සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළයුතු අවස්ථා 6 ක්.

lead image

සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ පින්තුර පෙන්වන්නේ බලාගෙනයි. මේ ලිපිය කියවා ඇයි කියලා දැනගන්න.

අපි අපේ පොඩ්ඩන්ගේ හොඳ වැඩ වගේම දක්ෂතා දැක්කහම හුඟක් සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. අද අන්තර්ජාලය හරහා ඒවා ලෝකයටම පෙන්වන්නත් දෙමාපියන් පෙළඹිලා ඉන්නවා.

සුරතලේට ලස්සන ගවුම් ඇඳලා නටනවා, මල්ලිත් එක්ක දඟ වැඩ කරනවා, පන්තියේ හොඳම ලකුණු අරගෙන, මේ පින්තුර බොහොම ආඩම්බරෙන් ලෝකයට පේන්න මුදාහරින අම්මලා කොතෙකුත්.

එත් මේ හැම පින්තුරයක්ම ලෝකයටම බලන්න පෙන්වනවද කියන එක ගැන අපි මිට වැඩි සැලකිලිමත් විය යුතුයි. සමහර අවස්ථාවන් ජිවිතයේ පුද්ගලික අවස්ථාවන්. ඉතින් සිඟිත්තෝ ලොකු වෙනකොට ඒ පින්තූර දැකලා ඔවුන් අපහසුතාවන්ට පත් වෙන්න පුළුවන්.

අන්න පොඩි කාලේ swimming suit එකක් ඇඳලා ඉන්නවා අපි දැක්කා. ලොකු වෙනකොට යාලුවෝ හිනවුනොත් ඒක දරුවට අපහසුතාවයක් වෙන්න පුළුවන්.

ඊටත් වඩා ඔබ අන්තර්ජාලය හරහා සිටිය හැකි කොල්ලකරුවන් නිසා ඔබේ දරුවට අනතුරක් සිදු වන්නත් පුළුවන්.

2012 වසරේ ෆේස් බුක් සමාජ ජාලාවේ මෙවැනි මංකොල්ල කරුවන් පිරිසක් දරුවන් යොදා අවිචාරවත් පින්තූර ඔවුන්ගේම ෆේස් බුක් පිටුවලට ඇතුල් කර තිබුණා.

2016 වසරේදීත් එවැනිම සිදුවීමක් වාර්තාවී තිබුණා. ඉතින් දෙමාපියන් ලෙස ඔබ විසින් අන්තර්ජාලයට මුදා හල යුතු නොවන පින්තුර 6  ආකාරයකින් විස්තර කරන්න පුළුවන්.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2016/11/other peeps kids.jpg සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළයුතු අවස්ථා 6 ක්.

1. වෙනත් අයගේ දරුවන්

ඔබ ඔබේ දරුවාගේ උපන්දින සාදයක පින්තුර හෝ දරුවන් පිරිසක් සහභාගි වන අවස්ථාවක පින්තූර අන්තර්ජාලයට මුදාහරින්නේ නම් ඊට පෙර එම දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුයි.

ඔබ ඔබේ දරුවාගේ පින්තුර අන්තර්ජාලයට මුදාහැරියත් අන් අය ඊට කැමති නොවෙන්න පුළුවන්. ඉතින් ඒ අයගෙන් අවසරයක් ගැනීම ඔබේ යුතුකමක් හා වගකීමක් වෙනවා.

 2. ඔබේ දරුවාගේ පාසල සම්බන්ධ අවස්ථා

අපි දරුවන් පාසලට, පෙර පාසලට යවන්නේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වෙතැයි යන බලාපොරොත්තුවෙන්. නමුත් මතක තබා ගත යුතු කරණය තමයි ඔවුන්ව ගෙදර වගේ බලාගන්න ඔබව එතැනදී හැකි වන්නේ නැහැ.

සමහර විට පාසල අවසන්ව නිවසට එද්දීත් ඔබේ දරුවා කොල්ලකරුවෙකුට හසුවන්න පුළුවන්. ඔබේ දරුවා පාසල් නිල ඇඳුමෙන් හා පාසලේ ක්‍රියාකාරකම් වල නියැලෙන අවස්ථාවන්  අන්තර්ජාලයට මුදාහැරීමෙන් වැළකීම වැදගත්.

ඔබට එය කළ යුතුම නම් එම ස්ථානය හා තොරතුරු සඟවා එය පළ කරන්න.

3. නෑමට ගිය අවස්ථාවන්

නාන වෙලාව ඔබේ දරුවාගේ ශරීරයේ සම්පුර්ණයෙන් ආවරණය වන්නේ නැහැ. අඩක් නිරාවරණය වීම තමයි ගොඩක් වෙලාවට දකින්න තියෙන්නේ.

ඒත් ඔවුන් වතුර සමග කරන ක්‍රීඩා, දඟකරකම් ඇත්තටම සුරතල් වුවත් දරුවන් දිහා විවිධ ආශාවන්ගෙන් බලන මිනිසුනුත් අප අතර සිටින බව අමතක කරන්න එපා.

විශේෂයෙන් ළමා අපචාරකයන් හඳුන්වන්න පුළුවන්. ඔවුන් අපේ දරුවන් දෙස බලන්නේ අප දකින සුන්දර සුරතල් ආකාරයෙන් නොවෙයි.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2016/11/bath.jpg සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළයුතු අවස්ථා 6 ක්.

4. ඔබේ දරුවා කැමති නොවන අවස්ථාවන්

දරුවා පොටි එකක ඉන්න අවස්ථාවක්. පුංචි නරක වැඩක් කරලා අම්මට අහු වුන අවස්ථාවක් ඔබ අන්තර්ජාලයට මුදාහරියා වෙන්න පුළුවන්. පුංචි පැටියටත් පුද්ගලිකත්වය හරිම වැදගත්.

ඔවුනුත් සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන්න කැමති නැහැ. විශේෂයෙන් ඔවුන් වයසින් වැඩෙත්ම ඔවුන්ට ඒ ගැන කේන්තියක් වුනත් එන්න පුළුවන්.

තව කරුණක් තමයි එවැනි දරුවන්ව ලැජ්ජාවට පත් වනවා වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් මෙවැනි පින්තුර වලින් ඔවුන්ට බලපෑම් ඇතිවිය හැකි බවත් මෙලෙස ලැජ්ජාවට පත් කිරීම නිසා දරුවන් හා දෙමාපියන් අතර පවතින විශ්වාසයද පළුදු විය හැකි බව කියවෙනවා.

5. ඔබ සහ ඔබේ දරුවා සමග ආරක්ෂාකාරී නැති ඡායාරූප

අන්තර්ජාලය තුළ සැරිසරන්නන්ට ඔවුන් ආදරය කරන්නන් වගේම වෛර කරන අයද හඹා යාම හරිම පහසුයි. සමහර දෙමාපියන් තමන්ගේ දරුවා ඉතා අවදානම් තැන් වල තියලා පින්තූර අරගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරිනවා.

දරුවන් උඩ දමමින් හෝ බයිසිකලයක හිටගෙන එය පදවන ආකාරය වැනි අනතුරු දායක අවස්ථා දකින අන් අය ඒ පිලිබඳ ඉතා නරක, සිත් රිදවන ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

මන්ද ඔවුන් ඔබ වටා ඇති වටපිටාව ගැන හරි හැටි නොදැන මෙම ප්‍රතිචාර දක්වනවා විය හැකියි. නමුත් මෙවැනි අවස්ථාවන් අනවශ්‍ය ලෙස කතා බහට ලක්වීම වැළක්වීමට ඔබට හැකියාව ඇති නිසා ඒ ගැන පරිස්සම් වීම ඔබේ වගකීමක්.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2016/11/holiday 1.jpg සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළයුතු අවස්ථා 6 ක්.

 6. නිවාඩුව ගත කල ස්ථාන

ඔබ ගත කල නිවාඩුව ගැන හා ස්ථාන පිලිබඳ සටහන් කිරීම හා ඒවායේ පින්තුර වෙබ් අඩවි වල පළකිරීම ඔබේ පවුලම අනතුරේ දැමීමක් ලෙස සලකන්න පුළුවන්.

පළමු කාරණය ඔබට කරදරයක් කරන්න අවශ්‍ය කෙනෙක් ඔබ ඔබේ රටේ හෝ වෙනත් රටක සිටින බව දැනගන්නවා. සමහර විට සොර සතුරන්ට මෙය වටිනා අවස්ථාවක් වෙන්න පුළුවන්.

අනෙක් අතට නැවතත් අන්තර්ජාලයේ සැරිසරන සොරුන් අතින් ඔබේ දරුවට කරදරයක් වීමට ඇති ඉඩකඩ ද වැඩියි. ඉතින් පසුව පසු තැවෙනවට වඩා මෙවැනි අනිසි කරදර වලින් වැළකීම තමයි දෙමාපියන් හැටියට අපට කල හැකි හොඳම දෙය.

 ඔබේ ආරක්ෂාව හා දරුවන්ගේ ආරක්ෂාව theAsianparent Sri Lanka අපිට බොහෝ සෙයින් වටින්නේ ඒ නිසයි. ඒ වටිනාකම වෙනුවෙන් අපි හැමදාමත් ඔබ ළඟ රැඳෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ