යලි අවදි වු උරුමකරු 13

යලි අවදි වු උරුමකරු 13

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 13 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 13  කොටස ඔබත් බලන්න.

යලි අවදිවු උරුමකරු 13

” මම ආවේ රාජකාරි වැඩකට ..එතකොට ඔහේ මොකද මගේ පස්සේ එන්නේ ”

මම ඇහුවේ උඩුගුකමින් ..මේ වැම්පයර් කාරයා මම යන යන තැන මතුවෙනවානේ..

“මෙහේ එනවා. තමුන් අර ටීම් එකේද”

වැම්පයර් අහද්දී මම ආඩම්බරයෙන් ඔලුව ඉහල පහල දැම්මා.

“ඕහ් ගුඩ්..දැන් යනවා එයාලට ජොයින් වෙනවා ”

මම ඔහු කියද්දී මම ඔහුව පසුකර ගෙන ඇවිත් ගිම්හාන ලගින් හිටගත්තා . මට උපදෙස් දෙන්න මෙයා කවුරු කියලා හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ .ඊඩියඩ් ..මම බිම බලාගෙන තරහින් හිතුවා .

“ඇටෙන්ෂන් ප්ලීස් ..මේ ඉන්නේ ප්‍රොෆිසර් කෙවින් බ්‍රවුන්සන් ..ඔයාලා සර් එක්ක සහයෝගයෙන් වැඩ කරයි කියලා මම හිතනවා .”

නර්මදා එහෙම කියද්දී මම ඔලුව උස්සලා බැලුවේ හිතේ ඇදුනු අමුතු චකිතයක් එක්ක…දෙවියනේ මේ ඉන්නේ අර වැම්පයර්නේ..මම ඉවරයි දැන්..මට පොළොවේ පස් කන්න හිතුනා..කෙල්ලෝ ටික හ්ම් ශබ්දයක් නැහැ .මෙයාගේ ලස්සනට වශිවෙලාද කොහේද …

“ඕකේ …අපි පටන්ගමු..හැබැයි ඉස්සෙල්ලා දෙයක් මට කියන්න ඕනා. ඔයාලා මෙතැන විනය හරියට තියාගන්න ඕනා..වැදිරියෝ වගේ ගස් නගින්න..ගැරඩි වගේ අනෙක් අයගේ ඇගේ වෙලෙන්න හදනවාට මම කොහෙත්ම කැමති නැහැ .”

ප්‍රොෆිසර් කෙවින් කියද්දී මම ගැස්සිලා වගේ ගිම්හානගේ අත අත් ඇරියා . ඊටපස්සේ මම ඔලුව උස්සලා බලද්දී සර්ගේ ඇස් මම ලග නතර වෙලා තිබුනා.

“හොදයි ළමයි ..අපි අද අනුමාන කරලා කැනීම් කරන මේ හරියේ අවුරුදු 2000 කට කලින් වැළලුන රාජධානියක් හොයන්නේ “

ප්‍රොෆිසර් කෙවින් බොහොම සංසුන්ව විස්තර කලා.

ඊටපස්සේ අපි අපේ කැනීම් උපකරණ අරගෙන ප්‍රොෆිසර් කෙවින් පෙන්නපු තැන් වල කැනීම් පටන් ගත්තේ පරිස්සමට ..
පුරා විද්‍යාඥයෙක් වෙනවා කියන්නේ මාර කට්ටක් තමයි .මේවා සැප පුටුවල ඒසී රූම් වල ඉදලා කරන්න බැහැ .

“බිංකුණ්ඩෝ බොල බිණ්කුණ්ඩෝ…හාරපං තව බිණ්කුණ්ඩෝ ”

ගිම්හාන එහෙම මුමුණමින් පරිස්සමට බිම හාරද්දී මට චුට්ටක් ශබ්දෙට හිනාවුනා .

පස්සෙයි මට ප්‍රොෆිසර් කෙවින් කියපුවා මතක් වුනේ .මම ඔලුව උස්සලා බලද්දී මම දැක්කේ මං දිහා රවාගෙන ඉන්න සර්ව..

ප්‍රොෆිසර් කෙවින් මං ලගට ඇවිත් මුලින්ම බැලුවේ මම ගහගෙන හිටිය නෙම් බෝඩ් එක දිහා..

“ශෙනායා?? තමුන්ට එක විදියකට එක තත්පරයක් ඉන්න බැහැනේ…කහඹිලියා ගෑවිලා වගේ ,එහෙට ඇඹරෙනවා..මෙහෙට ඇඹරෙනවා ..ඊටත් තමුසේ මොකද මේ බෝයිගේ අස්සෙම රිංගන්නේ”

ප්‍රොෆිසර් කෙවින් ඇහුවේ මම මහ ලොකු වරදක් කලා වගේ ..

යලි අවදි වු උරුමකරු 13

යලි අවදි වු කාලින් මහාචාර්ය කෙවින් ලෙසින් මිහිමතට..

මේ මොන කරුමයක්ද දෙයියනේ මගේ පස්සෙන් එන අපලයක් වගේ මූගේ ඇස් මගේ පස්සෙමයි..මම මොකුත්ම නොකියා යටි හිතින් ප්‍රොෆිසර් කාරයාට හොදට දෙහි කැපුවා .

“ශෙනයා දැන් තමුන් මට බැනලා ඉවර නම් ඔතැන පාදනවා පරිස්සමට ..ඉන්නේ නම් දාහකට ගහන්න වගේ ..මෙතැන පස් පිඩැල්ලක් හාර ගන්න පණ නැහැ .”

ප්‍රොෆිසර් කෙවින් අනෙක් අයට ඇහෙන්න කියද්දී මට පොළව පලාගෙන යන්න හිතුනා. දෙන්නම්කෝ මම රිටන් එක කියලා හිත හිත මම පොළව හෑරූවේ තරහින් ..

“නයිස්..උඹ ඔතැන ළිදක් වත් හාරනවාද”

ගිම්හාන ඇනලා අහද්දීයි මම පියවි සිහියට ආවේ. මම ගිම්හානව පිච්චිලා යන්න රැව්වා.ඊටපස්සේ මම කර කර හිටපු තැන බැලුවා .මම තරහාටම ලොකු වලක් හාරලා.

“ළිදක්??? නැහ් තෝව වලලන්න වලක් හෑරූවේ මං”

මම තරහින් කිව්වා .

“යකෝ ප්‍රොපා එක්ක මල පැන්නත් මමද දැන් බයිට් එක . මම අහගෙන හිටියේ නයිස් ප්‍රොපා උඹට කියපුවා ..ජස්ට් ෆොගෙට් ඉට්”

ගිම්හාන කියද්දී මට යකා නැග්ගා. මෙච්චර අපහස කරද්දී අමතක කරන්න ..මේ නිම්නාදි ?? නෙවර්..”

මම දඩිබිඩි ගාලා නැගිට්ටා. ඉනට අත් දෙක තියාගෙන මම කල්පනා කලේ කොතැන්ටද යන්නේ කියලා . මම තව මෙතැන හිටියොත් මූ මගෙන් මැරුම් කනවා.

“ශෙනයා කියන දේ අහන්නෙම නැහැ නේද..හැදියාවක් නැහැ නේද තමුසෙට ..කොල්ලන් අස්සෙමයි රාජකාරි ”

කන ලගින් ඇහුන ප්‍රොෆිසර් කෙවින්ගේ හඩින් මම තිගැස්සිලා හැරුනා.

“සර්, ගිම්හාන මගේ ..”

යලි අවදි වු උරුමකරු 13

කිසිමදාක වෙනස් නොවුනු ඒ අපූරු මිතු දම

මට ඉතිරිය සම්පුර්ණ කිරීමට නොලැබුනි. මට කියන්න අවශ්‍ය වුනේ ගිම්හාන කැම්පස් එකේ එක වසරේ ඉදන් මගේ යාලුවා කියලා ..ඒත් මේ ප්‍රොෆිසර් කාරයා යකෙක් වගේ මට රවනවා.

” ගිම්හාන කියන්නේ ඔයාගේ කවුද කියලා මට හිතාගත්තැහැකි..ඒත් මෙතැන හරියට හැසිරෙන්න.”

ප්‍රොෆිසර් කෙවින් එහෙම කියලා යන්න ගියේ මගේ මූණවත් නොබලා. මේකා මට පුප්පන්නේ මම මෙයාගේ ජී එෆ් වගේනේ.
මම මුමුණු මුණු ගගා බැන්නා.

“මොකද නයිස් මීමැස්සියෙක් වගේ කුරු කුරු ගගා ඉන්නේ ”

ගිම්හාන ඇවිත් මගේ කරට අත දැම්මා

“මේ ගයියා මගෙන් අඩි තුනක් ඈතින් ඉන්නවා ..මට එක එකාගේ පද අහගන්න බැහැ ..කාන්දම්ද ඇලවෙන්න එන්නේ ”

මම ගිම්හානට චුට්ටක් ශබ්දෙට බැන්නේ එහායින් ඉන්න ප්‍රොෆිසර් කෙවින්ට ඇහෙන්න එක්ක..මිනිහා ඇස් ලොකු කර ගෙන මම දිහා බලාගෙන හිටියා .
මගේ හැටිත් දැනගන්න ඕනීනේ එයා..ආයෙම එන එකක් නැහැ මට අනම් මනම් කියාගෙන ..මම එහෙම හිත හිත හෙවනකින් වාඩිවුනේ අව්වට පිච්චිලා ඉහින් කනින් දාඩිය දාගෙන .

ප්‍රොෆිසර් කෙවින් අංජුලාට පස් අයින් කරන විදිය කියා දෙනවා . අංජුලාට නම් ඒ වගක් නැහැ .

එයා කන්න වගේ ප්‍රොෆිසර්ගේ මූණ බලාගෙන ඉන්නවා . මගේ ඇසුත් ඒ මූණ පුරා ගියා. හ්ම් කොල්ලත් නරක නැහැ . මගේ හිතත් චුට්ටක් හෙලවිලා වගේ ..

“මොකද නයිස්..සනීප නැද්ද”

ගිම්හාන ඇවිත් මගේ ලගින් වාඩිවුනා ..දැන් බැලුවැහැකි ප්‍රොෆිසර් කෙවින් මොකද කරන්නේ කියලා .

“කම්මැලියි ගයියා”

මම එහෙම කියලා ගිම්හානගේ උරහිස්සට හිස තිබ්බේ හිතාමතාමයි . මෙච්චර වෙලා මං ගැන තැකීමක් නොකල ප්‍රොෆිසර් එතැනට ආවේ ඊ ගහක වේගයෙන් .

“ශෙනායා මම තමුසෙට මොන භාෂාවෙන් ද කියන්න ඕනා කියන හරුපේ තේරෙන්න. නර්මදා අදට ඇති, ඔයා මෙයාලාව හොටෙල් එකට අරන් යන්න ශෙනායාව හැර”

ප්‍රොෆිසර් කෙවින් කියද්දී මගේ විතරක් නෙමෙයි ගිම්හානගේ ඇසුත් ලොකු වුනා. නර්මදා වුනත් බලාගෙන හිටියේ කට ඇරගෙන ..මු යකෙක්නේ අප්පා මේ මූකලානේ මාව තනියම දාලා යන්න හදන්නේ ..මාව බයටම මැරෙයි.. මු ඇත්තටම වැම්පයර් කෙනෙක්ද දන්නේ නැහැ ..මාව තනියම දාලා ගිහින් පස්සේ ඇවිත් මගේ බෙල්ල හපයිද දන්නේ නැහැ මම බෙල්ල අල්ලගෙන කල්පනා කලා.

යලි අවදිවු උරුමකරු 13

නාදියාගේ ආත්මය ජිවත් කරන ඇය නිම්නාදි

“සර් මාත් නිම්නාදි එක්ක ඉන්නවා ”

ගිම්හාන කියද්දී ප්‍රොෆිසර් කෙවින් ඔහු දිහා බැලුවේ තිගැස්සිලා .

“ඔයා කාත් එක්කද ඉන්නවා කිව්වේ ..”

ඔහු ගිම්හාන ගෙන් ඇහුවේ පුදුමයෙන්

“මේ..මේ .නිම්නාදි එක්ක”

ගිම්හාන මාව පෙන්නලා කියද්දී මට මාර හැපි.

“නාදී…”

ප්‍රොෆිසර් කෙවින් මගේ ඇස් දිහා බලලා කියද්දී මට මොකද්දෝ වුනා. මම ඔහුගේ ඇස් දිහාම බලාගෙන හිටියේ ආදරයෙන් .

“ඕයි..නයිස්”

මට ආයේ සිහිකල්පනාව ආවේ ගිම්හාන මගේ පිටට දුන්න පාරට..මම ඇස් උස්සලා ආයෙම ප්‍රොෆිසර් දිහා බැලුවත් ඔහු මං දිහාම බලාගෙන ඉන්න නිසා මම අපහසුවෙන් බිම බලාගත්තා .

“ආහ්..මොකද්ද නම ගිම්හාන නේද ..ඔය ළමයා යන්න..මෙයා එක්ක මම ඉන්නම්..මේක පනිෂ්මන්ට් එකක්..මෙයා අද අතැන හාරන්න ඕනී”

ප්‍රොෆිසර් ඈත තැනක් පෙන්නලා කියද්දී මගේ ඇසුත් ඒ දිහාට හැරුනා. ගිම්හාන ලතැවුනේ මාව දාලා යන්න බැරුව..

“ගයියා උඹ පලයන් ..මම එන්නම් .”

මම කිව්වේ මම හින්දා ගිම්හාන බැනුම් අහන්න ඕනී නැති නිසා..

“නයිස් ඒත්..”

ගිම්හාන මිමිණුවා .

“අවුලක් නැහ් උඹ පලයන්..මම මෙයත් එක්ක ඉදලා එන්නම්”

හිතාගන්න කලින් මට කියවුනා. ගිම්හාන මොහොතක් මං දිහා බලලා ලොකු හුස්මක් හෙලලා යද්දී වුනත් මම බලාගෙන හිටියේ ගහක් ගලක් වගේ ..

ෂික් මටත් මොනවා වෙලාද ? ඇයි මම මේ මිනිහාට ආකර්ෂණය වෙලා වගේ දැනෙන්නේ ..මට දැන් ඕනී වුනේ ගිම්හාන එක්ක යන්න වුනත් ඇයි මම නැවතුනේ . මම එකපාරටම නින්දකින් නැගිට්ටා වගේ තිගැස්සුනා .

“ගයියාහ්…”

මට කියන්න ඕනී වුනේ ගයියා මාත් එනවා කියලා වුනත් ශක්තිමත් අතකින් මගේ මුව ආවරණය වුනේ ඒ වේලාවේ..

මම පිච්චිලා යන බැල්මක් ඒ මූණට හෙලුවා . ඒ ලස්සන දිදුලන දෑස් තරවටු බැල්මකින් මං දිහා බලාගෙන හිටියා . ඒත් එක්කම මම ඒ ඇස් වලට ආකර්ෂණය වුනා වගේ මගේ තරහා ක්ෂනිකව නිවි ගිහින් ආදරයෙන් හිත පිරෙන්න වුනා.

“මාව අවුල් කරන්න එපා පොඩි කෙල්ලේ..මම හොයන්නේ වෙන කෙනෙක් ..ඒත් උඹ ගාව මගේ හිත හෙල්ලෙනවා. මං දන්නෑ ඒ ඇයි කියලා .මම හොයන්නේ මගේ උරුමය .ඒත් මම මෙහේ ඉන්නකම් උඹ කොල්ලන්ට ලංවෙලා මාව තරහා ගස්සන්න එපා”

ඔහු කිව්වේ මගේ මූණට එබිලා. මට හිතුනේම ඔහු මගේ කියලා .මට මගේ සිතුවිලි වල පාලනය නැතුව ගිහින්..අවනතයි ඔහුට මං.මගේ ඇස් කාන්දමක් වගේ ඔහුට ඇලිලා.හරියට හොදට පුරුදු සෙනෙහසක් , ආදරයක් ලග ඉන්නවා වගේ මට දැනෙනවා .මම එහෙමම ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඔහුගේ නලල මතින් දෙතොල් තැබුවා.
එත් එක්කම නොසිතු මොහොතක් අකල් වැස්සක් කඩා වැටුනේ අපි දෙන්නාවම තෙත බත් කරමින්. මම ඔහුගේ විසල් පපුවේ මූණ හංගගත්තේ සීතලෙන් බේරෙන්න ඔහු මගේ බද වටා අත් යවා මාව තුරුල් කර ගත්තා .

“දැන්වත් අපි යන්ද”

කවුදෝ මගේ කන ලගින් මුමුණද්දී මම නින්දෙන් අවදිවුනා වගේ නැගිට්ටා. එතකොටයි මට තේරුනේ මම ඉන්නේ කැලේ ඒ මදිවට ප්‍රොෆිසර් කෙවින්ට තුරුල් වෙලා කියලා .මට ලැජ්ජාවේ පොළව පලාගෙන යන්න හිතුනා .ඒත් එක්කම තවම මාව පපුව අස්සෙන් තියාගෙන ඉන්න කෙනා එක්ක මට තරහා ගියේ එකසිය ගානට..

“අත් අරිනවා මාව”

මම තරහින් කෑගැහුවා .

“හොදට බලනවා මම තමුසෙව අල්ල ගෙනද තමුසේ මාව අල්ල ගෙනද ඉන්නේ කියලා”

ප්‍රොෆිසර් කෙවින් කියද්දී තමයි මට මතක් වුනේ මම තවම ඉන්නේ ප්‍රොෆිසර්ගේ ඇගේ එල්ලිලා කියලා .

ලැජ්ජාවට මට මෙතැනම වලක් කපන් පුරා වස්තුවක් වගේ වැලලෙන්න හිතුනා.

මම එකපාරටම ප්‍රොෆිසර් අත් ඇරලා දුවගෙන ගියේ නොහිතපු මොහොතක ..

“ශෙනායා බලාගෙන ”

ප්‍රොෆිසර් කියන කොටත් ගහක මුලක් පැටලිලා මාව වැටිලා ඉවරයි . මගේ කකුලෙන් වේදනාවක් ආවා. මම කකුල බලද්දී තුවාල වෙලා ලේ එනවා . මම හයියෙන් කෑගහලා ඇඩුවා . ප්‍රොෆිසර් මං ලගින් දණගහලා ඉදගත්තේ ඒ වේලාවේ..

“මේ හලෝ පොඩ්ඩක් කටපියා ගෙන ඉන්නවාද..මේක මේ පොඩි තුවාලයක්.තමුසේ හරියට කෑගහන්නේ කකුලක් ගැලවුනා වගේනේ.”

ප්‍රොෆිසර් කියද්දී මගේ කට වැහුනේ ලැජ්ජාවට ..නැත්නම් තුවාලේ ලොකුද පොඩිද මට අදාල නැහැ .මම කෑගහලා අඩනවා.

….යලි හමුවෙමු ඒ ආදරය සමගින්……

යලි අවදිවු උරුමකරු 13 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි