theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය

4 අවම කියවීම
කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරයකිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය

කිලෝ 82  බරක ඉදන් ලස්සන හැඩැති සිරුරක් හිමි කර ගත් කතක්

බර අඩු කර ගැනීම අද කාර්යබහුල අම්මලාට අභියෝගයක් වෙලා නේද?

භාග්‍යා සදකැලුම් කියන්නේ  කිලෝ 82  බරක ඉදන් ලස්සන හැඩැති සිරුරක් කැපවීමෙන් හදාගත් සුන්දර අම්මා කෙනෙක්. ඇයගේ මේ සුන්දර සිරුර ල බාගන්න ඇය කල කැප කිරීම් අප්‍රමාණයි. ඔබත් කැමති වේවි ඇය කියන මේ අපූරු කතාව ඇයගේ වචනයෙන්ම අහන්න

ගර්භනී ලක්ෂණ

බර අඩු කර ගැනීම ගැන භාග්‍යා කියන කතාව

ඔව් ඔව් ඔව් ඒ ‌පොටෝ දෙකේම ඉන්නේ මමයි. නෑ මුකුත් සුදු ව‌ෙන ක්‍රීම් පාවිච්චි කරලා නැහැ.

මේ වෙනකල් කිසි දෙයක් පාවිච්චි කරලා නෑ. හැබැයි අවුව නිසා පොඩ්ඩක් සුදු පාට වැඩි .

පොඩි කලේ ඉඩලම මම පොඩ්ඩක් මහත් කෙනෙක්.සාමන්‍ය විදියට මහතයි. හැබැයි හැමොම කිවුවා මට ලස්සන හැඩ තියෙනවා කියලා.

ම‌ොන හැඩ ද මම ඇවිත් කලු මහත කොල්ලෙක් වගේ කෙල්ලෙක්.

කැම්පස් ඉද්දිත් ඒ විදියම තමයි. එහෙම කනවා කියලා කන කෙනෙක් නෙමෙයි හැබැයි ආරේ නිසාද මන්ද මගෙ හරි පියයුරු ලොකුයි. ප්‍රමාණය 34 වගේ වුුුුනා. ව‌ෙඩින් එකට පස්සෙ හැමොටම වගේ උයන පිස්සුව ආවා . මම කෑවා. පොඩ්ඩක් හිටියට වඩා මහත් වුනා.ප‌්‍රෙග්නට්  වුනාට පස්සෙ ඔක්කොම කනපිට ගැහුවා. හුලන් ගහලා වගේ මාව මහත් වුනා. ගොඩක් කෑවේ නැහැ. ඒත් බා හම්බ උනාට පස්සෙ  අලියෙක් හිටියත් කන තරමට බඩගිනි ආවා.

කෑවා. කෑවා. කෑවා. අන්තිමට නතර උනේ කිලෝ 82 පැනලා..

ඒත් මට ඒකේ අවුලක් ආවේ නැහැ. පොඩි සිදුවීම් කිහිපයක් තමයි ඒක වෙනකා

ඒ වෙද්දි මට අවුරුදු 26 යි ඒත් බර කිලෝ 82 ත් පැනලා.කඩේකට ගියාට ගන්න ගැලප‌ෙන ඇදුම් නැහැ, අදින කිසි දෙයක් ලස්සන නැහැ.

දවසක් අවුරුදු 22 විතර කෙල්ලෙක් මට ආන්ටි කියලත් කියුවා.

අම්මෝ ඔයාගෙ මහත, මහත්තයා නම් කෙට්ටුයි නේද කියලා තමයි හැම‌ෝම පටන් ගත්තේ

ඔය අතරේ කලකිරීම් වෙන සිදුවීම් කිහිපයක් වුනා. අන්තිමට මමම තීරණය කලා. මෙහම ඉදලා හරි යන්නේ නැහැ මම ගැනත් හිතන්න ඕනී කියලා.

Instagram බැලුවා සිරුරුු ව‌ෙනස් වුන ප‌ොට‌ෝ දැකලා මම උද්ය‌ෝගිමත් වුනා.

ඔය අතරෙ ඔපිස් එකේ කෙනෙක් එයාගෙ හිතවත‌ෙක් ඩ‌ොක්ටර  ක‌ෙන‌ෙක් ග‌ෙන් මීල් ප්ලෑන් එකක් ගත්ත බව කිව්වා.

ඒකෙ තියෙන්නෙ ඇපල් කන්න කියලා කිව්වා. උදේට සැන්විච්, දවල්ට ක‌ොළ ඇපල්, රෑට දවල්ට ක‌ොළ ඇපල්.

ඒ වගේම බඩගිනි වෙන ඕනෙ වෙලාවක දවල්ට ක‌ොළ ඇපල් කන්න ඕනී.

මම ඒක කරා.

කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය

සතියක න‌ොකඩවා ගත් ආහාර සැලසුම

උදේට - දුඹුරු පාන් හ‌ෝ සම්පුර්ණ ධාන්‍ය පාන් බිත්තරල කුකුල් මස් හ‌ෝ සමග එළවළු හැකිි තරම්

දවල්ට - ක‌ොළ ඇපල්

රෑට - ක‌ොළ ඇපල්

බඩගිනි වෙන ඕනෙ වෙලාවක - ක‌ොළ ඇපල්

අහන්න එපා අමරුද කියලා පටන් ගද්දි හරිම අාරුයි.

ඒත් තව දවස් 4 යි කියලා හිත හදා ගත්තා . අනිත් අය කඩේන් කෑවත් මම කෑවෙම නැහැ. ලන්ච් රූම් එකේ කතා ගොඩයි ඒත් මට නෙමෙයි වගේ මම හිටියා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

3 වෙනි දවස වෙද්දි මගේ ඇග එකට හුරු උනා. බඩගිනි වුනොත් බිත්තරයක්, පළතුරු යුෂ එකක් වගේ දෙයක් ගන්න පුරුදු වුනා.

ඔය සතිය ඇතුලත සම්පුර්ණයෙන්ම මම ප‌ෝෂ්‍ය ගුණය හීන කෑම නතර කරා. ස‌ෝඩා , අනං මනං කෑම ඔක්ක‌ොම නතර කලා.

කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය

2 වෙනි සතියෙ ස‌ෞඛ්‍යමත් සැලසුමකට මාරු උනා.

බත් පොඩ්ඩක් එක්ක එළවලු ගොඩක් කෑවා. උදේට අර විදියටම සැන්විච් කෑවා .කොහමත් මම බත් වලට ආස කෙනෙක් නෙමෙයි.  ගොඩක් ලීපි කිය‌ෙව්වා.

 කැලරි අඩු කෑම වැඩිපුර ගත්තා. මටම වෙනස දැනුනා. ඇදුම් වල ප්‍රමාණ ටිකක් අඩු වුනා . හැමොටම වෙනස පෙන්න ගත්තා.

ඔය අතරෙ අපි ගෙවල් මාරු කරා.මම පටන් ගත්ත දේ දිගටම කර ගෙන යන්න ඕනෙ කියලා හිතිලා මම ජිම් එකක් හ‌ෙව්වා.

එකත් අන්තර්ජාලය‌ෙන් හ‌ොයාගත්තා.  මම ප‌ොදු ප්‍රවාහන ස‌ේවා භාවිතා කරන නිසා පැය එකහමාරක් විතර බස් එක‌ේ ගිහින් තමයි හවස ජිම් එකට ගියේ .

අමාරුයි තමයි .ඒත් මම නතර ක‌ලේ නැහැ. මගේ බබාට අවුරුදු 5යි. එයත් අරන් ජිම් ගිය දවස් තියෙනවා.

බැහැ කියලා කිසිම දෙයක් නැහැ. තමන්ට උවමනාව තියෙනවානම් මට වෙලා නැහැ, අරක නැහැ මේක නැහැ කියන දෙවල් නිකම් පුස් කතා විතරයි.

වැදගත්ම දේ මිනිස්සු කතා කියනවා ඒත් ප්‍රතිඵල ලබාගන්න ඔයාට මහන්සියි , අමාරුයි තමයි.

ඒත් ඔයාගෙ වයසෙ හැමොටම වඩා ඔයා ලස්සනට වෙනවානම්, මොන ඇදුම ඇන්දත් ලස්සනට පෙනවානම් කොටින්ම පාරට බැස්සම හැමොගෙම ඇස් තියෙන්නෙ ඔයා ගාවනම් වෙන මොනවද ?

ස්ත්‍රී ලාලිත්‍ය ඉස්මතු වෙන හැඩැති සිරුරකට අපි කවුරුත් කැමතියි. භාග්‍යාගේ ක්‍රමය ඔබටත් සිරුරේ බර අඩුකර ගන්න උදව් වේවි.

භාග්‍යා සදකැලුම් මහත්මිය ඇයගේ අත්දැකීම් අප හා බ‌ෙදා ගැනීීමට එකගවීීම ගැන ස්තුතියි.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ශාරීරික සුවතාව
  • /
  • කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය
බෙදාගන්න :
  • නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

    නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

  • සති 32කින් කිලෝ 30ක් අඩු කරගත් මවකගේ සත්‍ය කථාව

    සති 32කින් කිලෝ 30ක් අඩු කරගත් මවකගේ සත්‍ය කථාව

  • නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

    නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

  • සති 32කින් කිලෝ 30ක් අඩු කරගත් මවකගේ සත්‍ය කථාව

    සති 32කින් කිලෝ 30ක් අඩු කරගත් මවකගේ සත්‍ය කථාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it