theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට ජනාධිපතිවරණය ගැන කියා දෙන්නේ මෙහෙමයි

5 අවම කියවීම
ඔබේ දරුවාට ජනාධිපතිවරණය ගැන කියා දෙන්නේ මෙහෙමයිඔබේ දරුවාට ජනාධිපතිවරණය ගැන කියා දෙන්නේ මෙහෙමයි

2020 ජනාධිපතිවරණය ගැනත්, ජනාධිපතිවරයෙකුගේ වැදගත් කම ගැනත්, රටක ජනාධිපතිවරයෙකුගේ මූලික කාර්‍යය ගැනත් දනුවත් කෙරෙනා ඔබටත් ඔබේ දරුවන්ටත් වටිනා ලිපියක් මේ.

අද හැම ගෙදරකම වාගේ වඩාත්ම කතා බහ කරන මාතෘකාවක් වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය නැතහොත් presidential elections ගැනයි. ඉතින් මේ කතාවල් වලට, ඔබ හිතුවෙ නැති වුණාට ගෙදර ඉන්න පොඩ්ඩෝ ටික බොහොම හොඳින් ඇහුම්කන් දෙනවා.  

සෑම මැතිවරණ සමයකම, සෑම තැනකම දේශපාලන අපේක්ෂකයින්ගේ සංඛේත, ඡායාරූප සඳහා පෝස්ටර් දැන්වීම් ආදිය පාරවල් පුරා පෙනෙන්නට පටන් ගන්නවා.

රූපවාහිනිය, ගුවන්විදුලිය සක්‍රියව ඇති සෑම මොහොතකම පාහේ චන්ද ප්‍රවර්ධන දැන්වීම් හෝ දේශපාලන පක්ෂ අතර වාද විවාද මඩ ප්‍රහාර දකින්නට පුළුවන්. සමාජ ජාල පුරාවටම දේශපාලන කතා පණක්ම පේන තරමට මැතිවරණ උණුසුම පැතිරෙනවා දකින්නට පුළුවන්. 

අපගේ දරුවන්ගේ අදහස් සහ විශ්වාසයන් කෙරෙහි මෙම මාධ්‍ය හරහා ඇතිවන බලපෑම සුළුවටු වන්නේ නැහැ. බොහෝ තරුණ පිරිස් දක්වන අදහස් අතරේ ගෑස් මිල, ජීවන වියදම්, සෞඛ්‍ය සේවා වැනි කාරණා ඔවුන්ට “ඉතා වැදගත්” ලෙස හුවා දැක්වීම මීට කදිම නිදසුනක්. 

රටක නායකත්වය, අප කැමැති වුවත් නැතත් අනිවාර්යයෙන්ම තීරණය වන්නේ අපගේ අතින්මයි.

රටේ අනාගත පරපුර වන අපගේම දරුවන්ගේ බුද්ධිය, ආකල්ප උසස් තත්වයක තබාගැනීමෙන් හොඳ නායකන් බිහිකිරීම දෙමාපිය අප සතු වගකීමක් වනවා.

ඒ හා සමානවම, මාධ්‍ය හා නොයෙක් ප්‍රවර්ධන මත නොයැපී, නායකත්වයක බලපෑම තමන්ටත්, රටටත් බලපාන ආකාරය බුද්ධිමත්ව දැකීමට හැකියාව දායද කිරීමද දෙමාපිය අපගේ වගකීමක් වන්වා. ඊට දරුවන්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීම මූලික පියවර වන්වා.

එතුළින් දරුවන් සමඟ ඔවුන්ගේ සිත්වල ඇති ගැටළු ගැන කතා බහ කිරීමෙන් ඔවුන්ගේ ඉගෙනීම ප්‍රවර්ධනය කිරීමට සහ විවේචනාත්මක චින්තන කුසලතා වර්ධනය කිරීමට හැකිවනවා.

එපමණක් නොව, අප දරුවන්ට ඇති විය හැකි වැරදි වැටහීම් ඉවත් කිරීමට හෝ අනාගතය පිළිබඳව ඔවුනට තිබිය හැකි බිය සහ අවිනිශ්චිත හැඟීම් ඉවත් කර ඔවුන් සන්සුන් කිරීමටද දෙමාපිය අපට ඉඩ සැලසෙනවා. 

ඉතින් පක්ෂග්‍රහී මාධ්‍යයෙන් පමණක් යැපෙන්නේ නැතිව,  බුද්ධිමත් ලෙස තීරණ ගෙන, නිවැරදි නායකත්වයක් තෝරාගැනීමේ හැකියාව පුංචි කාලේ ඉඳලාම අපේ පුංචි අයට දායාද කිරීම මාපිය අපගේ මහඟු වගකීමක් වනවා.

අද ලිපියෙන් කතා කරන්නේ මෙලෙස ඔබේ දුවා දරුවන්ට, 2020 ජනාධිපතිවරණය ගැන ඔවුන් නගන ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරය ගැනත්, රටක නායකත්වයක ඇති වැදගත්කමත් ඔවුන්ට පහදා දෙන්නේ මොන ආකාරයෙන්ද යන්න ගැනය.

ඉතින් ඔබේ පුංචි පැංචියන් ජනාධිපතිවරණය ගැන අහන්නට පුළුවන් ප්‍රශ්ණ කිහිපයක් තමයි මේ

1. ජනාධිපති කියන්නේ කවුද?

බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුනු අපේ රට, 1948 වසරේ පෙබරවාරි 4 වනදා  නිදහස ලබන විට ලංකාවේ ජනාධිපතිවරයෙකු සටියේ නැහැ.

ඒ නිසා විධායක අගමැති සතුවූ අතර නාමමාත්‍ර බලයක් අණ්ඩුකාරවරයා (Governor-General) සතුවුනා.

1972දී හඳුන්වාදුන් ජනරජ ව්‍යවස්ථාව ආණ්ඩුකාර වරයා (Governor-General) වෙනුවට ජනාධිපතිවරයා කියන තනතුර හඳුන්වාදෙනු ලැබුවා. 

2. ලංකාවේ පාලන ක්‍රමය කුමක්ද?

1948 නිදහස ලැබීමට පෙර ශ්‍රී ලංකාවේ යම් තරමකට දේශපාලන නවීකරණයක්‌ පැවතුනා.

රාජාණ්‌ඩු ක්‍රමය වෙනුවට ඉංග්‍රීසි පාලනයක්‌ විසින්,  මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආයතන ඇති කරනු ලැබුවා.

1931 'ඩොනමොර්' කොමිෂම මගින් සර්වජන ඡන්ද බලය අපේ ජනතාවට ප්‍රදානය කිරීම තුළින් වැඩිහිටි ජනතාව දේශපාලන ක්‍රියාවලියට යම් තරමකට සම්බන්ධ වී සිටියා.

අපේ ඇතැම් ලාංකික දේශපාලකයින් සර්වජන ඡන්ද බලය ඒ අවස්‌ථාවේ ලබාදීමට විරුද්ධ වූවත් ජනතාවගේ. දේශපාලන විඥාඤාණය ඇති කිරීමට එය හේතු වුනු බව පැවසෙනවා. 

 ප්‍රජාතන්ත්‍රවාදී ලෙස, ව්‍යවස්‌ථානුකූලව මෙසේ බලය ශ්‍රී ලාංකිකයන්ට පැවරිම වැදගත් සිද්ධියක්‌ වනවා.  

3. රටක ජනාධිපති කෙනෙක්ගේ මූලික කාර්‍යයන් මොනවාද?

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා කියන්නෙ සියළු සේනාංකයන්‍ වල සේනාධි නායකයා වගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියායි.

ඔහුට අගමැති පත් කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමටද බලය තියෙනවා. (පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා වසරකට පසු)

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව සෑම ආකාරයකින්ම රජයේ සෑම කටයුක්තකටම මැදිහත් කරවන අතර ඔහුට අමාත්‍යාංශ පවත්වා ගැනීමේ. හැකියාවද ජනාධිපති ලේකම් වෙත තීරණ ගැනීමේ බලය පවරමින් කැබිනට් තනතුරු රදවා ගැනීමටද හැකියාව තියෙනවා. 

ජනාධිපතිවරයාගේ මූලික කාර්‍යයන් වන්නේ;

i. රටේ ව්‍යවස්ථාව අනුගමනය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් වගබලාගැනීම.

ii. ජාතික ප්‍රතිසංධානය හා ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම.

iii. මහජන නිදහස හා ආරක්ෂාව තහවුරු කිරීම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

රටක දැක්ම, සවර්ධනය මෙන්ම මුළුමහත් ජනයාගේම සුභසිද්ධිය රටක ජනාධිපතිවරයෙකු මත යැපෙනවා. 

4. ජනාධිපතිවරයෙක් එම ධූරයේ වසර කීයක් රැඳී සිටිනු ඇත්ද?

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුගේ පාලන කාලය වසර පහක් වනවා.

5. 2020 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ වසර කීයකට පසුවද? 

සාමාන්‍යයෙන් සෑම වසර පහකට වතාවක් ජනාධිපතිවරණය පැවත්වෙනවා.
 
පසුගිය 2015 මැතිවරණයෙන් වසර පහකට පසුව 2020 ජනාධිපතිවරණය පවැත්වීමට නියමිතව තිබෙනවා.

6. ජනාධිපතිවරණය සඳහා ඡන්දය දීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

ඡන්දය ප්‍රකාශ කිරීම කියන්නේ ඕනෑම පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක්.
 
ජනාධිපතිවරණයකදී, පුරවැසියකුගේ ඡන්දය තුළින් තවත් ජනාධිපති ධුර කාලයකට ජනාධිපතිවරයෙක් තෝරගැනෙනවා.
 
සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට වයස අවුරුදු 18  සම්පූර්ණ වී තිබිය යුතු වනවා. රටක, ජාතියක, දේශපාලන පදනම් ගොඩනඟා ඇත්තේ මැතිවරණ භාවිතා කරමින්.
 
ඡන්දය දීමෙන් පුරවැසියන්ට දේශපාලන පක්ෂවලට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනවා පමණක් නොව, තම පුරවැසිභාවයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට ද එය උපකාරී වේ.
 
තම ඡන්දය තුළින් වෙනසක් සිදු නොවේ යැයි සිතමින් බොහෝ පුරවැසියන් තම ඡන්දය භාවිතා කනරන්නේ නැහැ.
 
නමුත් සත්‍යය වන්නේ මුළුමහත් රටේම අනාගතය තීරණය කිරීමට එක සෑම ඡන්දදායකයෙකුම දායක වන බවයි. 
 
මැතිවරණ ක්‍රියාවලිය සහ ඡන්දය ප්‍රකාශ කිරීම වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳව. ඔබේ දරුවන් සමඟ කතා කිරීම තුළින්, රජයක් තම රටට පණක් නොව, ලෝකයටම බලපාන ආකාරය පිළිබඳ දැනුමක් ඔවුනට ලබාදෙන්නට පුළුවන්. 
 
දරුවන්ට තවම තම ඡන්දය ප්‍රකාශ කළ නොහැකි වුවත්, ඔවුන්ට යම් දිනෙක එම හැකියාව ලැබෙන තුරු ලැබෙන දැනුවත්කම ගොඩක් වටිනවා. 

7.  පාර්ලිමේන්තුව යනු කුමක්ද?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වනවා. සමානුපාතික නියෝජන ක්‍රමයට, වසර 05 ක කාලයක් සඳහා සර්ව ජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලබනවා. 
 
මෙහි අනුගමනය කෙරෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයයි.
 
සියලුම නීති සම්පාදනය සඳහා බලය පාර්ලිමේන්තුව සතු වනවා. කතානායකවරයා හෝ එතුමා නොමැති විටෙක නියෝජ්‍ය කතානායකවරයා . හා කාරක සභා සභාපතිවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ මුලසුන දරනු ලබනවා.

මඩ ප්‍රහාර වලින් තොරව එකිනෙකාට වරද පටවා ගැනීමෙන් තොරව මම බුද්ධිමත් ලෙස රටක නායකත්වයට පත්වීමේ වගකීම අපගේ දුවා දරුවන්ට තිබෙන බව දෙමව්පියන් ලෙස දැනුවත් කරමු.

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සැමවිටම සිහි තබාගෙන අපගේ ක්‍රියාකාරකම් වලින් අද ආදර්ශමත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍යයි. අනිත් හැමද දේවාගෙන් ජනාධිපතිවරණයේදීත් එසේම විය යුතුය

ඔබේ දරුවන් ඔබ සමඟ මැතිවරණ දිනයේ ඡන්ද කුටියට රැගෙන ගොස් ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය ඔවුන්ට පෙන්වන්න.

ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අගය කරන බව ඔවුන්ට දැන ගැනීමට ඉඩ සලසන ධනාත්මක ආදර්ශයක් තැබීමෙන් ආදර්ශයක් වන්න. ඡන්දය දීමේ වැදගත්කම ඔබේ දරුවන්ට පෙන්වන්න - එවිට සෑම ඡන්දයක්ම වැදගත් බව දැන දැන ඔවුන් වැඩෙනු ඇත.

මූලාශ්‍ර: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ඔබේ දරුවාට ජනාධිපතිවරණය ගැන කියා දෙන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy) ගොදුරු වුවත් දිරිමත් හදැති පුංචි වීරයින් දෙදෙනා

    මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy) ගොදුරු වුවත් දිරිමත් හදැති පුංචි වීරයින් දෙදෙනා

  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

    මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

  • මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy) ගොදුරු වුවත් දිරිමත් හදැති පුංචි වීරයින් දෙදෙනා

    මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy) ගොදුරු වුවත් දිරිමත් හදැති පුංචි වීරයින් දෙදෙනා

  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

    මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it