ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 2 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න.

යලි අවදිවු උරුමකරු 2

“පිස්සුද ගයියා තමුසෙට ..අපි ආවේ හනිමුන් කියලා හිතුවාද ..මම තමුසේ එක්ක ඉන්න ..නෙවර්..දුවනවා ඉතින්”

මම කෑගහද්දී ගිම්හාන පැනලා දිව්වා. ඒකා හොදටම දන්නවානේ මගේ කටේ හැටි..පිස්සෙක් ..ඒ වුනාට ඌ මට ලෙන්ගතුයි..මට ඉතින් දෙයියනේ කියලා ඕන තැනක සැපට නින්ද යනවාලු..ඒ නිසා මම ටෙන්ට් එක ඇතුලෙන් වහගෙන මෙට්ටෙට පැන්නා.

නිදාගන්න ගිහින් හීන දකින්න මට කොල්ලෙක් ඉන්න එකකයෑ .මගේ හිතේ ඇදුනු හීන කුමාරයාගේ පෙනුම කැම්පස් එකේ හිටපු එක කැදයෙක්ට තිබ්බේ නැහැ . මම ඇස් තද කරලා පියා ගත්තා.

“කා..ලීන් කා…ලීන්”

මගේ ඔලුව ඇතුලෙන් මටම ඇහුනේ අද්භූත හඩක්..මම තිගැස්සිලා නැගිට්ටා. මගේ ඇගේ හොදටම දාඩිය දාලා . හොල්මන් වත් ඉන්නවාද…මම වතුර බෝතලේ අරන් වතුර ටිකක් බිව්වා. මේ වේලාවට තමයි යකු අර ගිම්හානයා ලගට යන්න හිතෙන්නේ …මම බලපු හොල්මන් ෆිල්ම් ඔක්කොම මතක් කලේ කවුද මේ කාලීන් කියලා මතක් කරන්න.

“මතක් වෙන්නේ නැහැනේ අප්පා…”

මම මටම කියාගෙන වේලාව බැලුවා . පාන්දර දෙකයි.. නිදාගන්නත් බැහැ ..මම හෙමිහිට ප්‍රොෆිසර් ඊයේ ප්‍රින්ට් කරලා දුන්න නෝට් එක අතට ගත්තේ අඩුම තරමින් අපේ ඇස් පෙනෙන මායිමේ තියෙන කැනීම් ස්ථානය ගැන අවබෝධයක් ගන්න .

වසර 2500 කට පෙර ඉදිකලා යැයි කියන සොහොන් කොතක් සොයා කැනීම් කටයුතු කරන අතර එහි පුරාණ අතීතය පිලිබඳ බොහෝ රහස් සැගවී ඇතැයි විශ්වාස කෙරේ. දැනට එහි දොරටුව යැයි සැක කෙරෙන ස්ථානයක් හොයා කැනීම් කටයුතු කරන අතර ආසන්නයේදීම ඒ තුලින් සොහොන් ගැබට ඇතුල් වීමට නියමිතය ..

හම්මෝ යකූ මුන් මේ පන දාගෙන හාරන්නේ සොහොනක්ද …මගේ දෙයියෝ ..මට හීන් දාඩිය දැම්මේ මොහොතකට කලින් මට ඇහුන අත්භූත හඩ මතක් වෙලා. සොහොනක් කියලා දන්නවා නම් මම විභාගය ෆේල් වුනත් එන්නේ නැහැ .දැන් මොකද කරන්නේ ..හෙට ඉදන් නිරංගා ලගට වත් යන්න ඕනා.

අනේ අපේ ප්‍රොෆිසර් කාරයටත් ඕනී වුනේ මේ උලව්ව අස්සෙම රිංගන්න.

මේක හරියන්නේ නැහැ ශක්තිමත්ව ඉන්න ඕනී..මම එහෙම හිතලා බෑග් එකට අත දාලා තඩි සයිස් චොක්ලට් පෙත්තක් කෑවා. කොයි වෙලාවේ නින්ද ගියාද මන්දා …

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

අතීතයේ වු ආදරයක තවම සැරිසරන දගකාරි නිම්නාදි

“නිම්නාදී”

එහා ටෙන්ට් එකේ නිරංගා කෑගහද්දී මම නැගිට්ටේ යක්ෂයා ආවේෂ වෙලා.

“මොකද බං මැරෙන්න හදන්නේ ..මම මැරිලා නැහැ තාම”

මම කිව්වේ අමනාපයෙන්

“අඩේ යකූ මම හිතුවෙම තෝ මැරිලා කියලා . පැය භාගයක් තිස්සේ මම මේ කෑගහන්නේ ”

නිරංගා එහෙම කියද්දී නම් මම ටෙන්ට් එකෙන් එලියට ඔලුව දාලා බැලුවා . මුන් ඔක්කොම ලැස්ති වෙලා කියහන්කෝ..

“ඔහොම ඉන්නෝ මාත් ඇදගෙන එනෝ…”

මම කෑගහලා කිව්වා . ඉක්මනින්ම වොෂ් රූම් විදියට හදලා තිබ්බ ආවරණය අස්සට ගිහින් ඇග හෝදගෙන ඇවිත් ..ඉක්මනින්ම ඩෙනිමයි , ටීෂර්ට් එකයි දාගත්තා .ඒක මගේ ජාතික ඇදුම.ඊටපස්සේ කොණ්ඩේ උඩට කරලා බැද ගත්තා.වලව්වේ නම් ඉතින් ඕවා බැහැ . ඉතින් මම උපරිම නිදහස ගන්නේ කැම්පස් එකේදී ..

“මොකද්ද හප්පේ මේ…”

මගේ බෑග් එකෙන් එලියට ආවේ සුදු සල්වාර් එකක්..හප්පේ මේ අයේෂාගේ එකක් නේද ..මම කලබලේට ඔබාගෙන ..ඉදලා හමාරයි දැන්…

“නයිස් උඹ පැල වෙලාද වරෙන්කෝ බං..ඔක්කොම ගියා”

ඒ ගිම්හානගේ හඩ..මම ඉක්මනින්ම මගේ පිටේ එල්ලගන්න බෑග් එක එල්ල ගෙන, කැප් එකයි, සන්ග්ලාස් එකයි දාගත්තා . මම එලියට එනකොට මං එනකම් හිටියේ ගිම්හානයි..නිරංගායි විතරයි .

“කෝ අනිත් උන්”

මම වටපිට බැලුවේ මුන් ටික කොහේ අතුරුදහන් වුනාද කියලා .

“අර ඉස්සරහා යන්නේ . මොකද උඹ එනකම් උන් මෙතැන පැල් රකින්නයෑ..”

ගිම්හාන කිව්වේ ඉස්සරහා යන කට්ටිය පෙන්නලා .

“ආහ්..අපි වැඩිය පරක්කු වෙලා නැහැ ෆ්‍රෙන්ස්”

මම දත් ටික එලියට දාලා විරිත්තලා කිව්වා ..අනිත් වුන් දෙන්නා කට වහ ගත්තේ මට කියන්න හොද දෙකක් අමතක වුන නිසා වෙන්න ඇති

“මේ මහචාර්ය , අපි ඉගෙන ගන්න පාඩම් වල කොහේ හරි කාලීන් කියලා භූතයෙක් ඉන්නවාද”
මම නිරංගා ගෙන් ඇහුවේ ඌ හෙනම බ්‍රයිට් කේස් එක කියලා දන්න නිසා.

“නැහැ යකූ ඇයි”

නිරංගා ඇහුවේ පුදුමයෙන්

“නැහැ ඒයි ..ඊයේ රෑ මට හීනෙන් කාලීන් කියනවා ඇහුනානේ”

මම කියද්දී ගිම්හාන බඩ අල්ලගෙන හිනාවුනා .

“මොකෝ යකූ”

මම ඇහුවේ අමනාපයෙන්

“නැහැ නයිස් තොගේ කන ලග ඊයේ රෑ මදුරුවෙක් කාංකූං ගාන්න ඇති…උඹ නිකං දාහකට ගහන්න වගේ හිටියා මදුරුවටත් බයයිනේ”

ගිම්හාන එසේ කියා හිනෙහෙද්දී මම ඌගේ පිටට පාරක් ගැහුවා .

“ඇත්තටම උඹ බය නම් වරෙන් මගේ ටෙන්ට් එකට…”

නිරංගා කියද්දී මම ඒකීට රැව්වා. ෂික් මගේ හිතේ තිබුන ප්ලෑන් ඔක්කොම ඉවරයිනේ යකූ..දැන් මට රෙද්දක් ඇදගෙන ඒකිගේ ටෙන්ට් එකට යන්න පුළුවන්ද ..

“ආහ් එන්න දරුවෝ…අනේ නිම්නාදි දග කරන්න එපා දරුවෝ”

ප්‍රොෆිසර් නවරත්න කියද්දී මම වටපිට බැලුවා ..ෂිකේ ඉවරයි කැනිම් කරන තැන ඉන්න මිනිස්සු ඔක්කොම මම දිහා බැලුවා …අපේ බැච් එකේ උන්නම් දන්නවා මං ගැන ..ඒත් මේ පිට මිනිස්සු ??

” මේකයි ප්‍රොෆිසර් අපිට තාම මේ සොහොනට එන්ට්‍රන්ස් එක හොයාගන්න බැරුව ඉන්නේ , මාර සංකිර්ණයි. හිතාගන්න බැහැ මේක කාගේ සොහොනක්ද කියලා ..සමහර විට සමූහ සොහොන් ගෙයක් වෙන්නත් පුළුවන් .”

නායක පුරා විද්‍යාඥයා කියද්දී මගේ ඇගේ හිරිගඩු පිපුනා කියහංකෝ..මම හිතුවේ එක සොහොනක් කියලා ..බැලුවාහම මේක අමු සොහොනක්නේ…

“මොකද මූණ හතරැස් වෙලා”

ගිම්හාන මට ඇනලා ඇහුවා .

“මම මේ ගානක් හැදුවා බොල ..දොර තියෙන්නේ කොහේද කියලා ….”

මම එහෙම කියලා ජාමේ බේරගත්තා .
අපි ඔක්කොම ඒ විශාල ගස් වැවිච්ච කන්ද වගේ එක වටේට ඇවිද්දා .

“මේක කොහොමද සොහොන් ගෙයක් වෙන්නේ යකු මෙතැන නගරයක්ම වලදාලා වගේනේ”

එකපාරටම මට කියවුනා. මොකද්දෝ මහ මූසල හැගීමක් මගේ හිතට දැනුනා.

“ඒ ගමන මොකද නයිස්..හොල්මන් වලට බයයිද…මෙහේ හුගක් හොල්මන් ඇති..බලාගෙන රෑට එයි ඈ….”

ඒ ගිම්හානයාගේ නොසණ්ඩාල කට . මූ මාව තවත් බය කරනවා යකූ..

“මේකේ දොරනම් ෂුවර් එකට අපායට තියලා ඇත්තේ ..කොහොමද මට යමපල්ලෙක් වත් සෙට් වුනොත් ..හැන්ඩි නම් ඉතින් හොල්මනක් වුනත් කමක් නැහැ ..උම්මා හැන්ඩ්සම් ”

මම බොරුවට කන්ද පැත්තට ෆ්ලයිං කිස් එකක් ඇරියා ..

“යකෝ මේකීත්…හොල්මනක් වුනත් පව් අප්පා ..ඌගේ අවසානේනේ ඉතින්”

ගිම්හාන ඔය කියන්නේ ඊර්ෂ්‍යාවට..නිරංගා නම් ශබ්දයක් නැහැ ..හොදට කල්පනාවෙන් වටපිට බලනවා. එහෙම තමා ඉගෙන ගන්න ළමයි නෙහ්..

“මේ නංගිලා මමයි මෙතැන ඩිපියුටි…හෙල්ප් එකක් ඕනී නම් කියන්න..විස්තර එහෙම දෙන්න පුළුවන් ”

මම එහෙමම ඔලුව උස්සලා බැලුවේ කවුද මේ පින්වතා කියලා ..හප්පේ හැන්ඩි කොල්ලෙක්..එයාගේ ඇස් මගේ ඇස් වල පැටලෙන්න උත්සාහ කරනවා..හීනයක්ද මේ..

“ගයියා කොනිත්තපං මාව…කිව්වාහම කොනිත්තපං යකූ”

මම කියද්දී මූ පරණ ඇරියස් කවර් කරන්න වගේ මාව හයියෙන් කෙනෙත්තුවා.

“ආ…ව්…උලමෝ කිව්වේ කොනිත්තන්න..නැතුව අතින් කෑල්ලක් කඩන්න නෙමෙයි ”

මම රතු වෙච්ච තැන අත ගගා ගිම්හානට රැව්වා..

“කලත් වැරදියි ..නොකලත් වැරදියි .”

ගිම්හාන හොස්ස දික් කරගත්තා .

“නංගි මම පණ්ඩුක විදීයබණ්ඩාර ..ඔයා”

මෙන්න මිස්ටර් හැන්ඩි මට අත දික් කරනවා. මමත් ඉතින් අත දීලා ශේක් හෑන්ඩ් කලා.

“මම නිම්නාදී”

මම සුපුරුදු දගයෙන්ම කිව්වා.

“ආහ් අයියේ මතක තියාගන්න මහන්සි වෙන්න ඕනී නැහැ . ඔයාට නිතර ඔය නම ඇහෙයි බලන්නකෝ ”

මේ ගිම්හානයා නම් මගේ කාඩ් කුඩු කරනෝ…ඊඩියඩ් ..මම ගිම්හාන පිච්චිලා යන්න රැව්වා..ඕක නම් පැහැදිලි ඊර්ෂ්‍යාව .

“අයියේ අපි චුට්ටක් බලලා හෙට අනිද්දාට විස්තර අහගන්න ඔයා ලගට එන්නම්කෝ..”

නිරංගා වේලාවට අපේ සහයට ආවේ…මම පණ්ඩුකාභයද පණ්ඩුලද මොකද මන්දා ඒකාට බායි කියලා අනිත් පැත්ත හැරුනා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

ආත්මය තුලින් අවදිය සිය ප්‍රේමය සොයා ආත්ම ගණනක් සැරිසැරු නාදියා

“නාදි…”

මගේ දෙපා නැවතුනේ ඒ සුපුරුදු ඇමතුමෙන්..ඇමතුම සුපුරුදු වුනත් ඇමතු හඩ නුහුරුයි..මේ වෙනකොට නිරංගායි , ගිම්හානයි මාව පහු කරලා ගොඩාක් දුර ගිහින්..

“ආපහු යන්න නාදි…”

ඔහු ආයෙමත් කියද්දී මම ඇයි කියලා ඇස් වලින් ඇහුවා .

“වලලපු දේවල් ආයේ ගොඩ ගන්න එපා…පලයාන්”

ඒ පාර නම් හඩ ආවේ පණ්ඩුලගේ මුවෙන් වුනත් කතා කලේ ඔහු නෙමෙයි .මට ඒක හොදටම විශ්වාසයි…මම පුදුමයෙන් ඔහු දිහා බලාගෙන හිටියා.

“ඇයි නිම්නාදි”

ඔහු නිදාගෙන නැගිටලා වගේ මගෙන් ඇහුවා .

“නැහැ මොකුත් නැහැ ..”

මම බෑග් එකේ පටි දෙක තදින් අල්ලගෙන ආපහු යන්න හැරුනේ යටි තොලත් හපාගෙන ..මේ මට මැවිලා පේන දේවල්ද නැත්තම් හැබහින් සිද්ධ වෙනවාද..

“මොකද යකෝ අර කොල්ලා දිහා කන්න වගේ බලාගෙන හිටියේ . ඌ බය වෙන්න ඇති..තෝ උදේට කෑවේ නැහැ කියලා ඌ පලියෑ. වර යන්න අර වාඩිය පැත්තට ..”

ගිම්හානයා මට බැන බැන මාව ඇදගෙන ගියා .මම ආපහු හැරි හැරි බල බල ගියේ මොකද වුනේ කියලා හිත හිත ..

උදේට කන්න හදලා තිබ්බේ මයියොක්කායි , ලුණු මිරිසුයි. මම වාඩියේ බිම එරමිණියා ගොතාගෙන වාඩිවුනා .

“හම්මේ උඹ නම් කෑමක් කිව්වොත් යාලුවොත් මතක නැහ්”

ගිම්හාන මට බැන බැන මං ලගින්ම වාඩිවුනා .

“මේ ගයියා උඹ ඩයටින්නේ”

මම ඇහුවේ චාටුවෙන් …

“හ්ම්…හ්ම්…ඒකනේ මෙච්චර ෆිට් එකට බොඩිය තියාගෙන ඉන්නේ ..”

ගිම්හාන මයියොක්කා කටේ පුරෝගෙන කිව්වේ ආඩම්බරයෙන් ..නේදකින් මේ ගෙම්බා..

“එහෙනම් වැඩිය කන්න එපා බං..පිෂ්ටයනේ”

මම එහෙම කියලා ගිම්හානගේ පිගානෙන් මයියොක්කා කෑලි දෙක තුනක් මගේ පිගානට දාගත්තා …

“නයිස් උඹ නම් මාවම කන්න උපන් එකියක් ”

ගිම්හාන දත්කූරූ කද්දී මම හිනාවෙවී බඩපැලෙන්න කෑවා. මූ මට දැන් කොයි වෙලේ හරි රිටන් එක දෙයි…

“නයිස් මේ සම්බෝලේ මරු…උඹට දාන්නම් හොදේ..”
ගිම්හාන දැම්ම සම්බෝලෙත් මම අහුරු පිටින් කෑවා..
ටික වේලාවක් යද්දියි මට එලොව පොල් පේන්න ගත්තේ…”කොච්චි” ෂු ෂු..ඉන්න බැරෝ…මම උඩ පැන්නේ මුලු මූණම දන්න ගත්ත නිසා..ගිම්හාන නම් බඩ අල්ලගෙන හිනාවුනා ..හිටපංකෝ උඹට මම ..හිපාටුවා … මම කට අල්ල ගෙන එලියට දිව්වා.
මගේ ඉස්සරහා තියෙන්නේ මහා සොහොන් ගැබ යැයි සැලකෙන කන්ද දිහා මම මොහොතක් හිටියා ..මොකද්දෝ අමුතු හැගීමක් මට දැනෙන්න වුනා .මට අයිති මොකක් හරි මේකේ තියෙනවා වගේ මට දැනෙන්න වුනා .

“තාම දයියාද…”

ගිම්හාන අහද්දී නම් මට ඌගේ හොම්බට හැටක් අනින්න හිතුනා .

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

සදාකාලික ප්‍රේමය බැදි ගිය පෙම්වතුන් යුවල කාලීන් හා නාදියා

යළි අවදිවු උරුමකරු 2 කොටස  කියෙව්වාද?

යළි අවදි වු උරුමකරු 1 කොටසට

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

……..යලිත් හමුවෙමු ඒ ආදරය සමගින්……..

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකි

කතන්දර ලිපි