theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිරිකැටියෙකු බලාගන්න කළහැකි අපූරු ලාංකික සම්ප්‍රදායික ක්‍රම

3 අවම කියවීම
කිරිකැටියෙකු බලාගන්න කළහැකි අපූරු ලාංකික සම්ප්‍රදායික ක්‍රමකිරිකැටියෙකු බලාගන්න කළහැකි අපූරු ලාංකික සම්ප්‍රදායික ක්‍රම

කිරිකැටියාට අත්තම්මාගෙන් ලැබුණු අපේ පිළිවෙත් අදටත් හරිම වටිනවා. මේ ඉන් වැදගත් වතාවත් කිහිපයක්.

එදා පුංචි කිරිකැටියා ගෙදරට ගෙනදා ඉඳන් කරන වතාවත් අදටත් එලෙසම ගැලපෙනවා. වර්තමානයේ කාලය සමග කරන අරගලය මේ දේවල් වලට හරස් වුනත්,  ලාංකික සම්ප්‍රදායික ක්‍රම සිරිත් හා ක්‍රියාවක් පිටුපසම ජීව විද්‍යාත්මක සත්‍යක් තිබෙනවා.

කිරිකැටියෙකු බලාගන්න කළහැකි අපූරු ලාංකික සම්ප්‍රදායික ක්‍රම

කිරිකැටියෙකු බලාගන්න කළහැකි අපූරු ලාංකික සම්ප්‍රදායික ක්‍රම

1. හිල් පොල් කට්ටෙන් නෑවීම

එදා හිල් පොල් කට්ටක් දරුවන් නැහැවීමට භාවිතා කළේ දරුවාගේ හිස් කබලට ඉන් ජලය වැටෙන විට ඇතිවන පීඩනය අවම කිරීමටත් දරුවාට මුහුණට නළලට ඉතා ක්‍රමවත්ව වතුර දමමින් වතුරට ආදරය කැමැත්ත දක්වන දරුවෙකු ඇති කිරීමේ අරමුණිනුයි. එහි ප්‍රමාණය හා ගන්නා කාලය දරුවාට ඉතා සෞම්‍ය වගේම මෘදු බවකින් යුතු වුණා.

2. රත්මල් හා වෙනිවැල් ගැට තැම්බූ වතුර

එදා නාන වතුර බේසමට වෙනිවැල් ගැට තැම්බූ වතුර එක් කිරීම සිරිතක් ලෙස කරනවා. එය සිරිතක් වගේම ජීව විද්‍යාත්මක වන්නේ අලුත උපන් පැටියාට සමේ ඇතිවිය හැකි අසාදන වලට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණය මෙම වෙනිවැල් ගැට යුෂ වලට තිබීම මෙයට හේතුව ලෙස එදා විශ්වාස කළා. රත්මල් යුෂ වලත් ඉතා වටිනා විෂබීජ නාශක ගුණ ඇති අතර මෙම දෙවර්ගයම සමට පැහැපත් පෙනුමක්ද ලබා දෙනවා.

3. වදකහ

අලුත උපන් පැටියාගේ ප්‍රතිශක්තිය එතරම් වර්ධනය වී නැති බව එදා ඉඳන් අපේ ගම්වල දැනුවත්ව හිටියා. මේ නිසා අලුත් පැටියෙකු ගෙදරට ගෙන ආ දවසට වදකහ කුඩා කැබලි ලෙස අමුණා පැටියාගේ අතේ වළල්ලක් රඳවන්නේ විෂබීජ වලින් දරුවාට වන හානි වලින් බේරා ගන්නයි.

පෙරුම්කායම්

4. පෙරුම්කායම්

පෙරුම්කායම් පැරණි ඖෂධ වෙළඳසැල් වලින් ලබාගන්න පුළුවන් වගේම බෝවන රෝග වලින් වැළකීමට පෙරුම්කායම් වලට හැකියාව ඇති බව විශ්වාස කළා. පෙරුම්කායම් දරුවා සිටින කාමරයට හා දරුවා නිදන ඇඳ අසල තැබීමට එදා වැඩිහිටියන් පියවර ගත්තා. ඉන් දරුවා විෂබීජ වලින් ආරක්ෂා කරනවා.

5. ඉක්කාවට නූලක්

අලුත් පැටියන්ට නිතර ඉක්කාව ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් එදා අපේ අත්තම්මලා සීයලා දරුවාගේ ඇඳුමක නූලක් අරගෙන තෙමා දරුවාගේ නළලින් තබනවා. ජීව විද්‍යාත්මකව ඉක්කාව ඇති දරුවෙකුගේ නළල මත තෙත නූල් කැබැල්ලක් තැබීමට හේතුව දරුවා තුළින් ඉක්කාවට ඇති අවධානය දුරුවී ඔහුගේ අවධානය තෙත නූලට යොමුවීමෙන් ඉක්කාව ඉබේම මගහැරී යනවා.

7. පැටියාගේ ඇඳුම් සෝදා මිරිකන්න එපා

ඉස්සර අත්තම්මලා, ආච්චිලා, සීයලා අලුත් අම්මලාට දෙන තවත් පණිවිඩයක් තමයි පැටියාගේ ඇඳුම් සෝදා මිරිකන්න එපා කියන එක. සමහරු ඊට කිව්වේ දරුවා ඒ නිසා ඇඹරෙනවා, මිරිකෙනවා වගේ හැසිරෙන නිසා එහෙම නොකළ යුතුයි යන අදහස වුනත් එහි ජීව විද්‍යාත්මක අදහස වන්නේ ළදරු ඇඳුම් සෝදා මිරිකීම හා ඇඹරීම මගින් පුංචි සමට ඇඳුම් වෙළුණු පසු නැවත අඳින විට අපහසුවක් දැනෙන්නේ නැහැ. නමුත් ළදරු ඇඳුම් හොඳින් ගසා වේලාගන්නා විට හොඳින් වේලීමෙන් පසු එය ස්තිරික්ක කළ ආකාරයටම මෘදු ලෙස වේලෙනවා.

 

8. උදේ ඉර එළියට දරුවාව ගෙනියන්න

උදා ඉර වැටෙන කොට පුංචි පැටියා ඉර එළියට නිරාවරණය කිරීමෙන් දරුවාට ජීව විද්‍යාත්මක වශයෙන් සමට විටමින් D ලැබෙන බව විශ්වාස කරනවා. ඒ සත්‍ය එදා විද්‍යාත්මකව පැහැදිළි නොකළත් දරුවා ටික වෙලාවක් උදා ඉර එළියේ තබා ගැනීම පුරුද්දක් ලෙස සිදු කරනවා.

මේ හැම කාරණාවක් පිටුපසම ඇති ජීව විද්‍යාත්මක කතාව එදා අපේ මුතුන් මිත්තන් අපිට පැහැදිළි නොකළත් අදට වුනත් ඒවා කොයිතරම් යහපත් පුරුදු දැයි ඔබට දැන් හිතෙනවා ඇති. අවස්ථාවක් ඇත්නම් ඔබටත් පුංචි පැටියා ගෙදරට ගේන විට මේ පිළිවෙත් වලට සූදානම් වෙන්න පුළුවන් නම් එහි කිසිදු වරදක් නැති බව theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • කිරිකැටියෙකු බලාගන්න කළහැකි අපූරු ලාංකික සම්ප්‍රදායික ක්‍රම
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it