යලි අවදි වු උරුමකරු 15

යලි අවදි වු උරුමකරු 15

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 15 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 15  කොටස ඔබත් බලන්න.

යලි අවදිවු උරුමකරු 15

….
යක්ෂයා වෙත යලිත්
…..
යලි අවදි වු උරුමකරු 15

විවේක් ඔව් ..ජොගින් ගිහින් එනවා.

“උතුමාණනී ඔහු ඇයට ලංවෙලා.”යූදාස් කියද්දී යක්ෂයාගේ කඩවසම් මුහුණේ ඇදිනේ සිනාහවකි.”එහෙත් ඔහුට ඇය හදුනාගත නොහැකියි .නමුත් ඈ දැන් දන්නවා ඈ නාදියා බවත් ඔහු කාලීන් බවත්..නමුත් ඇය යන්ත්‍රයේ බලවේගයට බන්ධිතයි. එහෙයින් ඇයට එය හෙලි කල නොහැකියි “යක්ෂයා ස්ථීර හඩින් පැවසුවේය .

“නමුත් උතුමානනී ඈ එම යන්ත්‍රය ඉවත් කල හොත්,,,”

යූදාස් ඇසුවේ යක්ෂයා කෝපයට පත්වේවි යැයි බියෙන්..එහෙත් ඔහු නොහිතිය හැකි තරම් සංසුන්වය.

“ඇය දැනට එය ඉවත් නොකරාවි. යූදාස් බන්ධනය තවත් දෘඩ කරන්න ..ඇය ඔහුට සමීප වන සෑම විටකම ඇයට වේදනා දෙන්න”

යක්ෂයා කිව්වේ සංසුන්ව..යූදාස් බන්ධනය තවත් මන්ත්‍රයකින් දෘඩ කලේය.

“හොදයි යූදාස් මට යලිත් ඈ වෙත යන්න කාලේ ඇවිත් ”

යක්ෂයා යලිත් යන්නට නැගී සිටියේය .

“උතුමාණනි ඔහුත් එතැන. ඔහු ඔබව හදුනා ගනිවී.. ඔබ ඇයට උනන්දු වීම තුල ඔහු ඇය අදුරගනිවි”

යූදාස් අනතුරු ඇගවීමක් කලාය.

” ඔව් යූදාස් ඔහු අනිවාර්යයෙන්ම මා හදුනාගනිවි. අපි මේ හමුවන්නේ පළමුවරට නොවෙයිනේ…එහෙත් නුඹ හිතන තරම් මම මෝඩ නැහැ . මම මගේ අවධානය දෙන්නේ වෙන කෙල්ලකට. මම අනිවාර්යයෙන්ම ඔහුව නොමග යවනවා. මා තවම දන්නේ ඇය සතු ඔහුගේ හදුනාගැනීමේ සලකුණ කුමක්ද කියා..එහෙත් නාදියා මගේ විතරයි .ඔහුට හිමිවෙන්න දෙන්නේ නැහැ .”

යක්ෂයා ආපහු හැරී යූදාස්ට කියා වේගයෙන් පිටව ගියේය.

….
ශ්‍රීලංකාව
…..

මම ගැස්සිලා අවදිවුනේ බඩ කොරවෙන්න ගත්ත නිසා..ඉවසගන්න බැරි වේදනාවක් ..මට දාඩිය දැම්මා.

“කුමාරී…”

අන්තිමට මම වේදනාවෙන් කෑගැහුවා .

“ඇයි බේබි..මේ මොකද ”

කුමාරි හොදටම බයවෙලා.

“බඩකොර වුනා කුමාරී ..මට ඉස්සෙල්ලා ඔය සයිඩ් පොකට් එකෙන් මට පෙනඩෝල් දෙකක් අරන් දෙනවා .ඉක්මනට…”

මම කෑගහද්දී කුමාරී මට දඩිබිඩි ගාලා පෙනඩෝල් දෙකක් දුන්නා. මම ඒ දෙක බීලා බඩ මිරික ගත්තේ වේදනාව ඉවසගන්න බැරි හින්දා.

“අනේව්…”

මම අමාරුවෙන් මිමිණුවා .

“ඇයි බේබී, ගොඩාක් අමාරුයිද”

කුමාරී ඇහුවේ කලබලයෙන් ..මම මේ ඉවසගන්න බැරුව ඉන්නවා මෙයා එනවා හුරතල් කරන්න .ඔය වෙලාවට තමයි මට මේ කුමාරීයා එක්කත් මල පනින්නේ .

“කුමාරි යන්න මට අඩුයි ටිකක් දැන්”

මම කිව්වේ තරහින් , ඒ එක්කම දොරට තට්ටු කරනවා ඇහුනා .මම ඇස් වලින් කුමාරිට කිව්වේ බලන්න කියලා .

“ඇයි ශෙනායා කෑගහනවා ඇහුනේ ..”

දෙවියනේ කාමරයට එබුනේ ප්‍රොෆිසර් කෙවින් නැත්නම් මගේ හිතේ ඉන්න හීන කුමාරයා ..

“ස .ස…සර්..”

කුමාරී ගොත ගැහුවා.

“තමුසේ ගොතයිද”

ප්‍රොෆිසර් ඇහුවේ තරහින්.

“නැහ් සර්..”

කුමාරී බයටම කිව්වා .

“එහෙනම් වෙච්ච දේ පැහැදිලිව කියනවා..ඇයි අරයා දැන් කෑගැහුවේ..”

ප්‍රොෆිසර් මං දිහාට ඇගිල්ල දික් කරලා කියද්දී මම කල්පනා කලේ මම එච්චර හයියෙන් කෑගැහුවාද කියලා . නැහ් වෙන්න බැහැ ..මූට තියෙන්නේ හා කන් ද කොහේද ..

“සර් බේබිගේ යටි බඩ කොරවෙලා..”

කුමාරී එකපාරටම අමුවෙන්ම කියලා දැම්මා..ජංජාලයයි දැන් මේ යකා මොන මගුලක් හිතා ගනියිද දන්නේ නැහැ . ෂික් මේ ගෑනිට කියන්න බැරිවුනානේ මට හිසරදේ කියලා ..මම හිතුවේ තරහින්,

“චුට්ටක් ඔහොම ඉන්නවාකෝ..”

යලි අවදි වු උරුමකරු 15

කාලීන් හා නාදීයා යලිත් බැදේවිද සුපුරුදු සෙනෙහසින්??

ප්‍රොෆිසර් චුට්ටක් කල්පනා කරලා එහෙම කියලා ගියා.

“ආ..මේක පොවනවා.”

ප්‍රොෆිසර් මොනවාදෝ කුප්පියක් කුමාරිගේ අතේ තිබ්බා.

“බේබි මේක බොන්නලු”

කුමාරී ඒ කුප්පිය මං දිහාට දික් කලා.

“ඊයා කුමාරි..මම ඔය ගද කසාය බොන්නේ නැහැ ..අරන් යනවා ඕක..”

මම කෑගැහුවේ තරහින්..දෙවියනේ එතකොට ප්‍රොෆිසර්ගේ ඇස් වල ඇදුනේ අමුතුම තරහක්. ඒ ලස්සන ඇස් රතුපාට වුනා. කුමාරිගේ අතේ තිබ්බ කුප්පිය අතට අරන් ඔහු කාමරය ඇතුලට ආවේ අනවසරයෙන් ..

“ස..සර් ඔය මොකද කරන්න..”

මට කියලා ඉවර කරන්න ලැබුනේ නැහැ .ඔහු මගේ කට හිරවෙන්න අල්ලගෙන අර කුප්පිය මගේ කටට හැලුවා .තිත්ත රසයෙන් ඇග හිරිවැටෙද්දී ප්‍රොෆිසර් කලේ මගේ නහය දෙතුන් වරක් මිරිකපු එක..ඉතින් ඒ තිත්ත බෙහෙත මට ඉබේම ගිලුනා.

“ඕක්”

ප්‍රොෆිසර් කෙවින් මාව අත අරිද්දි මට ඔක්කාරෙට ආවා.

“ආපහු දැම්මොත් බලාගෙනයි”

ප්‍රොෆිසර් මට ඇගිල්ලක් දික් කරලා තරවටු කලා..ඊටපස්සේ මොහොතක් යටි තොල හපාගෙන මං දිහා බලාගෙන ඉදලා ගියා.

“කුමාරි මොනවාද හලෝ ඒ ජරාව..”

මම ඇහුවේ කට පිහ පිහ..

“අනේ මන් දන්නෑ බේබි ”

කුමාරී කියද්දී මම එයාට යක්ෂ බැල්මක් දැම්මා. යකෝ මේ මෝඩ ගහ අර වැම්පයරයා මට වශියක් පෙව්වත් මෝල් ගහක් වගේ ඉන්නවා ..

“හරි යනවා ..දැන් මගේ බඩ රිදෙනවා අඩුයි “

මම එහෙම කිව්වේ ඇත්තටම මගේ බඩේ වේදනාව අතුරුදහන් වෙලා තිබුන නිසා. කුමාරී ටිකක් වෙලා මං දිහා කන්න වගේ බලාගෙන ඉදලා ගියා.
මට නම් ඉතින් නින්දක් නැහැ ..මම හිතේ තරහට එක එක නම් කිව්වත් මං දන්නවා ඒ ඉන්නේ මගේ කාලීන්..මගේ එකම ආදරය මම ඉපදුනේ ඔහු වෙනුවෙන් ඔහුගේ උරුමය සම්පුර්ණ කිරීමටයි.. ඒත් මට මම නාදියා කියලා ඔහුට කියන්න බැරි ඇයි. මම නාදියා කියලා ඔහුට අදුරගන්න බැරි ඇයි? මම උත්තර දන්නේ නැති ප්‍රශ්න දාහක් හිතේ ගුලි කරන් ඇස් තද කර ගත්තේ නින්ද යන්න කියලා පත පත..එකපාරටම මගේ ඇස් පියවෙනවා විතරයි මතක’

යලි අවදි වු උරුමකරු 15

අවුරුදු දෙදහස් පන්සීයක් සිට යලි යලිත් මියැදෙමින් උපන් නාදියාගේ පුනර්භවය

“ඒයි නයිස්…මොකද බං මේ..”

ගිම්හාන මගේ උරහිස් වලින් අල්ලලා හොලවද්දී මම ඇස් ඇරියා.

“මොන &%$# කරනවාද ඕයි තමුසේ..තව චුට්ටෙන් මගෙත් පණ යනවා. මෙච්චර වෙලා මලා වගේනේ හිටියේ ”

ගිම්හාන ඇස් දෙකත් රතු කරන් මගේ ඇගට කඩා පැන්නා.

“මට හොදටම නින්ද ගියා ගයියා.”

මම කිව්වේ ඇද උඩ ඉදගෙන හිරි කඩ කඩ..

“නින්ද ගියා..ඒක යකාගේ නින්දක්නේ ..තමුසේ පැයක් තිස්සේ මැරිලා වගේ ..මං හිතුවේ …”

ගිම්හාන ඉතිරිය සම්පුර්ණ කර ගන්න බැරුව ලතැවුනා.

“මැරිලා කියලානේ..ඉතින් හොදයිනේ බං ..මාරි බිස්කට් එක්ක කෝපී..එතකොට දවස් හතක් රයිස් ..වාව් ආ…ස්විප් එකක් ඇදුනා වගේ ”

මම විහිලුවෙන් කියද්දී ගයියා මගේ කම්බුලට එකක් ගැහුවේ මම නොහිතපු මොහොතක..මම කම්බුල අල්ලගෙන ඔලුව උස්සලා බැලුවේ හිනාවක් නැතුව..

“අනේ සොරි නයිස්..උඹ එහෙම කිව්වාහම මට යකා නැග්ගා.”

ගිම්හාන ඇදෙන් වාඩිවෙලා කම්බුල අතගෑවා .මගේ ඇස් වල කදුලු පිරුනා.

” මොකද මෙතැන වෙන්නේ .ඇයි මේ ගිම්හාන ගෑණු ළමයෙක්ගේ කාමරේ”

ඒ හඩින් මම බැලුවේ දොර දිහා. දොර ලග රතුවෙච්චි ඇස් වලින් බලාගෙන හිටියේ ප්‍රොෆිසර් කෙවින්..ගිම්හාන මගේ ඇදෙන් නැගිට්ටේ කරන්ට් එක වැදුනා වගේ ..

“සර්..බේබිට උදේ නැගිට්ටුවාට නැගිට්ටේ නැහැ ..හුස්ම ගත්තෙත් හෙමින් ..මමයි බය වෙලා ගිම්හාන මහත්තයාට බේබිගේ ෆෝන් එකෙන් කෝල් කලේ “

කුමාරී බිම බලාගෙන කිව්වේ ගොත ගගහා.

“හොදයි , ගිම්හාන දැන් පහලට යන්න..”

ප්‍රොෆිසර් එහෙම කිව්වත් ගිම්හාන කාමරයෙන් ගියේ අකමැත්තෙන් වගේ .

“ශෙනායා දැන් වේදනාව අඩුයි නේද ? ඔයාට ඔච්චර ගැඹුරු නින්දක් ගියේ මම ඊයේ දීපු බෙහෙතට..බලනවා කම්බුල..ෂික්..තමුසේ අද එලියට එන්න ඕනී නැහැ ..කාමරේම රෙස්ට් කරනවා .මේ…තමුන් කුමාරී නේද..අද තමුසේගේ බේබි කාමරේ තියාගෙන නලවනවා..කෑම කාමරයට ගෙනත් දෙනවා .”

එහෙම කියලා ප්‍රොෆිසර් කාමරයෙන් යන්න ගියා…හම්මෝ ඇති යාන්තම් අද බෙඩ් රෙස්ට් ..මම හොද හුස්මක් ගත්තා.
ඊටපස්සේ එහෙමම ආයේ ඇදට ගුලිවුනේ ඇතිවෙනකම් නිදාගන්න . මම ඉතින් නිදාගන්න කොහොමත් චැම්පියන්නේ..මේ වේලාවට තමයි මගේ නපුරු කාලීන්ට උම්මා එකක් දෙන්න හිතෙන්නේ ..කෝ ඒත් ඉතින් මට නින්දක්…ඒ ලස්සන ඇස් වලට මම හොල්මන් වෙලා වගේ .

“මෙහ්..කුමාරී මට අද යන්න ඕනී”

මම ඇදෙන් නැගිටලා වාඩිවුනා .

“අපෝ බේබි කොහොම යන්නද බලන්නකෝ කම්බුල ..ගිම්හාන මහත්තයාගේ ඇගිලි පහම කම්බුලේ..ඊටත්”

කුමාරී මං දිහා බලලා බිම බලාගත්තා .

“ඔව්.ඊටත්??? කියනවා ඉතුරු ටිකත් ”

මම කිව්වේ සැරෙන්.

“අර..අර.. වැම්පයර් මහත්තයා මාව මරයි බේබී… අනේ හොද බේබි වගේ ඇදට වෙලා ඉන්න”

කුමාරී මට නොවැන්දා පමණි …බොරු බය..

“ඔහොම බය තිබ්බොත් ඇති ඉතින්..ඒත් වැම්පයර් මහත්තයාට වගේම මෝහිණි බේබිටත් බයවෙන්න ඕනී..හරිද..දැන් මම යනවා .”

මම එහෙම කියලා ඇදෙන් බැස්සේ කුමාරිට ඇස් වපර කරලා ඇද කර ගෙන. ඊටපස්සේ මම කණ්නාඩිය ලගට ගිහින් හිටගත්තා . අප්පේ අපේ ගිම්හානයාගේ ෂූටි කම්බුල් පාර මගේ මූණේ ඇගිලි පාරවල් තියලා කියහංකෝ…සෙද්ද මූ මාව පාලනය කරන්න හදන්නේ මං හරියට මූගේ ගෑනී වගේනේ..මම යටි හිතින් බැන බැන බාත්රූම් එකට ගිහින් නෑවා. මගේ ඉනේ තිබ්බ යන්ත්‍රය අමුතු දිස්නයකින් බබලනවා මම නාද්දියි දැක්කේ .
මම ඉක්මනින්ම ලෑස්ති වෙලා බැල්කනියට දිව්වේ පරිසරයේ ලස්සන බලන්න. ඒක මගේ ජාතික පුරුද්දක් වෙලා දැන්..මම අත් දෙක දෙපැත්තට දාලා හොද බර හුස්මක් ගත්තා. ඊටපස්සේ අත්දෙක ඉනට අරන් යටි තොලත් හපාගෙන වටපිට බැලුවා..

“ආ..ගුඩ් මෝර්නින් බියූටි..මාර විදියටනේ අපි මීට් වෙන්නේ..”

මම ඒ හඩින් මගේ වම් පැත්තේ බැල්කනිය බැලුවා . දෙවියනේ විවේක් ..මේ උල ලේනා මෙහේ මොකද කරන්නේ .මම එහෙම හිත හිත බොරුවට එයාට හිනාවක් දැම්මා..

“විවේක්..ඔයා මොකද මෙහේ කරන්නේ.”

මම ඇහුවේ පුදුමයෙන් ..

“මගේ කම්පැණි එක තමයි සුදු ඔයාලාගේ ප්‍රොජෙක්ට් එකට ස්පොන්සර් කරන්නේ ..”

විවේක් කියද්දී මම පිටිපස්ස හැරිලාත් බැලුවේ කාටද මූ සුදු කියන්නේ කියලා . වෙන කවුරුත් නැහැ ..අප්පා එතකොට මූ සුඩු සුඩු කියන්නේ මටද ..මේ වගේ සුවීට් නම් ඔක්කොම මූ කිව්වාහම කවදාහරි මගේ හස්බන්ඩ් මට කතා කරන්නේ තමුසේ කියලාද ..මම එහෙම හිතද්දී මට ඉබේම හිනාගියේ ප්‍රොෆිසර්ව මතක් වෙලා. එයා නම් මට කතා කරන්නේ තමුසේ කියලානේ කොහොමත් ..

“විවේක් පස්සේ හම්බවෙමු..මට පරක්කු වෙනෝ”

මම විවේක්ගේ දිදුලන කඩවසම් ඇස් වලින් හැංගිලා කාමරයට දිව්වා. මම මගේ මේකප් සෙට් එක අරගෙන ගිම්හානගේ ඇගිලි පාරවල් වහලා දැම්මේ පරිස්සමට ..මේකප් අස්සේ මගේ හදවත හැඩැති බර්ත් මාර්ක් එක හංගන මට මේවා සිම්පල් වැඩ…

මම මගේ එකම වස්තුව නැත්තම් ෂූටී බෑග් එක එල්ලගෙන හිටගත්තේ තාම මූණ දෙක කරන් ඉන්න කුමාරි ඉස්සරහායින් ..

“රැව්වාට වැඩක් නැහැ මම කොහොමත් යනවා වස්තුවේ..හැබැයි ඔයා දොර ජනෙල් වහගෙන පරිස්සමට ඉන්න..”

මම ආදරෙන් කිව්වා.

….යලි හමුවෙමු ඒ ආදරය සමගින්……

යලි අවදිවු උරුමකරු 15 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි