ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 3

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 3

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 3 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න.

යලි අවදිවු උරුමකරු 3

“ගයියා…”

මම තාම සොහොන දිහා බලාගෙන ඉන්න ගිම්හානට කතා කලා.

“ඒ ගමන මොකද ”

ගිම්හාන පුදුමයෙන් මං දිහා බැලුවේ මම එච්චර ආදරයෙන් කතා කරපු හින්දා වෙන්න ඇති.

“මෙහේ හරි අමුතුයි බං උඹටත් දැනෙනවාද ඒක..”

මම කිව්වේ ඒ අද්භූත සොහොන් ගෙය දිහා බලාගෙන .

” තමුසේගේ පිස්සු ඩබල් වෙලාද ඕයි..මෙතැන අවුලක් නැහැ ”

ගිම්හාන මං දිහා බැලුවේ පුදුමයෙන් ,

“හ්ම්”

මම එහෙම කිව්වේ මේ බූරුවට ඒක කියලා වැඩක් නැහැ කියලා තේරුන නිසා

“අප්පච්චිට එන්න කියලා මට ආපහු යන්න හිතෙනෝ..”

මම මටම මුමුණ ගත්තා.

“පිස්සුද යකෝ…මේ ෆයිනල් එක”

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 3

“අනේ ගයියෝ..බිලිව් මී..මට මෙහේ ආපූ දවසේ ඉදන් අමුතු ශබ්ද ඇහෙනෝ..අමුතු දේවල් පේනෝ”

ගිම්හාන මගේ අතින් රිදෙන්න වගේ අල්ලලා මාව එයා දිහාට ඇදගත්තා . මාව එයා ගාවට ඇදිලා ගියේ හුලං පොදක් වගේ ..කැම්පස් එකේ හුගක් අය හිතුවේ අපි පෙම්වතුන් කියලා ..ඒ තරම් අපි සමීපයි..ඒත් එහෙම නැහැ .මට හැමදාම එයා මගේ වද විදින හොදම යාලුවා විතරයි .

“අනේ ගයියෝ..බිලිව් මී..මට මෙහේ ආපූ දවසේ ඉදන් අමුතු ශබ්ද ඇහෙනෝ..අමුතු දේවල් පේනෝ”

මම කිව්වේ ඔහුගේ පපුවට තුරුල් වෙලා අහිංසකව ..

“පිස්සී..ඕවා මනස්ගාත ”

ගිම්හාන මගේ හිසකෙස් අවුල් කලා. දවසම කලේ අපි කැනීම් කරන දිහා බල බල ඇවිද්ද එක..මම පිස්සු නටයි කියලාදෝ ප්‍රොෆිසර නවරත්න මං ගැන නිතරම හෙව්වා.

රෑවෙලා කෑම්ප් එකට එද්දී කකුල් මැඩලින් ගහනවා ..දවසම හිටගෙනනේ ඉතින්..මම වොෂ් එකක් දාගෙන රෑට කලා ටෙන්ට් එකට ගුලිවුනා ..ටෙන්ට් එකේ දොර වහන්න කලින් මගේ ඇස් ඉස්සරහා තියෙන කැනීම් කරන කන්ද නැත්තම් සොහොන දිහා මම ටික වේලාවක් බලාගෙන හිටියා.. ලස්සන හීනී ඇස් දෙකක් මට මතක් වුනා..කාලීන්?? මගේ කාලීන්… මම මිමිණුවා
මොනවාද අප්පා මම මේ කියන්නේ ..මට පිස්සුනේ..මම මගේ ඔලුවට තට්ටුවක් දාගෙන ටෙන්ට් එකේ දොර වහලා මෙට්ටේ උඩ ගුලි වුනා.

ටික වේලාවකින් ටෙන්ට් එකේ එලියේ යන්තමින් ඡායවක් පේනවා. දෙවියනේ හොල්මනක්ද…මගේ හිත තිගැස්සුනා . ඒත් මොකද්දෝ අමුතු එඩිතර කමක් මගේ හිතේ තිබුනා .ඒ පැත්ත නොබලා නිදාගන්නවා වෙනුවට මම කලේ ටෙන්ට් එකෙන් එලියට ඔලුව දාපු එක…දෙවියනේ ගිම්හාන ..ඒකා මෙට්ටේ මගේ ටෙන්ට් එක පාමුල තියාගෙන වාඩිවෙලා ඉන්නවා .

“ගයියා මොකද මේ”

මම ටෙන්ට් එක ඇරලා එලියට ආවා.

“ආහ්..නයිස්..නිදිනැද්ද ..උඹ බයෙන්නේ බං ..මගේ හිතට හරි නැහැ . ඒකයි මම ආවේ”

ගිම්හාන කිව්වේ විහිලුවට නම් නොවෙයි.

“ගයියා ඉන්නෝ මාත් එන්නම්..”

මම එහෙම කියාගෙන ගිම්හාන වාඩිවෙලා හිටපු මෙට්ටෙට පැන්නා.

“බය නැද්ද ”

ගිම්හාන ඇහුවේ මගේ ඇස් වලට එබිලා.

“හ්ම්..ඔයා ඉන්නවානේ ”

මම කිව්වේ ගිම්හානගේ උරහිස්සට ඔලුව තිබ්බා. ගිම්හාන බර හුස්මක් හෙලුවා .

“මොකද බං”

මූට මොකද වුනේ කියලා හිත හිත මං ඇහුවා .

“තෝ හින්දා තමයි මට කෙල්ලක් සෙට් කර ගන්නත් බැරි ..”

ගිම්හාන කියද්දී මම ඇස් ලොකු කරලා එයා දිහා බැලුවා .යකෝ මු හෙන කදයා වගේ..ඊටත් කිරි පාටට බැබලි බැබලි ඉන්නෝ…ඉතින් මොන මීහරකිද මූට අකමැති වෙන්නේ .

“ඒ මොකද ඒ”

මම ඇහුවේ කුතුහලයෙන් .

“තෝ ඉටිරූපේ වගේ ඉන්න ගමන් , මට චුයින්ගම් එක වගේ හැමතිස්සේම ඇලිලා ඉන්නකොට වැදිරියෙක් වත් බලයිද මං දිහා…”

ගිම්හාන කියද්දී මට හිනාගියා .

“පිස්සා ”

මම ගිම්හානගේ පිටට තට්ටුවක් දැම්මා. අපි දෙන්නා එක්ක රෑ අහසේ තරු බැලුවා.

“නාදී”

මම පියෙවි සිහියට ආවේ එකපාරටම ගිම්හානගේ හඩ වෙනස් වුනාහම ..

“ගයියා”

මම මිමිණුවේ පුදුමයෙන් , ඔව් ඔහුගේ ඇස් පිල්ලම් වැටෙන්නේ නැහැ . මම පුදුමයෙන්ම ඔහු දිහා බලාගෙන හිටියා .

“පලයාන්”

ආයෙමත් නපුරු හඩක් ඔහුගේ මුවෙන් පිටවුනා. මගේ අතින් මගේ කට වැහුනේ ඉබේම ..මම කොච්චර වෙලා එහෙම හිටියාද මන්දා.

“නයිස්..නයිස්..”

මගේ කම්බුල් වලට තට්ටු කලේ ගිම්හාන , මම හිටියේ ඔහුගේ උරහිස්ස උඩ නිදාගෙන ..දෙවියනේ එතකොට ඒක හීනයක්ද..නැත්තම් ඇත්තටම සිද්ධ වුනාද…මම හිටියේ තිගැස්සිලා .

“මොකද බං යකෙක් ගහලා වගේ ..නැගිටලා යමන් ටෙන්ට් එකට, අනික් වුන් දැක්කොත් වැරදියට හිතයි”

ගිම්හාන කියද්දී මම නැගිටලා හිරි කැඩුවා .

“මේ ආයෙම නිදාගන්නේ නැහැ “

ගිම්හාන මට තර්ජනය කලේ මගේ හැටි දන්න නිසා..මොකද මට දෙයියනේ කියලා ගස් දෙබලක වුනත් හොදට නින්ද යනවා ..මම ටෙන්ට් එක ඇතුලට ගියත් මගේ හිත චුට්ටක් හෙල්ලිලා තිබ්බේ .කවුද මට මෙච්චර යන්න කියලා තර්ජනය කරන්නේ ..ඒත් ඇයි? එකපාරටම හීනී ලස්සන ඇස් දෙකක් මගේ ඇස් ඉස්සරහා මැවිලා නොපෙනී ගියා.

“ආහ්….”

මම ඔලුව අල්ල ගත්තේ ඔලුව ඇතුලෙන් වේදනාවක් ආපූ නිසා..මම එහෙමම බෑග් එකට අත දාලා ඕඩික්ලෝන් එකෙන් ටිකක් ඔලුවට දාගත්තා . මොනවා වෙනවාද අප්පා මට…අර කිව්වත් වගේ මට පිස්සුද..මම ඔලුව අත් දෙකෙන් අල්ල ගෙන මොහොතක් හිටියා . ඊටපස්සේ මම ඩෙනිමක් දාගෙන ටීෂර්ට් එකක් දාගෙන ටෙන්ට් එකෙන් එලියට ආවේ අද දවසට මූණ දෙන්න හිතන්..

” අදත් ගත්තාද නයි මල්ල”

ගිම්හාන ඔය හිනාවෙන්නේ මගේ පිටේ එල්ලගෙන යන බෑග් එකට..

“හිතුවාද මම අහිකුණ්ඨිකයෙක් කියලා නයි මල්ලක් එල්ලන් යන්න ආ….ගයියා උඹනේ රිලවා”

මම බොරු තරහක් අරන් කිව්වා.

“ඔහොමද අනාගත මහත්තයාට කතා කරන්නේ ආහ්…”

ගිම්හාන ඉනට අත් දෙක තියන් ඇහුවා .

“වට්…”

මම ආපහු ඇහුවේ පුදුමයෙන්

“තෝ ඉතින් මගේ ඇගේමනේ , තොට කොල්ලෙක් ලැබෙන්නෙත් නැහැ ..මට කෙල්ලෙකුත් ලැබෙන්නේ නැහැ .අනාගතයේදී බැරි බැරි ගාතෙන් හරි උඹව කර ගහන්න වෙන්නේ මටනේ”

ගිම්හාන කිව්වේ හිනාවෙවී ..හිතාගෙන ඇති පුස් ඌරා..මම හිතුවේ යටි තොල හපාගෙන

“හ්ම් දැන්ම ඉදලාම ඉගෙන ගන්නවා ..මහත්තයාට ගරු කරන්න ”

ගිම්හාන කිව්වේ මගේ කම්බුල් මිරිකන ගමන් ..

“හිතාගෙන ඇති හැලපයා මගේ හස්බන්ඩ් වෙන්න.ඊඩියඩ් ..මට ඉන්නවා ලස්සන කුමාරයෙක්”

මම කිව්වේ ඊයේ පෙනුන ලස්සන ඇස් මතක් කර කර..

“එහෙම කොහේද නයිස් ඔයා මගේ ”

ගිම්හාන සීරියස් හඩින් කියලා මාව ඇදලා ගනිද්දී මම අන්දුන් කුන්දුන් වුනා. වහින්න හිතකවත් නොතිබිච්ච අහසෙන් විදුලියක් එකපාරටම අපි දෙන්නා අතරට වැටිලා අපි දෙන්නා දෙපැත්තකට වීසීවුනා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 3

“නා…දී….නුඹ මගේ විතරයි “

“නා…දී….නුඹ මගේ විතරයි ”

ඒ හඩත් එක්කම මගේ ඇස් ඉස්සරහා මැවුනේ තරහින් රතුවෙච්චි අර ලස්සන හීනී ඇස් දෙක…මට හීල්ලුනා .

“නයිස් ඒ මොකද වුනේ..මොකද මේ වැහි නැති අකුණු”

ගිම්හාන ඇහුවේ වැහිබර නැති අහස දිහා බලලා.. මම නම් ෂොක් වෙලා හිටියේ එක් පැත්තකින් ගිම්හාන කිව්ව දේ අනෙක් අතට අර නපුරු වෙච්ච හීනි ඇස් දෙක. ඒ ඔක්කොටම වඩා වැහි නැති අකුණ…

“ඇහුනේ නැද්ද නයිස්..මොකද නිකං හොල්මන් වෙලා වගේ ..මගේ පිස්සී”

ගිම්හාන මගේ කොණ්ඩේ අවුල් කලා. “මගේ පිස්සි?” මම කල්පනා කලේ ගිම්හානට මොකද වුනේ කියලා ..මූ දැන් රෝන්ග් ටෝක් දානවා වැඩි..හම්මේ මූට මං ගැන පිළිබඳ සිතක් පහල වෙලාද.. ඉවරයි ..

“නයිස් මොකද්ද බං උඹ ඔය ගයියාගේ අස්සෙම රිංග ගෙන ඉන්නේ ..වරෙන්කෝ ටිකක් ආශ්‍රය කරන්න .”

ඒ කැගැහුවේ වෙනුර.අපේ බැච් එකටම කෙල්ලෝ පහයි හිටියේ .ඉතුරු කොල්ලෝ ඔක්කොම මට බයයි කියහන්කෝ. මෙහෙම හරි අඩගහන්නේ මේ එලියට ආපු හින්දා. මගෙන් වෙන අලාබ හානි වැඩි හින්දාමයි උන් මට බය, ඊට වඩා මගේ කටට තමා බයම.

“ඉන්න වෙනුවෝ..මම එනෝ”

මම කවදාවත්ම නැතුව ගිම්හාන දාලා කොල්ලෝ ගොඩ මැද්දට පැන්නා. ගිම්හාන මං දිහා බලාගෙන හිටියේ දුකින්..

“අඩී නයිස් උඹ ගයියාට බූට් එක තිබ්බාද..දැන් වේකන්ට් නේ”

සුපුන් මං දැක්ක ගමන් ඇහුවා .

“ඇයි වේකන්සිය පුරවන්නද”

මම ඇහුවේ ඉනට අත් දෙක තියාගෙන නතර වෙලා.

” ඔව් ඉතින් බැරි කමකුත් නැහැ ”

සුපුන් කිව්වේ මනමාල හඩින්..චික් සෙවල ගෙම්බා..හිටපංකෝ උඹට මං
මම නැවතිලා වෙනුරගේ උරහිස්සට අතක් තියලා සපත්තුව බැලුවේ ගලක් තියෙනවා වගේ දැනුන නිසා.

“අප්පේ නයිස් ජෝක් ඈ..උඹ හදන්නේ ඕකෙන් මට පත බාන්නද..හම්මේ මගේ හැන්ඩ්සම් මූණ ”

සුපුන් ඇත්තටම බයවෙලා කිව්වා. මට හිනායන්න ආවත් මම තොල් පටක් හපාගෙන හිනාව තද කර ගත්තා.

“මම බලන්න හැදුවේ අවම සුදුසු කමවත් තියෙනවාද කියලා ..වැඩක් නැහැ එහෙනම් ”

මම ගල අයින් කරලා සපත්තුව දාගනිද්දි ඇත්ත දැක්ක වෙනුරට හිනාගියා.

“දන්නවාද මේ ගල්තලාව යට ලස්සන රාජධානියක් තියෙනවා .ඒකේ ඉන්න හැන්ඩ්සම් කුමාරයා මගේ ”

මම කිව්වේ සොහොන් කන්ද පෙන්නලා.

“ඈ බං නයිස් උඹ මෙහේ ආවේ කැනීම් නිරීක්ෂණයටද ,,නැත්තම් හීන දකින්නද…හොදයි මොකද්ද ඔය හැන්ඩ්සම් කුමාරයාගේ නම් ගිම්හානද”

විහග එහෙම කියලා හයියෙන් හිනාවුනා.

“නැහ්..එයා කාලීන්”

මට එකපාරක් කියවුනා . දෙවියනේ කාලීන් ඒ කවුද මමම මොහොතක් කල්පනා කලා.

“අඩේ අපේ නයිස්ට හොදටම ලූස් වෙලා බොල..ඉසකුඩිචියක් වත් දාන්න වෙයි”

ප්‍රභාත් හැක හැක ගාලා හිනා වුනා. දැන් මුන්ගේ බයිට මමද බොල..චික් මගේ කට මොනවා කිව්වාද මන්දා.. දැන් ඉදලා හමාරයි ..

“ප්‍රින්ස් කාලින්ගේ කුමරිය ප්‍රිනසස් නිම්නාදි”

සුපුන් වදේ ගහන්න පටන් ගත්තා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 3

” පිස්සුද යකෝ…කාලීන් කියන නමට නිම්නාදී මොඩර්න් වැඩි….ප්‍රින්ස් කාලින්ගේ කුමරිය ප්‍රිනසස් නාදී”

” පිස්සුද යකෝ…කාලීන් කියන නමට නිම්නාදී මොඩර්න් වැඩි….ප්‍රින්ස් කාලින්ගේ කුමරිය ප්‍රිනසස් නාදී”

විහග කියද්දී මම ඉද්ද ගැහුවා වගේ නැවතුනා . ඔව් නාදි කුමරිය ඒ මම ..කාලීන් වෙනුවෙන් ඉපදුන ඔහු වෙනුවෙන් මියැදුන….

“නයිස්….”

ගිම්හානගේ හඩින් මම පියවි සිහියට ආවා.

“මොකෝ යකූ බෙරිහන් දෙන්නේ ..මගේ කන් ඇහෙනවා ”

මම කිව්වේ චුට්ටක් සැරෙන්

“නයිස් උඹට මොකද වුනේ කියහන්කෝ . අර බලපං අරුන් උඹට නෝන්ඩිය දදා හිනාවෙවී යනවා ..වෙනදාට මේකේ අනිත් පැත්තනේ වෙන්නේ …උඹට හොද වැඩේ මාව දාලා ගියාට”

ගිම්හාන කියද්දී මම ඔලුව උස්සලා බැලුවා . ඔව් එතකොටත් විහගලා මට හිනාවෙවී ගොඩාක් දුර ගිහින්, ඒ මදිවට ආපහු බල බලත් හිනාවෙනවා .ගිම්හාන කිව්වා හරි වෙනදාට ඔය කොල්ලෝ චොර වෙලා දුවද්දී උඩ පැන පැන හිනාවෙන්නේ මම … ඒත් අද මම නිහඩයි..හරිම මාන්දමිකයි. නාදී කුමරිය ? කවුද ඒ? හොදට හුරුපුරුදු නමක්..

“උඹ හරි අමුතුයි නයිස්..මොකද වුනේ..මෙහේ ආවට පස්සේ හෙන අහිංසක වෙලානේ.ප්‍රොෆිසර් නවරත්න චොකලට් එකක් වත් අරන් දෙනවා කිව්වාද උඹට ”

ගිම්හාන අහද්දී මම හිනාවුනා.

….යලිත් හමුවෙමු ඒ ආදරය සමගින් ( යලි අවදිවු උරුමකරු 3 )…..

යලි අවදිවු උරුමකරු 3 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි