අපේ පොඩ්ඩෝ පලා වර්ග කන්න ගොඩාක් හොරයි නේද? ඒත් මේ පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන මේ පලා වර්ග කොහොම හරි පොඩ්ඩාට කවන්නත් ඕනීනේ. එහෙනම් මෙන්න මේ පලා මිශ්‍ර ඔම්ලට් එක අත්හදා බලන්න. මේ වෙනසට අනිවාර්යයෙන්ම පොඩ්ඩා කැමති වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :

- බටර් මේස හැදි 01
- බිත්තර 01
- හිනියට ලියාගත් කැරට් මේස හැදි 01 පමණ
- හීනියට ලියාගත් බෝංචි මේස හැදි 01 පමණ
- හීනියට ලියාගත් ලූණු හා කරපිංචා ටිකක්
- රස අනුව ලුණු
- හීනියට ලියාගත් කතුරුමුරුංගා හෝ ගොටු කොළ මේස හැදි 01
ඔම්ලට් සාදන ක්‍රමය :

- බිත්තරය, සිහින්ව ලියාගත් කැරට්, බෝංචි, කරපිංචා, ලූණු රස අනුව ලුණු භාජනයකට දමා හොදින් ගසා ගන්න.
- සෝස්පෑන් එකක් ලිප තබා එයට බටර් ටික දමා රත් වෙන්න හරින්න .
- බටර් ටික රත් වුන පසු එයට මිශ්‍රණය දමන්න. ඔම්ලට් එක හොදින් බැදී ගෙන විට ඒ මතින් හීනියට ලියා ගත් කතුරුමුරුංගා හෝ ගොටුකොළ එකතු කර ගන්න. අනෙක් පැත්ත හරවා බැදෙන්න ප්‍රමාණවත් කාලයක් තබා ලිපෙන් ඉවතට ගන්න (පලා වර්ග වැඩිය රත් කිරීමෙන් පෝෂ්‍ය කොටස් විනාශ විය හැක.)
- දැන් පුංචි පිගානකට ලස්සනට පිළිගන්වන්න. පුංචි සැරසිල්ලක් කරන්නත් අමතක කරන්න එපා.
- බබාට එකවර කොළ ගොඩාක් කවන අදහසින් කොළ විශාල ප්‍රමාණයක් එකතු කරන්න උත්සහ කරන්න එපා. එවිට බබා ඔම්ලට් එක නොකා අත්හරින්න පුළුවන්
පුංචි මතක් කිරීමක් :
- කෑම වල රස, වර්ණය,හැඩය හා සුවද වෙනස් කිරීමෙන් දරුවා තුල ආහාර රුචිය ඇති කල හැක.
- බටර් වෙනුවට පොල්තෙල් යොදා සුවද රසය වෙනස් කරන්න පුලුවන්.
- ඒ වගේම පිළිගන් වන සැරසිල්ල , භාජනය වෙනස් කරන්නත් පුලුවන්.
- ඒ වගේම සැර කන්න ආස පොඩ්ඩෙක් නම් ගම්මිරිස් ටිකක් එකතු කලාට කමක් නෑ.
ඔබේ බබාත් කොළ වර්ග කන්න හොරෙක් නම් මේ ක්‍රමය උත්සහ කරලා බලන්න.
ඔබත් මේ වගේ රසම රස රහස් දන්නවාද? එහෙනම් පහලින් සටහනක් යොදා ඒ තොරතුරු අපිත් එක්ක බෙදාගන්න.
මේ වගේ රස රහස් theAsianparent Sri Lanka අපි ඔබට තිළිණ කරන්නේ හද පිරි ලෙන්ගතු කමිනි.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය