දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

අසාත්මිකතාවය පිලිබඳ මේ රෝගය දන්නවාද? මේ සමේ ලෙඩ වර්ගයට කියන්නේ urticaria pigmentosa කියලා. මෙම ලිපිය කියවා මේ රෝගය පිළිබඳව දැනුවත් වෙන්න.
ඔබ අසා නැතුවත් ඇති, මේ රෝගය මටත් අභියෝගයක් වෙනකම්ම මාත් එහෙමයි. සිංහලෙන් ලියපු එක ලිපියක්වත් හම්බු වුනේ නැහැ. ඒත් මේ සමේ ලෙඩ ත් එක්ක මට ගණුදෙනු කරන්න වෙන නිසා මං ඒ ගැන ගොඩාක් කියවලා ඉගෙන ගත්තා
සමේ ලෙඩ: urticaria pigmentosa
මෙය අසාත්මිකතා සමග යන තත්වයක්, රෝගය එක් අයෙක් ගෙන් තවත් අයෙකුට බෝ නොවේ.
සමේ ඇති අසාත්මිකතාවයදී
රෝග ලක්ෂණ: දරුවාගේ ඇග පුරා දුඹුරු පැහැති ලප බොහොමයක් ඇති වන අතර ඒවා විශාල වී පැතිරීම හෝ අදුරු පැහැ වීම සිදුවේ. ඒවා පිරිමැදි විට ඉලිප්පී එයි.
පාලනය හා ප්‍රතිකාර
මේ රෝගය සදහා මනා පාලනයක් පවත්වා ගත යුතුය. මෙසේ ඇතිවෙන පැල්ලම් මැකි යාමට විශාල කාලයක් ගතවන අතර ඒ සදහා හයිඩ්‍රෝක්‍රෝරසෝන් ආලේපනය දිනපතාම පැල්ලම් මත ආලේප කිරීම කල යුතුය.
දරුවාගේ කොණ්ඩය ඉතා කෙටිව පවත්වා ගත යුතු අතර බෙල්ල දක්වා ගිල්වා දිනපතා නැවිය යුතුය.
සාමාන්‍ය සබන්, ෂැම්පු භාවිතා නොකල යුතු අතර ඒ සදහා විශේෂිතව නිෂ්පාදනය කරන ලද සුවද අඩංගු නොවන ක්‍රීම්, ෂැම්පු භාවිතා කල යුතුය.
වැළකිය යුතු ආහාර හා ඖෂධ
ඖෂධ
Morphine ,Codeine
NSAIDS, Salicylates
IV - Contrast media contain lodine
Immunoglobulins
Vancomycin
Local application of polymyxins
Japanese Encephalitis vaccination ( මොළයේ උණට අවුරුද්දෙන් දෙන එන්නත)
Systemic Anesthetic agents
Atracurium, Gallamine, Tuborcurarine,
Lidocaine ,Thiopental, Suxamethonium chloride
(Safe - propofol, isoflurane,desflurane,sevoflurane)
ඒ වගේම පහත දේ වලින්ද වැලකිය යුතුය.
තදින් ඇතිල්ලීම
මධ්‍යසාර අඩංගු නිෂ්පාදන
වර්ණ ගැන් වු ආහාර
ස්ට්‍රෝබෙරි
සමේ ලෙඩ: මවට උපදෙස්
• සෑමවිටම සුදුසු නැති ආහාර මග හරින්න.
• සම සම්බන්ධ වෛද්‍යවරයාට නිර්දේශිත කාලයකට වරක් දරුවා පෙන්වන්න
• දරුවාව වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමේදී , රෝහල් ගත කිරීමේදී රෝගය සම්බන්ධව ඉදිරිපත් කර ඇති කාඩ් පත ඉදිරිපත් කරන්න .
• වෛද්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන්න.
• හදිසියේ දරුවාට අසාත්මිකතාවයක් ඇති වුවහොත් ක්‍රියා කල යුතු ආකාරය දැනුවත් වෙන්න.
• හදිසි අසාත්මිකතා තත්වයකදී ක්ලෝර්පෙනිරිමින් ලබා දිය යුතු මාත්‍රාව දැනුවත් වෙන්න.
• දරුවා රැකබලා ගන්නාද අසාත්මිකතා ඇතිවිය හැකි ආලේපන වලින් හැකිතාක් බැහැරව සිටින්න.
• අසාත්මිකතා ඇතිවිය හැකි සතුන් ශාක ඉවත් කරන්න.
මෙම ලිපිය පෞද්ගලික අත්දැකීමක් තුලින් කොළඹ රිජ්වේ ආර්‍යා රෝහලෙන් ලැබු උපදෙස් වලට අනුව සකස් කරන ලදී.