ඔබේ දරුවාට දෙන මෘදු අයිස් ක්‍රීම් (soft serve ice cream) වල ඇති භයානක සත්‍ය.

ඔබේ දරුවාට ප්‍රියජනක වන ලෙස කෘතිම රසඛාරක හා සුවඳ වර්ග වලින් හා ක්‍රීම් ගතියෙන් යුතුව මේවා ඇසුරුම් කරන බව ඔබ නොදන්නා කරුණක් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඇත්තටම කන්නේ මොනවද බලන්න.

මෘදු අයිස් ක්‍රිම් දරුවන්ගේ ප්‍රියතම ආහාරයක්. අපි සාප්පුවල බඩු ගන්න ගිය ගොඩක් වෙලාවට දරුවන් පිහාටු වැනි මෘදු දිය සුළියක් ආකාරයට දැමු අයිස්ක්‍රීම් ඉල්ලලා අඬන්න ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට ඔබේ පවුලේ අයත් උණුසුම් වෙලාවට සිසිලක් ලබා ගැනීමටත් ක්‍රීම් ගතිය ඇති අයිස් ක්‍රිම් ගන්නවා.

මෙය ඔබේ කෑගැහීම වෙනුවට දරුවන්ට දෙන ආදරණීය සංග්‍රහයක් වෙනවා. මෘදු අයිස් ක්‍රීම් වල සැහැල්ලු ගතිය හා ක්‍රීම් ගතිය ගැනීමට යොදන අමුද්‍රව්‍ය වලින් විය හැකි අහිතකර ප්‍රතිඵල මෙන්න බලන්න.

මෘදු අයිස්ක්‍රීම් වල ඇති අඩුපාඩු

HuffPost මගින් සාමාන්‍ය අයිස් ක්‍රීම් නිෂ්පාදනයේදී යොදාගන්නා කිරි හා සීනි වලට අමතරව මෘදු අයිස් ක්‍රීම් නිෂ්පාදනය සඳහා යොදන්නේ මොනවද කියල සූක්ෂම සමීක්ෂණයක් කරලා තියෙනවා. එහිදී ඔවුන්ට මේ දේවල් හම්බවෙලා තියෙනවා.

පොලිසෝබේට් 80 (Polysorbate 80) 

මෙම ද්‍රාවකය ආලේපන හා සබන් වලින් හමුවෙනවා. ඒ මගින් මෘදු අයිස් ක්‍රීම් වල ඇති මෘදු ස්වභාවයට සවිමත් බවක් ලබා දෙනවා. මෙහි ඇති මෘදු බවෙහි සාමාන්‍ය කිරි ප්‍රෝටීන් අඩංගු නොවන අතර එහි මේද පටලයක් පවතිනවා.                                                                                            

මෑතකදී මෙම පොලිසෝබේට් 80 පරීක්ෂණාගාර වල මීයන්ගේ ආහාර ලෙස යොදා ගනිමින් පරීක්ෂණයක් සිදු කෙරුණා.  ඒ මගින් මීයන්ගේ ශරීරයේ දිලිර ආසාදන හා දැවිල්ල, ශරීරයේ මහත වැඩිවීම හා රුධිරයේ සීනි මට්ටම ඉහළ දමා තිබුණා.

ගුවර් ගම් (Guar gum)

මේ ඝනඛාරකය මගින් ඔබේ අයිස් ක්‍රීම් එකට සිදු කරන්නේ කුමක්ද? HuffPost පෙන්වා දෙන ආකාරයට මෙය 1980 දී ආහාර වලට යොදාගැනීම තහනම් කර තිබෙනවා. කොහොම වුනත් මෙයින් කුඩා ප්‍රමාණයක් මෘදු අයිස් ක්‍රීම් වලින් හමුවුනත් එය එතරම් අනතුරුදායක ලෙස දකින්නේ නැහැ.

සෙලියුලෝස් ගම් (Cellulose gum)

ඝනඛාරකයක් ලෙස මෙය යොදාගනිමින් අයිස් ක්‍රීම් සහ කුකීස් වල ප්‍රමාණය හා ස්වභාවය ලබාගන්නවා. මෙම අතිරේකයෙන් ලොකු ප්‍රමාණයක් යෙදුවොත් ආහාරයේ පෝෂණය අඩුවෙනවා වගේම දිරවීමත් ප්‍රමාද කරනවා. LIVESTRONG ට අනුව එය සාමාන්‍ය ප්‍රමාණයක් යෙදීම ආරක්ෂිත බව පැවසෙනවා.

මොනෝ සහ ඩයිග්ලිසරයිඩ් (Mono- and diglycerides)

මෙම අතිරේකය මගින් අයිස් ක්‍රීම් එකේ ඇති අමුද්‍රව්‍ය වල අඩංගු මේදය සමග ඇති ජලය මෘදුව මිශ්‍ර කිරීමට උදව් වෙනවා. මෙම මොනෝ සහ ඩයිග්ලිසරයිඩ් සාමාන්‍ය උෂ්ණත්වයට නිරාවරණය වූ විට ශරීරයට අහිතකර ට්‍රාන්ස් ෆැට් නිපදවෙනවා.

රගිනේන් (Carrageenan) 

මෙම ඝනඛාරක අතිරේකය මුහුදු පැළෑටි වල තියෙනවා. සමීක්ෂණ වලින් මෙය නිසැකවම මිනිසාට උවදුරු ඇති කරන බව පවසා නැහැ. සතුන් සම්බන්ධ පරීක්ෂණයකට අනුව කැරගිනේන් වැඩි ප්‍රමාණයක් මගින් දැවිල්ල‚ වණ වීම සහ පිළිකා සහිත ගෙඩි හට ගැනීමට හැකි බව පවසනවා. 

සෝඩියම් පොස්පේට් (Sodium phosphate) 

පොස්පේට් අතිරේකය සාමාන්‍යයෙන් ආහාර වල ස්වභාවය හා පෙනුම වැඩි කර ගැනීමට යොදාගන්නවා. නමුත් පොස්පේට් අපේ ආහාර වලට අත්‍යවශ්‍යයි. නමුත් සෝඩියම් පොස්පේට් වැඩි මාත්‍රාවක් මගින් දිලීර ආශ්‍රිත ගැටළු වන පාචනය හා මස් පෙරලීම වැනි දෑ ඇති කරනවා.
Forbes සඟරාවට අනුව එහි විශේෂ රසයක් නැති වුනත් මෘදු ගතිය නිසා කන්න කැමති බව ඇති කරන බව පවසනවා.

මෙලොඩෙක්ස්ට්‍රින් (Malodextrin) 

කෝන් සැකසීමේදී බෙහෙවින් යොදනවා. මෙය ඝනත්වය ඇති කරන ද්‍රව්‍ය මෘදු අයිස් ක්‍රීම් සහ ක්ෂණික පුඩින් වලට යොදාගන්නවා. මෙලොඩෙක්ස්ට්‍රින් ආහාර වලට යොදන ආරක්‍ෂිත අතිරේකයක්.

සමහර අවස්ථාවල ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වන බලපෑම් නිසා මෙලොඩෙක්ස්ට්‍රින් ප්‍රමාණය අඩු කිරීමට හේතු වෙනවා. ඉන් සිදුවන්නේ ඔබගේ ජීරණ පද්ධතිය තුළ ප්‍රෝබයෝටික් වර්ධනය වීම මර්ධනය වීමයි. එහි ඔබේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණයට වඩා වැඩි ග්ලයිසමික් අගයක් පෙන්නුම් කරනවා.

පොටෑසියම් පොස්පේට් (Potassium phosphate)

සෝඩියම් පොස්පේට් වගේම මේ අතිරේකය මගිනුත් මෘදු ආහාරයේ ස්ථාවර බව හා ඝනත්වය ඇති කිරීමට උදව් වෙනවා. පර්යේෂණ වලින් අදහස් කරන්නේ ආහාර වල ඇති පොස්පේට් අතිරේක නිසා වකුගඩු වලට බලපෑමක් ඇති කරන බවයි. වර්තමානයේදී එය කුඩා ප්‍රමාණ වලින් ආහාර වලට එකතු කිරීම ආරක්‍ෂිත යැයි සලකනවා.

මෙහි අනිත් පැත්ත

මේකෙන් අදහස් කරන්නේ ඔබේ පවුලේ අය මේ රසවත් අත්දැකීමෙන් මිදෙන්න ඕනේ කියලද? සැලකිල්ලට ගත යුතු කාරණයක් තමයි මෙම කෘතිම අමුද්‍රව්‍ය සෞඛ්‍ය ආයතන මගින් සාමාන්‍යයෙන් පරිභෝජනයට සුදුසු බව සනාථ කර තියෙනවා. මේවායෙන් ලොකු හානියක් නැති බව පෙන්නුවත් අතුරු ආබාධ ඇතිවීමේ අවධානමක් තියෙනවා.

මෘදු ආහාර සඳහා යහපත් දේවල්ද බොහෝ තිබෙනවා. මෘදු අයිස්ක්‍රීම් වල සාමාන්‍යය අයිස් ක්‍රීම් වලට වඩා අඩු මේදය හා වාතය වැඩියෙන් අඩංගු වෙනවා. වාතයේ කැලරි නැහැ. මේ නිසා ග්‍රෑම් එකක ඇති කැලරි ප්‍රමාණය වඩා අඩු නිසාම ඔබට බර ගතියක් දැනෙන්නේ නැතිවෙන්න පුළුවන්.
හැමවිටම මධ්‍යස්ථ වීම වැදගත්.

ඔබට නරක දේවල් වලින් ඈත් වෙන්න පලතුරු, යෝගට් වැනි දේවල් යොදාගන්න පුළුවන්. ඉන් ඔබට රසඛාරක වලින් තොර අතුරුපස වලින් සිසිල් වෙන්න පුළුවන්. මේවා ඔබට ගෙදරදීම හදාගන්නත් පුළුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ