ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 4

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 4

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 4 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 4 රසවිදින්න ඔබට ඇරයුම් කරනවා

යලි අවදිවු උරුමකරු 4

හවස ආපු ගමන් මම ටෙන්ට් එකට රිංග ගත්තේ තෝන්තුවාවෙන්…මට දැන් විශ්වාසයි මගේ කල්පනාවේ පොඩි අවුලක් තියෙන බව..වේලවකට පේන්නේ විකාර …වේලාවකට ඇහෙන්නේ විකාර ..ඊටත් වඩා මම වේලාවකට කියන්නේ විකාර ..

“නයිස්”

ඒ ගිම්හාන , ඔය කෑගහන්නේ මගේ ටෙන්ට් එකෙන් එලියේ ඉදන්..

“මොකද ගයියෝ”

මම එලියට නෑවිත්ම ඇහුවා.

“කෑවද තමුසේ ?”

ඒක නම් ගිම්හාන ඇහුවේ හුගාක් තරහින් ..යකෝ මූ …මට මෙහෙම කතා කරන්න ..මේ මොන ගෙම්බෙක්ද…මගේ මිනිහා වගේනේ කතාව ..

“නැහ්…ඇයි මොකද තමුසේ මට කවන්නද”

මම ටෙන්ට් එකෙන් එලියට ඔලුව දාලා ඇහුවේ තරහින්..ඒත් මගේ තරහා නිමිලා ගියේ හිරු දුටු පිනි වගේ ..දෙවියනේ ගිම්හාන මගේ දොරකඩ ඉන්නේ නිකන් නෙමෙයි . මට කෑම පිගානකුත් එක්ක..

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 4

දගකාරිය ඇයයි

“කවන්න පුළුවන් ඒත් මෙතැන බැහැ .එහෙම වුනොත් ප්‍රොෆිසර් නවරත්න අපි දෙන්නාව හෙටම ගෙදර අරියි..ඒක නිසා මේක කනවා..මම මෙට්ටේ අරන් එන්නම් ..”

ගිම්හාන මගේ අතින් කෑම එක තියලා යන්න හැදුවේ ..

“ගිම්හාන”

ඒත් මම ඔහුගේ අතක එල්ලුනා. මම කවදාවත්ම නැතුව් ඔහුව නමින් අමතන කොට ඔහුට පුදුම ඇති. ඔහු ආපහු හැරුනේ පුදුමයෙන් විශාල වෙච්ච ඇස් එක්ක..

” ඔයා අද ඔයාගේ ටෙන්ට් එකේ නිදාගන්න. මෙතැන හිටියොත් අපි දෙන්නාටම හොද නැහැ ..මම බය නැහැ ”

මම මෙච්චර සීරියස් පිට කතාවක් කිව්වාමද කොහේද .. ගිම්හාන කිසිම දෙයක් නොකියා යද්දී මට දුක නොහිතුනාම නෙවෙයි . ඒත් දවසින් දවස සමීප වෙන මේ සම්බන්ධය මට ප්‍රශ්නයක් …මම උඩින් පල්ලෙන් කාලා ඇලවුනේ හිතේ ඇවිලෙන ගින්නත් එක්ක..

ඉස්සෙල්ලාම මම කැම්පස් ආපු දවස මට මතකයි . ඔව් මම නිශ්ශංක සූර්යබණ්ඩාරගේ එකම දෝණී..දගකාරී..හුරතලී……ගොඩාක් කොල්ලන්ගේ ඇස් තිබුනේ මං ගාව..මගේ ලස්සන ගාව… ඒත් ටික දවසක් මාත් එක්ක ඉන්න කොට මගේ ෂූටී කට,,මගේ හැසිරීමට අපේ බැච් එකේ කොල්ලෝ බයවුනේ මගේ බයිට් එකක් වෙන්න බැරිනිසා . ඒත් ගිම්හාන එදා ඉදන් හැම මොහොතකම මං ලගින් හිටියේ මාව තනි නොකර ..කොච්චර මං ලගින් හිටියද කියනවා නම් ඔහුට ඔහුගේ යහලුවන් පවා අහිමි වුනා. ඒත් ඔහු නොසැලී මං ලග හිටියා .

එහෙම කියලා මට ඔහු මගේ ආදරය කියලා හිතන්න පුළුවන්ද..නේවර්..මම හොයන්නේ ඒ හීන් ඇස් තියෙන දඩබ්බරයාව…මට ඇස් පියවුනේ කොයිවෙලාවෙද මන්දා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 4

“නාදි….නාදි….නාදියා ඇහෙන් නැද්ද නුඹට. එන්න මා වෙත”

“කාලීන්…කාලීන්..”

අද ආයෙමත් මට ඇහුනේ ඒ හඩ…ඒත් එක්කම අර හීනී ඇස් දෙක මට පෙනුනා..

“නාදි….නාදි….නාදියා ඇහෙන් නැද්ද නුඹට. එන්න මා වෙත”

දෙවියනේ මා දෙසට දෑත් දිගු කලේ අර හීනී ඇස් හිමි දඩබ්බරයාගේ කඩවසම් රුව.. මට දැනුනේ මම ඔහු පස්සේ ඇවිදිනවා වගේ ..

“නාදි නුඹ දන්නවානේ මේ හෙක්ස් නුවර මට තියෙන එකම ආලෝකය නුඹ ..මම රජ වෙන්නේ නුඹ නමින්…අපේ ආදරය එක්ක”

ඔහු කියන්නේ ගොඩාක් ආදරණීයව..හිතාගන්න බැහැ මේ නපුරා ගාව මෙච්චර ආදරණීය හදවතක් තියෙනවා කියලා .

“උතුමාණනි ඔබගේ ආදරය අනන්තයි ..මම හැමදාම ඔබ නමින් ..”

දෙවියනේ ඒ කතා කරන්නේ මං..

“නාදි නුඹ අමරණීය විය යුතුයි.. එවිට අපේ ආදරය සදාකාලික වේවී.”

කාලීන් ..ඔව් ඒ ඔහු මගේ අත සිපගත්තේ පරිස්සමට ,

” එසේ කල නොහැකියි උතුමාණනි, කමාකල මැන..ඔබයි උරුම කරු..මම නුඹ නමින් දයාවේ පුත්‍රයා බිහි කිරීමට ප්‍රතිඥා දී අවසන්”

මම පැවසුවේ යටහත් පහත්ව..

“නුඹ දන්නවාද නුඹ ගැබ දරන්නේ අමරණීය පුත්‍රයෙක් ..නියත වශයෙන්ම ඔහු බිහිවෙන විට නුඹ මිය යනු ඇත..”

කාලීන් කිව්වේ වේදනාවෙන් .

“ඔබ වෙනුවෙන් මම සියල්ල භාර ගැනීමට සුදානම් ”

මම කිව්වේ ස්ථීර හඩින්..

“ඕහ් ප්‍රේමිය. .නුඹ මගේ ප්‍රාණයයි. අමරණීයත්වයත් සමග ස්ත්‍රියකගේ දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වන බව දන්නා නුඹ අමරණීයත්වය ප්‍රතික්ෂේප කර මරණයේ හස්තය අල්ලා ගත්තේ මා වෙනුවෙන්ද..මාගේ උරුමය වෙනුවෙන්ද…”

ඔහුගේ හිනී දිගැටි ඇස් බොදවුනා . එහෙත් තාවකාලික ජීවිතයක් ඇති මා ඔහුගේ සදාකාලික පෙම්වතියයි. ඔහුගේ හදේ සියලුම අයිතීන් මා ගෙන අවසානයි..

ආයෙමත් ඒ දසුන් බොද වුනා. ඒ එක්කම ආයෙම මැවුනේ වෙනම විකාරයක්..

” නාදී නුඹ මේ රාජධානියේ අමරණීයය නොවන එකම මනුෂ්‍යයායි. නුඹයි දයාවේ කුමරුන් පිලිසිද ගැනීමට තෝරාගත්තිය…එහෙත් මම අමරණීය ඔවුන් සදාකාලික නින්දට පත් කලා. නුඹ ”

යක්ෂයා හයියෙන් හිනාවුනා . ඔහු තියුණු ඇස් ඇති කඩවසම් , තැනැත්තෙක්, තනි කලු වර්ණයෙන් සැරසී සිටින ඔහුත් ඔහුගේ අතවැසියාත් මා දෙස මොහොතක් බලාගෙන හිටියා .

“නාදියා නුඹට මරණය ”

යක්ෂයා එසේ පවසද්දී මගේ කොන්ද මත මහා සොහොන් ගැබේ එකේ බිත්තියක් නිර්මාණය කලේ මගේ සුසුම්නාව බිදියද්දී

“යුදාස්, නාදියා මියැන තැන පිවිසුම් දොරටුව තබාපන්…”

යක්ෂායා පවසද්දී මම වේදනාවෙන් බොදවයන ඇස් එක්ක අහස් කුස බැලිමි.සුර්යයා බැස යනවා..දෙවියනේ දොරටුව බටහිර .. යක්ෂයාද අතවැසියාද මොනවාදෝ කතා කරනු යන්තමින් මට ඇසුනි.
“ඔහු යලිත් අවදි නොවීමයි හොදම.නමුත් ඒ දේවල් අපිට පාලනය කල නොහැකියි . සොහොන් ගැබේ තිබු රක්ත වර්ණ දියර බදුන තොප දුටුවේද ? එය කවුරුන් හෝ මෙහි සැගවී ඇති මෙග් සිදුරට හැලුවොත් අනිවාර්යයෙන්ම කාලීන් අවදි වෙනු ඇත. ඔහුගේ රාජධානියද අවදිවෙනු ඇත. ඔහුයි උරුමකරු…ඔහු දයාවේ පුතණුවන් බිහි කරනු ඇත. එයයි අප මෙසේ නවතා දමනුයේ”

යක්ෂයාගේ ඒ වදන් සමගම මගේ හුස්ම නික්මුනා. මම නැත්නම් නාදියා එදා මැරුනේ සොහොන් කොතට ඇතුල් වෙන දොරටුව පමණක් නොව…ඒ මහා රාජධානිය අවදි කරන්න සමත් රහසත් හිත තුල සගවගෙන…

ආයෙමත් මේ පේන විකාර වෙනස් වෙන්න ගත්තා .

මම හිටියේ අයේෂාගේ සුදු සල්වාර් එක ඇදගෙන ,මගේ කර්ල් කොණ්ඩේ ලෙහිලා ඔහේ හුලගේ පාවුනා . මම හිටියේ ඒ සොහොන් කන්දේ බටහිර පැත්තේ..මම එක තැනක් හාරන්න ගත්තේ පිස්සුවෙන් වගේ ..අන්තිමේදී ඔව් අන්තිමේදී මට ඒක හම්බවුනා . ඔව් සොහොන් ගැබට ඇතුල් වෙන දොර මට හම්බවුනා..මම සොහොන් ගැබ ඇතුලට ගියේ බඩ ගාගෙන …ගුහා ගර්භය හුස්ම ගන්න අපහසුයි. ඒත් මම අරමුණ වෙනුවෙන් ඉදිරියටම බඩ ගෑවා. රක්ත වර්ණ ද්‍රාවණ බදුනක් සොහොන් ගර්භය මධ්‍යයේ තිබුනා..ඒත් මේ මෙග් සිදුර කොහේද ..මම කල්පනා කලා..හිතාගන්නවත් බැහැ .මේ මුලු සොහොන් ගෙයටම තියෙන එකම විවරය දොරටුව විතරයි .. මම ඔලුවේ අත තියාගෙන බිම ඉදගත්තා ..

“නාදි මගේ නාදී”

ඔව් ඒ මගේ ආදරණීය කාලීන්..

‘” නාදියා පල..යාන්..”

ඒ යක්ෂයා …

මම එකපාරටම නැගිට්ටේ පිස්සුවෙන් වගේ ..මම රක්තවර්ණ දියරය පිරි බදුන දෝතට අරගෙන මෙග් සිදුර හෙව්වේ පිස්සුවෙන් වගේ ..එකපාරටම මගේ කකුල පැටලිලා වැටෙද්දී බදුන මගේ දෝතින් ගිලිහිලා ඉහල අහසට විසිවුනා .මට ඇහුනේ යක්ෂයාගේ හිනා හඩ විතරයි . දෙවියනේ මගේ කාලින්….මම පපුවට අතක් තියාගෙන උඩබැලුවා .බදුන උඩ රැදිලා තිබුනා. පුදුමයෙන් මගේ කට විවර වෙද්දී ඒ බදුනේ රක්ත දියරය මගේ මුවට හැලුනේත් එය මට ගිලුනේත් එකම මොහොතක..

“නාදියා එපා”

යක්ෂයා වියරුවෙන් කෑගැහුවා .කුටිය පුරා ආලෝකයක් පැතිරෙද්දී මගේ කටට අමුතු රහක් දැනුනා. ඒ එක්කම මට මොකද්දෝ වුනා.

“නාදියා මෙක් කියලා සිදුරක් නැහැ . එය නුඹගේ රුධිරයට මුසුවීමයි නොවිය යුත්තේ ..මගේ අණ නොතකා නුඹ එය කලා…හහ්හා…මම දයාවේ කුමරුට ජන්මය දෙන්න මා නුඹ දිවි ඇතිව තියෙන්නේ නැහැ .”

මට ඇහුනේ එපමණයි ..මම දොරටුව ලගට ආවේ මාගේ කාර්‍යය සම්පුර්ණ කල නිසායි. එහෙත් විසල් පස් කන්දක් මගේ ඇගට පෙරලී ආවේය .

” නයිස්…නයිස්…”

ගිම්හානගේ හඩින් මම ඇස් පිහාටු හොලවන්න උත්සහ කලා. ඒත් ඒවා එකට ඇලිලා වගේ ..මගේ ඇග පුරාම තිබ්බේ පුදුම වේදනාවක්.

“ඩොක්ටර්…ඩොක්ටර් ..”

ඊලගට ගිම්හාන කලබලයෙන් කෑගහන ශබ්දේ මට ඇහුනා .

“ආහ්..පේෂන්ට්ට සිහිය එනවා ..ගුඩ්…නව් ෂී ඉස් නෝර්මල් ”

වෛද්‍යවරයා මා පරීක්ෂා කර බලා කියනු මට හොදින්ම ඇසුනි. මම මෙවර නම් උත්සහායකින් තොරවම ඇස් ඇරිමි. මගේ මූණට එබීගෙන හිටියේ ගිම්හාන ..ඔව් මගේ ආදරණීය මිත්‍රයා…

“ග…යි…යා”

මම අපහසුවෙන් කතා කරන්න උත්සාහ කලා.

“ෂ්…ෂ්…නයිස්…කතා කරන්න එපා..ඔයාට සති දෙකකට පස්සේ සිහිය ආවේ..ප්ලීස් රෙස්ට් කරන්න ”

ගිම්හානගේ ඇගිලි තුඩුවල පහස මගේ නලලට දැනුනා.

“ගයි..යා..ප්..ලීස්”

මම අමාරුවෙන් වුනත් කලින්ට වඩා හොදින් ඇහුවා . මට මොකද වුනේ ?මම දැක්ක විකාර හීන එතකොට ?? මං ගිම්හාන දිහා බලාගෙන හිටියේ උත්තරයක් බලාපොරොත්තුවෙන් ..

“නිම්නාදී”

ගිම්හාන කවදාවත් නැතුව මගේ නම කියද්දී මම පුදුම වුනා.

” එදා මම ඔයාට කෑම එක දීලා මගේ ටෙන්ට් එකට ගියාට ඔයා පහුගිය දවස් ටිකේ අමුතු නිසා මම අප්සට් එකේ හිටියේ ..ඒක නිසාම මම ආපහු ඔයාගේ ටෙන්ට් එක ගාවට එද්දී ඔයා නැහැ .”

ගිම්හාන කියද්දී අමුතු බයක් මගේ හිතේ ඇදුනා . දෙවියනේ එතකොට ඒක හීනයක් නෙවෙයිද??

” ඉතින් මම ප්‍රොෆිසර් නවරත්නටත් කියලා සොහොන් කන්ද ලගට දුවලා ආවා. බටහිර පැත්ත කන්ද නාය ගිහින් ..ඒ පස් කන්දට ඔයා යට වෙලා හිටියා .මම අමාරුවෙන් ඔයාව පාදලා එලියට ගත්තා . ඒත්”

ගිම්හාන මොහොතක් නතර වුනා ..

“ඒත්?? ඇයි???”

මම අමාරුවෙන් වුනත් ඇහුවේ උනන්දුවෙන් .

“ඒත් බබා මට හිතාගන්න බැහැ ..කවදාවත්ම කැම්පස් එකේ ගෑනු ඇදුම් අදින්නේ නැති ඔයා ඇදන් හිටියේ සුදු සල්වාර් එකක්…ඊටත් ඔයා දන්නවාද ඔයා යට වෙලා හිටපු තැනින් සොහොන් කන්දට යන්න දොරටුව හම්බවුනා කියලා ”

ගිම්හාන කියද්දී නම් මගේ ඇග හිරිවැටුනා . එහෙනම් ඒක හීනයක් නෙමෙයි . ඒ සේරම ඇත්තටම සිද්ධවෙලා.

“එදාම ඔයාව අපි කොළඹ ගෙනවා. ඔයා කෝමා වෙලා සති දෙකක් හිටියා ..මම නම් හිතින් නොමැරී මැරුනා…දැන් හොදයිනේ..අපේ අනෙක් කට්ටියත් ඔයාගේ ඇක්සිඩන්ට් එකට දවස් දෙකකට පස්සේ ආපහු ආවනේ”

ගිම්හාන කියද්දී මගේ ඇස් ලොකු වෙන්න ඇති ..

“මොකද බං ඇස් ලොකු කරන්නේ …උන් ආවේ ඒක වැඩක් නැති හින්දා..ඒ සොහොන ඇතුලේ මොකුත් තිබිලා නැහැ ..හිස් කුහරයක් විතරයිලු…ඊටත් ඒක එක පාරටම කඩා වැටිලා ,,ඊටපස්සේ ගිලා බැහැලා ..”

ගිම්හාන කියද්දී මගේ ඔලුව ගිනිගත්තා ..

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 4

“ගයියා…මගේ කාලීන් ..කෝ එතකොට මගේ කාලීන් “

“ගයියා…මගේ කාලීන් ..කෝ එතකොට මගේ කාලීන් ”

මම ඇහුවේ පිස්සුවෙන් වගේ ..මට හේතුවක් නැතුවම ඇඩුනා.

…….යලිත් හමුවෙමු ඒ ආදරය සමගින්……..

යලි අවදිවු උරුමකරු 4 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි