theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

4 අවම කියවීම
ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයිගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

ගැබිනි සමයේ අසීරූ නින්ද ‌මෙලෙස සුවපහසු කරගනිමු.

ගර්භණි සමයේ නින්ද ඔබට ටිකක් අමිහිරි අත්දැකීමක් නේද? ඒක සෑම ගැබිනි මවකටම පොදු වු දෙයක්.

සති 40 ක් තිස්සේ වර්ධනය වෙන කුසත් එක්ක නින්ද ටික ටික අසීරු වෙනවා. ඉස්සර වගේ ඇද මත අවැසි ආකාරයට පෙරළි පෙරළි නිදාගන්න දැන් බැහැ.

ඒත් ඉතින් සුවබර නින්දක් අහිමිවීම ‌වේදනාත්මක අත්දැකීමක්.

ඔබ මේ ගැන කනස්සල්ලෙන්ද?

ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

ගර්භණි සමයේ අහිමි නින්ද ගැන ඔබ කනස්සල්ලෙන්ද?

අම්මා ‌කෙනෙක් වීම් උතුම් තත්වයක් වුනත් එයට යන්න තියෙන මාර්ගය මල් මාවතක් නම් ‌නොවෙයි.

නින්ද කියන්නේ නොයෙක් ශාරිරික අපහසු කම් මැද්දේ අපිට අහිමිවෙන තවත් ‌දෙයක් තමයි. ගර්භණි සමයේ මුල් මාස කිහිපය එය ඔබට එතරම් අපහසුතාවයක් ‌නොදුන්නත් ගර්භණි සමයේ පසු භාගය නියත වශයෙන්ම ඔබේ නින්ද උදුරා ගන්නවා.

ගැබිනි සමයේ අවශ්‍ය විවේකය ලබා ගැනීමට සුව නින්දක් අවශය වෙනවා.

නොයෙක් අපහසුකම් දරාගෙන ඉන්න සමයේ නින්දත් හිසරදයක් වෙන්න කලින් සුව පහසු නින්දක් සොයා යන්නේ කොහොමද කියලා බලමු.

ගර්භණි සමයේ නින්ද අහිමි වීමට විවිධ හේතු බලපානවා. ඒ හේතු ජයගෙන සුවබර නින්දක් සොයා යා හැකි ඉරියව් ගැන අපි අද දැනුවත් වෙමුද?

එහෙනම් ‌මෙන්න මග,

ගර්භණි කාලයේ පෙර පුරුදු ඉරියව් සුව නින්දක් නොදෙන්නේ ඇයි?

ඔබ ගර්භණීව සිටින විට ඔබේ ශරීරය දිනෙන් දින විවිධාකාර වෙනස්කම් වලට භාජනය වෙනවා.

මෙම වෙනස්කම් ඔබගේ සුපුරුදු සාමකාමී නින්දට බාධා කරනවා. ඒ නිසා පෙර නිදන ඉරියව් වලින් සුව නින්දක් ලැබේවි යැයි තවදුරටත් බලාපොරොත්තු වෙන්න එපා.

ගර්භණි සමයේ නින්ද නැති කරන අපහසුතා

  • උදරය විශාලවීම
  • කොන්දේ කැක්කුම
  • පපුවේ දැවිල්ල
  • හුස්ම ගැනීමේ අපහසුතා – කෙටි හුස්ම
  • නින්ද නොයෑම

ගර්භණි සමයේ නින්ද සදහා සුදුසු ඉරියව් මොනවාද?

ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

  • ගර්භණි සමයේ නින්ද සදහා හොදම ඉරියව්ව පැත්තට හැරී නිදාගැනීමයි. ඉන් වම් පැත්තට හැරී නිදාගැනීම වඩාත් සුදුසුයි. ඔබ වම් පැත්තට හැරී නිදා ගන්නා විට ඔබේ දරුවා හා වැදෑ මහ වෙත හොද රුධිර සැපයුමක්  හා පෝෂණයක් ලැබෙනවා.
  • ඔබේ නින්ද වඩා සුවපහසු කිරීම සදහා ඔබේ කකුල් හා දණහිස් නවා ඒ අතරට කොට්ටයක් තබන්න.
  • ඔබට පැත්තට හැරී නිදාගන්නා විට කොන්දේ අමාරුවක් එනවා නම් ඔබේ කුසට යටින්ද කොට්ටයක් තබන්න.
  • ඔබට රාත්‍රි කාලයේ පපුවේ දැවිල්ලක් ඇති වෙනවා නම් ඔබේ සිරුරේ ඉහල කොටස කොට්ටයක් තබා මදක් ඔසවා තබන ඉරියව්වෙන් නිදාගන්න.
  • ගර්භණි සමයේ අවසන් කාලයේ ඔබට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඔබ පසෙකට වැතිරි නිදාගන්න. කොට්ට වලින් සහයෝගයක් ගන්න උත්සහ කරන්න.

ඉහත උපදෙස් වලින් ඔබට සම්පුර්ණ සුව නින්දක් ලැබේවි යැයි සහතික වෙන්න බැහැ.

නමුත් ඔබ උඩුකුරුව හෝ මුනින් අතට නිදාගන්නා කෙනෙක් නම් ඔබට ඇතිවෙන ගොඩාක් අපහසුතා වලට මෙය කදිම පිළිතුරක් වේවි.

මුළු රාත්‍රියේ එකම ඉරියව්වක සිටීම අපහසු වෙන්න පුළුවන්. පැත්තෙන් පැත්තට පෙරලී නිදාගන්න.

ගැබිනි සමයේ නින්දට කොට්ට වලින් සුවපහසුවක්

ඉහත අපි විස්තර කල පරිදි ගර්භණි සමයේ සුව නින්දක් සදහා කොට්ට ඉමහත් සේවයක් කරනවා.

මේ සදහා ඔබට නිවසේ භාවිතා වෙන සාමාන්‍ය කොට්ට භාවිතා කරන්න පුළුවන්.

නමුත් ඔබ වැඩි සුව පහසුවක් හිතනවා නම් ඒ සදහා ඔබට වියදම් කරන්න යම් මුදලක් වෙන් කරන්න පුළුවන් නම් ගර්භණි කාන්තාවන්ට නිදා ගැනීමට සහය දීම සදහා නිපද වු සුවිශේෂි කොට්ට වෙළද පොලේ මිලදී ගන්න තියෙනවා.

ඒවා ඔබේ කුසට සහයක් ලබා දෙන පරිදි අනෙකුත් අපහසුතා වළක්වමින් ඔබේ නින්ද වඩාත් සුවපහසු වෙන අයුරින් නිපදවා තියෙනවා.

ගර්භණි සමයේ නින්ද සදහා  සුදුසු නොවන ඉරියව් මොනවාද?

  • උඩුකුරුව නිදා ගැනීම

මෙසේ නිදාගැනීමෙන් ඔබට කොන්දේ අමාරු ඇතිවෙන්න පුළුවන්.

ඒ විතරක් නොවෙයි ශ්වසන අපහසුතා, ආහාර ජීරණයේ ගැටළු මෙන්ම අර්ශස් අපහසුතා ඇතිවීමේ හැකියාවක්ද තියෙනවා.

ඒ වගේම ඔබගේ රුධිර පීඩනය පහත වැටීමෙන් ඔබේ හදවත හා දරුවාට රුධිර සංසරණය වීම අඩුවෙන්න පුළුවන්.

මෙයට හේතුව වන්නේ ඔබේ විශාල උදරයේ පීඩනය ඔබ උඩුකුරුව නිදා සිටින විට ප්‍රධාන රුධිර නාල හා බඩවැල් මත යෙදීමයි. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

උඩුකුරුව නිදාගැනීම ඔබට කොතරම් අපහසුතා ගෙන එනවාද කියලා දැනුවත් වුනාද? එම ඉරියව්වෙන් වැළකීම ඔබට සුව නින්දක් ලබා දේවි.

  • මුනින් අතට නිදා ගැනීම

ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි

ගර්භණි සමයේ ඔබේ උදරය දිනෙන් දින විශාල වෙනවා. ඒ එක්ක ඔබට මුනින් අතට නිදාගැනීම අපහසුවේවි. ඔබ එසේ නිදා ගන්නවා නම් ඔබේ කුස ‌තෙරපෙන්න පුළුවන්. 

ඒ නිසා එම ඉරියව්වත් මගහැරීම ඔබට සුව නින්දකට පාර කියාවි.

සුව නින්දකට සංසුන් මනසක්

සුව නින්දකට ඉරියව් වගේම සංසුන්ද මනසක්ද අවශ්‍ය වෙනවා.

ඔබ ආතතියෙන් සිටින විට සුව නින්දක් ලබා ගැනීම අපහසුයි.

ඒ නිසා බරපතල දේවල් සිතමින් නැතිනම් තරහෙන්, වේදනාවෙන් හෝ දුකින් ඇදට ඇවිත් සුව නින්දක් බලාපොරොත්තු නොවන්න.

මෘදු සිංදුවක් ඇසීම, භාවනා කිරිම වගේ මනස සංසුන් කරන දෙයක් නින්දට පෙර කරන්න පුළුවන් නම් ඔබට ඔබේ මනස සංසුන් කරගන්න පුළුවන් වේවි.

ඔබත් ගර්භණි සමයේ නිදාගැනීමේ අපහසුතා වින්දාද? එවිට ඒ සදහා ඔබ කල පිළියම් හා ඔබට ලැබුන හොද උපදෙස් තියෙනවාද? එසේ නම් ඒවා අප සමග බෙදාගන්න.

මුලාශ්‍ර  – americanpregnancy.org

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණි සමයේ නින්ද පහසුවෙන් සුවපහසු කරගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණී සමය පහසු කරගන්න කවුරුත් නොකියන මේ කාරණා ගැන සැලකිලිමත් වන්න

    ගර්භණී සමය පහසු කරගන්න කවුරුත් නොකියන මේ කාරණා ගැන සැලකිලිමත් වන්න

  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණී සමය පහසු කරගන්න කවුරුත් නොකියන මේ කාරණා ගැන සැලකිලිමත් වන්න

    ගර්භණී සමය පහසු කරගන්න කවුරුත් නොකියන මේ කාරණා ගැන සැලකිලිමත් වන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it