යලි අවදි වු උරුමකරු 14

යලි අවදි වු උරුමකරු 14

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 14 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 14  කොටස ඔබත් බලන්න.

යලි අවදිවු උරුමකරු 14

ඔහු සාක්කුවෙන් ලේන්සුවක් අරගෙන මගේ කකුලේ තුවාලේ වෙලුවේ පරිස්සමට ..

“ම්හ්..දැන් නැගිටිනවා අඩනහිරියා අපි දැන් යන්න ඕනී..වැහි වලාකුළු හින්දා මේ පැත්ත ඉක්මනින්ම කලුවර වේවී”

ප්‍රොෆිසර් අවට බලලා ලොකු සුසුමක් හෙලුවා . ඊටපස්සේ මං දිහාට අත දික්කලා . මම ඒ අත අල්ලගත්තේ නැගිටින්න. ඒත් ඒ අත අල්ලද්දී මට දැනුනේ හුරුපුරුදු බවක්. ඔහු ඉස්සරහයින් යද්දී මම පිටිපස්සෙන් වැටුනා.

කවුද මේ?? මම හොදට දන්න කෙනෙක් කියලා මගේ හිත කියනවා..කා..කාලීන්?.. දෙවියනේ කාලීන්..මම එකපාරම නැවතිලා පපුව අල්ල ගත්තා .

“කාලීන්”

මම හෙමිහිට මිමිණුවා ..ඔහු මම දිහාට හැරුනේ විදුලි වේගයෙන් ..

“මොනවා හරි කිව්වාද”

ප්‍රොෆිසර් ඇහුවේ කලබලයෙන් ..මම නැහැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.

“”ෂික් මට දැන් එක එක ඒවා ඇහෙන්නත් පටන් අරන්”

ඔහු ඔලුවට තට්ටුවක් දාගෙන ආපහු හැරුනා.
දෙවියනේ එතකොට මම නම විතරක් දන්න කාලීන් මෙයාද?..මගේ අපැහැදිලි හීන පැහැදිලි වෙලා මහචාර්ය කෙවීන්ගේ රූපය කාලීන්ට ආදේශ වුනා. ඔව් මේ එයාම තමයි ..මගේ කාලීන්

මම දුවගෙන ගිහින් ඔහුගේ අතක එල්ලෙද්දී ඔහු මං දිහා බැලුවේ පුදුමයෙන්.

“මේ මොකද ? තමුසෙට පිස්සු වැහිලාද..මම මෙතැන ප්‍රොෆිසර් . නැතුව අර තමුසෙගේ ප්‍රේමවන්තයා නෙමෙයි .”

ප්‍රොෆිසර් මගේ අත ගසා දැම්මේ තරහින්. ඒත් පරාදවෙයිද මේ නිම්නාදී..නැහ් කාලීන්ගේ නාදියා…මම දුවගෙන ගිහින් ඉස්සරහින් යන ප්‍රොෆිසර් කෙවින්ගේ පිට තදින් වැලදගත්තා .

“ශෙනායා මම තමුසෙට ආයේ කියන්නේ නැහැ .ප්ලීස් මාව අවුල් කරන්න එපා. මගේ හැගීම් සෙල්ලමකට ගන්න එපා. මගෙන් ඈත් වෙලා ඉන්නවා .මම ආවේ මෙහේ තියෙන මගේ දෙයක් අරන් යන්න. මම ඒක ගත්ත ගමන් යනවා යන්න. තමුසෙට ආයේ කවදාවත්ම මාව දකින්න ලැබෙන්නේ නැහැ .”

ප්‍රොෆිසර් මගේ අත් බුරුල් කරලා මාව ඈත් කලේ වේගයෙන් ..ඒත් එයාට එහෙම ගැලවෙන්න දෙනවාද මං ..මම එකපාරටම ඇගිලිතුඩු වලින් ඉස්සිලා ඒ කම්බුලකට දෙතොල් තිබ්බා. ඊටපස්සේ කම්බුලට අතක් තියාගෙන ඉන්න ප්‍රොෆිසර් කෙවින් දිහා එකපාරක් බලලා ආපහු වේගයෙන් හොටෙල් එක පැත්තට දිව්වේ එක හුස්මට ..

“නයිස් මොකද මේ”

යලි අවදි වු උරුමකරු 14

හොටෙල් එකේ පෝටිකාවේ හති අරින මගේ අතකින් අල්ලගත්තේ ගිම්හාන .

“මම මේ පාර අවුරුදු උත්සවයට ගම හරහා දුවන්න පුරුදු වුනා..”

මං කිව්වේ ගිම්හානගේ ඇස් මග අරිමින්, නැතුව මම ප්‍රොෆිසර්ව කිස් කලා කියලා කියන්න යෑ. එහෙම වුනොත් මූ මාව මෙතැනම මරයි . ෂික් ඇත්තටම මට මොකද්ද ඒ වේලාවේ වුනේ. මොන ලැජ්ජා නැති වැඩක්ද අප්පා මම ඒ වේලාවේ කලේ..දැන් කොහොමද අර ප්‍රොෆිසර් කාරයාගේ මූණ බලන්නේ..මම ඔහුගේ කම්බුලක උණුසුම් ස්පර්ශය දැනුන දෙතොල අල්ලලා බැලුවා . මගේ දගකාර වැඩේ මතක් වෙලා මගේ මූණේ මදහසක් ඇදෙන්න ඇති.. මම ඔලුව උස්සලා බලද්දී මගේ ඉස්සරහා හිටියේ ප්‍රොෆිසර් ..මම තමුසෙව පස්සේ අල්ල ගන්නම් වගේ අදහසක් ඔහුගේ ඇස් වල ලියවිලා තිබුනා. ප්‍රොෆිසර් මට රවාගෙනම ලිෆ්ට් එකට නැග්ගා.. මම ඔහුට ලිෆ්ට් එකේ යන්න ඇරලා පඩිපෙලේ නගින්න තීරණය කලේ ඔහුව මග අරින්න හිතාගෙන ,

“මම උඩට යනවා ගයියා..මම ඩිනර් වලට පහලට එන්නේ නැහැ . මාව හොයන්න එපා හොදද”

මං එහෙම කියලා දෙවැනි මහලට නැග්ගා. මේ දවස් වල හොටෙල් එකේ වැඩිය කට්ටිය නැති නිසාද මන්දා දෙවැනි මහලේ කොලිඩෝර් එකේ තිබුනේ මද අදුරක්..මම කාමරයට යන්න හිතාගෙන හැරෙන්නයි හැදුවේ.. ඒත් මාව එකපාරටම එතැන තිබ්බ අදුරු කොලිඩෝර් එකට ඇදිලා ගියේ මට කෑගහන්න බැරිවෙන්න කට අතකින් තදවෙද්දී .
මගේ ඇස් හෙමින් අදුරට හුරුවෙද්දී මම ඔහුව අදුරගත්තා ..

“ප්‍රොෆිසර්”

ඒ වෙනකොටත් ඔහුගේ අතින් නිදහස්ව තිබු මුවෙන් මම මිමිණුවා . ඔහුගේ ඇස් රතු පාටින් දිලිසුනා . එකපාරටම ඔහු නැඹුරු වුනේ මගේ දෙතොලට ,මට ඔහුට විරුද්ධ වෙන්න ඕනී වුනත් මම ඔහුට වශී වී මෙන් ගල්වුනා. ඔහු රිසි සේ මගේ නොඉදුල් දෙතොල් වලට අයිතිවාසිකම් කියද්දී පිළිකුලක් වෙනුවට සුපුරුදු ආදරයක සුවය මට දැනුනා.

යලි අවදි වු උරුමකරු 14

“ශෙනායා මට සමාවෙන්න .මම හිතලා කලේ නැහැ .”

අවසානයේදී ඔහු මාව අත් ඇරියේ කලකිරීමෙන් ..ඔහු මට ආදරය නැද්ද..ඇයි ඔහුගේ හිතේ කලකිරිමක් ඇදුනේ..ඔහු ප්‍රේම කරන්නේ වෙනත් අයෙක්ටද..මම ඔහුව අවුල් කරනවා විතරද.. මගේ හිතේ ඇතිවුනේ වේදනාවක් ..

මම එහෙම දුවලා ගිහින් කාමරයට පැන්නා..එහෙමම සෙටියට වැටිලා අඩන්න ගත්තා..දෙවියනේ මම එයාට ආදරය කරන්න පටන් අරන්.. ඒ නපුරු කම් වලට , ගැඹුරු බැල්මට මම වශිවෙලා .

“බේබි ඇයි මේ”

කුමාරී මගේ පිටට අත තියලා ඇහුවා . මම මොනවා කියන්නද මම ? ඒ නිසා මම නිහඩවම ඉකිබින්දා .මට එහෙමම නින්ද යන්න ඇති.

“බේබී..බේබී…”

කුමාරී පිටට තට්ටු කරද්දී අපි ඇහැරුනා.

“ඇයි මොකද මේ ”

මම ඇහුවේ තරහින් ,

“බේබි ඇග හෝදගෙන මේ ටික කාල ඉන්නවාද”

කුමාරී මේසේ උඩ තිබ්බ කෑම එක පෙන්නලා කිව්වා . කෑම එකේ තිබ්බේ මම ආසම කරන දේවල්..

“තමුසෙද මේ පැහිච්ච වැඩේ කලේ”

මම අහද්දී කුමාරී නැහැ කියන්න ඔලුව වැනුවා . මම තියුණු බැල්මකින් කුමාරී දිහා බලා ගෙන හිටියේ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව..

“මේ..මේ..අර වැම්පයර් මහත්තයා බේබිගේ සර්ලු නේද…සර් ඇහුවා කෝ බේබි කියලා ..මම කිව්වා නිදි කියලා ..එතකොට මේ කෑම එක බෙදලා මගේ අතට දීලා බේබිව නැගිට්ටවලා කවන්න කිව්වා. බේබි ඇග හෝදන් එනවාද..”

කුමාරී කියද්දී මට හිතාගන්න බැරිවුනා .මම උණුවතුරෙන් ඇග චුට්ටක් ඇදගෙන නිදාගන්න සැහැල්ලු ඇදුමකට මාරුවුනා. ඊටපස්සේ මම කෑම ඔක්කොම කෑවේ ආසාවෙන් ..
හවස නිදාගත්ත නිසාදෝ මට නිදිමතක් දැනුනේ නැහැ .ඔහු ගැන හිතේ වු ආදරය හිත අවිවේක කලා. මම බැල්කනියට දුවගෙන ගියේ මේ වේලාවේ මිනිස්සු කවුරුත් නැහැ කියලා දන්න නිසා..වැම්පයර් ගැනත් මට දැන් බයක් නැහැ .මම ආදරෙයිනේ දැන් එයාට ..

හද පායලා අහසේ ලස්සනයි ..මම හද රැස් වල සිසිලස විදගත්තේ ආදරයෙන්,මම ඒ අහස දිහා බලාගෙන ලොකු හීන මැව්වා.

“ෆ්‍රි ෂෝ දාන පුරුද්ද තාම ගිහින් නැහැ වගේ “

මගේ කන ලගින්ම ඇහුන ශබ්දයෙන් මම තිගැස්සුනා .මේ රෑ..ඔව් ඔහු , මගේ බැල්කනියේ ..මම සුලගට විසිරිලා තිබුන හවුස් කෝට් පියන් දෙක තදින් අල්ලගෙන තොල් පටක් හපාගත්තා. ඊටපස්සේ බිම බලාගත්තේ ඔහුට මූණ දෙන්න බැරුව..

“මොකද ශෙනායා මේ මහ රෑ බැල්කනියේ ..හ්ම්…නින්ද යන්නේ නැද්ද ආ…මගේ කිස් එකද ඔයාට නින්ද නැති කලේ .”

ඔහු මගේ ගෙල පිටුපසට දෙතොල තැබුවේ මං නොහිතපු වෙලාවක, ඔහු මාව ඔහුගේ ඇගට තද කර ගත්තා. ඔහුගේ දෙතොල් මගේ මුහුණ , බෙල්ල දිහාට එද්දී මම හිටියේ අවනත වෙලා වගේ . එකපාරටම මගේ එහා මෙහා වු හවුස්කෝට් එක අතරින් ඔහුගේ ඇස් යමක් හෙව්වා. එකපාරටම ඔහුගේ ඇස් වල රැදුනේ බලාපොරොත්තු කඩවෙච්ච ස්වරූපයක්..

“ඒක එතැන නැහැ ..ඒ නුඹ නෙමෙයි ..මගේ නාදියා නුඹ නෙමෙයි ”

ඔහු මාව තල්ලු කරලා එහා බැල්කනියට පැන්නේ එදා වගේ අසාමාන්‍ය වේගයෙන් ..දෙවියනේ මේ ඉන්නේ මගේ කාලීන්.. ඔහු හොයන්න ..ඔව් ඒක මම කාමරයට දුවලා ගියා..මම හිටගත්තේ කණ්නාඩිය ඉස්සරාහින් ..හවුස් කෝට් එක පොඩ්ඩක් පහතට කරලා මම හදවත උඩින් තවරලා තිබුන මේකප් ආලේපනය ඉවත් කලා. ඔව් ඊට යටින් හදවතේ හැඩය ගත් උපන් ලපය මතු වෙද්දී මට ඉකි ගැහුනා ..ඔව් ඔහු හොයන්නේ මේක..දයාවේ කුමරුන්ගේ උප්පත්තිය වෙනුවෙන් නාදියා කුමරිය ලෙයින් දුන් පොරොන්දුවේ සලකුණ ..මොකද්දෝ හේතුවකට මේ සලකුණ මට පුංචි කාලේ ඉදලා හංගන්න හිතුනා.

කාලීන් මේක හොයද්දීත් මමයි නාදියා..මේ සලකුණ කියලා මට කියන්න ඕනී වුනත් කුමක් හෝ හේතුවක් නිසා මට ඒ ටික කියාගන්න බැහැ .කෙටියෙන්ම කියනවා නම් මට ඔහුට මම නාදියා කියාගන්න බැරිවුනා.

“බේබී නින්ද යන්නේ නැද්ද”

කණ්නාඩිය ලග හිටගෙන හිටපු මගෙන් කුමාරී අහද්දී මම තිගැස්සුනා .එහෙත් මම මනසින් තවදුරටත් නිම්නාදි නොවුවා.

“කුමාරි මට බයයි..යක්ෂයා ඌ අනිවාර්යයෙන්ම මාව හොයාගනී..මගේ කාලින් ගෙන් මාව ඈත් කරාවි..අනේ මට උදව් කරන්න දෙවියනේ “

මම කුමාරිව බදාගෙන ඇඩුවා .

“විහිලු කරන්න එපා බේබී ඔහොම ..මටත් බය හිතෙනවා ”

කුමාරී එහෙම කියද්දී මම පියවි සිහියට ආවා.

“ආහ්.කුමාරි ඔයා යන්න මම නිදාගන්නම්”

මම කදුලු පිහදාගෙන ඇදට පැන්නා.
….

හේක්ස් නුවර

….

යලි අවදි වු උරුමකරු 14

යලි යලිත් පතා ආ ප්‍රේමයක අතරමං වු කාලීන් හා නාදියා

“උතුමාණනී ඔබ යලිත් නොසංසුන් ”

මේසස් නොසංසුන්ව එහෙමෙහේ ඇවිදින ස්වාමියා දිහා බලලා කිව්වා.

“මේසස් ඒ මගේ නාදියා නොවේ.නමුත් ඈ නිසා මගේ හැගීම් නොසංසුන් ”

කාලීන් හිටියේ කලකිරීමෙන්.ඔහුට පෙර හිතුනේ නිම්නාදී ඔහුගේ නාදියා කියායි..ඔහු ඇය වෙතත් ඇය ඔහු වෙතත් නිරායාසයෙන්ම ආකර්ෂණය වීම ඊට හේතුවයි. ඔහු රාත්‍රියේ ඇයගේ බැල්කනියට ගොඩ වුයේ ඒ සොදුරු රුව රසවිදීමට පමණක්ම නොවේ..ඔහුට අවැසි වුයේ ඒ ආදරණීය සලකුණ ඒ ලය මත දැකීමයි. එහෙත් ඒ සලකුණ තිබිය යුතු තැන නොමැති වෙන කොට ඔහු බොහොම නොසංසුන් වුනා.

“උතුමාණනි සියල්ලටම ප්‍රථම ඔබ සංසුන් වන්න. ඒ උත්තමාවිය නොවේ නම් අපි එතුමිය සොයා ගමු. ”

මේසස් කියද්දී කාලීන් මදක් සංසුන් විය.

“ඒ කෙලෙසින්ද..”

කාලීන් ඇහුවේ නොසංසුන්ව .

“උතුමාණනි පළමුව යක්ෂයා හොයාගන්න ..ඔහු අනිවාර්යයෙන්ම උත්තමාවිය පසුපස ඇති..”

මේසස් කියද්දී කාලීන්ගේ මූණේ ඇදුනේ කල්පනාකාරී ස්වරූපයක් .. යක්ෂයා නැතිනම් සාතන් ඔහු අනිවාර්යයෙන්ම නාදියා පසුපස ,,මේසස් පෙරදාක කියු පරිදි නාදියාගේ දැන් ආත්මය ඔහුගේ සිත් අරන්.. ඔහුට පෙර අනිවාර්යයෙන්ම තමා ඉස්සර විය යුතුයි..කාලීන්ට නාදියා දැන් අවැසි දයාවේ පුතණුවන් බිහිකිරීමට නොව ඇයව සදාකාලයටම අයිති කර ගැනීමටයි.

“උතුමාණනී ඔබට ප්‍රමාද වෙන්න කාලයක් නැහැ ..මට දැනෙනවා ඔහු ඇයට වේගයෙන් ලගාවෙන්න උත්සාහ කරනවා”

මේසස් කිව්වේ පලිගු අදුනෙන් ඔහු සොයාගත් දේයි..

“ඔහුව නවත්වන්නේ කෙසේද ”

කාලීන් ඇහුවේ නොසංසුන්ව ,

“උතුමාණනි ඔබ ඔහු දුටු වනම ඔහුව අදුරගනී . ඔහු ගෙන් තමයි ඔබතුමාට ඇයව සොයා ගත හැක්කේ..ඔහු අනිවාර්යයෙන්ම ඔතැනට එයි. කිමෙද ශ්‍රීලංකාව තුල නාදියා විය හැකියයි සැක කෙරෙන ගෑණු ළමයි හය දෙනා තමයි ඔතැන ඉන්නේ ”

මේසස් කිව්වේ ඔහු ඉතා අපහසුවෙන් දැනගත් කරුණුයි.

…..යලි හමුවෙමු ඒ සොදුරු ආදරය සමගින්….

යලි අවදිවු උරුමකරු 14 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි