theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

7 අවම කියවීම
ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 5 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 5 ඔබත් කියවන්න.

යලි අවදිවු උරුමකරු 5

“ඩොක්‍ටර්..ඩොක්ටර් ..මේ පේෂන්ට් මොනවාදෝ විකාර කියවනවා’

ගිම්හාන එකපාරටම කෑගහද්දී වෛද්‍යවරයෙක් දුවගෙන ආවා.

“එයා කෝමා වෙලා ඉදලා සිහිය ආපු ගමන්නේ දරුවෝ..මේ වගේ සයිඩ් ඉෆෙක්ට් තියෙන්න පුළුවන් ..එයාව රෙස්ට් කරවන එක තමයි හොද ..”

වෛද්‍යවරයා එහෙම කියමින් ලොකු ඉන්ජෙක්ෂන් එකක් අතට ගත්තා ..මට යමක් කියන්න ඕනී වුනත් ඩොක්ටර් ඒක මගේ අතේ ගහලා තිබ්බ සේලයින් කට්ට ලගින් ඇගට ඇතුල් කලා. ඒ එක්කම මගේ නෙතු නිදිමතින් බර වුනා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

අතීතයේ වු ආදරයක තවම සැරිසරන දගකාරි නිම්නාදි

…………..

වසර 2500 කට පසු හේක්ස් රාජධානිය
…………….

“උතුමාණනි අවදිවන්න”

මේසස්ගේ හඩින් කාලීන් අවදි වුනා.

“ඒක දිග නින්දක්…මම කොපමණ වෙලා නිදාගත්තාද මේසස්…”

කාලීන් ඇහුවේ ශ්‍රී යහනේ හිද ගනිමින්.

“උතුමාණනි අවුරුදු 2500 ක්..”

මේසස් කියද්දී කාලීන්ගේ ඇස් විසල් වුනා.

“මේසස් නුඹ මා හා විහිලු කරනවාද”

කාලීන් ඇහුවේ කෝපයෙන්

“එසේ නොවේ උතුමානනී …යක්ෂයාගේ සාපයෙන් අපි නිද්‍රාවේ වසර 2500 ක් ගත කරලා..”

මේසස්..නැතිනම් රාජධානියේ අනාගතය දකින්නා උත්තර දුන්නා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

සදාකාලික ප්‍රේමය බැදි ගිය පෙම්වතුන් යුවල කාලීන් හා නාදියා

“දෙවියනේ..මගේ නාදි….මේසස් කෝ නාදියා..”

කාලීන් ඇහුවේ කලබලයෙන්

” උතුමානනී කමා කරන්න ..ඈ එදා මිය ගියා”

මේසස් කියද්දී කාලීන් නැගිටගත්තේ වේගයෙන් ..

“මොනවා…මගේ නාදියා”

කාලීන් දොතින් මූණ වසාගෙන ඉකිබින්දේ ඇයට ඇති ප්‍රේමයේ නාමයෙන් ..

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

“උතුමාණනී සංසුන් වෙන්න. ඇය නැවත නැවතත් ඉපදුනා තව ආත්ම හයක්..ඒත් ඔබට ඇති ප්‍රේමයේ නාමයෙන් ඇය නොඉදුල්ව අඩු වයසින් මියැදුනා. ඒ යක්ෂයා අතින්..මෙතැන ..මේ සොහොන් ගේ මත…”

මේසස් කියද්දි කාලීන් ඔහු දිහා බැලුවේ පුදුමයෙන් ..

“උතුමාණනී මේවර ඇය සාර්ථක වී ඇති සැටියි…කිමෙද අපි අවදි වුනේ නිද්‍රාවට අපිව බන්ධිත දියරය ඇයගේ රුධිරයට මුසු වී බන්ධනය බිදුනු නිසායි.”

මේසස් කියද්දී කාලීන්ගේ මූණේ ඇදුනේ සැනසුමේ සේයාවක්…

“මේසස් කෝ මගේ ප්‍රියාවිය”

කාලීන් ඇහුවේ සතුටින් .එහෙත් මේසස්ගෙන් උත්තරයක් නැහැ . කාලීන් වේගයෙන් ඔහු දෙසට හැරුනා.. ඔහු දුටුවේ බිමට බර කර ගත් දෙනෙතින් ඉන්න මේසස්ව…

“උත්තර දෙනු…කෝ ඇය?”

කාලීන් ඇහුවේ නොඉවසිල්ලෙන්

“උතුමානනී ඇය අතුරුදහන් වෙලා”

මේසස් කිව්වේ බැගෑපත්ව ..

“අතුරුදහන් වෙලා…මේසස් නුඹගේ පළිගු අදුනෙන් දකිනු…”

කාලීන් අණ කරද්දී මේසස් තිගැස්සුනා .

“උතුමානනී ඇය කුමක් හෝ බලගතු යන්ත්‍රයක් පළදිනවා. එය තිබෙන තුරු කාටවත්ම ඇය සොයාගත නොහැකියි. යක්ෂයාටද මෙවර ඇය වැළැක්විය නොහැකි වුයේ ඒ නිසයි .”

මේසස් කියද්දී කාලීන්ගේ මුහුණ වේදනාවෙන් බරවුනා .

“මේසස් ඇයව හදුනාගැනීමට සලකුණක් තිබේද ..”

කාලීන් ඇහුවේ පරාජිතව..

“උතුමානනී, ඇය නාදියා කුමරියගේ හැඩරුව නොදරනු ඇති නමුත් මතක් කරන්න යමක් ඇයගේ සුවිශේෂී ජන්ම ලපයක්..එය එසේම ඇය දරනු ඇති…”

මේසස් කියද්දී කාලින්ට යමක් මතක් විය. ඇය හා ගෙවුනු ආදරණීය මොහොතවල් වල සලු පොට එහේ මෙහේ වු විට ඔහු දුටු සුවිශේෂී ලකුණක් වෙයි.

” නාදි කිමෙක්ද ”

කාලින් දිනෙක විමසුවේ නාදියාගේ ලයෙහි හරියටම හෘදයට උඩින් තිබෙන හෘද හැඩැති රතුපාට සලකුණ පෙන්වායි. නාදියා විලියෙන් රතුපැහැ විය..

“උතුමානනි ඒ ජන්ම සලකුණක් ”

ඕ විලියෙන් හිස බිමට බර කර කිව්වා..

කාලීන් එකවරම අතීතයෙන් අවදිවුනා.

“මේසස් මා ඇය සොයා යායුතුයි ”

ඔහු කිව්වේ කලබලයෙන්

“උතුමානනී එය එසේ විය යුතුයි.. නමුත් ඔබ පිටවිමට පෙර පූර්ණය කල යුතු කාර්‍යයන් තියෙනවා .

මේසස් කියද්දී කාලීන්ගේ ඇස් වල ඇදුනේ විමතියක්..

“ඒ කිමෙක්ද ”

ඔහු ඇහුවේ සුපුරුදු තීක්ෂණ ඇස් මේසස් මත තියෙද්දී .

“අප පාවා දුන් ඔබවහන්සේගේ මව් තනතුරේ ඉන්න හේෂා උත්තමාවිය ගැන ගත යුතු ක්‍රියා මාර්ග අවැසියි ..එසේම ඔබවහන්සේගේ රාජභිෂේකය විය යුතුයි ..නාදියා උත්තමාවිය තවදුරටත් නොමැති නිසා ඔබවහන්සේට අමරණීය කුමරියන් තිදෙනෙක් හා විවාහ වීමට සිදුවේවි ..”

මේසස් කියද්දී කාලීන් ඔහු දෙසට හැරුනේ වේගයෙන් ..

“හොදින් සවන් දෙන්න මේසස් මගේ නාදියා ජීවමානයි ..මා ඇය සොයාගන්නා තුරු මගේ කුටියේ ඇති ඇයගේ රන් රුව මගේ බිසවුන් වෙනු ඇති..වහාම මේ රන් රුව ඇයගේ සලුපිලි රන් ආභරණනින් සුදානම් කොට රාජාභිෂේකයට සුදානම් වෙනු….”

කාලින් කියද්දී මේසස්ටද එසේ කල හැකි බව මතක් විය..

කාලීන් වේගයෙන් ඇතුල් වුයේ හේෂා හිරකර ඇති අදුරු සිර ගෙටයි..

“හේෂා….”

ගිනි ගන්නා ඇස් වලින් හේෂා දෙස බලාසිටියේ වෙන කවුරුත් නොව කාලීන්ය..

“පුතනුවනි”

හේෂා කතා කිරීමට ගත් උත්සහය කාලීන් අතක් දිගු කර නැවැත්තුවේය .

“මා එලෙස ඇමතීම නොකරනු. හේෂා නුඹව විශ්වාස කල කාලීන් මිය ගියේ මීට වසර 2500 කට පෙර නාදියාගේ සිරුර මතයි…. නුඹට මගේ පියා පෙම් කල නිසා මම නුඹ නොමරමි. එහෙත් නුඹ මේ සිරගෙදර සදාකාලිකවම සිරවෙනු ඇත.”

කාලින්ගේ ඇස් ක්‍රෝධයෙන් දිලිසෙනු හේෂා දුටුවා . තවත් නම් ඔහු රැවටිය නොහැකි බව ඇයට වැටහුනා . ඇය හිනාවුනේ උමතුවෙන් මෙන්..
“ඕහ් , කාලීන් නුඹ වන් මෝඩයෙක් …මගේ යේක්ට නුඹ වන් පුතෙක් සිටීමත් පුදුමයක්…”

හේෂා වියරුවෙන් හිනාවුනා .

” හේෂා නුඹ මා පියාණන්ට අපහස කර මා කෝප නොකරනු..”

කාලීන් හේෂාගේ සිර කුටියෙන් පිට වූයේ කෝපයෙන් . නාදියා දෙවියනේ ඈ ගිහින් මා තවත් ඈ සොයන්නේ කෙලෙසින්ද…කාලීන් අවුරුදු විසි හයේදී අමරණීය වුවෙක්..ඔහු කවදා හෝ සිය කැමැත්තෙන් ආත්ම භක්ෂණය වන තුරු සදා අමරණීයයි . ඔහු පෙනුමෙන් අඩි හයක් උස..නිල් පාට ඇස් දෙකක් ඇති ශේවේත වර්ණ සමක් ලද්දෙක්..

කාලීන් වේගයෙන් ආවේ පූජා මන්දිරයටයි. එතැනදී මේසස් ඔහුට එකතු විය.

“උතුමාණනී රාජභිෂේකයට සියල්ල සූදානම් …ඔබවහන්සේගේ අත පතා බොහෝ කුමාරිකාවන් පැමිණ සිටිනවා..ඔබවහන්සේ ඒ සදහා සූදානම් කිරීමට වඩිනු මැනවි…”

මේසස් ඉදිරියෙන් කාලීන් ඇදුනේ සූවිශේෂි කුටියකටයි…එහි වූ සේවකයින් කිහිප දෙනෙක් ඔවුන්ගේ නව රජතුමා සූදානම් කලේ ගෞරවයෙනි..

“උතුමාණන් ඉතා කඩවසම් ..දෙවියනේ ඔහු මා තෝරා ගත්තොත් …”

එක් කුමරියක කිවාය.

“එසේ නොවේ ඔහු මා තෝරා ගනු ඇත. ”

තවත් කුමරියක කිව්වාය.

“නුඹලා කොතෙකුත් හීන බැලුවාට ඵලක් නැත..එතුමානන් නාදියා තුමිය හැර කිසිවෙකුට ප්‍රේම නොකරයි..”

කවුදෝ ප්‍රභූවරියක කියනු කුමරියන්ට ඇසුනින් ඔවුන්ගේ සිත් සැනින් පරව ගියහ..
කාලීන් නාදියාගේ රන් රුව බිරිද තනතුරේ තියාගෙන රජ වුයේ නාදියා යලි පැමිණ ඒ අඩුව පුරවන තුරුයි. රාජ්‍යාභිෂේක කටයුතු අවසන් වූ පසු කාලින් ආවේ සයනාගාරයටයි.

“ඔබතුමා කොහේ හෝ යන්නද”

කලබලයෙන් සුදානම් වෙන කාලීන් ගෙන් මේසස් ඇහුවා .

“මේසස් මම යලි පැමිණෙන තුරු ඔබ මේ රාජ්‍ය රැකබලා ගත යුතුයි…මම මේ දැන්ම මගේ නාදියා සොයා යනවා”

කාලීන් වේගයෙන් පිටවෙනු මේසස් බලාගෙන හිටියා .

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5

ආත්මය තුලින් අවදිය සිය ප්‍රේමය සොයා ආත්ම ගණනක් සැරිසැරු නාදියා

…..

“නිම්නාදි දැන් ඔයාට හොදයි දරුවෝ…දැන් ගෙදරින් එයි ..එතකොට යන්න පුළුවන් ”

කාරුණික වෛද්‍යවරයා එහෙම කියද්දී මම අහිංසකව හිස වැනුවා

” මේ දරුවෝ ඔයාගේ ඉණ වටේ තියෙන නූල මොකද්ද ”

වෛද්‍යවරයා කියද්දී මට මතකයට ආවේ කිරි අම්මා මගේ ඉණ වටේ බැදලා තියෙන යන්ත්‍රයයි…ඒක ආරක්ෂක යන්ත්‍රයක් කියන කිරි අම්මා කාලෙන් කාලෙට අලුත් කලා.

“කිරි අම්මා දාපු මොකද්ද එකක්”

මම කිව්වේ හිනාවෙවී ..

“ඒක ටික කාලෙකට ගලවන්න බැරිද දරුවෝ..ඔයාගේ මැහුම් දාපු තුවාලේ ඒ නූල නිසා ආයෙම කැපෙන්න පුළුවන් ”

වෛද්‍යවරයා කියද්දී මම හා කිව්වා..ඕවා ගැන මට විශ්වාසයක් නැහැ .කිරි අම්මාගේ වදේටම ඕක එල්ල ගත්තා මිසක්…මොකද්දෝ හේතුවකට මම කැම්පස් ආවට පස්සේ ඒක ගැලෙව්වේ නැහැ ..සමහර විට ඉනේ තිබුන නිසා කරදරයක් නොවිච්ච නිසා වෙන්න ඇති.

“රම්‍යා මේ මිස්ගේ ඉනේ තියෙන නූල ගලවන්න.”

වෛද්‍යවරයා හෙදියකට කිව්වා.

“අත තියෙනවා එහෙම නෙවෙයි ඕකට”

දෙවියනේ ඔක්කොම පෙරල ගෙන කාමරයට ආවේ මගේ කිරි අම්මා නැත්තම් සූර්යබණ්ඩාර මැණිකේ…මම හුරතල් විදියට හිනාවුනා .

“දූ මම කියලා තියෙනවා නේද ඕක ගලවන්න එපා කියලා ..”

කිරි අම්මා නපුරු බැල්මක් හෙලන කොට මගේ අම්මායි අප්පච්චියි හිනාවෙවී ඇතුලට ආවා..

“මගේ මැණික කොහොමද දැන්…අපිව හොදටම බය කලා..මේ අම්මා වේල් ගානක් කෑවේ නැහැ ඇඩුවා විතරයි ”

අප්පච්චි කියද්දී අම්මා මගේ ඔලුව සීරුවට අතගෑවා .

“මේකයි මිස්ටර් සූර්යබණ්ඩාර ඔය ඉනේ තියෙන නූල මේ දරුවාගේ වූන්ඩ් එකේ ගෑවෙනවා..ප්ලීස් ආයේ ඒක පෑරෙන්න දෙන්න එපා ..”

වෛද්‍යවරයා කියද්දී අප්පච්චිට නම් ඒක තේරුම් යන්න ඇති..

“මැණිකේ දූගේ යන්ත්‍රය අපි ඉනෙන් ගලවලා කරට දාමු…එහෙම හොදයි නේ අපේ අම්මා”

අප්පච්චි කිරි අම්මා ගෙන් අහද්දී ඇය හා නොකියා බැරිකමට ඔලුව වැනුවා ..අම්මා ඒක සීරූවට ගලවලා මගේ කරේ බැන්දා.

“ඕක පරිස්සම් කරගන්න දෝණි..ඕක නිසයි ඔයාගේ ජීවිතේ බේරූනේ”

කිරි අම්මා කිව්වේ මූණ බැරෑරුම් කරලා. මම හිනාවෙලා හා කියන්න ඔලුව වැනුවා .මොකද ඔය මල විකාර මට හොදට පුරුදුයි..

“මිස්ටර් සූර්යබණ්ඩාර දුවව අද ගෙදර අරන් යන්න පුළුවන් . ඇවිදින්න දෙන්න එපා.තුවාලේ හොද වුනාට පස්සේ පිසියෝ තෙරපි වලට ගේන්න ..එතකම් වීල් චෙයාර් එකේ ඉන්න එක හොදයි …”

වෛද්‍යවරයා දිග විස්තරයක් කලේ අප්පච්චිට .

“මගේ දූ..ඔයාගේ ජීවිතේ බේරිලා තියෙන්නේ අනු නමයෙන්..දෙවියනේ ඒ මහ රෑ තනියම ඔයා ගියේ කොහේද ”

අම්මා මගෙන් අහද්දී මම නිරුත්තර වුනා. මොනවා කියන්න්ද මං , මාත් දන්නේ නැති කොට..

“දන්නේ නැහැ මගේ අම්මා.”

මම ඒ ටික කිව්වේ අවංකව. එදා වෙච්ච දේවල් තියා මේ හොස්පිටල් එකට ඇවිත් සිහිය එනකම් වෙච්ච දේවල් මාත් දන්නේ නැහැ ..මට යන්තමින් මතක අර විකාර හීන ටික විතරයි .

“කෝකටත් පරිස්සමෙන් දුව…ඔයාගේ හදහන කොච්චර බලගතු වුනත් ලොකු මාරකයක් තියෙනවා ”

අම්මා වේදනාවෙන් බර හුස්මක් හෙලුවා . මම එයාලාගේ එකම සම්පත..මාව රැකගන්න එයාලා හැම දෙයක්ම කරන්නේ ඒකයි. මම හෙමිහිට ඉස්සිලා අම්මාගේ කම්බුලක් සිපගත්තා .

“මොනවාද කිරි අම්මා ..ඔයත් ලගට එන්නකෝ කිස් එකක් දෙන්න ”

මම කියද්දී කිරි අම්මාගේ මූණ රතුවුනා .

……..යලිත් හමුවෙමු ඒ ආදරය සමගින්………

යලි අවදිවු උරුමකරු 5 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 5
බෙදාගන්න :
  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

    ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

    ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

    ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදි වු උරුමකරු 2

  • ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

    ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it