැ නිම්නාදි.පොඩි විහිලුවක් කලේ”

පසන් ගොත ගගහා කිව්වේ මගේ නපුරු කර ගත්ත මූණ දිහා බලලා.

“මොන පොඩිද ඒක හෙන බරපතල විහිලුවක් ..දඩුවමක් දෙන්න ඕනී”

මම එහෙම කියලා ‍යටි තොලත් හපාගෙන ලංවෙද්දී පසන් ඇත්තටම බයවුනා.

“මට අයිස්ක්‍රීම් අරන් ඕනී තමුසේ ගානේ..මෙච්චරක්”

මම ඇගිලි පහ පෙන්නලා කිව්වා.

“මේකී යකෝ..ඊට වඩා හොදයි ගුටිකන එක ..ආ කෙල්ල දීපං මට හොද කම්බුල් පාරක්”

පසන් ඒ ටික කිව්වේ හිනාවෙවී ..

“චික් කුණු ලෝභයා”

මම එහෙම කියලා දුවගෙන ගිහින් දිනිතිලා එක්ක එකතුවුනා.

“කොල්ලෝ දෙන්නා හමගහලා ඉවරද දැන්”

දිනිති ඇහුවේ හිනාවෙවී .

“හ්ම්..භාගෙට”

මමත් ඒ හිනාවට එකතු වුනා…
කැනීම් භූමිය හරිම නිශ්කලංකයි..මම ඉනට අත් දෙක තියලා වටපිට බැලුවා ..දෙවියනේ අපි පහු කරං ඇවිත් තියෙන්නේ ලොකු දං ගහක්..පදුරක් නෙමේ හොදට වැඩුනු ලොකු දං ගහක්..අනිත් අය පුදුමවෙලා වගේ වටපිට සිරි නරඹද්දී මම දුවලා ගියේ දං ගහ ලගට..ගහේ දෙබලකට කකුල තියලා මම චුට්ටක් උඩට නැගලා දං අහුරු තුන හතරක් කෑවා..මාර රසයි.

“බහිනවා..”

හම්මේ කවුද අප්පා මේ මූකලානේ මට කඩුවෙන් කොටන්නේ. මේ ගස් ගල් වලටත් මෙච්චර ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද .මම වටපිට බැලුවා .

“මම කිව්වේ බහින්න කියලා.”

ආයෙමත් ඒ හඩ ඇහෙද්දී මම ටක් ගාලා ගහෙන් පැන්නා.

“ඔහ් ෂිට්.. ඒ ගමන අඩු කඩාගන්නද හදන්නේ ”

කවුදෝ මාව බැන බැන අල්ල ගත්තා. මම ඉතින් ස්තුතියි කියන්න බේරගත්ත කෙනා දිහා බැලුවා. මට උඩට ගත්ත හුස්ම පහල හෙලන්න අමතක වුනේ මට හුරුපුරුදු ඒ කඩවසම් රුව දැකලා..මිස්ටර් වැම්පයර් ..මම ඔහුව තල්ලු කරලා බිමට පැන්නා.

යලි අවදි වු උරුමකරු 12

යලි යලිත් පතා ආ ප්‍රේමයක අතරමං වු කාලීන් හා නාදියා

“ඔයා”

ඔහුටත් මාව දැකලා හුස්ම ගන්න අමතක වෙලා වගේ ..මොකද මාත් ගෙවලා ඉවර නැති පාපකර්මයක් වගේ මෙයාගේ පස්සෙනේ.

“ඔව් මේ මම..ඔයා මොකද මෙහේ කරන්නේ ”

මම ඇහුවේ තරහින් ,

“ඔක්කොමට කලින් කියනවා තමුසේ මොකද මේ කැලේ ගස් උඩ කරන්නේ ”

ඔහු ඒ ගමන මගේ ඇගට ගොඩ වුනේ තරහින්..

…යලි හමුවෙමු ඒ සොදුරු ආදරය සමගින්..

යලි අවදිවු උරුමකරු 12 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි