theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

5 අවම කියවීම
ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

ශ්‍රී ලාංකික නිවුන් යුගල නව ‌ලෝක වාර්තාවක් බිහි කරන්න සුදානමක්

නිවුන් යුගල ‌ලෝක වාර්තාව කථා කරන්න කලින් නිවුන් දරුවන් ගැන ඔබ මොකද හිතන්නේ? ඔවුන් මෙලොව එළිය දුටුවේ ඔබ මා මෙන් තනිව නොවේ.

පිළිසිද ගත් මොහොතේ සිට මව්කුස තුල ඇති ඉඩ ප්‍රමාණයේ සිට සියල්ල බෙදා ගත් ඔවුහු මව් කුසින් බිහිවන්නේ තවත් අයෙක් සමගයි.

අපි අපේ ප්‍රතිබිම්භය දකින්නේ කැඩපතක් ඉදිරියේ නේද? ඒත් නිවුන්නු ගෙන් කොටසක් තමන්ගේ ස්වරූපය සජීවිව දකිනවා.

මොහොතක් හිතන්න  ඒක කොයි තරම් අපූරු හැගීමක් වෙයිද? 

ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

ඔවුන් මෙලොව එළිය දුටුවේ ඔබ මා මෙන් තනිව නොවේ. 

නිවුන්නු වර්ග දෙකක් සිටිනවා. ඒ සර්ව සම නිවුන්නු හා විෂම නිවුන්නුයි.

සර්ව සම නිවුන්නු සෑම අතින්ම සමාන වන අතර විශේෂ සලකුණක් තිබුනොත් හැර වෙන්කර හදුනාගැනීම අපහසුයි.

මෙසේ වීමට හේතුව එකම යුක්තාණුව දෙකට බෙදී කළල දෙකක් ඇතිවීමයි. මේ නිසා ඔවුන්ගේ ජාන මෙන්ම ලිංගික භාවයද එකම වෙනවා.

 නමුත් විෂම නිවුන්නු පෙනුමෙන් මෙන්ම ස්ත්‍රී පුරුෂ බවෙන්ද වෙනස් වෙනවා. එහිදි ඩිම්බ දෙකක් ශුක්‍රාණු දෙකක් හා සං‌චේචනය වී කළල දෙකක් හට ගන්නවා.

නිවුන්නු ගැන පුංචි හැදින්වීමකින් පටන් ගත්තේ ඔවුන් කරන්න හදන ‌ලොකුම ලොකු වැඩක් ගැන ඔබට කියන්නයි.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානය විසින් පසුගියදා උත්සවයක් පැවැත්වුවා.   එහි සියලු කටයුතු නිවුන්නු විසින් මෙහෙයවීම හරිම සොදුරු අත්දැකීමක් වුනා. 

නිවුන් යුගල ‌ලෝක වාර්තාව සදහා සුදානම් වන ශ්‍රී ලංකා නිවුන් සංවිධානය ගැන බිදක්

  • ආරම්භය –  1993
  • චිත‍්‍රපට, ටෙලිනාට්‍ය හා වෙළෙඳ දැන්වීම් රැසකට සිය රංගන දායකත්වය සපයන උපුලී ගමගේ සහ චමලි ගමගේ පුරෝගාමී වී පිහිටුවා ගෙන ඇත.
  • අතලොස්සකින් ආරම්භකර ඇති මෙම සංවිධානයේ අදවන විට ශ්‍රී ලංකාවේ පුරා සිටින 28000 පමණ නිවුන්නු සමාජිකත්වය දරණ බව වාර්තා වෙනවා.

නිවුන් යුගල ‌ලෝක වාර්තාව සමග ලෝකය ජයගන්න සැරසෙන අපේ නිවුන්නු

ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

ශ්‍රී ලාංකික නිවුන් යුගල. Image credit: BBC Sinhala, SL Twins 

මෙම උත්සවයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිවුන්නු සහභාගී වුනා. පෙනුමින් සමාන හා පෙනුමින් අසමාන මේ නිවුන්නු මේ උත්සවය තුල නැටුම්, ගැයුම් වගේම නිවේදනය යන සියල්ල සදහාම සිය දායකත්වය ලබා දුන්නා.

ඇත්තටම මේ උත්සවයට හේතුව වුනේ ඔවුන් ඉදිරියේදී කරන්න හදන සුවිසල් කාර්යයක්.

ඔවුන්ගේ මේ සුදානම ගිනස් පොතේ රන් අකුරින් අපේ ලක් අම්මාගේ නම තියන්නලු. ඒ ලොව වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් සහභාගිවන උත්සවය පැවැත්වීමෙනි.

තායිපේ නගරය 1999 වසරේ දී නිවුන් යුගල 4002 එක්රැස් කර ලොව වැඩිම නිවුන් ප‍්‍රජාවක් සහභාගී වු සම්මේලනය සඳහා ගිනස් වාර්තාවට හිමිකම් කිව්වා.

එහිදි  නිවුන් යුගල 3961ක්, තුන් නිවුන් යුගල 37ක්, සිව් නිවුන් යුගල 4ක් එම වාර්තාවට දායක වෙලා තියෙනවා.

අපේ නිවුන් යුගලයන් මේ සුදානම් වන්නේ මේ දක්වා පවතින අන්න ඒ වාර්තාව බිද හෙලන්නයි. එහිදි නිවුන් යුවල 5000 ක් එකට එකතු කරන්න සුදානම් කර ඇති බවයි වාර්තා වෙනවා.

ඉතින්  මේ සඳහා ගිනස් ලෝක වාර්තා කමිටු සාමාජික කණ්ඩායම 2020 ජනවාරි 19 වන දින ලංකාවට පැමිණීමට නියමිත බව අනාවරණය වෙනවා.

“යුද ගිනි නිවාලමු ලොවට මනුෂ්‍යත්වය වපුරවමු,” යන තේමාව පෙරදැරි කර ගත් මේ නිවුන් සම්මේලනය 2020 ජනවාරි 20 වන දින පැවැත්වීමට නියමිතයි.

ඔබත් නිවුන් දරුවන් සිටියි නම් මේ සදහා දායකත්වය ලබා දෙන්න අමතක කරන්න එපා.

මෙම ලෝක වාර්තාවට එක්වන අපගේ නිවුන්  සොහොයුරු සොහොයුරියන්ට theAsianparent Sri Lanka අපේ උණුසුම්  සුභපැතුම්

අවසාන වශයෙන් ඔබත් නිවුන් දරුවන් ලබා ගන්න කැමතියි නම් මේ සාධක 7 ගැන සැලකිලිමත් වෙන්න.

නිවුන් දරුවන් ලබා ගැනීම කෙරෙහි බලපාන සාධක

ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නිවුන් දරුවන් ලබන්න නම්

1. පවුලේ නිවුන් දරුවන් ඇත්නම් 

තම පවුල් වල බහු ගර්භණිත්වයන් බහුලව ඇති කාන්තාවන්ට නිවුන් දරුවන් ඇතිවීමට වැඩි හැකියාවක් ඇත. එමනිසා , ඔබට ඔබේම නිවුන් දරුවන්  අවශ්‍ය නම්, නිවුන් දරුවන් සහිත පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවක් සොයාගන්න.  

2. ප්‍රමාද වී ගැබ් ගැනීම

ප්‍රමාද වී ගැබ් ගැනීම නිසා බහු ගර්භණිත්වයක්  ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇත. මෙය අවස්ථාවක් පමණක් වන අතර, ඔබට එය ප්‍රයෝජනයට ගත හැකිය.

අවාසිය නම්, ඔබ ප්‍රමාද වී ගැබ් ගෙන ඇත්නම් සාමාන්‍යයෙන්  ඔබව දැඩි ලෙස නිරීක්ෂණය කරනු ඇත.

ඒ අනුව බොහෝ කාන්තාවන් තිස්වෙනි විය අවසාන භාගයේදී සෞඛ්‍ය  සම්පන්න දරුවන් පිළිසිඳගැනීම හා බිහිකිරීම කරන බව එහිදි පැවසෙනවා.

3. අයි වී එෆ් ( IVF )

උපකාරක ශිල්ප ක්‍රම මගින් බහුතර ගර්භණීභාවය ඇතිවීම වැඩි වේ. ගර්භණී  භාවය ඇතිවිමට ඔබේ ගර්භාෂයට හෝර්මෝන හා විටමින් භාවිතා කිරීම එයට හේතු වේ.

අවස්ථාවන් වැඩි කිරීම සඳහා එක් කලලයකට වඩා වැඩි ප්‍රමාණයක් තැන්පත් කරනු ලැබේ.

එමනිසා ඒවා සාර්ථක නම් , ඔබට නිවුන් හෝ  ත්‍රිත්ව දරුවන් පවා ඇති විය හැකිය. මෙය ගර්භණී වීම සදහා යමෙකුට තෝරා ගත හැකි ක්‍රමයක් නොවන බව ඒ මගින් පැවසෙනවා.

4. නිවුන් දරුවකු වීම

ඔබ උපත ලැබුවේ නිවුන් දරුවෙක් ලෙස නම්, ඔබට  නිවුන් දරුවන් පිළිසිඳගැනීමේ හැකියාව වැඩි විය හැකිය.

නිවුන්නු දරුවන් ඇතිවීම සදහා  වගකීම දරන්නේ ශුක්‍රාණු නොව ඩිම්බ වන බැවින් විශේෂයෙන් කාන්තාවන් සඳහා, මෙය නැවතත් සත්‍ය වේ.

5  සිරුර තරමක්  බරෙන් වැඩිවීම

30 කට වඩා වැඩි BMI අගයක් ඇති කාන්තාවන්ට බහු ගැබ්ගැනීම් ඇති වන බව නිරීක්ෂණය කර ඇත.

නිශ්චිත හේතුව නොදනිති. එහෙත්, ගර්භාෂයේ බහු ගැබ්ගැනීම් ඇති වීමට එක් චක්‍රයක්  තුළ බහු ඩිම්බ පිට වීමට හෝමෝන හේතු විය හැකි බව අනුමාන කෙරේ.

මෙය සෞඛ්‍ය  සම්පන්න BMI අගයක් ලෙස සලකනු නොලැබන බැවින් මේ හේතුවෙන්  බර වැඩි කර ගැනීම නොකළ යුතුය.

6. උස වීම

උසින් වැඩි කාන්තාවන්ට මිටි කාන්තාවන්ට  වඩා නිවුන් දරුවන් ලැබීමට වැඩි අවස්ථාවක් ඇත.

7.  ඔබට පෙර නිවුන් දරුවන් සිටීම

ඔබට කලින් නිවුන්  දරුවන් ලැබී ඇත්නම්, ඔබට නැවත නිවුන් දරුවන් ලැබීමට අවස්ථාවක් තිබේ.

මුලාශ්‍ර: BBC Sinhala, SL Twins (Image)

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්
බෙදාගන්න :
  • ලෝක මාතෘත්වයේ රැජිනියන් වු ශ්‍රීලංකික මව්වරුන්ට අපේ හරසර

    ලෝක මාතෘත්වයේ රැජිනියන් වු ශ්‍රීලංකික මව්වරුන්ට අපේ හරසර

  • නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

    නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

  • ලෝක මාතෘත්වයේ රැජිනියන් වු ශ්‍රීලංකික මව්වරුන්ට අපේ හරසර

    ලෝක මාතෘත්වයේ රැජිනියන් වු ශ්‍රීලංකික මව්වරුන්ට අපේ හරසර

  • නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

    නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it