මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

සමහර විට දරුවන් හදාවඩා ගැනීමේදී ආදරය තුල දැඩි වීමක්ද අවශ්‍යයි...

දැනට වයස හතක් වන මගේ වැඩිමල් දරුවා බොහෝවිට මන්දගාමීව ආහාර ගන්නෙකු වුනා. ඔහු මව්කිරෙන් පෝෂණය වනවිට පවා ඔහුට උවමනා තරම් කාලයක් ඒ සදහා ගත්තා. ඝන ආහාර ආරම්භයත් සමග එය විශාල අපහසුතාවයක් බවට පත්වුනා.

ඒ ඔහු ආහාර වලට අකමැති නිසා නොවේ. ඔහු සෙමින් වැඩ කරන්නෙක්. මම හැන්දෙන් කෑම කවන කාලයේ මුව ලගට හැන්ද පැමිණි විගස එය මුවෙන් අල්ලා ගන්නා නරක පුරුද්දක් ඔහුට තිබුනා.

එමනිසා හැන්දේ වු ආහාර ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණක් ඔහුගේ මුවට ඇතුල් වුනා. මම පළමු වරට මවක් වු අවස්ථාව නිසා වෙන හොද  විදියක්  දැන සිටියේ නැහැ. මම වෙහෙස නොබලා දිගට මේ විදියට හැම තැනදීම පැයත් පැය එකහමාරත් අතර කාලයක් ආහාර කැව්වා.

ඔහු විසින් ඔහුගේ ආහාර ගන්න පටන් ගත් විටදී වුවත් එම තත්වයන් වෙනස් වුනේ නැහැ. ඔහු සිංදු කිව්වා. කථා කලා. මේසේ වටේ දිව්වා. නොසංසුන් වුනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආහාර ගන්න පැය ගානක් ගතවුනා.

ඔබට හිතාගන්න පුලුවන් නේද? ආහාර ගන්න වෙලාව මාව කලකිරීමට පත් කලා. මම හැම ක්‍රමයක්ම උත්සහ කලා. ඒත් ඵලක් වුනේ නැහැ. බැන්නා. ආයාචනා කලා. එක එක දේවල් දුන්නා. තෑගි දෙන්න පොරොන්දු වුනා. නමුත් ඒ කිසිවකට ඇහුම්කන් නොදුන් මගේ පුංචි දරුවා  පැය ගණනක් ආහාර ගන්න එක දිගටම කලා.

මගේ මන්දගාමී ආහාර ගන්නා දරුවා සමග කාලය නාස්ති වුනා පමණක් නොවේ. එක ආහාර වේලක් වෙනුවෙන් මානසික පීඩනය  ලබා දීම හා අනවශ්‍ය ලෙස ශක්තිය වැය වීමක් වුනා.

මෙය නැවැත්වීමට හා මගේ මන්දගාමී ආහාර ගන්නා දරුවා වේගවත් කිරීමට මහන්සි දැරු සියලුම ක්‍රම  අත්හැර දැමීමට කාලය පැමිණ ඇති බව මම වටහා ගත්තා. අවසාන වසරේදී  මම ක්‍රම දෙකක් ඔස්සේ දැඩි ආදරය භාවිතා කරන්න තීරණය කලා.

මම කලේ මෙන්න මෙහෙමයි :

කාල සීමාවක් නියම කිරීම 

ඇත්ත වශයෙන්ම කෑම වෙලාවේදි  මගේ පුතා වේගවත් කිරීම තීරණාත්මක දෙයක් වුනා. මගේ දැඩි ආදරය තුල දෙවැනි  කොටසේ ක්‍රියාකාරිත්වයද වැදගත් වුනා. 

පළමුවෙන්ම මම පහසු ලොකු ඉලක්කම් ඇති කුඩා ඔරලෝසුවක් සොයා ගත්තා. මගේ පුතාට ආහාර ගැනීමට ඇත්තේ විනාඩි පහක් පමණයි මට කියන්න තිබ්බා නම් කියා සිතු නමුත්  (සිතන්න, කොපමණ වැඩිපුර කාලයක්ද ඔහු ගන්නවාද කියා) එය අතහැර දමා පැයක් වගේ සාධාරණ කාලයක් ඔහුට ලබා දෙමින් ආරම්භ කලා ( ඒ වන විටත් ඔහු පැයකට අධික කාලයක් ආහාර ගැනීමට ගතකලා).

ඇත්තෙන්ම ඔහුට ඒ වයසේදී වේලාව කියවන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. එම නිසා ලොකු කටුව දොළහටත් පොඩි කටුව අදාල වේලාවට අදාල ඉලක්කම පැමිණි විට ඔහුගේ කාලය අවසන් බව මට ඔහුට පැහැදිලි කිරීමට සිදුවුනා.

ඒ වගේම මේ කාලය තුල ඔහුව වේගවත් කිරීමට කිසි බලපෑමක් නොමැති බවත් එය ඔහුගේ පාලනයේ පවතින්නක් බවත් මම ඔහුට තවදුරටත් පහදා දුන්නා.

නමුත් "ඔබට ඇත්තේ තවත් විනාඩි 30 යි" " ඔබට  ඇත්තේ  තවත් විනාඩි 10 යි" ලෙස මම ඔහුට මතක් කිරීම් කලා.

අවසානයේදී , මම වරින් වර කාල සීමාව අඩු කරමින්  ඔහුගේ වයසේ ළමයෙකුට ආහාර වේල නිම කිරීමට ප්‍රමාණවත් බවට මම සිතු විනාඩි 30 ත් 40 ත් අතර අගයක් දක්වා එම කාලය අඩු කලා. නියමිත කාලය අවසන් වු පසු ආහාර ඉවත් කරන බවත් ඔහුට දැනුම් දුන්නා.

නමුත්, ඔහු වේගවත් කිරීමට මෙය පමණක් සැහීමකට පත්වුනාද? ඇත්තෙන්ම නැහැ. එමනිසා ආදරය තුල දැඩි බවක් පෙන්වීම දෙක කොටස කරළියට පැමිණියා.

ඉතිරි ආහාර ශීතකරණයේ තබා ඔබේ දරුවාගේ ඊලග ආහාර වේලට ලබාදීම 

ලබා දුන් කාලය තුල ආහාර වේල නිම නොකලොත් එය ඉවතට ගෙන ගොස් ශීතකරණයෙන් තබා රත් කර නැවත ඔහුගේ ඊලග ආහාර වේලට ලබා දෙන බව මගේ පුතාට කිව්වා.

ටිකක් දැඩියි. නමුත් එම ක්‍රමය ආහාර නාස්ති වීම  නැවැත්වීමට පමණක් නොවේ (නැත්තම් මගේ පුතා ආහාර වේලෙන් අඩක් පමණක් ආහාරයට ගෙන ඉතිරිය ඉවතට විසි කිරීමට ලබා දෙනවා).

විශේෂයෙන් ඔහුට  පෙර කියු ඉතිරි කෑම ඊලග ආහාර වේල සදහා කිහිපවිටක් ලැබුනු පසු ඒ මගින් මගේ පුතා වේගයෙන් ආහාර ගැනීමට උත්තේජනය වුනා.

ආහාර නාස්ති නොකිරීමේ වැදගත් කම හා අනෙක් පුද්ගලයෙකු පිසින ලද ආහාරයක් අගය කිරීම සම්බන්ධ කරගනිමින් ඇයි මම මෙසේ කරන්නේ යන්න ඔහුත් සමග කථා කලා.

ඔබට දැන් පේනවා ඇති මේ ආදරය තුල දැඩි වීම එක හා දෙක කොටස් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. තාමත් මගේ දරුවා වේගවත්ම ආහාර ගන්නෙක් නොවේ. නමුත් ඔහු නියමිත වේලාව තුල ආහාර නොගැනීමෙන් අත්වෙන ප්‍රතිවිපාක තේරුම් අරගෙන තියෙනවා.

ඒ වගේම ආහාර නාස්තිය සුදුසු නැති බවත් ඒ වගේම ආහාර ගැනීමට අනවශ්‍ය ලෙස ගත කරන කාලය ඉතිරි කර ගැනීමෙන් ඔහු කැමති වෙනත් දෙයකට  එම කාලය යොදවන්න හැකි බව ඔහු තේරුම් අරන් තියෙනවා.

මට සතුටුවෙන්න පුලුවන්  විනාඩි 30 ත් 35ත් අතර කාලයකදී සාමාන්‍යයෙන් ඔහු ආහාර ගන්නවා.

ඉහත විස්තර කල උපක්‍රම දෙකට අමතරව ඔබේ මන්දගාමී ආහාර ගන්නා සමග පහත ඉගිද උත්සහ කර බලන්න.

• ආහාර වේලේ ප්‍රමාණය අඩු කරන්න. මව්වරුන් තමන්ගේ දරුවා කන ( නොකන) ආහාර ප්‍රමාණය ගැන කනස්සල්ලට පත්වෙනවා. නමුත් සත්‍ය ලෙසම ආහාර ගුණාත්මක භාවයට මුල් තැන දිය යුතුයි. පිගාන මත කෑම අඩු ප්‍රමාණයක් තිබීම මන්දගාමී ආහාර ගන්නා දරුවන්ට කල යුතු බලපෑම අඩුකිරීමක් වෙනවා.

• ඔවුන් වයසින් වැඩෙත්ම (උදාහරණයක් ලෙස ) ඔවුන් ආහාර ගැනීමට යොදවන පැයකට වඩා වැඩි කාලය එක්ව සෙල්ලම් කිරීමට හෝ පොත් කියවීමට යොදවන්න හැකි බව පෙන්වා දෙන්න.

• කෙටි ආහාර අඩු කිරීම හෝ නැවැත්වීම කරන්න. මේ මගින් ඔබේ දරුවාට ප්‍රධාන ආහාර වේල රසවිදීමට කෑම රුචියක් ඇති කරාවි.

• ලබා දුන් කාලය තුල ඔහු ආහාර වේල අවසන් කල විට ඔහුට ප්‍රසංශා කරන්න .

• රුපවාහිනිය වැනි බාධා ඇති කරන විද්‍යුත් උපාංගයන් ගෙන් මිදෙන්න.

•  ආහාර ගන්නා වේලාව විනෝදාත්මක කරන්න උත්සහ ගන්න. ඔබ  අවුරුදු ගානක් තිස්සේ මන්දගාමී ආහාර ගන්නා දරුවෙකු හා කටයුතු කර ඇත්නම් මෙය අසීරු වෙන්න පුලුවන්. නව ආහාර වට්ටෝරු හා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් උත්සහ කර බලන්න.ඔබ මේ විදියට ඔබේ දරුවා ආහාර ගැනීම තුලින් ඔහුගේ ආහාර වේල වෙනුවෙන් බලා සිටින්න  උනන්දු කලහොත්  ඔහු ඉබේම ප්‍රසන්නව ආහාර වේගයෙන් ගන්න පටන් ගන්නවා.

• එක වේලකට හරි ඔබේ දරුවා ආහාරයට ගන්න කැමති මොනවාද යන්න විමසන්න. සෑම විටම  චිකන් කෝඩන් බ්ලු සදහා ඉල්ලීම  ප්‍රායෝගික නොවනු ඇත. නමුත් ඔහු සාධාරණ ඉල්ලීම් කරන්නේ නම් හැමවිටම ඔහුට ඒ දේවල් සකස් කර දෙන්න. ඔහු කැමති ආහාර  බල කිරිමකින් තොරව වේගයෙන්  ආහාර ගනිවි.

මව්වරුනි, පියවරුනි, අපි අපේ දරුවන්ට හදවතින්ම ආදරෙයි. ඒක ඇත්තයි. ඒ වගේම ආදරය මෘදු , සිනිදු, විනෝදජනක හා දැඩි ස්වරූපයට හරවන්න පුලුවන් බවත් සත්‍යයකි. ඒ වගේම අපේ දරුවන්ට  අත්‍යවශ්‍ය පාඩම් කියාදෙන්න ටිකක්  දැඩි ආදරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ විදියටත් ආදරය දෙන්න බය වෙන්න එපා.

ඔබටත් මන්දගාමී ආහාර ගන්නෙක් ඉන්නවාද ? ඔබ ඇය හෝ ඔහු සමග කටයුතු කරන්නේ කෙසේද?  ඔබේ ඉගිත් පහලින් කමෙන්ට් එකක් යොදා අපිත් සමග බෙදා ගන්න.

ඔබේ පුංචි පැටියාට කෑම කන්න හුරු කරවන්න  ඔබ කොච්චර වෙහෙසක් ගන්නවාද කියලා අපි දන්නවා. ඔබට වැදගත් වෙයි කියලා හිතෙන මේ අම්මාගේ  ක්‍රමත් theAsianparent Sri Lanka වෙතින් ඔබ හා බෙදා ගන්නේ ඒ හින්දාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී