ශ්‍රී ලංකන් මාම්ස් සමූහයේ ආදරණීය ඇඩ්මින් දිල්රුක්ෂි ජෑන්ස් හඳුනාගනිමු

ශ්‍රී ලංකන් මාම්ස් සමූහයේ ආදරණීය ඇඩ්මින් දිල්රුක්ෂි ජෑන්ස් හඳුනාගනිමු

ශ්‍රී ලංකන් මාම්ස් සමූහයේ ආදරණීය ඇඩ්මින්වරිය වන දිල්රුක්ෂි ජෑන්ස්ගේ ජීවිතයට ටිකක් එබිකම් කර බලමු.

මේ ලිපිය තුළින් ඔබට හඳුන්වා දෙන්නේ ලංකාවේ මව්වරුන්ට සයිබර් අවකාශයේ අනුපමේය මෙහෙවරක් කරන ආදරණීය මවක් ගැනයි. අප රට තොටේ දිදුලන සුපිරි තාරකා ගැන නොදන්නා දෙයක් නැති මුත්, සමාජයේ නිහඬ මෙහෙවරක් කරන, දිලෙන පහන් වලට අහස්කුස සිසාරා දිදුලන තාරකා වන්නට මං පාදන, අත හිත දෙන, තිරයෙන් පිටුපස මහඟු කර්තවයක් කරන මෙවන් කාන්තාවන් බෝහො විට ප්‍රසිද්ධ සමාජතලයට පිසිඑන්නේ නැහැ. Sri Lankan Moms සමූහයේ නිර්මාතෘ සහ ඇඩ්මින්වරිය වන දිල්රුක්ෂි ජෑන්ස් ගැනයි මේ ලිපිය දිග  හරින්නේ.

ඉතින් ආදරණීය මවක්, බිරිඳක් මෙන්ම ලංකාවේ විශාලතම සමූහයක ඇඩ්මින්වරියක් ලෙස කටයුතු කරන් ඈ තම දෛනික ජීවිතය මෙතරම් සමබරව ගෙනයමින් කරම මේ සමාජ මෙහෙවර කළමණාකරගන්නා ආකාරය වගැන දැනගන්නට ඇගෙන් අපි පහත ඔරශ්ණ එකිනෙක අසා සිටියා.

1. ඉතින් දිල්රුක්ෂි ඔබ කැමතිම සහ අකමැතිම කෑම මොනවාද?

බොහෝ විට සැරට හදන දේවල් වල්ට වැඩි ප්‍රියතාවයක් දක්වනවා . නමුත් ඇඹුල් ජාති කෑම නම් ඒ තරම් කැමැත්තක් නැහැ

2. ඔබේ ප්‍රියතම විනෝදාංශය කුමක් ද?

තෝරා ගත් ගායක ගායිකාවන් පිරිසක් ඉන්නවා.. ඔවුන්ගේ ගීත අහන එක තමා ආසම . ඊට අමතරව මම කැමති කෙටි කතා පොත් කියවීමට. නිසදැස් ලීවිමත් කරගෙන යනවා

3. ශ්‍රී ලංකන් මාම්ස් (Sri Lankan Moms) සමූහය ගැනත් අපට කියන්න.

මවගේ අපමණ වූ දාරක ස්නේහය හා කැපවීම වෙනුවෙන් 2017 දි ආරම්භ කල අප සමූහයේ තේමා ගීතයේ අර්ථයෙන්ම Sri Lankan Moms සමූහය ගැන මනාව සදහන් වෙනවා.

මවගේ දෙතනේ සෙනෙහේ කැලතී
ගලනා කිරි බිඳුවේ
වටිනාකම ගැන කිරා මනින්නට
කිසිවෙකු නැත මෙලොවේ
එවන් මවුන් වෙත දිරි දෙන අත්වැල මේ
ශ්‍රී ලංකන් මම්ස්.. 🇱🇰

කුස තුළ වැඩෙනා කැකුළට පිනි ඉසිනා
මව් පදවිය වෙත නිබඳ ව ගරු කරනා
විකසිත කැකුළට රැකවරණය සදනා
දෙමාපියන් සේ තනියට ළඟ හිඳිනා
උතුම් මවුන් වෙත පුද දෙන අත්වැල මේ
ශ්‍රී ලංකන් මම්ස්..🇱🇰

පියාපතක් සේ සෙනෙහෙන් පිරිමදිනා
දයා සිතින් ඔබෙ දුක් පීඩා නිවනා
පිරිපත දුරලා සිරිකත ළං කරනා
නිදුක් නිරෝගී දිවියට මඟ සදනා
අම්මාවරුනේ ඔබටයි අත්වැල මේ
ශ්‍රී ලංකන් මම්ස්..🇱🇰

සිරිලක් දෙරණේ ආදර සොයුරියනේ
ලොව සරසන්නට සැරසෙන දූ පුතුනේ
පැහැබර හෙටකට නිති අතහිත දෙමිනේ
ඔබ වෙනුවෙන්මයි මේ අත්වැල සැදුණේ
ශ්‍රී ලංකන් මම්ස්..🇱🇰

ගායනය : විශාරද නිමාෂා චරනී ලියනසුරිය මහත්මිය හා විශාරද චතුරංග අමරසූරිය මහතා
සංගීතය :විශාරද චතුරංග අමරසූරිය මහතා
පද රචනය : ගාමිණී අබේවික්‍රම මහතා

4. ඔබේ පවුල ගැන විස්තරයක්?

මට ඉන්නේ කුඩා දියණියන් දෙදෙනෙක්. සැමියා විදේශගතව සේවය කරනව.

Sri Lankan Moms

Dilrukshi Janz

5. මෙතරම් කාර්‍යබහුල ජීවිතයක් ගත කරමින් Sri Lankan Moms සමූහය පවත්වාගෙන යන්නේ කොහොමද? කාලය කලමණාකරණය කරගන්නේ කොහොමද?

විදේශගතව සිටි කාලයේ නම් මාගේ කාලය බොහෝම හොදින් කළමනාකරණය කර ගැනිමේ අපූරු හැකියාවක් තිබුනා. ඒකට මට උදව් කලේ මගේ ආදරණීය සැමියා.. සමූහය වෙනුවෙන් යම් කටයුත්තක් සිදු වෙන්නේ ද ඔහු ඒ වෙනුවෙන් මට කාලය සලසා දෙමින් සහයෝගය දැක්වූවා.. එමෙන්ම මම නැවත් ලංකාවට පැමිනි පසුව ඇති වූ කාර්‍ය්බහුලත්වය මත ඒ හිඩැස පිරෙව්වේ ආදරණීය මාම්ස් ඇඩ්මින් මඩුල්ල..

දැනටත් ඔවුන්ගේ නොමද සහය නිසා සමූහයේ වැඩකයුතු සාර්ථකයි .. දරුවන් දෙදෙනෙකු සමග කරන සටනේදි එය සටනක් නොවී රැදී තිබෙන ප්‍රධානම හේතුව මගේ දවසේ සැලසුමයි.

සැලසුම් කරගත් දේ ඊළග දින වේල පහින්ම ක්‍රියාත්මක කිරීමෙන් වැඩකටයුතු බොහොමයක් ඉවර කරගන්න පුළුවන් .. සැලසුමකට අනූව දවස පටන් ගන්න.. එය සාර්ථකයි.

දවස සැලසුම් කිරීම :

බොහො විට රාත්‍රියේදි මම ටිකක් හිතනවා හෙට කරන්න තියෙන වැඩ මොනාද කියලා .ඒ අනූව අනු පිළිවෙල සකසා ගන්නවා..

උදාහරණයක් ටවුන් එකට යනවා නම් මම කරගන්න අවශ්‍ය වැඩ කටයුතු අනු පිළිවෙලට ලියා ගන්නවා හො ෆොන් එකේ නෝට් එකක් දාගන්නවා.

අවශ්‍ය කරන බඩුත් ලියාගන්නවා.

ඒක මට ලොකූ පහසුවක් රස්තියාදු නොවී වැඩකයුතු කරගන්න…

දෛනික සැලසුම

1. ඊළග දිනට අවශ්‍ය එළවළු,පළා සුද්ද කර කපා ගැනීම.. පොල් මිරිකා තබා ගැනිම
2. බොහෝ විට මම භාවිතා ක්රන්නේ පෙෂර් කුකර් එක.. කාලය වගේම ගෑසුත් ඉතිරියක්
3.දරුවන්ගේ කෑමත් පෝෂණ සැලැස්මක් අනුව කරගන්න නිතරම උත්සාහ ගන්නවා

ඉස්සර වැඩ කල් දැමීමේ පුරුද්දට මාත් ඇබ්බැහි වූ කෙනෙක්. නමුත් කාලය එක්කම මම මගේම කියලා සටහනක් හදාගෙන කරගෙන යනවා හැකි විදියට.

සරල වූත් සීමිත වූත් බලාපොරොත්තු නැතහොත් අපේක්‍ෂා කිහිපයක්‌ පමණක්‌ සිතේ රඳවා තමාට හැකි පමණ සියල්ල සැලසුම් කරගැනිමේන් ලොකූ බරක් තම කරපිට ගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ

6. ඔබේ ජීවිතයේ ගොඩක්ම සතුටුදායක අත්දැකීමක් කියමුද? Sri Lankan Moms

පළමු වරට මගේ දියණිය මා අත රැදි මොහොත තරම් වටිනා සතුටුදායක දිනයක් තවත් නැති තරම්.

Sri Lankan Moms

7. අනාගත බලාපොරොත්තු එහෙම?

ප්‍රධානම බලාපොරොත්තුව අපේ ශ්‍රි ලංකන් මාම්ස් සමූහය හරහා ලාංකීය මව්වරුන්ට හැකි පමණ සේවයක් සැලසීමයි. එය තවත් පුළුල් සේවාවක් ලෙස දියත් කරමින් සයිබර් අවකාශයෙන් ඔබ්බට ගොස් එම සේවාව සැපයිමේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

8. සමූහයේ මව්වරුන් ගණනාවක් සමග කටයුතු කිරීමෙන් ලත් අත්දැකීම් අනුව, ලාංකීය මව්වරුන්ට දිය හැකි පණිවුඩයක් තියේද? බහුතරයක් මව්වරුන් වෙනස් විය යුතුද? එසේ නම් කොහොමද?

කාන්තාවක් බොහෝ විට දක්ෂයි තව කෙනෙකුගේ ප්‍රශ්ණයක් දෙස උපේක්ෂාවෙන් බලා පිළියමක් යොදන්න .. ඒක ඉවෙන් වගේ ඇයට ලැබිලා තියෙන දායාදයක්. නමුත් තමාට ප්‍රශ්නයක් වුනාම බොහෝමයක් මව්වරුන්ට අමතක වෙනවා තමාගේ මෙන්න මේ හැකියාව.

ඒ හැකියාව අභිබවා යන සිතුවිලි හා ක්‍රියාවන් තමා ඉක්මනින් මතු වන්නේ. අපි පුහුණු කල යුතුම අංගයක් විදියට තමා මම මෙ කියන කාරණය දකින්නේ.. ශාරිරික හා මානසික සුවය නැති තැන ඇය බිද වැටීම් වලට ලක් වෙනවා. ඕනෑම පවුල් සංස්ථවක ප්‍රශ්න තියෙනවා.

ඒවාට මුහුණ දෙන්න ශක්තිමත් මවක් ගොඩනැගිය යුතුමයි.. අම්මලා බබාල වෙලා බැහැ.. තම වගකීම් ,යුතුකම් තමා අතින්ම කරගන්න එකෙන් ලැබෙන ආත්මාභිමානය අත් විදීමෙන් ඔබ ඇතුලාන්තයෙන් ශක්තිමත් ගැහැණියක් වනවා නොඅනුමානයි ..

9. ඉතින් ඔබ සඳහන් කරන්නට කැමති විශේෂ යමක් තිබේද? Sri Lankan Moms

අම්මා… සංසාර මගෙහි උතුම් ස්නේහ බන්ධනයයි.. ඒ බැදිම් දිනෙන් දින ශක්තිමත් කරගන්න නම් ඔබේ දරුවන් හා ස්වාමියා සමග කාලය ගත කරන්න.. ඔබටම දැනේවි ඒ බන්ධනයේ අපූර්වත්වය.

මේ මොහොතේ මම ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න කැමති ප්‍රථමයෙන් මගේ ආදරණීය සැමියා නිලන්තට.  ඒ සහයෝගය ස්නේහය ආදරය නැත්නම් අද මම හිස් භාජනයක්.

ශ්‍රී ලංකන් මාම්ස් සමූහයේ ආදරණීය ඇඩ්මින් දිල්රුක්ෂි ජෑන්ස් හඳුනාගනිමු

ඒවගේම මගේ පවුලේ අයට. විශේෂයෙන් මගේ ආදරණීය අම්මාට.

ඒවගේම සහෝදරියන් නැති මට සහෝදරියන්ව ළංව දුක සැප හමුවේ එකා වගේ ආදරේ දෙන, ආදරේ බෙදන ශ්‍රි ලංකන් මාම්ස් ඇඩ්මින් මඩුල්ලෙ ඩොක්ට සංජීවනි, ඩොක්ට දිනු, කල්පනි, හර්ෂණි, දිනූෂි, සිදර්ශි හා අයන්ති.

මේ තමා මගේ ශක්තිමත් බැදීම්.. ජීවිතේ ඇති තුරා වෙනස් නොවන ආදරණීයයන්.

අමතක කල නොහැකිම තවත් බැදීමක් තමා සමූහයේ කටයුතු වෙනුවෙන් නොමද වෙහෙසක් ගන්නා විශේෂාංග ලිපි සැපයීමේ කමිටුවේ දැන් සිටින හා කලින් සිටි සාමාජිකාවන්..

සනෝජි, තිළිණි, සම්මානි, පියුමි, මහේෂි, බුද්ධිමා වැනි දැනුමින් පෝෂණය වූ ඔවුන් තම වෘත්තීය දැනුම උපයෝගි කරගෙන කරන සේවාවද ඉතා අනර්ඝයි..

සමූහයේ නිහඩ සේවයක් සපයන සාමාජිකාවන් වෙනුවෙන්ද මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි.. ඔබේ සහයොගය නොවේ නම් අපට මේ තරම් දුර යා නොහැකි බව සත්තකින්ම දනිමි.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

Written by

Niloufer Perera

කතන්දර ලිපි