theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් බබාට සිගරැට් දුම අහිතකරයි

5 අවම කියවීම
අලුත් බබාට සිගරැට් දුම අහිතකරයිඅලුත් බබාට සිගරැට් දුම අහිතකරයි

අලුත උපන් දරුවන් හා ළමයින් අසල දුම් පානය කරන්න එපා ඔබ දන්නා දුම්පානය කරන සැමට කියන්න.

දුම් පානය කිරීමේ තවත් රුදුරු පැතිකඩක් මනාව විදාහලමින්  පුංචි දරුවෙක් මිය ගියා.

මේ හද කම්පා කරවන සිද්ධිය දුම්පානය කරන්නන්ට  කුඩා දරුවන් අසල දුම් පානය නොකරන්නයැයි කරන ඛේදනීය මතක් කිරීමක්ද වෙනවා.

දුම්පානයෙන් අපගේ ශරීරයට  විශාල ලෙස ගැටළු ඇති කළ හැකි සෞඛ්‍යමය අතින් මහා විනාශයක් සිදුවෙනවා කියලා අපි කොයි කවුරුත් දන්නවා. 

දුම් පානය කරන්නන් අසල සීටිමත්  අනතුරුදායකයි. මෙය “දෙවන ක්‍රමයේ දුම්පානය” ලෙස  හැඳින්වෙනවා.

දෙවන ක්‍රමයේ දුම් පානයෙන් සිදුවිය  හැකි හානිය කොතරම්දැයි ඔබ දැන සිටියාද?

අලුත උපන් දරුවන්, කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටි දරුවන් අසල  පවා දුම් පානය කිරීමෙන් ඔවුන්ට මරණය පවා පවා අත්වෙන්න පුළුවන්.

මෑතකදී ඉන්දුනීසියාවේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් අතරතුර මාසයක් වයසැති දරුවෙක් මියගියා. ඒ දුම්පානයෙන් නිකුත් වු දුම ආශ්වාස කිරීම නිසායි.

කුඩා හෆීෂ්ගේ මරණය හරිම කනගාටුදායකයි. ඒ වගේම  සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබුනා.

ඒ ගැන ඔහුගේ  වේදනාවට පත් මව වු ඉන්ඩා මහත්මිය ෆේස්බුක් හි මේ තොරතුරු සටහන් කරනවා.  (2017 අගෝස්තු 9 වන දිනැති සටහන )

දුම් පානය

දුම් පානය: අලුත උපන් දරුවන් අසල දුම් පානය කිරීමේ අනතුරු දායක බව පෙන්වන හෆීස්ගේ කතාව

ඉන්ඩා මහත්මියට අනුව සිද්ධිය මෙසේයි,

2017 ජූලි 17 වෙනිදා උදේ අපේ පවුලේ අය හෆීෂ්ගේ කොණ්ඩය කැපීම සඳහා සාදයක් සහ ඔහු වෙනුවෙන් සම්ප්‍රදායික චාරිත්‍රයක් පවත්වන්න සූදානම් වුනා. අපි සතියක්ම මේ සදහා මගේ නැන්දම්මාගේ නිවසේ රැදි සිටියා. එයට හේතුව වුනේ මගේ නිවසේ උත්සවය සදහා ප්‍රමාණවත් ඉඩක් නොතිබීමයි. ඒ නිසාම නැන්දම්මාගේ උත්සවය පැවැත්වුනා.

උත්සවය අවසන් වන විට මම මගේ පුතාව අමුත්තන්ගේ කාමරයට  අරගෙන ආවා. හෆීෂ්ව දැකීමට කැමති බොහෝ අමුත්තන්ට මම ඔහුව පෙන්වමින් සිටියා. ඒ නිසා මම එහි සිටි අයෙක් දුම් පානය කරන බව දැක්කේ නැහැ.

මුලදී හෆීෂ් හොඳින් සිටියා. නමුත්  දවස් දෙකක් විතර යද්දී ඔහුට කැස්ස ඇති  වුනා. ඒත් එක්කම හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති වුනා.

මම මගේ ස්වාමිපුරුෂයාට හෆීෂ්ගේ තත්වය ගැන පැවසුවා. ඒ වන විට ඔහු කුඩා නිසාත්  මව්කිරි බොන නිසාත් ඔහුට කැස්සට බෙහෙත් ලබා දුන්නේ මමයි.

කෙසේ වුවත්...

හෆීෂ් සුවපත් වුනේ  නැහැ. ඒ නිසාම මේ අලුත් මව සහ පියා දරුවාව ඔවුන්ගේ වින්නඹු මාතාවට පෙන්නුවා. ඇය හෆීෂ් ඉතා කුඩා බැවින් බෙහෙත් දීම ප්‍රතික්ෂේප කලා.

අවසානයේදී හෆීෂ් රෝහලට ගෙනැවිත් පරීක්ෂණක් කලා. ඒ අනුව ඔහුට නියුමෝනියාව වැළදි ඇති බව සොයා ගත්තා.

ඉන්ඩා මහත්මිය සිය සටහනේ තවදුරටත් මෙසේ එය විස්තර කරනවා.

අනේ දෙවියනේ, මගේ ඉතා පුංචි පුතා හදිසි ප්‍රතිකාර කාමරයට ගෙන ගොස් ඔහු දරුණු නියුමෝනියාවෙන් පෙළෙන බව සොයා ගැනීම මට දැඩිව දැනුනා. 

ඔක්සිජන් ඇතුලු උපකරණ රාශියක් එක්ක වැතිරිලා ඉන්න ඔහුගේ පුංචි සිරුර මම දැක්කා. මට ඔහුගේ ඒ දුක ඔහු වෙනුවට විදින්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක සතුටින් කරනවා.

ගතවන සෑම තත්පරයකදීම මම ප්‍රාර්ථනා කළේ වෛද්‍යවරයාට මට හොද ආරංචියක් ගේන්න කියලා. අවසානයේදී පවා මගේ පුතාව රෝගය පිළිබඳව වඩාත් හොඳින් සොයා බැලීමට එක්ස් කිරණ පරීක්ෂණයකට භාජනය කලා.

දුම් පානය: එක්ස් කිරණ වල ප්‍රතිඵලය

සිය අලුත උපන් බිළිඳාගේ තත්වය යහපත් අතට හැරෙන්න කියලා හෆීෂ්ගේ අම්මායි තාත්තායි දෙන්නාම දිගටම යාඥා කලා. නමුත් ඇත්ත බොහොම තිත්තයි.

දරුවා  තව තවත් දුර්වල වුනා. ඔහුට වයස සති හතරක් වුනත් ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් දුර්වල මට්ටමක පැවතුනා.

අවසානයේදී හසීෆ්ගේ තත්වය බරපතල  වීම නිසා ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කිරීමට සිදුවුනා.

එක්ස් කිරණ වල ප්‍රතිඵල  හෙළි කරන ලෙස මේ දෙමව්පියන් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

“අම්මේ තාත්තේ හෆීෂ් බබා දරුණු නියුමෝනියාවෙන් පෙළෙනවා. එක්ස් කිරණ ප්‍රතිඵලය මේ බලන්න.

සාමාන්‍යයෙන් නිරෝගී පෙනහළු කළු පාටයි. ඒත් බලන්න හෆීෂ් බබාගේ පෙනහළු සම්පූර්ණයෙන්ම සුදු පාට වෙලා. කළු පාට තියෙන්නේ  සුළු ප්‍රමාණයක් නේද? අවශ්‍ය වුවහොත් ඔහුට ශල්‍යකර්මයක් කිරීමට ඔබ මට අවසර දෙන්න ”

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

වෛද්‍යවරයා පැවසු දේවල් මේ කම්පිත මව විස්තර කලා. 

හාස්කමක් හෝ සිදු වී තම දරුවා බේරා ගනිවී යැයි ශෝකය බර වු හදවතින්  ඉන්ඩා සහ ඇගේ සැමියා එකඟතා පෝරමය අත්සන් කලා.

නමුත් 2017 ජූලි 30 වන ඉරිදා ඔවුන්ව දැඩි සත්කාර ඒකකයට කැඳවූ විට ඔවුන්ගේ බලාපොරොත්තු බිද වැටුනා.

හෆීෂ්ගේ ස්පන්දන වේගය පහත වැටෙමින් තිබුණා. මේ අවස්ථාවේදී, ඉන්ඩා මහත්මිය සහ ඇගේ සැමියාගේ බලාපොරොත්තුව නැත්තටම නැතිවුනා.

දුම් පානය

අවසන් හමුව

හෆීෂ්ව අන්තිම  පාරට දැක්ක විදිය ඉන්ඩාට මතකයි. ඔහු කොච්චර අමාරුවෙන් හුස්ම ගත්තාත් ඔහුගේ අම්මා එක්ක හිනා වුනා.

හෆීෂ් මං දිහා ගොඩාක්  වෙලා බලාගෙන හිටියා. හරියට මාව දාලා  ඔහු සදහටම යනවා වගේ,

“අම්මා ඔයාට  ඇත්තටම ආදරෙයි,  හෆීෂ් බබා”

කියලා මම කිව්වේ ඒක  නිසයි.

මම ඔහුගේ නළලත සිපගෙන ටික වේලාවකින් ඔහු යන්න ගියා.  මුළු ලෝකයම අදුරු වෙලා.

මගේ ලෝකය සදහටම නොපෙනී ගියා. මගේ සැමියාගේ හා මගේ  විලාපය විතරක් එහි ඉතිරි වුනා.

dead

අම්මාගේ අවසන් යාඥාව

නැති වු සිය පුංචි පැටියා වෙනුවෙන්  ඉන්ඩා මහත්මිය මෙසේ යාඥා කලා.

“අනේ දෙවියනේ , මේ හොඳම දේ නම්  හෆීෂ්ව ආරක්ෂා කරන්න. ඔබගේ ඒදන් උයනේ ඔහුට ලස්සන ස්ථානයක් ලබා දෙන්න.

මෙය දරාගෙන අපට ඉදිරියට යන්න ධෛර්යය හා ශක්තිය ලබා දෙන්න. ආමෙන් ”

මේ දෙමව්පියන්ට වු වියෝව වෙනුවෙන් අපගේ ඉතා කණගාටු වෙනවා. මේ කුඩා දරුවාගේ ජීවිතය බේරා ගත හැකි තිබ්බ දෙයක් නිසා ඔහුගෙන් උදුරා ගත්තා වගේ නේද?

අලුත උපන් දරුවන් හා ළමයින් අසල දුම්පානය කරන්න එපා ඔබ දන්නා දුම්පානය කරන සැමට කියන්න. 

අලුත උපන් බිළිඳුන් අසල දුම් පානය: පූර්වාරක්ෂාව

දුම් පානයේදී නිකුත් වු  දුමාරයට නිරාවරණය නොවූයේ නම් මෙම කුඩා දරුවාගේ මරණය සිදු වන්නේ නැහැ.

ළදරුවෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් ඉතා දුර්වල බව අමතක කරන්න එපා. 

සිගරට් දුමාරයේ විෂ සහිතයි. එහි බලපෑම් ඇතුළු විවිධ ආසාදන හා තත්වයන් සඳහා ඔහුව ආරක්ෂා කිරීමට එය ප්‍රමාණවත් ලෙස වර්ධනය වෙලා නැහැ.

ඔබට දුම් පානය කරන මිතුරන් හෝ නෑදෑයින් ඉන්නවා වෙන්න පුළුවන්.  නමුත් ඔබේ අලුත උපන් හෝ වැඩිහිටි දරුවන් අසල (නිවසේ හෝ ඔබේ මෝටර් රථයේ පවා)  කිසිසේත්ම දුම් පානය කරන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා.

අවන්හල් වල දුම් පානය කිරීමට වෙන්කර ඇති ප්‍රදේශ වලට ඔබේ පුංචි දරුවා රැගෙන යන්න එපා.

ඔබේ දරුවා අසල යමෙකු දුම් පානය කරනවා නම් ඔබට එතැනින් ඉවත් වීමට  නොහැකි නම් මොකද කරන්නේ?

  • ඔබේ කුඩා දරුවා රෝගී විය හැකි බැවින් දුම් පානය නොකරන ලෙස ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න. 
  • ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත්, වෙනත් ස්ථානයකට යන්න. නැතිනම්  ජනේල හැකි තරම් විවෘත කරන්න.

ඔබේ සහකරු දුම් පානය කරනවා නම්, මෙම ලිපිය ඔහුටත් කියවන්න දෙන්න. එවිට ළමයින් අසල දුම් පානය කිරීමේ අනතුරුදායක බව ඔහුට තේරුම් ගන්න පුළුවන්.  ඔහුට ඒ සදහා ඇබ්බැහි වීම පාලනය කරන්න අපහසු නම්, සුදුසු උපකාර ලබා ගැනීමට ඔහුට උපදෙස් ලබා දෙන්න.

සිගරට් දුම ආශ්වාසයෙන් සමුගන්නා මේ පුංචි පැටියාගේ ඛේදජනක සිද්ධිය  සිගරට් දුමට නිරාවරණය විම දරුවන්ට කෙතරම් භයානකද යන්න පෙන්වා දෙනවා.

ඇබ්බැහි වීම පාලනය කළ නොහැකි වීම නිසා අපගේ දරුවන්ට සිගරට් දුමට බිලිවෙන්න ඉඩ තබන්න එපා.

මෙම කථාව හැකිතාක් Share කරන්න. එවිට අනෙක් දෙමව්පියන්ටත් ළමයින් අසල දුම් පානය කිරීමේ ආදිනාව දැනගන්න පුළුවන්.

 අපේ ශ්‍රීලාංකික දරුවන්ද මේ දුම්පානයෙන් නිකුත් වෙන දුමෙන් ආරක්ෂා කරගන්න.  theAsianparent Sri Lanka විසින් ආදරණීය දෙමව්පියන්ට මෙසේ මතක් කර දෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අලුත් බබාට සිගරැට් දුම අහිතකරයි
බෙදාගන්න :
  • තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට තදබල හානියක් සිදු කරයි

    තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට තදබල හානියක් සිදු කරයි

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට තදබල හානියක් සිදු කරයි

    තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට තදබල හානියක් සිදු කරයි

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it