තෙත හිසකෙස් එක්ක නින්දට ගියොත් මොකද වෙන්නේ?

තෙත හිසකෙස් එක්ක නින්දට ගියොත් මොකද වෙන්නේ?

හිස‌කෙස් ‌හොදින් වියළා නිදාගැනීමත් නිරෝගී ‌කෙස් කළඹක් සදහා තබන එක් පියවරකි.

තෙත් හිසකෙස් එක්ක නිදා ගන්න යාම නිසා මම අසනීප වීමට හෝ හිසරදයක් හදා ගත හැකියි කියමින් අම්මා මාත් එක්ක තරහා වුන වාර ගණන අනන්තයි. ඒත් අපි ‌තෙත ‌කොණ්ඩේ පිටින් නිදාගන්න එක නතර කරන්නේ නැහැ ‌නේද? ‌තෙත ‌කොණ්ඩය නිසා ඔබේ හිසකෙස් වලට ‌වෙන්නේ ‌මොනවාද කියලා දැනගන්න ‌ෙමේ ලිපිය කියවන්න.

තෙත් හිසකෙස් සමඟ නිදා ගැනීමෙන් සිදුවෙන දේවල් ගැන ඔබ දැන සිටියත් නැතත්, ඔබේ අම්මා පවසන දේවල් වලත් යම් සත්‍යතාවයක් තියෙන්න පුළුවන් නේද? 

නමුත් සතුටුදායක පුවත නම් තෙත් හිසකෙස් සමඟ නින්දට යාමෙන් ඔබව වෛරස රෝග වලට ගොදුරු නොවන බවයි.

නමුත් ඔබ තෙත් හිසකෙස් එක්ක වායුසමනය කළ කාමරයක නිදා සිටියහොත් ඔබට සීතල දැනෙන්න පුළුවන්.

ඒ වගේම ඔබේ ප්‍රතිශක්තිය අඩු නම් ඔබට එයින් සෙම්ප්‍රතිශ්‍යාවක් ඇතිවෙනනත් පුළුවන්.

ඔබ කොතරම් වෙහෙසට පත්ව සිටියත් නින්දට යාමට පෙර ඔබේ කොණ්ඩය වියළීමට තවත් හේතු කිහිපයක් මෙහි දැක්වෙනවා

තෙත් හිසකෙස් සමඟ නිදාගැනීම

හිසකෙස් හරියට යනවා

1.වැඩිපුර හිසකෙස් කැඩියාම

ඔබේ හිසකෙස් තෙත් වූ විට වඩාත් පහසුවෙන් කැඩි යාමේ  අවදානමට ලක් වෙනවා.

ඇඳ මත එහා මෙහා වීම් වලදී හිසකෙස් මුල් වලට හානි විය හැකි අතර, තෙත නිසා නොමේරූ කෙස් කැඩී යනන් පුළුවන්.

එයින් ඒ වගේම කොණ්ඩය වියළීමට පෙර පීරන්න යන්න එපා.

මුලින්ම හිසකෙස් වලට හොදින් වියළෙන්න හරින්න. ඉන්පසු එය පීරන්න.

2.හැසිරවීමට අසීරූ හිසකෙස් 

තෙත හිසකෙස් එක්ක නින්දට ගියොත් මොකද වෙන්නේ?

කොට්ටයට  අවශෝෂණය වෙන  ඔබේ හිසකෙස් වල ජලය සමග  ඔබේ හිසකෙස් වල ස්වභාවික තෙල්ද ඉවත් වෙනවා.

ඒ වගේම  ඔබේ හිසකෙස් විජලනය වූ විට එහි දීප්තිය නැති වෙනවා.

සමහරදාට අධික මහන්සිය නිසා රාත්‍රියේදී මගේ කොණ්ඩය වියළීම නොකර නිදාගත් දවස් තිබුනා.

නමුත් , ඊළඟ දවසේ උදේ මට කෙස් කළඹ හසුරුවා ගැනීමට හෝ පීරා ගැනීමට අසීරු වුනා.

මගේ කොණ්ඩයට බොහෝ ගැට ගැසීම් සහිතයි. 

සාමාන්‍යයෙන් උදේ වරුවේ සුදානම් වීමට වැඩි කාලයක් මට ගත වන අතර මගේ කොණ්ඩය හසුරුවා ගැනීමට මට විශාල කාලයක් ගතවෙනවා.

3.තෙත් හිසකෙස් නිසා ඇතිවෙන හිස්කබලේ ගැටළු

තෙත හිසකෙස් එක්ක නින්දට ගියොත් මොකද වෙන්නේ?

අපගේ ශරීරයේ අනෙකුත් සියලුම අවයව වල මෙන්ම අපගේ හිස්කබලේද බැක්ටීරියා ජිවත් වෙනවා.

එම නිසා, සිරුරේ තෙතමනය, ශරීරයෙන් ලැබෙන උණුසුම සමඟ සංයෝජනය වී බැක්ටීරියා වර්ධනය වැඩි වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වෙනවා.

තෙත් කොට්ටයක් මත නිතර  බැක්ටීරියා සහ දිලීර යන දෙවර්ගයටම වැඩෙනවා.

ඔබේ කොට්ටයේ උර මාරු  කිරීම පිළියමක් නම් නොවේ. ඒ බැක්ටීරියා සහ දිලීර එහි මතුපිටින් ගැඹුරට යා හැකි බැවිනි. 

බැක්ටීරියා සහිත පෘෂ්ඨයක් මත දිගු කාලීනව නිදාගැනීමෙන් ඔබට කුරුලෑ ඇතිවෙන්න පුළුවන්.

ඔබට තෙල් සහිත හිස්කබලක් තිබේ නම්, තෙත් හිසකෙස් ඇති නින්දට යාමෙන්  ඔබේ හිස්කබලෙන් දුර්ගන්ධයක් ඇතිවෙන්න පුළුවන්.

ඒ සඳහා මම විශේෂඥයෙකු වෙත ගිය අතර ඇය මගේ කොණ්ඩය හරහා ඇඟිලි දිගේ දිව යන විට මම අපහසුතාවයට පවා පත්වුනා.

නිදා ගැනීමට පෙර ඔබේ හිසකෙස් සම්පූර්ණයෙන්ම වියළීමට ඔබට කාලය නොමැති නම් අඩු තාපයක් සහිත හිසකෙස් වියළනයක් භාවිතයෙන් වත්  හිස්කබල ඉක්මනින් වියළීමට ඇය උපදෙස් දුන්නා.

4. හිසකෙස් හැලීයාම සහ දිලීර ආසාදනය

හිස්කබලේ ගැටළු අවසානයේදී හිසකෙස් හැලී යාමට හේතු වෙන්න  පුළුවන්.

එහිදි වඩාත් බරපතල අවස්ථාව ලෙස දිලීර ආසාදනය පෙන්වා දෙන්න පුළුවන්.

එවැනි එක් ආසාදනයක්(ringworm ) නිසා ඔබේ හිස්කබල කැසීම සහ දෘශ්‍යමාන ලෙස තට්ටය මතු වු කොටස් වල රතු පැහැයට හැරීම සිදුවෙනවා.

මයෝ සායනයට අනුව, ඔබේ හිස්කබල මෙම ආසාදනය දැඩි වු  විට, හිස්කබලේ කැළැල් ඇති විය හැකි අතර ස්ථිර හිසකෙස් හැලීයාම පවා සිදුවෙන්න පුළුවන්.

මේ ලිපිය කියවීමෙන් පසු ඔබ ‌තෙත ‌කොණ්ඩය පිටින් නිදාගන්න කලින් වරක් ‌නොව කිහිපවරක්ම හිතා බලාවි ‌නේද? ‌ ‌‌

හොදින් පිස දමන්න හැකි තුවායකින් ඔබේ හිස ඉක්මනින්ම වියළා ගන්න පුළුවන්.

නැතිනම් මද රස්නේ ‌කොණ්ඩය වියළන උපකරණයක් භාවිතා කර නින්දට ‌පෙර ඔබේ හිසකෙස් වියළා ගන්න.

ඔබේ හිසකෙස් රැකගන්න එය පිරිසිදුව වගේම සේදීමෙන් පසු නිසි ‌ලෙස වියළීමත් වැදගත් ‌වෙනවා.

හිසකෙස් සදහා ‌ගෙදරදීම සකස් කල හැකි කරපිංචා ‌තෙල් ගැන ‌තොරතුරු ටිකක් ‌මේ ලිපියටම එකතු කරන්න හිතුවා.

මේ කරපිංචා තෙල් ඔබට ගෙදරදීම නිස්සාරණය කර ගන්න පුළුවන්. ‌මෙන්න එහ‌ෙ‌නම් ඒ  පහසු ක්‍රමය.

ඔබත් අදම අත්හදා බලා ‌මේ ප්‍රතිඵල අත්විදින්න.

කරපිංචා තෙල් සකස් කිරීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය

  • හොදින් පිරිසිදු කර වේලාගත් කරපිංචා කොළ
  • පොල්තෙල් 

සාදන ක්‍රමය 

  • භාජනයකට පොල්තෙල් කෝප්පයක් දමා රත් කරන්න. එය දුම් දමන තුරු රත් කරන්න එපා.
  • තෙල් රත් වු පසු කරපිංචා කොළ සියල්ල එක්කර ලිප නිවා දමන්න.
  • භාජනය තුලම තෙල් වලට සිසිල් වෙන්න දෙන්න. කරපිංචා කොළ සිසිල් වන විට අවපැහැ වෙනවා.
  • දැන් මේ තෙල් කරපිංචා කොල ගිලී යන ආකාරයට පිරිසිදු වීදුරු බෝතල් වලට වත් කරන්න.
  • මෙය මාස කිහිපයක් තබාගන්න පුළුවන්. නමුත් කරපිංචා කොළ තෙල් වල ගිලි තිබිය යුතුයි.
  • එ‌සේ ‌පොල්ත‌ෙල් වල ගිලී නැතිනම් ඒ ‌‌තෙල් වල ගුනාත්මක භාවය විනාශ ‌ ව‌ෙනවා.

රසායනික ද්‍රව්‍ය අඩංගු නොවු පිරිපහදු නොකල පොල්තෙල් මේ සඳහා සුදුසු වෙනවා.

නැවුම් කරපිංචා කොළ පිරිසිදු කර වේලාගන්න.

කරපිංචා කොළ පොල්තෙල් වල පමණට වඩා කර වෙන්න දෙන්න එපා.

පොල්තෙල් ගෙදර හිඳ ගන්නවා නම් වඩා හොදයි.

කරපිංචා තෙල් වල ප්‍රතිඵල 

  • නිතර භාවිතා කර හිස සම්බාහනය කිරීමෙන් හිස්කබල පෝෂණය කර හිසකෙස් ශක්තිමත් කරයි.
  • පැසුනු හිසකෙස් යථා තත්වයට පත් කිරීමට මෙය ක්‍රියා කරයි.
  • හිසකෙස් වැටීම සදහා සුදුසු ප්‍රතිකාරයකි.
  • රසායනික ද්‍රව්‍ය අඩංගු නොවු පිරිපහදු නොකල පොල්තෙල් වලින් හිස් කබල සම්බාහනයෙන් රුධිර සංසරණය වැඩි දියුණු වෙනවා. 
  • නිවසේදී පිළියෙල කරන බැවින් කුඩා දරුවන්ටද ආරක්ෂිත වෙනවා.
  • වියලි හිසකෙස් සදහා කදිමයි.
  • හිසකෙස් මෘදු හා සිනිදු වෙනවා

ඔබට ‌තෙත හිසකෙස් සම්බන්ධයෙන් ගැටලු තියෙනවාද? එහෙනම් අප හා ‌බෙදාගන්න

මූලාශ්‍ර:  AsiaOne 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුල් රචනය:asiaone

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි