theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?

4 අවම කියවීම
සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?

ඇඳවල් දෙකක නිදාගැනීමෙන් අදහස් කරන්නේ අඹුසැමියන් අතර ප්‍රශ්නයක් කියන එකම නෙමෙයි. ඊට තවත් හේතු තිබෙන්න පුළුවන්.

2015 කළ අධ්‍යනයකට අනුව 25% ක් අඹුසැමියන් වෙනම නිදාගැනීම සිදුවන බව සොයා ගැණුනා. නමුත් ඊට හේතුව ඔවුන් අතර ආරවුල් හෝ ප්‍රශ්න නිසා නොවෙයි.

අඹුසැමියන් වෙනම නිදාගැනීම ට තුඩු දිය හැකි හේතු

1. අඹුසැමියන් වෙනම නිදාගැනීම මගින්  අපි එකිනෙකාට ආදරේ නැහැ කියලා ඉන් කියන්නේ නැහැ.

සැමියාගේ අවශ්‍යතා

දෙදෙනෙක් වෙන වෙනම ඇඳවල් වල නිදියනකොට හුඟක් දෙනෙක් හිතන්නේ දෙන්නා අතර ප්‍රශ්න ඇති කියලයි.

මේ හුඟක් දෙනාට තියෙන්නේ තම තමන්ගේ සැනසුම් සුවය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් බැඳීම් වල ප්‍රශ්නයක් නොවෙයි. මෙන්න ඒ වගේ නිදාගන්න අය දීපු හේතු කිහිපයක්.

2. අපි දෙන්න නිදාගන්න, අවදිවෙන වෙලාවල් වෙනස් - මම ඉක්මනට නිදාගෙන පරක්කු වෙලා අවදිවෙනවා. එයා පරක්කුවෙලා නිදාගෙන ඉක්මනට නැගිටිනවා.

එරින් ලෙඩියා කියන ආකාරයට ඉස්සර ඉඳන්ම අපි නිදාගත්තේ වෙන වෙනම. මම නින්දේදී හරිම සංවේදී කෙනෙක්.

පුංචි සද්දයටත් මම ඇහැරෙනවා. අපි නිදාගන්න, අවදිවෙන වෙලාවල් වෙනස්. මම ඉක්මනට නින්දට යනවා, පරක්කු වෙලා ඇහැරෙනවා.

ඔහු පරක්කු වෙලා නින්දට යනවා, ඉක්මනට ඇහැරෙනවා. වෙන වෙනම නිදාගැනීම නිසා හුඟක් දේවල් සාමකාමියි.

අපිට හොඳ විවේකයක් ලැබෙනවා. ඒ වගේම අවදියෙන් ඉන්න වෙලාවට අපි හුඟක් ආදරෙන් ආකර්ශනයෙන් ඉන්නවා.

අනික් අතට අපිට අපේම කියලා කාලයක් ලැබෙනවා. වෙන දෙයකින් අපිට එය ලැබෙන්නේ නැහැ. ඇත්තටම එහි ලොකු ප්‍රතිඵලයක් ඔවුනට අත්ව තිබෙනවා. 

3. අපිට ඉන්නේ නිවුන් පුතාලා දෙන්නෙක්. ඒ දෙන්නා ඉපදුනාට පස්සේ අපි වෙන වෙනම නිදියන්න පටන් ගත්තා

සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?

හම්රික් මසූර් කියන්නේ අපිට නිවුන් පුතාලා ලැබුනට පස්සේ වෙනම කාමර දෙකක නිදාගන්න පටන් ගත්තා.

මොකද නිදාගන්න හැම විනාඩියක්ම අපිට වටිනවා. ඉතින් මොකුත් සද්ද බද්ද ගෙරවීම් නැතිව නිදාගන්න ලැබීම හරිම වැදගත්.

ප්‍රායෝගිකයි. එක් අයෙක් දරුවන් දෙදෙනා සමග නින්දට ගිය විට අනෙක් කෙනාට නිදාගැනීම කළහැකියි.

මේ විදිහ අපිට හුඟක් සාර්ථකයි. නමුත් ඉන් අපි තුළ සබඳතාවයන් ඇතිවන්නේ නැහැ කියලා හිතන්න එපා

4. අපි දෙන්නට දෙන්නා ආදරෙයි. ඒත් වෙන වෙනම නිදාගන්න අපි දෙන්නම කැමතියි

පසුගිය වසර 5 ම අපි නිදාගත්තේ වෙනම ඇඳවල් දෙකක.  ඩුනින්ග්ටන් හිල් කියනවා. අපි දෙන්නම අවදිවෙන වේලාවන් වෙනස්.

ඒ වගේම උෂ්ණත්වය බලපාන විදිහත් වෙනස්. ඒ නිසා වෙන වෙනම නිදාගැනීම අපි දෙන්නටම හොඳයි.

ඔබ විවාහ වුණා කියලා දෙන්නම හැම වෙලාවේම එකට ඉන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ.

හුඟක් අයට තමන්ට කියලා වෙලාවක් ලබාගන්න කැමතියි. ඉතින් මේ දෙන්නටත් වෙන වෙනම ඇඳක නිදාගැනීම ඔවුන්ගේ යුගදිවියට හොඳ බවයි කියන්නේ.

5. මේ විදිහ අපිට හුඟක් සාර්ථකයි. නමුත් ඉන් අපි තුළ සබඳතාවයන් ඇතිවන්නේ නැහැ කියලා හිතන්න එපා

සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?

අපි විවාහ වෙලා වසර 15 ක් ගියත් අපි දෙන්නා නිදාගන්නේ වෙන වෙනම ඇඳවල් වලයි. මගේ සැමියා නිදාගන්න විට ගොරවනවා.

මම නිදාගන්න කොට හැම තැනම පෙරළෙනවා. අපි දෙන්නා නිදාගන්න විදිහ වෙනස් නිසා වෙනම නිදාගන්නවා.

ඒක අපිට ගැලපෙනවා. නමුත් අපි අතර සබඳතාවයන් නැති බව ඉන් කියවෙන්නේ නැහැ. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. අපි ආදරෙන් ඉන්නේ.

6. වෙනම ඇඳවල් දෙකක නිදාගැනීම දිගු සාර්ථක යුගදිවියකට හේතුවක් විය හැකියි

අපි දැන් විවාහ වෙලා වසර 35 ක් විතර වෙනවා. අපි දැන් එක කාමරයක වෙන වෙනම ඇඳවල් දෙකක නිදියන්න පටන් අරගෙන වසර 10 ක් විතර වෙනවා.

අපි දෙන්නම රෑට එක එක වෙලාවට නැගිටිනවා, නිදියනවා, බාත් රූම් යනවා, සමහර විට වේදනාවන් එනවා. ඉතින් ඒ නිසා අපි අනිත් කෙනාගේ නින්දට බාදාවක් විය යුතු නැහැ.

ඉන් අපි එකිනෙකා ගැන තැකීමක් නැහැ කියලා කියවෙන්නේ නැහැ. ඇත්තටම එය අනෙක් කෙනා ගැන සිතීමක්. එකට ඉඳීමේ වුවත් වෙන වෙනම නිදාගැනීම ඊට හුඟක් උදවු වෙනවා. රොබින් තෝමස් කියනවා.

එකිනෙකා තමන්ගේ නිදහස ලබාදීම සබඳතාවයකට වැදගත් වෙනවා. නිතරම එකට සිටීමට වඩා අනෙකාට තමන්ට කැමති විට නිදහසේ ඉන්න ලැබීමත් වැදගත්. එය යුගදිවිය ශක්තිමත් කරනවා.

7. එය ඔබත් ඔබේ සහකරුත් කැමති දේ විය යුතුයි

මෙය එක් එක් අයගේ කැමැත්ත අනුව වෙන දෙයක්. සමහර යුවලවල් කැමති එකට නිදියන්න ඒත් සමහරුන් එහෙම නැහැ. සමහරුන් වෙන වෙනම කාමර වල නිදියන්නත් කැමතියි.

යුගදිවියක් සාර්ථක කරන එක් ක්‍රමවේදයක් නැහැ. ආදරය, සහයෝගය, අවබෝධය, සෞක්‍ය හා එකිනෙකාගේ පහසුව සැලසෙන විදිහ මීට වැදගත්.

අවසානයේ වැදගත් වන්නේ එකිනෙකාට ලැබෙන සැනසුම හා පහසුවයි. එකට නින්දට යාමෙන් ඔබට අසහනයක් අපහසුවක් ඒ කියන්නේ සහකරුගේ ගෙරවීම වගේ ශබ්ධ දැනෙනවා නම් ඔබේ අදහස ප්‍රකාශ කර බලන්න. සමහර විට ඔහුටත් එවැනිම ගැටළුවක් තිබෙන්න  පුළුවන්.

එකිනෙකාගේ කැමැත්තට ගරුකරමින් ඔබට පහසු තීරණයකට එන්න පුළුවන්. ඉන් ඔබේ සබඳතාවයේ ශක්තිය පවත්වා ගන්න පුළුවන්.

අලුත් විදිහට හිතන අඹුසැමියන්ට ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ අදහස් ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?
බෙදාගන්න :
  • අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

    අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

    අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it