theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්

4 අවම කියවීම
යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්

අද හුඟක් වෙලාවට විවාහයෙන් වෙන්වූ අය හා නීතියෙන්ම වෙන්වූ අය ගැන නිතර අහන්න ලැබෙනවා. ඊට බොහෝ විට හේතු වන්නේ පවුල තුළ ඇති වන ගැටළු නිරාකරණය කරගන්න හැකියාවක් නොවීමයි. ඉතින් මේ උපක්‍රම ගැන ඔබත් සිතා බලන්න.

අද හුඟක් වෙලාවට විවාහයෙන් වෙන්වූ අය හා නීතියෙන්ම වෙන්වූ අය ගැන නිතර අහන්න ලැබෙනවා. ඊට බොහෝ විට හේතු වන්නේ පවුල තුළ ඇති වන යුගදිවියේ ගැටළු නිරාකරණය කරගන්න හැකියාවක් නොවීමයි. ඉතින් මේ උපක්‍රම  ගැන ඔබත් සිතා බලන්න.

බිරිඳගේ

1. ප්‍රයෝගික වෙන්න

පළමුවෙන්ම ඔබ තේරුම් ගත යුතු කාරණය වන්නේ ප්‍රශ්න කියන්නේ විවාහය සමග බැඳී තිබෙන දෙයක්. අපි දැන් විවාහ වෙලා වසර 3 ක් ගතවෙනවා. ගැටළුවක් නැතිව එය ගලාගෙන ගියත් අපටත් ආර්ථිකමය වශයෙන් ගැටළු හා අනාගතයේ අපිට මුහුණ දීමට සිදුවන දේවල් ගැන ආර්ථිකමය වශයෙන් අවිනිශ්චිත බවක් තියෙනවා.

සමහර මගේ මිතුරන්ගෙන් මම අහනවා, ඇයි ඔවුන් තවමත් විවාහ නොවී ඉන්නේ? කියලා. සාමාන්‍ය පිළිතුර තමයි ඔවුන්ට ප්‍රශ්නකාරී අවස්ථාවන්ට මුහුණ දීම මගහරින්න උවමනා වීම. විවාහය කියන්නේ ඔබ ප්‍රශ්න ගොඩකට වැටෙන එකක්ද ?

ඔබ තවත් කෙනෙකුගේ ජීවිතය හා බැඳෙන්නේ ඔබේ ජීවිතය පරිපූර්ණ කරගන්නයි. නමුත් ඒ තුළ යුගදිවියේ ගැටළු මතුවීම සාමාන්‍යයි. නමුත් ගැටළු නැති විවාහයක් නම් එය අරුම පුදුම එකක් හෝ නැතිනම් ගැටළු එකිනෙකාගෙන් සඟවාගෙන මවාපාන එකක් විය යුතුයි. මෙය පසුකාලීනව ඉතා විශාල ගැටළු ඇතිකිරීමට හේතු වෙන්න පුළුවන්.

අනිත් ප්‍රයෝගික හා යථාර්තය වන්නේ ඔබේ සහකරුගෙන් ඔබ බලාපොරොත්තු වන දේවල්. ඔබ ඔහුගෙන් ඇයගෙන් උවමනාවට වඩා දේවල් බලාපොරොත්තු නොවිය යුතුයි. මොකද ඇයත් මනුෂ්‍යයෙකු නිසා ඔබේ සහකරු ඔබ බලාපොරොතු වනදේ නොකළ නිසා කලකිරීමට හෝ එය විවාහයේ අවසානය සේ සිතන්න එපා.

2. යුගදිවියේ ගැටළු වලට මුහුණ දෙන්න

ඇයි ප්‍රශ්න ඇතිවෙන්නෙ කියා නොසිතා ඊට මුහුණ දීම වැදගත්. හරි ප්‍රශ්නය විය යුත්තේ මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියන එකයි. ඔබ දෙදෙනා අතර ගැටළුවක් ඇතිවී ඇත්නම් ඒ සඳහා හුඟක් කල් ගන්න එපා. හැකි ඉක්මනින් ඒ ගැන සාකච්ඡා කරන්න. ඉන් යෝජනා කරන්නේ අවසානය එනතුරු නොසිට ඒ ගැන කතා කිරීම වැදගත් බවයි.

සැමියාගේ අවශ්‍යතා

3. කණ්ඩායම් හැඟීම

විවාහයක් ක්‍රියාත්මක විය යුතුයි. හරියට පීරිසියකට කේක් කෑල්ලක් තියලා අයින් කළා වගේ තියන්න බැහැ. එය ජීවිත කාලය පුරාවට ගලාගෙන යායුතුයි. 

දෙදෙනාගේම එකතුව ඊට හේතු වෙනවා. එක් අයෙකු පමණක් යුගදිවිය සාර්ථක කරගන්න වෙහෙස වීමෙන් එය පවත්වාගෙන යන්න බැහැ. දෙදෙනාම සීමාව ඉක්මවා විසඳුම් සෙවීම කළයුතුයි. එය අභියෝගාත්මකයි. නමුත් තනිව සිතනවාට වඩා පියවර කිහිපයක් ඉදිරියට ගන්න. ඔබ දෙදෙනාම ජීවිතයේ රළු බව තේරුම් ගැනීම වැදගත්.

4. නිතර ඔබේ වගකීම කැපවීම මතක් කරන්න

විවාහයට එළඹෙන දෙදෙනෙක් විශ්වාසය ගෞරවය බෙදාගැනීම ගැන සිහිපත් කරමින් ඊට එළඹුනත් මෙය නැවත නැවත සිහිකර ගැනීම වැදගත්. මේ නිසා දෙදෙනාගේ බැඳීම හා ආදරය යළි යළි මෙනෙහි කර ඔබ දෙදෙනා එක් අයෙකු ලෙස එකට එක්වූ දිනයක යළි යළි සිහි කරන්න.

සමහර විටෙක ඔබ හමුවූ පළමු තැනට ඔබ දෙදෙනාට නැවතත් යන්න පුළුවන්. ඉස්සර වගේ තාමත් ඔබ දෙදෙනා වෙනුවෙන් කළයුතු පුංචි පුංචි දේවල් ඉටු කරන්න පුළුවන්. හරියට අලුත බැඳපු යුවලක් වගේ “මං ඔයාට ආදරෙයි”. “I Love You” වගේම මල් කළඹක් දීම වගේ දේවල් කරන්න පුළුවන්.

5. විවෘතව කතා කරන්න, එකිනෙකට ගෞරව කරන්න

කිසිම සබඳතාවයක සන්නිවේදනය දුර්වල නම් එය පවතින්නේ නැහැ. ගෞරවාන්විත විවෘත සන්නිවේදනය විවාහයක පැවැත්ම කියාපානවා. ඒ මගින් ඔබේ සහකරු ගැන තේරුම් ගැනීමටත් ඔවුන් දැනගන්න දේ වටහා ගැනීමටත් පුළුවන් වෙනවා.

ඔබ විවෘත නොවුනොත් ඔබට එකිනෙකා වටහා ගන්න බැරි වෙනවා. ඒ වගේ සබඳතාවයන් ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝධයක් ලැබෙන්නෙත් නැහැ.

ඔබේ ගැටළු ගැන කතා කරන විට වැරදි පැටවීම කරන්න එපා. නිතරම ඔබේ වැරදි අතපසුවීම් පිළිගන්න. ඔහුට ඇඟිල්ල දික් නොකර ඔහුගේ වැරදි අවබෝධ කරගන්න ඉඩ දෙන්න.

බිරිඳට සවන් දීම

6. ඔබේ සහකරු ගැන සානුකම්පිත ලෙස වටහා ගන්න උත්සාහ කරන්න

හැමදෙනෙකුගේම පවුල් පසුබිම වෙනස්. ඔබ දෙදෙනාටම ඇත්තේ එකිනෙකාට ආවේනික ලක්ෂණයි. ඔබ දෙදෙනා ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස්.

ඒ නිසා ඔබ ආදරය ප්‍රකාශ කරන ආකාරයටම ඔබේ සහකරුත් ආදරය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන්න එපා. ඔබ දෙදෙනා වෙනස් වෙනමම පුද්ගලයන් වුනත් ආදරයෙන් බැඳෙනවා. ඒ නිසා වෙනස්කම් හඳුනාගෙන ඒවා ගැන නොතැවී යුගදිවිය ගෙනියන්න.

7. බලාපොරොත්තු සහගත වෙන්න

ගැටලුවකට විසඳුම වෙන්වීම හෝ නීතියෙන් වෙන්වීම නොවේ. මෙවැනි විසඳුම් ගැන සිතීමෙන් ගැටලුව තවත් උග්‍ර අතට හැරෙනවා. මෙහිදී දෙදෙනාම ගැටළු වලට විසඳුම් සෙවීම වැදගත්. අභියෝග ගැටළු කර නොගෙන ඉදිරියට යා නොහැකියි.

සාර්ථක විවාහයකට විවිධ හේතුන් රැසක් හේතු වෙනවා. එයට විවිධ අය මුහුණ දෙන ආකාර වෙනස් වෙන්න පුළුවන්. විසඳුම කුමක් වුනත් ප්‍රතිඵලය සාර්ථක නම් වැදගත් වන්නේ එයයි. ගැටළු මතුවන විට මේ උපක්‍රම සඳහා නැවත නැවත සිතන්න.

ගැටළු ගැනම සිතනවාට වඩා විවාහයක පැවැත්ම ඇත්තේ ගැටළු වල ඇලී නොඉඳ ඉදිරියට යාමයි. සාර්ථක විවාහ ජීවිතයකට මේ තොරතුරු ඔබට වැදගත් වේයැයි theAsianparent Sri Lanka අපි සිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්
බෙදාගන්න :
  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

    දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

    දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it