theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලංකාවේ බබාලා වෙනුවෙන් ඉටු කල යුතු මූලික හෙළ සිරිත් විරිත් හා චාරිත්‍ර

3 අවම කියවීම
ලංකාවේ බබාලා වෙනුවෙන් ඉටු කල යුතු මූලික හෙළ සිරිත් විරිත් හා චාරිත්‍රලංකාවේ බබාලා වෙනුවෙන් ඉටු කල යුතු මූලික හෙළ සිරිත් විරිත් හා චාරිත්‍ර

අලුත උපන් දරුවාගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් මූලික චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීම දරුවාගේ අනාගතය ආලෝකමත් කිරීමට තුඩු දෙන අතර අපගේ  යුතුකමක් හා වගකීමක්ද වනවා.

බිළිඳෙකු මෙලොවට උපන් මොහොතේ පටන් දරුවාගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් වටිනා හෙළ සිරිත් විරිත් හා චාරිත්‍ර කිහිපයක් අප සිංහල බෞද්ධ ජනසමාජය තුල ඉටු වනවා.

ලොවටම මිණි පහනක් වන දරුවකු ලොව එලිය දකින මොහොත පදනම් කරගෙන, ජ්‍යෙතිෂයට  අනුව දරුවාගේ ජන්ම පත්‍රය සැදීම මුලින්ම සිදු කෙරෙනවා. මෙයට අනතුරුව එම ජන්ම පත්‍රය හා සිංහල සංස්කෘතිය අලලා සිදු කෙරෙන දරුවාගේ මුල් අවුරුදු තුන ඇතුලත මූලික චාරිත්‍ර 8ක් සිදු කෙරෙන අතර මින් 6ක් අනිවාර්යයෙන්ම සිදු කල යුතු වනවා.

මේ සටහන සුභ නැකතින් සිදු කෙරෙන එම මූලික හෙළ සිරිත් විරිත්, චාරිත්‍ර අට ගැන ඔබව දැනුවත් කිරීමකි.

හෙළ සිරිත් විරිත්

1. දරුවාට නම් තැබීම

දෛවඥයන්ගේ උදව් ඇතිව දරුවා උපන් වෙලාව සහ දිනය අනුව දරුවට නම තිබියුතු අක්ෂර කීපයක් සඳහන් කරනු ලැබෙනවා.  මෙම අක්ෂර (ඝන පිහිටුවා) දෙනු ලබන නිසා මෙම අක්ෂර වලින් පටන් ගන්නා නම් දැමීමෙන් තම දරුවාට සුභ ඵල ලබා දෙන බවට විශ්වාස කෙරෙනවා.  මෙහිදී ලස්සන, අරුත්බර නමක් තැබීම උත්සවශ්‍රීයෙන් සිදු කෙරෙනවා.

තනපුඩු පිරිසිදු කිරීම

2. රන්කිරි කට ගෑම

අලුත උපන් දරුවාගේ මුවේ පළමු වරට මව්කිරි ගෑම රන්කිරි කටගෑමයි. දරුවාගේ මවගේ කිරි සවල්පයක් හා බැලතණකොළ කීපයක් භාජනයකට දමා රන් අභරණයක් හෝ රන් කෑල්ලක් එහි ගාවා නිරෝගී නෑයෙකු විසින් එම කිරි බිඳ දරුවාගේ මුඛයේ තවරනු ලබනවා. එම කිරිවලට රන් මිශ්‍රකිරීම නිසා “රන්කිරි” යැයි කියනු ලැබෙනවා..

3. හිරු දැක්‌වීම

මෙහිදී හිරු දැක්‌වීම ලෙස හඳුන්වනු ලබන්නේ මවුකුසින් මොළොව ජන්ම ලාභය ලැබූ සිඟිති දරුවා පළමු වරට දොරට වැඩීමේ අවස්‌ථාවයි.

4. ආගමික ස්‌ථානයක්‌ වෙත දරුවා කැඳවාගෙන යාම

අලුත උපන් දරුවා වෙන කිසි තැනක යාමට මත්තෙන් ආගමික ස්ථානයකට ගෙන යාම සිදු වනවා. මෙය ආගමික ස්‌ථානයක්‌ වෙත දරුවා කැඳවාගෙන යාමේ මංගල්‍යයයි.

5. හිසකෙස්‌ කැපීම

මුල්ම වරට දරුවාගේ හිසකෙස් කැපීම ද දරුවාගේ මුල් මාස කිහිපයේ තවත් වැදගත් සංදිස්ථානයක්. මේ සඳහා පන්සලේ හාමුදුරුවන්ට කල්තියා ආරාධනා කොට අදාළ දිනයේදී දරුවාගේ දෙමාපියන් තවත් නෑදෑයන් කීපදෙනෙක් ද සමග විහාරස්ථානයට යනු ලබනවා. පසුව පැමිණි පිරිස පන්සිල්හි පිහිටුවා තෙරුවන් වන්දනාකොට සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ සුභ නැකතින් ස්වාමීන් වහන්සේ දරුවාගේ කෙස් රොදක් කපාදමනවා. එය නොපෑගෙන තැනකට හෝ ගලා යන ජලයට දමනු ලබයනවා.

6. ගැහැනු දරුවන්ගේ කන් විදීම

දරුවාට මාස 06, 07 හෝ 08 ක් පමණ වනවිට කණ විදීම කරනු ලබනවා. පුරාණ කාලයේ මහත් උත්සවශ්‍රීයෙන් සිදු කලත් අද කාලයේ පළපුරුදු වෛද්‍යවරයකු ලවා මෙය සිදු කරගන්නට පුළුවන්. බොහෝ විට කරබුවෙන්ම මෙම විදීම සිදු කරන අතර කණ විදීමෙන් පසු කර්ණාභරණ පළඳවන තුරු කන් පෙති සිදුරේ කරපිංච නැට්ටක් හෝ කරාබු මලෙහි සිහින් නැට්ටක් රඳවනු ලබයනවා.

ලංකාවේ බබාලා වෙනුවෙන් ඉටු කල යුතු මූලික හෙළ සිරිත් විරිත් හා චාරිත්‍ර

7. දරුවාට ඉඳුල් කට ගෑම

ඉඳුල් කටගෑම යනු දරුවාට මුල් වරට ඝන ආහාර දීම ආරම්භ කරන අවස්‌ථාවයි. මෙය සුභ නැකතින් සිදු කෙරෙනවා. දරුවාට ඉඳුල් කට ගාන්නේ කවර වයසකින්දැයි බොහෝ දෙනකු නොදන්නා බව පෙනේ. පිරිමි දරුවන්ට වයස 6, 8, 10, ආදී ඉරැට්‌ටේ මාසයකින්ද ගැහැණු දරුවන්ට වයස මාස 7, 9, 11 ආදී ඔත්තේ මාසයකින්ද ඉඳුල් කටගෑම යහපත් බව කියා තිබෙනවා.

ඉඳුල් කට ගෑමට බත්, කිරිබත්, ව්‍යංජන, රසකැවිලි, ක්‍රීඩා භාණ්‌ඩ පොත් පත්, රං රිදී, මුදල් ආදියද දරුවා හිඳුවාගන්නා ස්ථානය වටේට අලංකාරව ලෙස සකසා ගැනෙනවා. මේ සඳහා ගෙයි සාලයේ මැද බිම ඇතිරිල්ලක්‌ දමා සකස්‌කර ගනු ලබනවා. සාලයේ මැද දරුවා පියාගේ ඇකයේ හිඳුවා  නැකතට පළමු බත් පිඩ දරුවාගේ මව විසින් කැවිය යුතු වනවා. ඉන්පසු දරුවාට කැමති දෙයක්‌ ගන්නට ඉඩ දිය යුතුය. මෙම චාරිත්‍රය දරුවාට ප්‍රසන්න එකක්‌ විය යුතු වේ.

අකුරු කියවීම

8. අකුරු කියවීම 

ජ්‍යෙතිෂයට  අනුව දරුවට අවුරුදු 3ක් ලැබීමට මත්තෙන් අකුරු කියවීම සිදු කෙරෙනවා. ඉතා වැදගත් චාරිත්‍රයක් වන මෙය, මුලින්ම දෙවියන් සිහිකිරීමෙන් අනතුරුව සිදු කරනු ලබනවා. පෙර කාලයේ ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා වැනි උගත් පිළිගත් කෙනෙකු අතින් මෙය සිදු කෙරුණත් නූතන කාලයේ දරුවාගේ අභිවෘද්ධිය නීති පතන දරුවාගේ මව හෝ පියා විසින් මෙය සිදු කෙරෙනු ලබනවා.

අලුත උපන් දරුවාගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් ඉහත සඳහන් චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීම දරුවාගේ අනාගතය ආලෝකමත් කිරීමට තුඩු දෙන අතර එය සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් දෙමාපිය අපගේ  යුතුකමක් හා වගකීමක්ද වනවා.

මුලාශ්‍රය දිවයින පුවත්පතින්.

Featured image: Mawbima

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • උත්සව
  • /
  • ලංකාවේ බබාලා වෙනුවෙන් ඉටු කල යුතු මූලික හෙළ සිරිත් විරිත් හා චාරිත්‍ර
බෙදාගන්න :
  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it