theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඕනෑවට වඩා සුරතල් කර ඔබගේ දරුවන් නරක් කරනවාද?

5 අවම කියවීම
ඕනෑවට වඩා සුරතල් කර ඔබගේ දරුවන් නරක් කරනවාද?ඕනෑවට වඩා සුරතල් කර ඔබගේ දරුවන් නරක් කරනවාද?

ඔබේ දරුවා ඔබම නරක කරගත්තොත් දිගුකාලීනව ඉතා භයානක ප්‍රතිඵල අත් විඳින්න වෙයි.

දරුවා නරක් කිරීම කිසිම දෙමාපියෙක් හිතාමතා සිදු කරන්නක් නෙවෙයි. දරුවෙකුට උවමනා දෙයක් උවමනා වූ විට ලබා දීම මගින් වගකීම හා වගකීම් සහිත හැසිරීම යන සංකල්පයන් ඔවුන්ට ඉගෙන ගැනීමට ඇති අවස්ථාව අහිමි වී යනවා. ඒ වගේම මෙවැනි දරුවන් එතරම් උද්යෝගී නොවන, කම්මැලි මෙන්ම කේන්ති ගන්න දරුවන් ලෙසත් හඳුනාගෙන තියෙනවා.

උවමනාවට වඩා දරුවන්ට ලිහිල් ප්‍රතිපත්තියකින් වැඩ කිරීම එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවන බව කවුරුත් දන්නා කාරණයක්.

නමුත් ඒ ගැන හරියට ම දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඊට හේතුව වන්නේ දරුවන් කුඩා කාලයේ මේ නිසා ඇතිවන අනිසි ප්‍රතිඵල එතරම් නොදකින නිසයි.

Livestrong නමැති වෙබ් අඩවියේ ලිපියක බ්‍රේන්ඩා ස්කොටන්ඩේල් පෙන්වා දෙන ආකාරයට දරුවන්ට උවමනාවට වඩා ලිහිල් ප්‍රතිපත්තියකින් කටයුතු කිරීමෙන් යථාර්තයේදී ඇති විය හැකි අනිසි ප්‍රතිඵල ඉතාම භයානක බව පැවසෙනවා.

යමෙකු මත යැපීමට හුරු කිරීම මගින් දරුවන් නරක් වීම

උවමනාවට වඩා ලිහිල් වටපිටාවක හැදෙන දරුවන් නිතරම තම දෙමාපියන් මත යැපෙන බවක් දක්නට ලැබෙනවා.

මේ නිසා ඔවුන් වැඩිහිටියන් වූ විට ඔවුන් ටම එය අතිශය ගැටළු කාරී විය හැකි බව බ්‍රේන්ඩා පවසනවා.

කොනී ඩොව්සන් හා ඩේවිඩ් ජේ බ්‍රේඩ්නොට් විසින් කරන ලද අධ්‍යනයකට අනුව මෙම දරුවන් වැඩිහිටි වියට එළබෙත්ම ඔවුන් තනි වීම හා එම නිසා ඔවුන් ප්‍රීතිමත් නැති පුද්ගලයන් බවට පත්වන බවයි.

මන්ද ඔවුන් නිතරම අන් අයගෙන් යැපීමට පුරුදුව සිටින නිසයි.

දරුවන්ව-නරක්-කිරීම

වගකීම් රහිතව කටයුතු කරන්නට හැරීමෙන් දරුවා නරක් කිරීම

පෙර කියූ පරිදිම දරුවන්ට උවමනා දේ එසැනින් ඉටු කර දීම මගින් ඔවුන් වගකීම් හා වගකීම් සහිත හැසිරීම් යන කාරණා දෙකම ඉගෙන ගැනීමට බාදාවක් වෙනවා.

මේ දරුවන් නිතරම කාර්යශූර, ක්‍රියාශීලි නොවන, නිතරම කිපෙන හා කම්මැලි දරුවන් ලෙස හඳුනා ගැනෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ දරුවන් ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාවෙන් දුර්වල හා සංවේදීතාවයන්ගේ වර්ධනයේ අඩු දරුවන් බවට පත් වෙනවා.

අගෞරව කිරීම හා අකීකරු වීම

ඕනෑවට වඩා සුරතල් කර ඔබගේ දරුවන් නරක් කරනවාද?

සිමාවන් ඉක්මවා ලිහිල් වටපිටාවක හැදුනු දරුවන් කෑ ගසා, හඬා, වැළපී හරි ඔවුන්ට උවමනා දේ ලබාගන්න දන්නවා.

බොහෝ විට මෙවැනි දරුවන් ඔවුන්ගේ හැඟීම්, දැනීම් ප්‍රසිද්ධියේ පෙන්වන්නේ නැති වුනත් එය ඔවුන් ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ ඍණාත්මක හැසිරීම් රටාවන් තුළින් බ්‍රේන්ඩා පවසනවා.

එමෙන්ම විප්ලවකාරී ගති ස්වභාවයන් ඔවුන්ගෙන් ස්වභාවයෙන්ම දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව උවමනාවට වඩා ඉවසීම හා ආරක්ෂා කිරීම නිසයි.

දුර්වල සබඳතා

2

පීඩියැට්ට්‍රික්ස් නම් සඟරාවේ ජේ මැක්ලන්ටෝෂ්  පවසන ආකාරයට මෙවැනි දරුවන් අනෙක් අයගේ උවමනාවන් වලට සංවේදී නොවන අය වන අතර ඉතා ඉක්මනින් කේන්ති ගන්නා, වියරු වන, කරදරකාරී වාතාවරණයක් ඇති කරන්නට යොමු වෙනවා.

මෙම චරිත ලක්ෂණ සමග ඔවුන් හුදෙකලා පුද්ගලයන් ලෙස හැදී වැඩෙන අතර අන් අය මෙවැනි පුද්ගලයන් සමග ඇසුරට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

මේ නිසා ඔවුනට වටිනා යාළුමිත්‍රකම් හා මානව සබඳතා ගොඩනගා ගැනීමට නොහැකිවි යනවා.

දරුවන්ට ආදරය කිරීම අත්‍යවශ්‍ය වුවත් ආදරය නිසි අවස්ථාවේ දැක්වීම හා නිසි අවස්ථාවේ ඔවුන්ට තදින් සිටීම ඔවුන්ව යහ මගට යැවිය හැකි හොඳම මාර්ගය බව අප තේරුම් ගත යුතුයි.

ආදරය නිසාම ඔවුන්ගේ ජිවිත අඳුරු කරන්න අපට බැහැ.

ඔබ හා ඔබේ  දරුවන් සමඟ සබඳතා ශක්තිමත් කරගත හැකි මේ අදහස් හත සම්බන්ධයෙන් ඔබට ආස්වාදයක් ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

1. දරුවා නරක් කිරීම වළකා දරුවන් සමඟ සබඳතා වඩවන්න එක්ව ආහාර ගන්න

එක්ව ආහාර ගන්නා පවුල් හා දරුවාට ඇති ධනාත්මක බව වර්ධනය වන ප්‍රතිලාභ අතර සම්බන්ධයක් ඇති බව පරීක්ෂණයන් පෙන්වා දෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

හොද ආහාර ගැනීමේ පුරුදු, හොද ක්‍රීඩා කෞෂල්‍යයන්, යහපත් හැසිරීම සහ ශක්තිමත් මානසික හා සමාජීය දක්ෂතා වර්ධනයත් මේ මගින් ලැබෙනවා.

සැමදා එක්ව රාත්‍රී ආහාර ගැනීමට අපහසු නම් හැකි සෑමවිටම එක්ව ආහාර ගන්න උත්සහ කරන්න.

රාත්‍රී ආහාර වේල එක්ව ගත නොහැකි නම් අඩුම තරමින් උදෑසන ආහාර වේල හෝ කෙටි ආහාර වේලක් එක්ව ගන්න.

ඔබ පවුලක් ලෙස ආහාර ගන්නා විට ඔබ  ඔබේ ආහාර ගන්නා අවස්ථාවේ විනෝදය ලබා ගන්නා අතර දරුවන්ගේ දවස ගත කල ආකාරය හා ඔබේ දවස ගත වු ආකාරය කථා කරන්න අවස්ථාවක්ද උදාකර ගන්නවා.

ඔබ එකිනෙකා අතර වු සම්බන්ධතාවය එහි අඛණ්ඩත්වයටද දායක වෙනවා.

2. දරුවා නරක් කිරීම එක්ව නින්දට යෑමෙන් දරුවන් සමඟ සබඳතා වැඩිකරගන්න

ඔබ රාත්‍රියේ පමාවෙනතුරු වැඩ කිරීම නිසා ඔබේ රාත්‍රී ආහාර වේල මගහැරුනොත් ඔබේ දරුවා සමග නිදාගන්නා අවස්ථාවේ එකට ඉන්න උත්සහ කරන්න.

ඔබට ඔබේ දරුවා හා සම්බන්ධතාවය පවත්වා ගැනීමට නින්දට යන වේලාව හොද අවස්ථාවක් ලබා දෙනවා.

එය නින්දට යනතුරු කතාන්දරයක් කියාදීම පමණක් නොවේ නින්දට පෙර සුරතල් කිරීමක්ද වෙනවා.

ඒ වගේම එය එකිනෙකා සමග තමන්ගේ දවස ගැන කථා කරන්න අවස්ථාවක්ද උදාකර දෙනවා.

ඔබ ඔබේ දවස ගෙවු විදිය පිලිබඳ ආඩම්බර වෙන දේවල් ඔබේ දරුවා සමග බෙදා ගන්නා අතර ඔහුගේ දවස සතුටින් ගත කිරීමට හේතු වුයේ මොනවාදැයි විමසන්න.

ඔබ පවසන ඔබේ තොරතුරු මගින් දරුවා කෙරෙහි ඇතිවෙන විශ්වාසය ඔබ  දෙපාර්ශවයේම සම්බන්ධතාවය ඇති කිරීමට මෙන්ම ශක්තිමත් කිරීමටද හේතුවේ.

3. දරුවා නරක් කිරීම එකව විනෝද වෙන්න.

ඔබේ දරුවාත් සමග  ඇති සම්බන්ධතාවය ඇති කිරීමට හොදම ක්‍රමය වන්නේ එකට විනෝද වීමයි. මෙය සුන්දර වු උද්‍යාන හා මුහුදු වෙරල වැනි එළිමහන් පරිසරයන් තුල කල හැක.

ඒ වගේම සාධාරණව සෙල්ලම් කිරීම හා ආචාරශීලී  පරාජිතයෙක් වීම වැනි අමතර ප්‍රතිලාභ ලැබෙන ගෘහස්ථ ක්‍රීඩා තුලින්ද මෙය කල හැක.

ක්‍රීඩා ඔබට අදාල දෙයක් නොවේ නම්, ඔබ ආහාර පිසීම, චිත්‍ර ඇදීම, අත්වැඩ කිරීම හෝ ළමා චිත්‍රපටයක් සමාලෝචනය කිරීම වැනි දේවල් එක්ව නොකරන්නේ ඇයි?

මෙම අදහස් සම්බන්ධතා ඇති වීමට හේතු වන අතර එම ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම එසේ කිරීමට උදව් කරාවි.

4. තදින් වැලදගන්න, සුරතල් කරන්න.

සරල හා සම්පුර්ණයෙන්ම විනෝදජනක වු සුරතල් ක්‍රියා සහ දරුවා වැලදගැනීම ඔබේ  සම්බන්ධතා ශක්තිමත් කල හැකි පහසු ක්‍රමයකි.

දරුවා වැලදගැනීම උදෑසන ඔබගේ ප්‍රථම කාර්යය ලෙසත්, පාසැල්  හෝ පෙර පාසැල් යාමට පෙර, නැවත නිවසට පැමිණි විට හා නින්දට පෙර  දරුවා වැලදගන්න.

නොමසුරු වැලදගැනීම් හා සුරතල් කිරීම් ඉහත වේලාවල් අතරටද දෙන්න.

අමතර ප්‍රතිලාභයක් ලෙස වැලදගැනීම ඔබගේ යහපත් සෞඛ්‍යයට හේතුවෙන බව පරීක්ෂණ මගින් ඔප්පුකොට තියෙනවා.

5 එකිනෙකාට ගෞරව කරන්න 

දරුවන් අපිව කෝප ගන්වන බවත් අපේ පීඩනය වැඩි කරන බවත් සත්‍යයක්,  නමුත් ඔබ ඔබේ  දරුවාට විනය ගරුක වන විට ඔහු හෝ ඇයට ගෞරවයක් පෙන්වන විට ඔබටද කාර්‍යක්ෂම, ධනාත්මක හා දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

විනය හැසිරවීමේ දරුණු ක්‍රම මගින් ඉක්මන් ප්‍රතිඵල ලබා දුන්නත් ගෞරවය පෙන්වීම තුලින් හැගීම් හා වර්ධනීය ප්‍රතිඵල නිතර ඔබට ලබා ගන්න පුලුවන්.

කොහොම නමුත් ඔබ ඔබේ විනය තුල ගෞරවනීය නම් ඔබ ඔබේ  දරුවා සමග බැදීමක් ඇතිකර ගන්නවා පමණක් නොවේ.

කවුරුත් හෝ ඔහු රිදවු විට පවා ගෞරවනීය වීම හා කාරුණික වීම ඒ තුලින් උගන්වනු ලබනවා.

theAsianparent Sri Lanka අපේ අපේක්ෂාව ඔබේ දරුවන් යහපත් දරුවන් වනු දැකීමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ඕනෑවට වඩා සුරතල් කර ඔබගේ දරුවන් නරක් කරනවාද?
බෙදාගන්න :
  • දරුවා නාහට අහන්නේ නැති මැරෑටියෙක් වන්නේ ඔබ කරන වැරදි 10

    දරුවා නාහට අහන්නේ නැති මැරෑටියෙක් වන්නේ ඔබ කරන වැරදි 10

  • Breech Baby Decapitated Highlights Dangers Of Forgoing A C-Section

    Breech Baby Decapitated Highlights Dangers Of Forgoing A C-Section

  • දරුවා නාහට අහන්නේ නැති මැරෑටියෙක් වන්නේ ඔබ කරන වැරදි 10

    දරුවා නාහට අහන්නේ නැති මැරෑටියෙක් වන්නේ ඔබ කරන වැරදි 10

  • Breech Baby Decapitated Highlights Dangers Of Forgoing A C-Section

    Breech Baby Decapitated Highlights Dangers Of Forgoing A C-Section

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it