theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ජිවිතයේ මැරතන් තරඟය තුළ ඔබේ ලිංගික ජීවිතය පණ අදිනවාද?

4 අවම කියවීම
ජිවිතයේ මැරතන් තරඟය තුළ ඔබේ ලිංගික ජීවිතය පණ අදිනවාද?ජිවිතයේ මැරතන් තරඟය තුළ ඔබේ ලිංගික ජීවිතය පණ අදිනවාද?

ජීවිතය එකම තරඟයක්. නොදන්නා අනාගතයක් සොයා හති දමමින් දිවීම දැන් මිනිසාට සාමාන්‍ය දෙයක් වෙලා. ජිවිතයේ වර්තමානය සුන්දර එකක් කරන්නට අවශ්‍ය පුංචි දේවල් කෙරෙහි ඔබ අවධානය යොමු කරනවාද? ඔබේ ලිංගික ජීවිතය තුළින් දිවියට එළියක් අත් කරගන්නට පුළුවන් කියා ඔබ දනන්වාද?

අති කාර්යබහුල ජිවිතයක් ගත කිරීම අද කාලයේ සාමාන්‍ය දෙයක් වෙලා. ජිවන බර, පවුල් බර හා නිමක් නැති වියදම් පියවාගන්නට දරාගන්නට බැරි කාල සිමාවන් තුළ රැකියාව සමඟ පොර බඳින්නේ දරාගන්නට බැරි මානසික පිඩනයකින්.  ඒ පැත්තෙත් මේ පැත්තෙත් හැම පැත්තෙන්ම වගකීම් කෝටියක්. ඒ සේරම මැද්දේ දරුමල්ලන් ලොකු මහත් කර ඔවුන්ගේ ඕනෑ එපාකම් බලන්නත් ඕනේ. ලිංගික ජීවිතය දියුණු කරන්න

TV එකේ සුපුරුදු නාට්‍යය බලන්නට වාඩිවෙන්නේ ගිමන් හරින්න හිතාගෙන වුනත්  නොදැනුවත්වම  අපි හෙම්බත් වෙලා.

මේ නිමක් නැති දිවිල්ල හමාර කර දවසක් නිමා වන විට අපි බාගෙට මැරිලා. එතකොට අපගේ ලිංගික ජීවිතය? ඇත්තෙන්ම එහෙම දෙයක් තියෙනවද කියාවත් මතක නැහැ.

ඔබේ ලිංගික ජීවිතය දියුණු කරන්න, එයට නව පණක් දෙන්නේ කොහොමද?

1. ලිංගික ජීවිතය දියුණු කරන්න, දවසේ වැඩකටයුතු බෙදාගන්න

පාරම්පරික පුරුද්දක් ලෙස නිවස තුළ ඉවුම් පිහුම්, වළන් පිඟන් සේදීම, රෙදි සේදීම, දරුවන්ගේ සියලු වැඩ සාමාන්‍ය වැඩකටයුතු සියල්ල කෙරෙන්නේ ගෘහණියකගේ අතින්.  මෙය ගතානුගතික පුරුද්දක්.

නුතන ලෝකයේ මේ සියලු කටයුතු සහකරුවන් අතර බෙදා ගැනීම තුළින් විවාහ ජීවිතය දෙදෙනාටම ප්‍රසන්න දෙයක් කරගන්නට පුළුවන්.

සහකරුගෙන් සුහදව උදව් ඉල්ලාගත හැකි ක්‍රම ගැන අපි පසුගියදා ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. ඉතින් සුහද සාකච්චාවෙන් දෙදෙනා අතර වැඩ කටයුතු බෙදා හදා ගන්න පුළුවන්.

 2. කෙටි ක්‍රම සොයාගන්න

අප රටේ බොහෝ මව්වරුන් තවමත් පාරම්පරික ඉවුම් පිහුම් හා අනෙකුත් ක්‍රම වලින් පිටතට ඒමට පැකිලෙනවා.

නිදසුනක් ලෙස දිනපතාම වේල් තුනම උයා දවල්ට මාළු පිලි වර්ග හතරක් හෝ පහක් හදනවාට වඩා දවසට එක් වරක් වේල් තුනටම සරිලන සේ පිස ගන්නත්, මාළු පිලි වර්ග එකක් හෝ දෙකක් සතියක් කල් තබාගත හැකි වන සේ සදා සතියකට වරක් පිසගන්නත් පුළුවන්.

උදෑසනම උයාගැනීමේ කටයුතු ඉවර කරගැනීමෙන් දවසම ඉතිරි කරගන්න පුපුවන්. ඔබට සරිලන කෙටි ක්‍රම තනිව හෝ සාකච්චා කර සකස් කරගෙන දවස සංකීර්ණ කරගැනීමෙන් වලකින්න.

3. අවධානය උදුරාගන්නා දේවල් වලින් ඈත් වන්න

නිදන කාමරයේ පරිඝනකයක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් තිබීම ඔබට පහසු යැයි හැඟුනත් ඒ දේවල් ඔබ දෙදෙනාගේ සන්නිවේදනයට හා බැඳීමට බාධාවක් ඇති කරන්නේ ඔබ නොදැනුවත්වමයි.

සියළුම තාක්ෂණික උපකරණ හා මෙවලම් නිදන කාමරයෙන් බැහැර කිරීමෙන් ඔබ දෙදෙනා අතර සුහදතාව වැඩි දියුණු වනවා පමණක් නොව හොඳ නින්දක් ලබා ගැනීමටද එය උපකාර වනවා.

4. ලිංගික ජීවිතය දියුණු කරන්න හොඳ නින්දක් ලබා ගන්න

නින්ද මදිකම ලිංගික අවශ්‍යතාවන් අඩපන වීමට තුඩු දෙනවා. ඩියුක් විශ්වවිද්‍යාල වෛද්‍යාගාරය සිදුකල පරීක්ෂණයකින් තහවුරු වුනේ එය වැඩි වශයෙන් කාන්තාවන්ට බලපාන බවයි.

අධික ලෙස කෝපි පානය කරමින් න නිදි මරමින් වැඩ කරනු විනා හොඳ නින්දක් ලබා ගැනීමට ප්‍රමුඛත්වයක් දීම වැදගත්.

කෝපි මගින් සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයට නොයෙක් බලපෑම් ඇතිකරන අතර ‘The Fertility Code” කෘතියට අනුව කෝපි කෝප්ප තුනක් පානය කිරීම දුම්වැටි 25ක් ඉරීම හා සමාන බව ප්‍රකාශ වනවා.

එම නිසා දවල් ආහාරයෙන් පසු පුංචි නින්දක් ලබා ගැනීමෙන් පවා සිරුරට ලබා දෙන්නේ නව ප්‍රබෝධයක්.

5. ලිංගික ජිවිතයට පොඩි වෙනසක් මුසු කරන්න

විවාහය තුළ ලිංගික ජීවිතය ඒකාකාරී බවින් අඩපණ වූවක් වන්නට පුළුවන්.   ඕනෑම දෙයක් ඒකාකාරී වනවාට වඩා පුංචි වෙනස්කමකින් පවා නව පණක් ලබනවා.

ලිංගික හැසිරීම කුල්මත් කරවන ඉරියව් හෝ සංසේචනය පහසු කරවන ලිහිසි දියරමය ආලේපන (lubricant) හෝ භාවිත කිරීමෙන් ලිංගික තෘප්තිය වැඩි කර ලිංගික ජිවිතයට නව පණක් දෙනවා.

6. ලිංගික ජීවිතය දියුණු කරන්න; ඉක්මන් වන්න එපා

සමහර විට ලිංගික ජිවිතයේ අසමතුලිතතාවන් නිසා හෝ මානසික ආතතිය නිසා ඔබ හෝ සහකරු පිඩාවට පත්ව සිටීමට පුළුවන්. මේ නිසා ලිංගික එක්වීම හුදෙක් යුතුකමක් හෝ දින චරියාවක් ලෙස සිදු කරන ඒකාකාරී හෝ නීරස අත්දැකීමක් වන්නට පුළුවන්.

මදක් මන්දගාමී වීමෙන් මෙයට වෙනසක් සිදු කල හැක.

සහකරු සමග එක්වීමට පෙර සොඳුරු කතා බහක යෙදීමෙන්, ඔහු/ඇය ලයාන්විතව ස්පර්ශ කිරීමෙන් හා සිප ගැනීමෙන්, ඔහු/ඇය හා තුරුල් වී ඔබේ මනසට වද දෙන කරුණු ගැන ඔහු සමඟ පිළිසඳරක යෙදීමෙන්  ඔබේ ලිංගික ජිවිතයට නවතාවයක් එක් කරන්නට පුළුවන්.

මේ ක්‍රියාදාමයන් අනුගමනය කොට මාස 6ක් වැනි කලක් ගිය පසුත් ඔබේ ලිංගික දිවිය නීරස නම් එය වෛද්‍ය සහය පැතීමට කරුණක් විය හැක.

ලිංගික ජිවිතයේ ඒකාකාරී බව හෝ එයට කාලවේලාවක් නොමැති වීම බොහෝ විවාහකයන්ට පොදු ප්‍රශ්නයකි.

එය පහසුවෙන්ම වෙනස් කල හැකි තත්වයක් නිසා ඔබේ ඉවසීම, කැපවීම හා නිවැරදි ලෙස කාලය කළමනාකරණය තුලින් විවාහය තුළ ලිංගික ජිවිතයේ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ඔබට පහසුවෙන්ම පුළුවන් වනවා.

මෙය ජිවිතයට වටිනා අංගයක් ලෙස සලකා කටයුතු කල යුත්තේ, ඔබේ ජීවිත ගමනේ මුලික පුරුක වන්නේ ඔබගේ සහකරු බැවින් ඔහුගේ/ඇයගේ සිතැඟි ආශාවන් ගැන සොයා බලා කටයුතු කිරීමෙන් ඔවුන් ඔබේ ගිලිහී නොගොස් සදා සොඳුරුව රැඳී සිටින නිසා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන් පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ජිවිතයේ මැරතන් තරඟය තුළ ඔබේ ලිංගික ජීවිතය පණ අදිනවාද?
බෙදාගන්න :
  • සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

    සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

  • මවක් බවට පත්වීමෙන් පසු  ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

    මවක් බවට පත්වීමෙන් පසු ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

  • සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

    සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

  • මවක් බවට පත්වීමෙන් පසු  ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

    මවක් බවට පත්වීමෙන් පසු ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it