ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 7

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 7

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 7 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 7 කොටස ඔබත් එකතු වෙන්න.

යලි අවදිවු උරුමකරු 7

මම තොල්පටක් හපා ගත්තේ තරහාටමයි .යකඩෝ මේ සුද්දා බලහන්කෝ..

මම කඩුවෙන් කොටද්දී මූ මට දුන්නා කියන්කෝ ශුද්ධ සිංහලෙන්ම කුඩුවෙන්න...චීප් ගර්ල්?? ඒයි මිස්ටර් සුද්දා , තම්බපු ඉස්සා...

.තමුසේ ඉන්නේ ඔය ගෙදරනේ පෙන්නන්නම්කෝ චීප් ගර්ල්ගේ තරම.තමුසේගේ උපන් රට මතක් නොකලොත් , ඒකටම පැන්නුවේ නැත්තම් මම නිම්නාදි නෙමෙයි .මම තරහින් කුටු කුටු කෑවා.

"ඒයි මොකද තමුසේ තාම ඇස් වලින් මාව කන්නේ.යනවාකෝ දැන්වත් තමුසේගේ කකුල් වහගන්නවාකෝ"

ඔහු එහෙම කියලා ඔහුගේ කාමරයට යන්න හැරුනා. මුන්ගේ රටවල් ගෑනු ඉන්නේ ඇගේ ඇදුමක් නැතිව..

එනවා මෙතැන මට ඇදුම් අන්දන්න...ගෙඹි සුද්දා..මම කාමරයට එද්දී කුමාරී ඉන්නවා ඇස් කටේ දාගෙන ..

"මේ මම මෙහෙම එලියට දුවද්දී තමුසෙට චුට්ටක් මට ඒක කියන්න අමතක වුනාද"

මම කුමාරි ගෙන් ඇහුවේ තරහින්..

"මම කියන්න කට අරිද්දිත් බේබි කුණාටුවක් වගේ බැල්කනියේනේ"

කුමාරී හෙමිහිට කිව්වා..ෂික් අටත් වේලා මගේ ජොගින් යන ටයිම් එකත් පාස් වෙලා..

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 7

මම ඉක්මනින්ම මූණ හෝදලා බොටමක් දාගත්තා..ඊටපස්සේ පින්ක් කලර් ටීෂර්ට් එක දාගෙන කුමාරී හදලා දීපූ චොක්ලට් කිරි එක බිව්වා..

"කුමාරි මම එනකම් දොර වහගෙන ඉන්නවා .."

එහෙම කියපු මම වේලාව බල බල පහලට යන්න හදපු ලිප්ට් එකට පැන්නේ මට පරක්කු වෙලා හින්දා...

"ඕහ් ෂිට්..මගේ සපත්තු .. "

තරහෙන් කවුදෝ කියනවා ඇහුනා ..දෙවියනේ මේ හෝතඹුවා ...මූණ ඇදවෙලා ..එක විකාරයි..සපත්තුව චුට්ටක් පෑගුනා කියලා මූණ සත පහ වෙලා..මට සොරි කියන්න හිතුනේ නැහැ .

ඊටත් ලිප්ට් එක ඇතුලේ අපි දෙන්නා විතරයි ..මම පහලට එනකම්ම ලොකු ලයින් එකෙන් හිටියා .

"මේ කෝ තමුසේගේ අගලේ කලිසම"

ලිප්ට් එකෙන් බහිද්දී ඔහු මගේ කනට මුමුණලා කියලා මං දිහාවත් නොබලා යද්දී පොලව ගිලා බැහැලා මාත් ගිලා බහිනවා නම් හොදයි කියලා මට හිතුනා .

ගල් මුසලයා කාර් පාර්ක් එක පැත්තට යද්දී මම ග්රවුන්ඩ් යන්න පාරට ආවා.

ෂික් ඊයේ වැහැලා මුලු පොලවම මඩ වෙලා.. අදනම් එලියට බැස්ස මෝඩ කම කියලා මට හිතුනේ මගේ සපත්තු මඩෙන් වැහෙද්දී ...

ටික දුරයි මට යන්න ලැබුනේ ..

පාර ඉස්සරහා තියෙන මඩවල දැකපු මම ඉක්මනින්ම එතැනින් යන්න හදද්දී මොකෙද්දෝ බූරුවෙක් මඩ වල උඩ කාර් එකක් රේස් කලේ මගේ මුලු ගතම මඩෙන් නෑවෙද්දි.

"ඊරි තමුසෙට නියමෙටම ගැලපෙන්නේ ඔය මේකප් එක..."

කාර් එකේ ග්ලාස් එක පාත් කරලා හිනාවෙවී හිටියේ අර බකමූණා.

ඒත් එක්කම ආයෙමත් වැස්සක් කඩාගෙන වැටුනා. මට දුක හිතුනා. නොදැනුවත්වම මම අඩන්න ඇති..

"ඔහ් අඩන්නෙපා "

කවුදෝ කියද්දී මාව තෙමෙන එක නතර වුනා. මම එක ඇහැක් ඇරලා බැලුවා..කවුදෝ කුඩයක් ඉහලන් ඉන්නවා ..

මම අනෙක් ඇහැත් ඇරියා...මේ ගල්මූසලයා..මම ආපහු හැරුනේ වැස්සම ආපහු ගෙදර දුවන්න හිතාගෙන ..

ඒත් මගේ මැණික් කටුව ලගින් අත හිරවුනා..ඔහු එක අතකින් ලේන්සුව අරන් මාව පිහදැම්මේ සීරූවට..

"මම ආවේ ලොකු වැඩකට ..ප්ලීස් කෙල්ලේ මාව අවුල් කරන්න එපා"

එකපාරටම එහෙම කියපු මෑන්ස් කුඩේ මගේ අතට දීලා තෙමි තෙමි ගිහින් වාහනයට නැග්ගේ මම කට ඇරගෙනම බලාගෙන ඉද්දී ..

ඔහු මට අතින් ආපහු යන්න කියලා ගියා...ඔව් ඉතින් මඩ කරියෙක් වගේ ජොගින් කරන්න පුළුවන්යෑ..

ඊටත් මහ වැස්සේ..මම ආපහු ගෙදර ආවා..

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 7

"බේබි මොකද මේ"

මාව දැක්ක ගමන් කුමාරී බයෙන් ඇහුවා ..මේකීට ඇත්ත කියන්න පුළුවන්යෑ..මල විලිලැජ්ජැවයි...

"පාරේ යන වාහනයකින් මඩ විසික් වුනා කුමාරී "

මම බබා වගේ කිව්වා..

"හප්පේ බේබී ඔලුවේ ඉදන් මඩ නාලානේ..හරියට මඩවලක් උඩ වාහනයක් රේස් කරද්දී නෑවෙනවා වගේ "

කුමාරී කියද්දී මට බැල්කනියේන් පහලට පනින්න හිතුනා..මේකි බලාගෙනවත් හිටියාද..

නැහ් වෙන්න බැහැ ..මම යද්දී බැල්කනියට යන දොර ලොක් කරලානේ ගියේ...

මම නාගෙන කාමරයට එද්දී කුමාරී මට උණුවෙන්ම චොක්ලට් මිල්ක් එකක් ගෙනත් දුන්නා..

මම ඒක තොල ගගා පැන්නේ බැල්කනියට ...මගේ ඇස් නතර වුනේ මගේ වම් පැත්තේ තියෙන බැල්කනිය ගාව.

දෙවියනේ අඹ පිරිනු අත්තක් ඒ බැල්කනියට නැවිලා..මම දකුණු පැත්තේ බැල්කනිය බැලුවේ අර දුෂ්ටයා ඉන්නවාද කියලා .

.හා හුවක් නැහැ .
මගේ ගේ නැත්තම් එපාර්ට්මන්ට් එක තියෙන්නේ පස් වෙනි තට්ටුවේ ..ඊටත් බැල්කනි අතර දුර අඩි දොලහකට වැඩී..

මට මතක් වුනේ ගේ ඇතුලේ තිබ්බ දිග ලෑල්ල.. හවසට මේ අඹ මිෂන් එක කම්ප්ලීට් කරන්න ඕනී..

ඊටත් වම් පැත්තේ ගෙදර තාම කවුරුත් නැහැනේ.
මම චොක්ලට් මිල්ක් එක බීලා ඉවර වෙලා ඇතුලට ආවේ සතුටින් ..

"බේබී මේන් ලියුමක් ඇවිත් "

කුමාරී ඇවිත් මගේ අතින් ලියුමක් තිබ්බා..කවරේ දකිද්දී මගේ හිතට මාර හැපි එකක් ආවේ...

ගයියාගේ බලිකුරුටු අකුරු ..මම එහෙමම ලියුම අරන් ඇදට පැන්නා...ඒ ලියුමේ අකුරක් ගානේ මම කියෙව්වේ මාර හැපි එකේ..

.
ගිම්හාන ෆොරින් ඔපචුනිටි එකකට අපි දෙන්නාගේ සීවීස් දාලා..ඒක ඊජිප්තුවේ පිරමීඩ සම්බන්ධ ප්රොජෙක්ට් එකක්..

තේරුනොත් තව මාස තුනකින් කෙල්ල ඊජිප්තුවේ ...තනියකුත් නැහැ මගේ ගයියා ඉන්නවානේ ..

"හොද වේලාවට ගයියා ලග මගේ සීවී එකක් තිබ්බේ .."
මම මටම මුමුණ ගන්න ගමන් ගිම්හානට ලියුමක් ලිව්වා..

මම ඉන්න එපාර්ට්මන්ට් එක ගැනත් ලියපු මම ඔහුට අනිවාර්යයෙන්ම දවසක මෙහෙට එන්න කියලා ලිව්වා.

"කුමාරී..ඔයා අද මාර්කට් යන ගමන් මේ ලෙටර් එක පෝස්ට් කරන්න හොදද"

මම ලියුම කුමාරිගේ අතට දුන්නේ හවස එයා මාර්කට් යනවා කියලා දන්න හින්දා. ඊටපස්සේ ඉතින් මම ඇද බදාගෙන ෂූටී නින්දක් දැම්මා..

"බේබී...බේබී..."

මගේ කකුලෙන් අදින්නේ කුමාරී ..

"මොන මගුලක්ද මන්දා"

මම කකුල ගසලා අනිත් පැත්ත හැරුනේ නිදාගන්න.

"බේබී මම මාකට් යනවා.."

කුමාරී ටිකක් හයියෙන් කිව්වේ ..

"ඉතින් යනවාකෝ වදේ...."

මම තරහින් මිමිණුවා . ඒත් එකපාරටම මම ඇදේ වාඩිවුනේ කරන්ට් එක වැදුනා වගේ ..

"කුමාරියෝ මගේ ලියුම මතක ඇතුව පෝස්ට් කරනවා හොදේ"

එහෙම කියලා මම ඇදෙන් පැන්නේ දවල් නින්ද අවසන් කරලා..මම බැල්කනියට ඇවිත් හිරි කැඩුවා..

ඊටපස්සේ නපුරාගේ බැල්කනියට එබිලා බැලුවේ ඌ ඉන්නවාද කියලා ..නැහැ .. යේ...තත්වය සාමකාමියි..

මම ගේ ඇතුලට ගිහින් දිග ලෑල්ල ගෙනත් මගේ බැල්කනියේ ඉදන් වම් පැත්තේ එපාර්ට්මන්ට් එකේ බැල්කනියට දැම්මා.

"ඒයි කෙල්ලේ උඹ ආයෙමත් අඩු කඩාගන්නද හදන්නේ ..එකපාරක් මාස තුනක් දුක් වින්දා මතක නැද්ද"

මම අපේ කිරි අම්මාව අනුකරණය කරමින් මටම කියාගත්තා ..ඉන්න තරමක් දෙවිවරු සිහිකර ගෙන මම තට්ටු පහක් උඩ බැල්කනි අතර ලෑල්ලේ යන සර්කස් එක පෙන්නුවා .

පිස්සු වැඩ කරන මට ඕවා සිම්පල්නේ ලමායි..මම බැල්කනියේ තාප්පෙට නැගිටලා ඇතිවෙනකම් අඹ කඩාගත්තා.
ඊටපස්සේ එතැන ඉදන්ම එකක් කෑවේ ආපහු යන්න ගැම්ම ගන්න..

ඒත් එක්කම මගේ ඇහැ ගැටුනේ සුන්දර දර්ශනයක්..අර හෝතඹුවා ගෙදර එනවා ටයිකෝට් පිටින්ම.

.මම බැල්කනිය අස්සේන් එලියට අත දාලා කකා හිටිය අඹේ පහලට අතඇරියේ ඒම් එක බලලා..

බැල්කනිය අස්සෙන් බලද්දී මම දැක්කේ හොදටම මිරිකලා දාපු අඹේ ඒකාගේ සූට් එකම විනාශ කරලා..

මට මාර හැපි...ඕකා දැන් උඩට ඇවිත් බැල්කනියට එන්න කලින් මම බැල්කනි දෙක මාරුවෙන්න ඕනා..

මම අඹ මල්ල ඉනේ බැදන් ලෑල්ල දිගේ ටික දුරක් ආවා. ඊටපස්සේ ඔලුව චුට්ටක් උස්සලා බලද්දී මම දැක්කේ දේ නිසා මට කලන්තේ ආවා.

මගේ ආදරණීය අසල්වැසියා මාර ආදරෙන් බැල්කනියට වෙලා අත් දෙකත් බැදගෙන බලාගෙන ඉන්නවා .

හප්පේ මූණේ නපුරු කම වෑහෙනවා..මම චුට්ටක් කලබල වෙද්දී මගේ සමබරතාවය නැතිවුනා..

මාරි බිස්කට් කන්න ලෑස්ති වෙන්න ෆෙන්ස්...හිතනකොටම මාව වැටෙන්න ගියා..මම ඇස් හයියෙන් පියාගත්තා ..

විනාඩියක් ගියා..දෙකක් ගියා..කෝ වැටුනේ නැහැ ..මම හෙමිහිට ඇස් ඇරලා බැලුවා ..

දෙවියනේ මේ නපුරා මගේ බැල්කනියට පැනලා එතැනින් පහලට නැමිලා මාව ඇදලා අරන් මගේ බැල්කනියට ...
මූ කොහොම බැල්කනියෙන් බැල්කනියට පැන්නාද මන්දා..

"ඕහ් ෂිට්..මැරෙන්නද හදන්නේ "

මේ රාක්ෂයා මගේ ඇගට පැන්නා..මම මැරුනත් මූට මොකෝ යකූ...මම තරහින් හිතුවා ..

"ඔව්"

මම කිව්වේ ඒ තරහින්මයි ..

"ෂිට් මම මොනවාටද තමුසෙව ඇල්ලුවාද මන්දා..තට්ටු පහක සිරි නරඹන්නයි දෙන්න තිබුනේ "

ඔහු මාව බැල්කනිය උඩ අත ඇරියා.

"ඌයි"

මට කෑගැස්සුනේ කලින් ඩැමේජ් වෙච්ච තැන චුට්ටක් ගැස්සුන හින්දා...මම ඉන අත ගෑවා .

කෝ මගේ අඹ මල්ල..මම ටක් ගාලා නැගිටලා බැලුවේ පහල..ඔය තියෙන්නේ අඹ ගෙඩි ටික ලස්සනට එහෙට මෙහෙට විසීවෙලා.

"මගේ අඹ..."

මම තරහින් කියන්න හදපු දේ ඔහු අතින් වලක්වලා  ...තාප්පෙන් එහාට පැන්නේ මාර වේගයෙන් ..

ඊටපස්සේ කාමරයට රිංග ගත්තා..මෙච්චර වේගයෙන් පැන්නේ..යකෝ මූ වැම්පයර් කෙනෙක් වත්ද.

ඔව් ඔව් එහෙම වෙන්න ඕනා.මම කෝකටත් මගේ බෙල්ල අත ගාලා බැලුවා . මොකුත් අවුලක් නැහැ ..

ඊටපස්සේ ටිපිටිපි එකක් කඩාගෙන ඇදට නැගලා වැම්පයර් මූවී එකක් දාගත්තේ නිකමට බලන්න හිතුනු නිසා..

ෆිල්ම් එක බල බල හිටපු ගමන් මගේ අත ගියේ මගේ බෙල්ලේ තිබ්බ යන්ත්රයට..

ආහ් එක නිසා තමයි ඌට මගේ බෙල්ල හපන්න බැරිවෙන්න ඇත්තේ ..ටැන්කූ කුකු මමී ඔයාගේ මෙව්වා එක තමයි මේ පාර මාව බේරගත්තේ.

"කුමාරී සුදුළූණු තියෙනවාද"

මම ටිපිටිපි එක කාලා ඇද උඩ ඉදගෙනම ඇහුවා.

"ඊයා බේබී..සුදුළූණු අමුවෙන් කෑහම කට ගද ගහනවානේ ."

කුමාරී හිතන්න ඇත්තේ මම සුදුළූණු කන්න හදනවා කියලා වෙන්න ඇති..ඊක්කා මම කයිද ඕවා..

"මේ කුමාරී පැහෙන්නේ නැතුව සුදුළූණු ගෙඩි දෙක තුනක් ගේනවා."

මම කියද්දී කුමාරී කිචන් එකට ගිහින් සුදුළූණු ගෙඩි දෙකක් මගේ අතේ තිබ්බා.

මම පරිස්සමට බික් ගලවද්දී කුමාරිගේ ඇස් නලලේ..ඊටපස්සේ මම ඒ සුදුළූණු බික් හැම දොරක් ජනේලයක් ලගම දැම්මා.

"කුමාරී රෑට හොදට දොර ලොක් කරනවා. රෑට මොකා කතා කලත් දොර අරින්න එපා. එහා ගෙදර වැම්පයර් කෙනෙක් ඉන්නවා "

කුමාරිට විතරක් ඇහෙන්න මම කිව්වා.

"අනේ බේබී එහෙම සතෙක් කෑගහනවා මට ඇහුනේ නැහැනේ .."

කුමාරී කිව්වේ සැහැල්ලුවෙන් . අනේ මේ ගෑනී දන්න වැම්පයර්, හිටුකෝ බය කරලා ගන්න.

"මේ මෝඩි වැම්පයර් කියන්නේ එහා ගෙදර ඉන්න සුද්දා.ඌට රෑට උල් දත් එනවා.

ඊටපස්සේ ගෑනුන්ගේ ලේ බොනවා..බලන්නකෝ මෙන්න මෙහෙම "

මම ෆිල්ම් එකේ බය හිතෙන තැනක් කුමාරිට ප්ලේ කරලා පෙන්නුවා

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 7

....යලි හමුවෙමු ඒ ආදරය සමගින්....

යලි අවදිවු උරුමකරු 7 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි