theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වෙරළු රස ගැන රසබර ප්‍රයෝජන 5 ක්

4 අවම කියවීම
වෙරළු රස ගැන රසබර ප්‍රයෝජන 5 ක්වෙරළු රස ගැන රසබර ප්‍රයෝජන 5 ක්

"වෙරළු ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් එහි ඇති පෝෂක කොටස් කුඩා වයසේ සිට ගර්භණි සමය ඉන්පසුවත් අපිට නොදැනුවත්වම විටමින් c, ඛණිජ ලවන ලබාගන්න පුළුවන්. වෙරළු වල විටමින් C, ඛණිජ ලවන වගේම ෆයිබර් අඩංගු වෙනවා. මේ නිසා දැන හෝ නොදැන එදා ඉඳන්ම අපේ වැඩිහිටියන්, ගැමියන්, තරුණියක් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තහම වෙරළු ටිකක් ඇහිඳලා ගෙනත් දෙන්න අමතක කළේ නෑ."

වෙරළු වල ප්‍රයෝජන ගැන ඔබ දන්නවාද? වෙරළු අතීතයේ ඉඳන්ම ලාංකික අපිට සමීප පලතුරක්. මේ පලතුර පුංචි වුනත් එයට කළහැකි දේ විශ්මිතයි. දරු උපතක් ගැන දැනගත් දිනයේ මවකට වෙරළු හා ඇති සබඳතාවය පටන් ගන්නවා.

වෙරළු වලට ආයුර්වේදමය වශයෙන් ඇති වටිනාකම්ද බොහෝයි. ජීවිතයේ පටන් ගැන්මේ සිට ජීවිත කාලයේ කුමන අවධියකදීවත් අපට වෙරළු අගුණ කෑමක් ලෙස සඳහන් වන්නේ නැහැ. නමුත් අද වන විට වෙරළු අපෙන් ඈත් වෙලා. වෙරළු කොළයේ සිට අපිටත් අපේ දරුවන්ටත් ගත හැකි ප්‍රයෝජන බොහෝයි.

වෙරළු රස ගැන රසබර ප්‍රයෝජන 5 ක්

වෙරළු වල ප්‍රයෝජන 5 ක්

1. පෝෂණීය ගුණයෙන් පිරිලා

වෙරළු ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් එහි ඇති පෝෂක කොටස් කුඩා වයසේ  සිට ගර්භණි සමය ඉන්පසුවත් අපිට නොදැනුවත්වම විටමින් c, ඛණිජ ලවන ලබාගන්න පුළුවන්. වෙරළු වල විටමින් C, ඛණිජ ලවන වගේම ෆයිබර් අඩංගු වෙනවා.

මේ නිසා දැන හෝ නොදැන එදා ඉඳන්ම අපේ වැඩිහිටියන්, ගැමියන්, තරුණියක් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තහම වෙරළු ටිකක් ඇහිඳලා ගෙනත් දෙන්න අමතක කළේ නෑ.

පළමු මාස කිහිපය තුළ ශරීරයේ ඇතිවන වෙනස්කම් හා කටේ ඇතිවන කෙළ එකතුවීම, වමනය, ඔක්කාරය වගේ හුඟක් අපහසුතාවයන් වලට වෙරළු පිහිටට හිටියා.

ඒ වගේම විද්‍යාත්මක වශයෙන් පළමු මාස තුන තුළ කලලයට විටමින් C ලැබීම ඉතා වැදගත් වෙනවා. එමගින් ශරීරයට ලැබෙන යකඩ ඉතා හොඳින් අවශෝෂණය කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් හුඟක් අම්මලා වෙරළු සුවඳින් පවා සැනසෙන බව අපි අහලා තියෙනවා.

අච්චාරු

2. කෙටි කෑමක් වගේ නොදැනීම විටමින් C ටිකක් ඇඟට ගන්න

වෙරළු snack එකක් වගේ කියල කිව්වත් හරි. යන එන ගමන් හප හපා ඉන්න හරි අපූරුයි. ඒ නිසා අපට නොදැනීම රසයත් ගුණයත් එකතු කරගන්න පුළුවන්. ගෙදරක වත්තේ වෙරළු ගහක් නැතිනම් පොළේ එළවළු පලා විකුණන අම්මලා ළඟ නම් වෙරළු ටිකක් වරදින්නේ නැහැ.

වෙරළු මිටක් ගෙදර කෑම මේසයේ සතියකට සැරයක් තියලා තිබුනොත් ඔබ නොදැනුවත්වම විටමින් C ඇතුළු ඛණිජ ලවන රැසක් ශරීරයට ලබාගන්න පුළුවන්. ඉස්සර අපේ ආච්චිලා සීයලා වත්තට යන්නේ දවසට සරිලන පෝෂණය ගෙදර වත්ත පිටියෙන් නෙලාගෙන එන්නයි.

අතට වෙරළු ඇහිඳ         ගෙනේ
ඉනට පලා නෙලා          ගෙනේ
බරටම දර කඩා             ගෙනේ
එයි අම්මා විගස             කිනේ

වත්ත පහළට යන අම්මගේ අතට වෙරළු මිටක් වරදින්නේ නැහැ. එදා අපේ ජීවිත වලට විටමින් පෙති එකතු නොවුනේ ඒ නිසයි. අපි දන්නෙම නැතුව දරුවන්ට සර්ව සම්පූර්ණ පෝෂණයක්, සතුටක් ලැබෙන්න ඒ අපූරු පුරුදු ඉවහල් වුණා.

අද අපේ ජීවිත ඒ තරම් සරල නැති බව විශ්වාසයි. ඒත් අපිට සංස්කෘතියෙන්ම ලැබුණු සමහර දේවල් සහ මුලින්ම අමතක කිරීම අපේ දරු පරපුර රෝගී කරන්න හේතු වෙලා තියෙන බව නම් සත්‍යක්. 

3. වෙරළු වල ප්‍රයෝජන :රුව වඩවන වෙරළු

එදා ඉඳන්ම වෙරළු කොළ හිස කෙස් වලට හොඳ සත්කාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. කොටාගත් වෙරළු කොළ යුෂ නෑමට පෙර හිස්කබලේ ආලේප කිරීමෙන් හිසට සිසිලසක් වගේම හිස්හොරි වලට හා උකුණන් වඳ කිරීමට හිසකෙස් වල වර්ධනයට ගුණදායක බව අතීතයෙන් පැවත එන ආයුර්වේද රහසක්.

වෙරළු රස ගැන රසබර ප්‍රයෝජන 5 ක්

4. රෝග නසන්නත් වෙරළු කදිමයි

වෙරළු වල ප්‍රතිජීවක ගුණ ඇති අතර එය ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරනවා. ඖෂධ සඳහා වෙරළු කඳේ පොතු භාවිත කරන්නේ ඒ නිසයි. ඒ වගේම ගැස්ට්‍රයිටිස් මෙන්ම ආහාර ඉතා හොඳින් දිරවීමට උදවු කරන කෑමක්. අනෙක් අතට ආතරයිටිස් හා ඇදුම වැනි රෝග වලටත් වෙරළු සුදුසු බව පැවසෙනවා.

වෙරළු වලින් කෑම වගේම බීමත් හදාගන්න පුළුවන්

වෙරළු වාරයට වෙරළු ගස් යට මල් අතුරලා වගේ ගෙඩි වැටෙනවා. ඒ කාලෙට
වෙරළු කිරි
වෙරළු අච්චාරු
වෙරළු තම්බලා
වෙරළු පැණි දාලත්
හදාගන්න පුළුවන්.

වෙරළු කිරි/ වෙරළු ස්මූදි

වෙරළු කිරි හරියට ස්මූදි එකක් වගේ.

සාදාගන්න ආකාරය - හොඳින් ඉඳුණු වෙරළු ගෙඩි 25 ක් පමණ අරගෙන බ්ලෙන්ඩරයක නැතිනම් හැන්දකින් හොඳින් පොඩි කරගෙන ඇට ඉවත් කරගන්නවා. ඉන්පසු ඊට පොල්කිරි කැමති නම් සීනි අවශ්‍ය පමණක්, ලුණු ස්වල්පයකුත් එක්කර ගන්නවා. ඉන්පසු අවශ්‍ය පමණ වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කරගැනීමෙන් ඔබේ දරුවන්ට හොඳ රස පලතුරු බීමක් හදාගන්න පුළුවන්. පොල්කිරි වෙනුවට එළකිරි ටිකක් හා අයිස් ක්‍රීම් ටිකක් පොඩිකර ගත් වෙරළු වලට එක්කර ගැනීමෙන් දරුවන්ට ගුණයෙන් පිරි, හොඳ වෙරළු ස්මූදි එකක් හදලා දෙන්න පුළුවන්. වස විස නැති රසවත් අතුරුපසක් දරුවන්ට හදලා දෙන එක තරම් සතුටක් මවකට කොයින්ද?

වෙරළු අච්චාරු

හොඳින් පැහුණු වෙරළු වලට ලුණු, ගම්මිරිස්, මිරිස් ස්වල්පයක් එකතු කර වංගෙඩියකට දමා තලා ගත්තහම හොඳ අච්චාරුවක් හදාගන්න පුළුවන්. ඉඳහිට දරුවන්ට වෙනසකට ඔබට කඩේ ඇති කටගැස්ම පැකට් මිලදීගෙන දෙනවට වඩා මේ කෑම හරි අපූරු අත්දැකීමක් වේවි.

වෙරළු තම්බලා

පැසුණු වෙරළු කහ, ලුණු සමග තම්බා ගන්න පුළුවන්. හොඳින් පැසුණු වෙරළු තම්බා ගත් විට එය ඉරි තලා එහි තද ගතිය නැතිවී යනවා. ඒ නිසා දරුවන්ට ඇටය ඉවත්කර ගැනීම පහසු වෙනවා. එහි රසයත් ඉහළ බව එක වරක් කෑවොත් ඔබ නොවැරදීම කියාවි.

පැණි තැවරූ වෙරළු

ඉතා හොඳින් ඉදුණු වෙරළු හැන්දකින් යන්තම් පොඩි කරන්න. දැන් ඊට කිතුල් හෝ මීපැණි ටිකක් එකතු කර ගන්න. අතුරුපසක් ලෙස රස ගුණ ඉහළ බව ඔබට දැනේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ කොයි ක්‍රමයටත් දරුවන් ලැබෙන අම්මලා නම් හරිම කැමතියි. ඉන් ශරීරයට විටමින් C ඇතුළු විටමින් රැසක් ලැබෙන අතර ඉතා හොඳ මානසික තෘප්තියකුත් ලැබෙනවා. සිලෝන් ඔලිව් ලෙසත් හඳුන්වන වෙරළු ගෙඩියක් අපේ දරුවන්ට රස විඳින්න නොලැබුනොත් එය කෙතරම් අඩුවක් දැයි දැන් ඔබට වැටහේවි.

අපෙන් අමතකව වියැකී යන මේ වටිනා ගුණයන් ඉතා පහසුවෙන් අපේ නිවසට ආයෙත් රැගෙන එන්න දෙමාපියන් ලෙස අපට පුළුවන්. මිල අඩු ගුණ වැඩි වෙරළු ගැන මතකය අවදි කරන්න  theAsianparent  Sri Lanka අපි සිතුවේ ඔබේ හොඳම මිතුරිය ලෙස ඔබට වටිනාකම් ගැන මතක් කර දෙන්නට නිතර වෙර දරන නිසයි.

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • වෙරළු රස ගැන රසබර ප්‍රයෝජන 5 ක්
බෙදාගන්න :
  • කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

    කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

  • ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

    ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

  • කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

    කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

  • ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

    ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it